මැතිවරණ සමයේ පොලිස් ක‍්‍රියාදාමය
ජනාධිපතිවරණය අවස්ථාවේ දී සිදු වූ අක‍්‍රමිකතා හේතුවෙන් ස්ථානමාරු හා සේවා අත්හිටුවිම් පොලිසිය තුළ සිදු විය. මෙවැනි සිදු වීම්හේතු කර ගනිමින් හේතු ඉතා සාධාරණ හේතු බවයි පොලිසිපති මහිනිද බාලසූරිය පවසන්නේ.
‘‘මං හිතනවා ඉදිරියට ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ කියලා.මැතිවරණ ප‍්‍රචාරක අවධියේ මැද හරියේ අපි දැන් ඉන්නේ. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇති නොවෙන්නත් ඇතිවුහ හොත් පාලනය කරන්නත් අපි පියවර අරන් තියෙනවා. ’’පොලිස්පත්වරයා සඳහන් කළේය.
එමෙන්ම අනවශ්‍ය ආකාරයෙන් මැතිවරණ කාර්යාල පිහිටවීමට හෝ ස්වාධීන කාර්යාල ඉදිකිරීමට අවස්ථාව නොදන බවද හෙතෙම පැවසුවේය. මේ වන විට මැතිවරණ කාර්යාල වලින් ලියා පදිංචි වී ඇත්තේ සියයට දහයක ප‍්‍රමාණයක් පමණක් බවයි හෙතෙම සඳහන් කරන්නේ.
‘‘අනවශ්‍ය විදියට කාර්යාල පටන් ගන්න මම ඉඩ දෙන්නේ නැහැ. අපි දැනටමත් දවසට කාර්යාල 9ක් වහලා දාලා තියෙනවා.’’ ඉදිරියටත් අපි දේවල් කරනවා.
පොලිස් නිළධාරීන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්ණයට පිළිතුරු දුන් පොලිස්පතිවරයා සඳහන් කරන්නේ
‘‘විපක්ෂය නෙවෙයි පරීක්ෂණ පවත්වන්නේ පොලිසියෙන්. පොලිස් වාර්ථා අනුවයි මම ක‍්‍රීයා කරන්නේ. අධ්‍යක්ෂකගේ වාර්ථා අනුවයි මම ක‍්‍රීයා කරන්නේ. වැගද්දක් කළෘ නම් එතන තියන්න බැහැනේ. එහෙම වුණොත් එ් වැරැුද්ද පුන පුනා කරනවා. මේ මාරුකිරීම් නිසා මේ තත්ත්වය අවම කර ගන්න හැකියාව අපට ලැබිලා තියෙනවා. මේ වන විට පැමිණිලි 85 විතරයි ලැබිලා තියෙන්නේ.’’ පොලිස්පත්වරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය 100% සාර්ථක යැයි පැවසීමට නොහැකි බවයි පොලිස්පති වරයා සඳහන් කරන්නේ.
‘‘අපට මැතිවරණ කොමසාරිස් වරයා උපදෙස් දීලා තියෙන්නේ 15 වෙනිදා වෙද්දී පොස්ටර් කටවුට් ඉවත් කරන්න කියලා.අපට ඉන්න කම්කරුවෝ ගණන එක්ක තමයි මේක තීරණය වෙන්නේ. අපේක්ෂකයෝ මේ පෝසටර් ගහන්න යන්නේ නැහැ. පෝස්ටර් ගහන අය අහුවුණේත් අනිවාරියෙන් ම අත් අඩංගුවට ගන්නවා.’’ පොලිසිපතිවරා පැවසුවේය.
පෙරේදා දිනය වන විට කොළඹ නගරයේ පොස්ටර් කටවුට් ඉවත් කිරීමට ආරම්භ කළ බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිය`ථ දෙනා මෙයට සහය ලබා දුන් බවත් හෙතෙම පැවසුෙවිය.
මේ වන විට පොස්ටර් 2381 සහ මහාමාර්ග සහ තාප්පලව අලවා තිබූ සහ ඇද තිබූ 6146 ද වාහන වල ප‍්‍රදර්ශණය කරතිබූ 2736 ද ඉවත් කිරීමට මේ වන විට හැකියාව ලැබී ඇත. එමෙන්ම මහාමාර්ග හරහා සරසා තිබූ දිගින් මීටර් 4453ක් ඉවත් කිරීමටද මේ වන විට හැතිනාව ලැබී ඇති බවයි පොලිස්පති වරයා සඳහන් කරන්නේ.
