මැතිවරණ සමයේ පොලිස් ක්‍රියාදාමය
ජනාධිපතිවරණය අවස්ථාවේ දී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් ස්ථානමාරු හා සේවා අත්හිටුවිම් පොලිසිය තුළ සිදු විය. මෙවැනි සිදු වීම්හේතු කර ගනිමින් හේතු ඉතා සාධාරණ හේතු බවයි පොලිසිපති මහිනිද බාලසූරිය පවසන්නේ. ‘‘මං හිතනවා ඉදිරියට ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ කියලා.මැතිවරණ ප්රචාරක අවධියේ මැද හරියේ අපි දැන් ඉන්නේ. ප්රචණ්ඩ කි‍්‍රයා ඇති නොවෙන්නත් ඇතිවුහ හොත් පාලනය කරන්නත් අපි පියවර අරන් තියෙනවා. ’’පොලිස්පත්වරයා සඳහන් කළේය. එමෙන්ම අනවශ්‍ය ආකාරයෙන් මැතිවරණ කාර්යාල පිහිටවීමට හෝ ස්වාධීන කාර්යාල ඉදිකිරීමට අවස්ථාව නොදන බවද හෙතෙම පැවසුවේය. මේ වන විට මැතිවරණ කාර්යාල වලින් ලියා පදිංචි වී ඇත්තේ සියයට දහයක ප්‍රමාණයක් පමණක් බවයි හෙතෙම සඳහන් කරන්නේ. ‘‘අනවශ්‍ය විදියට කාර්යාල පටන් ගන්න මම ඉඩ දෙන්නේ නැහැ. අපි දැනටමත් ...
මනුෂ්‍යත්වයේ සම්මුතිය එළි දකී
රටට ආදරය කරන රට හැදිය හැකි නවීන ප්රජාතන්නත්රවාදය හා යහපාලනය සහිත ශිෂ්ට සම්පන්න සමාජයකට ම`ග සලසන නව ප්‍රවේශයක් ලෙස ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේය. මනුෂ්‍යත්වයේ සම්මුතිය හෙවත් රට දිනවන වැඩ පිළිවෙල නමින් එහි ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම නිමිත්තෙන් අද කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ‘‘ යුධ වීරයා හා සැබෑ වීරයා වන සරත් ෆොන්සේකා මහතා මේ මොහොතේ යුධ අධීකරණය හමුවේ සිටියද ඔහුගේ මානව හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමට ප්රජාතන්ත්රවාදී සන්ධානය කැපකිරීමෙන් කටයුතු කරනවා’’ විජිත හේරත් පැවසුවේය. ‘‘ මම කවදාවත් කිසිම දේශපාලන පක්ෂයකට ගැතිකම් කරපු කෙනෙක් නොවෙයි. හැබැයි රට වෙනුවෙන් ක්‍රියා ...
විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වයි
මහ මැතිවණයට තරග කරන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භයේදීම සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය මාර්තු 16 වැනිදා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කරන අතර එදිනම සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන ඇති ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය රට හමුවේ ඉදිරිපත් කිරීමටද නියමිතය. ‘‘මෙම මැතිවරණයෙන් පසුව බලයට පත්වන එක්සත් ජාතික පෙරමුණු ආණුඩව යටතේ රටේ තිබෙන මූලික ගැටලූවලට විසදුම් ලබාදීම සදහා වන ප්රත්ති ප්‍රකාශයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ.’’ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මාර්තු 15 වැනිදා පැවති ප්රවෘත්ති සාකච්ඡුාවකදී එක්සත් ජාතික පක්ෂයේ මහ ...
නීති විරෝධී ප්රචාරක කටයුතු ඉහළට.. නිරීක්ෂකයෝ
මෙවර මහ මැතිවරණ පූර්ව සමයේදී වැඩි වශයෙන් වාර්තා වන්නේ නීතිවිරෝධී අකාරයෙන් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරවල නිරත වීම බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ‘‘පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ප්රචණ්ඩ ක්‍රියා අවම වී තිබෙනවා. එහෙත් නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු බහුලව වාර්තා වෙනවා. පෝස්ටර් බැනර් සහ කටවුට් තහනම් ප්රචාරක මාධ්‍ය වී තිබියදීත් තව දුරටත් මේ දේවල් භාවිතා කිරීම පවතින මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක්.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය. මේ තත්ත්වයට එරෙහිව පියවර ගැනීමට තවමත් අදාළ අංශයන් නිසි ලෙස කටයුතු කර නැතැයි හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය. ‘‘මැතිවරණ පෝස්ටර් බැනර් කටවුට් ඉවත් කිරීමේ වගකීම පැවරිලා තියෙන්නෙ පොලිසියට. ඒත් රට පුරාම තවමත් මේවා ඉවත් කිරීමට නිසි පියවර ...
මැතිවරණ වියදම මිලියන එක්දහස් අටසීයයි.
මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් මිලියන එක්දහස් අටසීයක් (1800)වැය වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැවසුවේය. මෙම මුදල සම්පූර්ණ මැතිවරණය සඳහා වන වියදම නොවන බවත් එ් සඳහා වූ මඃකල්පිත ගණනය කිරීමක් පමණක් බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ගණකාධීකාරී ඊ එ් වීරසේන පවසන්නේ. ඔහු පවසන පරිදි මැතිවරණ වියදම් ගණනය කළ හක්කේ මැතිවරණය අවසන් වී මාස තුනක් ඉකිම වූවායින් පසුය. තැපැල් කටයුතු පොලීසිය සඳහා මුද්‍රණ කටයුතු දිසිත්‍රික් මට්ට්මින් සිදු වන කි‍්‍රයාදාමයන් ඇතුලු සියල්ල සඳහාම මෙම වියදම් සිදු වන බවයි හෙතෙම පවසා සිටින්නේ. දිස්ත්‍රික්කයෙන් දිසිත්රික්යට මෙම මැතිවරණ සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය වෙනස් බවත් එ් සඳහා වෙන් කළ ස්ථිර මුදලක් නොමැති බවද හෙතෙම පැවසීය.
Latest Posts
දැනට ප්‍රදර්ශණය කරමින් තිබෙන...
March 12, 2010
The battle lines drawn between the government and the opposition in the general...
March 12, 2010
Latest Posts
One and a half months ago, Colombo was a tense place. Elections results had been...
March 10, 2010
The heat in Vavuniya is incredible – oppressive and dry, as if it is trying to...
March 10, 2010
ලංකාවේ වත්මන් තත්වය පිළිබද එක්සත්...
March 9, 2010