‘‘මේ හැම දෙයක්ම කරන්න ඕන පොලිසියේ සාමෙන්‍ය දෛනික කටයුතු සිද්ධ කරන ගමන්. මැතිවරණ ගස්වීම් තියෙනවා ප‍්‍රභූවරු එනවා මේ දෙවල්වලට ආරක්ෂාව දෙන්න ඕන. පොලිස් නිළධාරීන් වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. මේ වතාවේ 7600 දෙනෙක් මැතිවරණයට තරඟ කරනවා. ජනාධීපතිවරණයට 22යි හිටියේ. එ් නිසා 100% ක් මේ දේවල් ඉවත් කරන්න බැහැ.’’ හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට මැතිවරණ ප‍්‍රචණඩ ක‍්‍රීයා 86ක් වාර්ථා වී ඇති අතර හඳුනාගත් සැක කරුවන් 57 දෙනකුගෙන් සැක කරුවන් 53 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මනුෂ්‍යත්වයේ සම්මුතිය එළි දකී
රටට ආදරය කරන රට හැදිය හැකි නවීන ප‍්‍රජාතන්නත‍්‍රවාදය හා යහපාලනය සහිත ශිෂ්ට සම්පන්න සමාජයකට ම`ග සලසන නව ප‍්‍රවේශයක් ලෙස
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී විජිත හේරත් පැවසුවේය.
මනුෂ්‍යත්වයේ සම්මුතිය හෙවත් රට දිනවන වැඩ පිළිවෙල නමින් එහි ප‍්‍රතිපත්ති
ප‍්‍රකාශය එළි දැක්වීම නිමිත්තෙන් අද කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සවයකදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේය.
‘‘ යුධ වීරයා හා සැබෑ වීරයා වන සරත් ෆොන්සේකා මහතා මේ මොහොතේ යුධ අධීකරණය හමුවේ සිටියද ඔහුගේ මානව හිතවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරවීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය කැපකිරීමෙන් කටයුතු කරනවා’’ විජිත හේරත් පැවසුවේය.
‘‘ මම කවදාවත් කිසිම දේශපාලන පක්ෂයකට ගැතිකම් කරපු කෙනෙක් නොවෙයි. හැබැයි රට වෙනුවෙන් ක‍්‍රියා කරන අවස්ථාවලදී මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වෙලාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට මා එකතු වූයේ එය සැබෑ ලෙසම රට වෙනුවෙන් ක‍්‍රියා කරන නිසයි.’’ මෙම අවස්ථාවට සහභාගී වූ ජයවර්ධනපුර විශ්ව විiාලයේ හිටපු උප කුලපති එස්.බී හෙට්ටිආරච්චි පැවසුවේය.
මේ අවස්ථාව ස`දහා අනෝමා ෆොන්සේකා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රි ජයන්ත කැටගොඩ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර ඇතු`ථ ආරාධිත අමුත්තන් රැුසක්ද ආගමික නායකයන් රැුසක්ද සහභාගී වී සිටියහ.
විපක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ එළිදක්වයි
මහ මැතිවණයට තරග කරන විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේදීම සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මාර්තු 16 වැනිදා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක ප‍්‍රකාශ කරන අතර එදිනම සරත් ෆොන්සේකාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රට හමුවේ ඉදිරිපත් කිරීමටද නියමිතය.
‘‘මෙම මැතිවරණයෙන් පසුව බලයට පත්වන එක්සත් ජාතික පෙරමුණු ආණුඩව යටතේ රටේ තිබෙන මූලික ගැටලූවලට විසදුම් ලබාදීම සදහා වන ප‍්‍රත්ති ප‍්‍රකාශයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ.’’ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මාර්තු 15 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙයි. වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණයට විසදුම් ලබාදීම සදහා වන යෝජනා ඉදිරිපත් කර තිබෙන මෙහි පළමු කොටස මාර්තු 15 වැනිදා ඉදිරිපත් කෙරේ. කාන්තාවන් වෙනුවෙන් එහි දෙවැනි කොටසේ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර පසුව එහි දෙවැනි කොටස ඉදිරිපත් කිරිමට කටයුතු කරන්නේයැයි අත්තනායක සදහන් කළේය.
‘‘ජාතික ප‍්‍රශ්ණය විසදීමට තිබෙන යෝජනා, ජීවන වියදම සැහැල්ලූ කිරීම සදහා ඉදිරිපත් කරන යෝජනා, ගොවීන්ට ධීවරයින් හා වෙනත් වෘත්තිකයනින්ට සදන ලබාදීම, ජනතාවගේ ආදායම වැඩි කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් වන යෝජනා එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පළමු කොටසට ඇතුල් වෙනවා.’’ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කීවේය.
මනුශ්‍යත්වයේ සම්මුතිය යනුවෙන් සිය පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොළඹදී එළි දැක්වීමට කටයුතු යොදා ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ප‍්‍රකාශ කරයි. සිය පක්ෂයේ නායකයින්ගේ හා ආගමික නායකයින්ගේ සහභාගීත්වෙයෙන් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටට හදුන්වාදීමට නියමිත බවද එම පක්ෂය කියා සිටී.
පවතින ¥ෂනය වලක්වමින් යහ පාලනය ස්ථාපිත කිරීම සදහා මැතිවරණයෙන් පසුව සකස් කරන අන්තර්කාලීන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුල් කිරීමට කටයුතු කර තිබෙන බවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කියා සිටී. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරිම, යහ පාලනය ඇති කිරීම, රාජ්‍ය ආරක්ෂාව ආර්ථික සංවර්ධනය හා විදේශ සම්බන්ධතා යන ක්ෂේත‍්‍ර ඔස්සේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරිමට නියමිත බවද එම පක්ෂය කියයි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇති නමුත් ආණ්ඩුව මේ වන තෙක් තමන්ගේ ප‍්‍රතිපත්ති මොනවාදැයි රටට නොකියන්නේ ඇයිදැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප‍්‍රශ්ණ කළේය. ආණ්ඩුව විසින් ඇමති මණ්ඩලය තිස් පහට අඩු කරන බව කීවත් එය කරන්නේ කෙසේදැයි මේ වන තෙක් ප‍්‍රකාශ නොකිරීම ගැටලූවක් බව ඔහු කීවේය.
‘‘එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් යටතේ කැබිනට් ඇමති මණ්ඩලය තිස් පහට අඩු කරනවා. ඒ විතරක් නොවෙයි නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු සියලූම ඇමතිවරුන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් එකකට වඩා වැඩි නොවන ආකාරයෙන් සකස් කරනවා.’’ අත්තනායක කීවේය.
මේ වන විට අය වැය පරතරය සියයට දහයකට වඩා වැඩි මට්ටමක පවතින බැවින් අය වැය පරතරය අඩු කිරිම සදහා වන යෝජනා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුල්කර තිබෙන බවද ඔහු පැවසුවේය. ඇමතිරුන්ට ලබාදෙන ගෙවල් කුලී දීමනාව වැනි අමතර දීමනා කිසියම් කාලයකට අත්හිටුවා අය වැය පරතරය අඩු කිරීමට කටයුතු කරන බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කීය.
‘‘ගෙයින් ගෙට ගොස් එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති පිළිබද ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම ප‍්‍රධාන රැුස්වීම් 28 ක් ඇතුළුව පවත්වන ප‍්‍රචාරක රැුළි වලදී මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා.’’ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කීවේය.
නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු ඉහළට.. නිරීක්ෂකයෝ
මෙවර මහ මැතිවරණ පූර්ව සමයේදී වැඩි වශයෙන් වාර්තා වන්නේ නීතිවිරෝධී අකාරයෙන් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරවල නිරත වීම බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
‘‘පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අවම වී තිබෙනවා. එහෙත් නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු බහුලව වාර්තා වෙනවා. පෝස්ටර් බැනර් සහ කටවුට් තහනම් ප‍්‍රචාරක මාධ්‍ය වී තිබියදීත් තව දුරටත් මේ දේවල් භාවිතා කිරීම පවතින මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක්.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය. මේ තත්ත්වයට එරෙහිව පියවර ගැනීමට තවමත් අදාළ අංශයන් නිසි ලෙස කටයුතු කර නැතැයි හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.
‘‘මැතිවරණ පෝස්ටර් බැනර් කටවුට් ඉවත් කිරීමේ වගකීම පැවරිලා තියෙන්නෙ පොලිසියට. ඒත් රට පුරාම තවමත් මේවා ඉවත් කිරීමට නිසි පියවර අරන් නැහැ. බහුතරයක් ප‍්‍රචාරක පුවරු පෝස්ටර් අයත් වෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයට. මේ තත්ත්වය යටතේ පේන්නේ පවතින රජයට වාසි වන අයුරින් පොලිසිය හැසිරෙන බවයි අපට පෙනෙන්නෙ.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඞී එම් දිසානායක ප‍්‍රකාශ කළේය.
මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන පරිදි මෙවර මහ මැතිවරණයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ එකම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයන් අතර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වීමයි. පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන පරිදි මෙවර වැඩිම මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තා වන්නේ බස්නාහිර සහ මධ්‍යම පළාත තුළය. මැතාවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් මේ වන විට තම සංවිධානය වෙත පැමිණිලි 45ක් ලැබී ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 51 බව එහි ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.
‘‘මහ මැතිවරණයේදී සැලකිය යුතු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේදී රාජ්‍ය දේපළ මෙවරත් අයුතු ලෙස භාවිතා කරන බව පේනවා.’’ කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේය.
මෙවර විදේශ මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධව මැතිවරණ නිරීක්ෂකයෝ සිය අදහස් මෙසේ පළ කළහ.‘‘මෙවර අපි විදේශ මැතිවරණ නිරීක්ෂකයෝ විස්සක් පමණ ගෙන්වන්න කටයුතු කරලා තියෙනවා. ඔවුන් ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ ජාලයේ පිරිසක්. ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණයේදී විදේශ මැතිවරණ නිරීක්ෂකයන්ගේ වැඩි අවධානය උතුරු නැගෙනහිරට යොමු කරවන්න අප බලාපොරොත්තු වෙනවා.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය. විදේශ නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධව මේ වන විට සිය සංවිධානය සාකච්ඡුා පවත්වමින් සිටින බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායකවරයා පැවසුවේය.
මැතිවරණ වියදම මිලියන එක්දහස් අටසීයයි.

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් මිලියන එක්දහස් අටසීයක් (1800)වැය වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැවසුවේය. මෙම මුදල සම්පූර්ණ මැතිවරණය සඳහා වන වියදම නොවන බවත් එ් සඳහා වූ මඃකල්පිත ගණනය කිරීමක් පමණක් බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ගණකාධීකාරී ඊ එ් වීරසේන පවසන්නේ.
ඔහු පවසන පරිදි මැතිවරණ වියදම් ගණනය කළ හක්කේ මැතිවරණය අවසන් වී මාස තුනක් ඉකිම වූවායින් පසුය. තැපැල් කටයුතු පොලීසිය සඳහා මුද්‍රණ කටයුතු දිසිත‍්‍රික් මට්ට්මින් සිදු වන කි‍්‍රයාදාමයන් ඇතුලු සියල්ල සඳහාම මෙම වියදම් සිදු වන බවයි හෙතෙම පවසා සිටින්නේ.
දිස්ත‍්‍රික්කයෙන් දිසිත‍්‍රික්යට මෙම මැතිවරණ සඳහා වියදම් වන මුදල් ප‍්‍රමාණය වෙනස් බවත් එ් සඳහා වෙන් කළ ස්ථිර මුදලක් නොමැති බවද හෙතෙම පැවසීය.
කටවුට් පෝස්ටර් ගැන කතාකරන්න පක්ෂ මහලේකම්වරු මැතිවරණ කොමසාරිස් හමුවේ
දැනට ප‍්‍රදර්ශණය කරමින් තිබෙන නීති විරෝධී මැතිවරණ පොස්්ටර් හා කටවුට් පොදුවේ එකගවන දිනයකදී ඉවත් කිරීමට සියලූ පක්ෂ එකගවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත කීවේය.
මැතිරවණ කොමසාරිස්වරයා හා දේශපාලන පක්ෂ මහ ලේකම්වරුන් අතර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවති සාකච්ඡුාවකදී මෙම තීරණයට පැමිණි බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා පැවසුවේය.
‘‘මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට අයත් මනාප අංකය ලැබෙන්නේ නාම යෝජනා භාර දීමෙන් පසුවයි. මේ නිසා මුදල් නොමැති අපේක්ෂකයින්ට සිය අංකය ප‍්‍රදර්ශණය කිරිමට අවස්ථාව ලැබෙන්නේ පෝස්ටර් ඇලවීම මගින්. මේ නිසා කිසියම් කාලයකට පෝස්ටර් ප‍්‍රදර්ශණය කිරීමට අවස්ථාව ලබාදිය යුතුයැයි ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. ඒ අනුව කිසියම් කාලයකින් පසුව පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළා.’’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කීවේය.
මේ අනුව නීති විරෝධි පෝස්ටර් කටවුට් නියමිත කාල සීමාවෙන් පසුව ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කීවේය.
‘‘නීති විරෝධි පෝස්ටර් කටවුට් ඉවත් කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දුන්නත් පොලීසිය මේ නියෝග ක‍්‍රියාත්මක නොකරනවානම් මැතිවරණ කෙමසාරිස්වරයාට කිසිදු දෙයක් කළ නොහැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා කීවා.’’ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය.
මහ මැතිවරණය සදහා නාම යෝජනා භාරදීමෙන් පසුව පළමු වතාවට දේශපාලන පක්ෂ නායකයින් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර හමුවක් රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී මාර්තු 12 වැනිදා සවස පැවති අතර මෙහිදී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡුා වී තිබුණි.
එන්න ඔබත් එක් වෙන්න
සිය රටටමයි කවදත් මෙය බැලූ බැල්මෙන්ෙමය කාගේ ආදර්ශ පාඨයදැයි සිතා ගැනීමේ හැකියාව පවතී. නමුදු මෙම කතාවෙන් කියන්නට හදන්නේ මෙම ආදර්ශ පාටයේ වටිනා කම නම් නොවේ. මන්ද එයට අරුතක් දීමට තරම් හැකියාව් නොමැති හෙයිනි.
වසර 1980 ඔක්තෝම්බර් 01 වන දින ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විසින් ඔහුගේ වලව්ව හා අක්ක්ර 49ක භූමිභාගය තෙලාවල ආරක්ෂක විද්‍යාපිඨය වෙනුවෙන් පරිත්‍යාග ඛරනු ලැබීය. 1989 ඔක්තෝම්බර් 11 වන දින ආරක්ෂක වි, පීඨය ලෙස නම් වන මෙය 2007 ඔක්තෝම්බර් 11 වන දින ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෙස නම් කරනු ලැබීය.
මේ වන විට අධිකාරීලත් හමුදා නිළධාරීන් 1717 පමණ මෙම විශ්ව වි,ලයෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් සියල්ලන්ම ත‍්‍රීවිධ හමුදාවන් යටතේ සේවය කරනු ලබයි.
ලංකාවේ සුවිශේෂී විශ්ව වි,ලයක් වගේම දකුණු ආසියිවේ එකම ආරක්ෂක විශ්ව විද්‍යාලයද මෙය වන්නේය.
මෙම විශ්ව විද්‍යාලයේ වැඩි නැඹුරුතාවක් දක්වන්නේ අධ්‍යන කටයුතු සදහා. 25% කාලය පමණයි හමුදා පුහුණුව සදහා යෙදවෙන්නේ. මෙම විශ්ව විද්‍යාලයෙන් අපේකෂා කෙරෙන්නේ හමුදා නිළධාරීයෙක් පිට කිරිම පමණක් නෙවෙයි. රටට දැයට හිතකාමී ගුණ ගරුක පුද්ගලයෙක් පිටකර යැවිම. ආරක්ෂක වි,පීඨ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරීස් පැවසීය.
විවිධ උපාධින් ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරීමට මෙන්ම රැකියාවේ ස්ථීරභාවයද මෙයින් සනාථ වන්නේය.නීතිවේදී උපාධීය මෙනන්ම නාවිකඉංජිනේරුඇතුලු නව පාඨමාලා ආරම්භ කිරීමට මේ වන විට සැළසුම් කර ඇත.
පිරිම් සහ කාන්තා යන දෙපාර්ශවයම අධ්‍යාපනය ලබන මෙම විශ්ව විද්‍යාලය තුළ විදේශිකයන්ද අධ්‍යාපනය හදාරන බව මේජර් ජෙනරාල් පීරිස් පැවසීය.
විශ්වව විද්‍යාල අධයාපනය ලැබූ 18-22 අතර ඕනෑම පුද්ගලයකු හට මෙම විශ්ව විද්‍යාලයට ඇතුළත් විය හැකිය.නමුදු මුලික පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණ වෛද්‍ය පරීක්ෂණ ක‍්‍රීඩා පරීක්ෂණ සියල්ල සමත් විය යුතුය.විශේෂයෙන් මෙහිදී සදහන් කළ යුතු කරුණ වන්නේ ජාතික මට්ටමේ ක‍්‍රීඩා සදහා සහභාගී වී ඇත්නම් විවිධ ක‍්‍රීඩා හැකියාවන් පෙන්නුම් කරන්නේ නම් අදාල ලකුණු මට්ටම අවශ්‍ය නොවන බවත් හෙතෙම සදහන් කළේය.
“විවිධ දක්ෂතා තියෙන අය ඉගෙන ගනිද්දි අතපසු වීම් සිද්ධ වෙනවා. ක‍්‍රීඩා කරද්දී ඉගෙන ගැනීම් කරන්න බැරි වෙනවා. අපිට තේරුණොත් මේ අය හොද අය කියලා අපි මේ අද දශම 7- 8 වුනත් අපි බදවා ගැනීම් කරනවා.” මේජර් ජෙනරාල් පීරිස් පැවසීය.
මෙවර විශේෂත්වය වන්නේ සිවිල් සිසුන් 10 දෙනකු බදවා ගැනීමය. පුහුණුවෙන් පසු ඔවුනට විදේශ රැකියා හෝ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හා එක් වීමට අවස්තාව ඇත. මෙවර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය වෙත සිසුන් 185 දෙනකු බදවා ගැනීමට නියමිතය.
www.kdu.ac.lk යන වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කළ හැකි අතර මේ සඳහා වූ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් වීමට නියමිතය.
ආණ්ඩව දෙබිඩි ප‍්‍රතිපත්තියක – ටිල්වින්
වත්මන් ආණ්ඩුව සිහලෙන් මහා හඩින් කෑ ගසා විදේශයන් ඉදිරියේ ඉංග‍්‍රීසියෙන් කතා කර දණ ගසන ආණ්ඩුවක්යැයි ජනාත විමුක්ති පෙරමුණු ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය. ලංකාවේ ෙසෙවරීභාවට හානිවන ආකාරයේ විදේශ මැදිහත්වීම්වලට ජනතා විමුක්ති පෙරමුණ විරෝධය දක්වන බවද ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී මාර්තු 12 වැනිදා පැවත් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කීවේය.
‘‘පසුගිය කාලයේ ආණ්ඩුව දෙබිඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ. සිංහලෙන් එක් ප‍්‍රතිපත්තික් අනුගමනය කළ අතර විදේශිකයන්ට තවත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා.’’ සිල්වා කීවේය.
යුද ගැටුම්වලින් පසුව ලංකාවේ ගැටලූවලට ලබාදිය යුතු විසදුම් ඉක්මනින් ගෙන නොමැති බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් විසින් විශේෂ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එවීමට පියවර යොදා තිබෙන අතර මෙවැනි කණ්ඩායමක් ලංකාවට එවීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන ලේකම්වරයා කීවේය.
‘‘යුද්ධයෙන් පසුව මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගිවිසුමකට එක්ව තිබෙනවා. එහි ප‍්‍රධාන කරුණු තුනක් තිබෙනවා. ජාතික ඒකාබද්ධතාවය සදහා දේශපාලන විසදුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීම අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා මානව හිමිකම් තත්වය යහපත් අතට පත්කිරිම යන කරුණු තුන එහි සදහන්ව තිබෙනවා. ඒත් මේ ගිවිසුම් පිළිබද ඔවුන් කිසිවක් ප‍්‍රකාශ කළේ නැහැ.’’ ඔහු සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගිවිසුම් අත්සන් කළ ආණ්ඩුව විසින්ම එම ගිවිසුමේ සදහන් කරුණු උල්ංඝනය කළේයැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළේය. ‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් එවීමට පාර කැපුවේ ආණ්ඩුවමයි. මෙහි වගකීම ආණ්ඩුව ගත යුතුයි.’’ සිල්වා පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එවීමට විරුද්ධ බව ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන් බව ප‍්‍රකාශ කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කරන්නේ එම දුරකතන සංවාදයේදී නියෝජිත පිරිසක් එවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකගතාවය දැක්වූ බව යැයිද හෙතෙම කීවේය.
පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරෝපමා රාවෝට මැතිවරණයෙන් පසු ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථාව පෙන්වා තිබෙන නමුත් මෙම ව්‍යවස්ථාවට ඇතුළත් කරුණු පිළිබද කිසිවක් ප‍්‍රකාශ කර නැතැයිද ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන ලේකම්වරයා කීවේය. හැකිනම් මැතිවරණයට පෙර ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථාව ජනතාව හමුවට ඉදිරිපත් කරන්නැයි සිල්වා අභියෝග කළේය.
යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයක් විවෘති කිරිමට ලංකාව විසින් අවසර ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී විරෝධය දැක්වූයේය.
ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව පිහිටුවාගත් නව දේශපාලන සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරි ෂතියේදී යුද අධිකරණයක් හමුවට පමුණවන්නේයැයි යුද හමුදා ප‍්‍රකාශකයා කියා සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ මෙයටද විරෝධය දක්වා සිටී.
‘‘හමුදා පනත අනුව යුද හමුදා අධිකරණයක් පැනවිය හැක්කේ යුද හමුදාපතිවරයාගෙන පහළ නිලධාරීන් සදහා පමණයි. එම නිලයන් පත්කරන්නේ ජනාධිපතිවරයා විසින් නොවන නිසා ඔවුන් කරන වැරදි පිළිබද සොයා බැලීමට තමයි යුද හමුදා අධිකරණයක් පිහිටුවන්නේ.’’ මෙම පුවත්පත් සාකච්ඡුාවට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය.
ෆොන්සේකා යුද අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ නොහැකි බව පවසමින් හබයාස්කෝපුස් නියෝගයක් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවද ඔහු සදහන් කළේය.
කෙසේ වෙතත් මාර්තු 16 හා 17 යන දින දෙකේදී යුද අධිකරණය හමුවට ෆොන්සේකා ඉදිරිපත් කිරිමට කටයුතු කරන්නේයැයි යුද හමුදාව පවසයි. චෝදනා හතක් යටතේ යුද අධිකරණ දෙකක් ඉදිරියට ජෙනරාල්වරයා ඉදිරිපත් කිරිමට නියමිත අතර එම අධිකරණ දෙකට මේජර් ජනරාල්වරුන් තිදෙනෙකුගෙන් යුත් ත‍්‍රිපුද්ගල විනිශ්චය සභාවක් පත්කර තිබෙන බවද හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල් ප‍්‍රසාද් සමරසිංහ කීවේය.
‘‘ෆොන්සේකාගේ නීතිඥයින් මෙම දින දෙකේදී යුද අධිකරණය ඉදිරියට යනවා. එසේ යුද අධිකරණය හමුවට ගොස් මේ ආකාරයට ෆොන්සේකාට විරුද්ධව යුද අධිකරණයක් කැදවිය නොහැකි බවට තර්ක කරනවා.’’ දිසානායක කීවේය.
Emergency debate a precursor to next parliament
The battle lines drawn between the government and the opposition in the general election campaign were last Tuesday (9) brought before parliament when it was re-convened to extend the Emergency Regulations by another month.
Due to the intense campaigning for the general election, many members from both the governing party and the opposition were not present in parliament on the 9th. The opposition parties as always were the least represented that day.
The parliament that was dissolved in February was reconvened to extend Emergency.
While the governing party and its allies voted for the extension of the regulations, all opposition political parties voted against in unison.
Interestingly, it was the broad opposition coalition that voted against the extension of Emergency.
Key among those who opposed was the JVP who initially voted in favor of the regulations since its declaration in 2005.
The vote on emergency was also indicative of things to come in the next parliament after the elections. It was indicative that the opposition forces regardless of divergent policies could still act together one certain issues.
The extension of Emergency Regulations was viewed with some suspicion by the opposition ranks.
The main question posed by the opposition ranks during the Emergency debate was the need for the extension given the end of the war. The government on the other hand maintained the importance of the regulations claiming although terrorism has been eliminated, forces that backed terrorism were still in action and needed to be
crushed.
Moving the motion to extend Emergency, Prime Minister Ratnasiri Wickremanayake said there were some
who reported information according to the agendas of those against the state and there were others who engaged in activities which affected the sovereignty of the country.
He noted that it was essential to put a stop to all such activities to ensure the safety of the people.
Wickremanayake said there were certain forces who were working towards breaking the unitary status of Sri Lanka without considering that it is an independent state.
He therefore said pro LTTE forces still existed today though the organization was crushed militarily.
“We still hear the growling of tigers though they are no more,” he said.
“The government accepts the fact that it has to work closely with the world but one must understand that Sri Lanka is not a colony of a superpower,” he added.
Given the objections raised by opposition parties before parliament commenced session on the 9th, the Premier observed that the most unfortunate thing was the absence of a common platform to face the common issues faced by the country. “Those who are against the state are organizing themselves while the people of this country are divided without working as a single community,” Wickremanayake said.
However, the opposition legislators accused the government of suing Emergency Regulations to suppress the media and other dissenting voices.
Chief Opposition Whip Joseph Michael Perera charged that the Emergency was being used by the government for many purposes apart from safeguarding national security.
He also noted that the regulations were being used by the government to violate laws in the country, especially during election time.
Perera pointed out that the governing party supporters have found immunity in Emergency Regulations to violate election laws.
He also drew attention to the security provided to opposition parliamentarians, which was even taken before the Supreme Court.
Perera observed that since parliament was once again in session, the IGP has to be informed to provide security to all legislators.
Firebrand JVP parliamentarian Sunil Handunnetti also charged that the government has mademany undemocratic acts under the guise of Emergency Regulations.
He questioned as to why there was a need for Emergency Regulations when the war has been over for eight months.
He charged that the government declared eight detention centers under the Emergency Regulations. “Why is there a need for detention centers when the war is over?” he queried.
Handunnetti also said the extension of Emergency would be a carte blanch for thugs associated with the government to carry out attacks against opposition members, as the police have so far remained silent on complaints lodged about such attacks.
However, following the debate that lasted from 9.30 a.m. till 1 p.m., Emergency was extended with 93 votes being cast in favor and 24 against.
By Mandana Ismail Abeywickrema
මහ මැතිවරණයෙන් පසුව අන්තර්කාලීන ආණ්ඩුවක්
මහ මැතිවණයෙන් ශක්තිමත් බලයක් ලබාගෙන වසර තුනක කාලයක් සදහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේයැයි සරත් ෆොන්සේකාගේ නායකත්වයේන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කොටස් කරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය.
‘‘මේ වන විට මෙම අන්තර්කාලීන ආණ්ඩුව සකස් කිරීම සදහා වන වැඩපිළිවෙල මේ වන විට සකස්කරමින් සිටිනවා. ඒ සදහා ආණ්ඩුපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග මෙන්ම විවිධ දේශපාලන පක්ෂ සමගද අපි සාකච්ඡුා කරමින් සිටිනවා.’’ මාර්තු 11 වැනිදා කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හෙතෙම කීවේය.
මැතිවරණයෙන් පසුව ඉදිරිපත් කරන වැඩපිළිවෙල පිළිබද මේ වන විට ෆොන්සේකා සමග සාකච්ඡුා කරන බවද ඔහු කීවේය. ‘‘අපි දේශපාලන පක්ෂ අතර සකස් කරගන්නා වැඩපිළිවෙලේ සාරාංශයක් ඔහුගේ බිරිද හරහා ඔහුට යැවීමට කටයුතු කරනවා. මේ වැඩපිළිවෙල පිළිබද ඔහු දක්වන අදහස් වලින් පෝෂණය අරගෙන අවසන් වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා.’’ දිසානායක සදහන් කළේය.
මැතිවරණයෙන් පසුව සකස්කරන අන්තර් කාලීන ආණ්ඩුව පිළිබද ෆොන්සේකා දැනුම්දීමට හැකියාව ලැබෙන්නේ ඔහුගේ බිරිද හරහා පමණක් වන බවද ඒ අනුව අදාල කාරණා ඇය හිටපු යුද හමුදාපතිවරයාට පවසනු ඇති බවද ඔහු කීවේය.
මැතිවරණයෙන් පසුව සකස් කරන අන්තර්කාලීන ආණ්ඩුවට ඕනෑම මන්ත‍්‍රීවරයක්ට එක්වීමට හැකියාවක් ඇතැයි මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ පැවසුවේය.
‘‘අවුරුදු තුනක අන්තර්කාලීන ආණ්ඩුව මගින් අපි ¥ෂනය වංචාව නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.’’ කැටගොඩ කීය.
රටේ යහ පාලනය ඇතිකර ¥ෂනය වංචාව නැති කිරීම සදහා ගත හැකි සෑම පියවරයක්ම මෙම අන්තර්කාලීන ආණ්ඩුවෙන් ගන්නා බවද දිසානායක කීවේය. ‘‘මේ සදහා පවතින ව්‍යවස්ථාව වෙනස් කළ යුතුනම් එය අපි වෙනස් කරනවා. විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරනවා. මානව හිමිකම් ශක්තිමත් කරනවා.’’
ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමටද මෙම අන්තර්කාලීන ආණ්ඩුවේදී කටයුතු කරනු ඇතැයි ඔහු සදහන් කළේය.
ෆොන්සේකා ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය විසින් තමන්ගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද ජනතාවට දැනුම්දීමට කටයුතු කරන නමුත් ආණ්ඩු පක්ෂය මැතිවරණයෙන් පසු ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල කුමක්දැයි යන්න මෙතෙක් ජනතාව හමුවට ඉදිරිපත් කර නැතැයි දිසානායක චෝදනා කළේය.
‘‘ව්‍යවස්ථාව වෙනස් කිරිම සදහා තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නැයි ආණ්ඩුව ඉල්ලනවා. ඉදිරිපත් කරන ව්‍යවස්ථාව මොකක්ද කියලා තවම රටට කියලා නැහැ. මේ ඉදිරිපත් කරන්න හදන්නේ මර්දනකාරී ව්‍යවස්ථාවක්. හැකිනම් මැතිවරණයට තමන් ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනය කුමක්දැයි කියා රටට ඉදිරිපත් කරන්නැයි අපි ආණ්ඩුවට අභියෝග ඛරනවා.’’ හෙතෙම පැවසුවේය.
මාසයකට වැඩි කාලයක් තිස්සේ අත්අඩංගුවේ පසුවන හිටපු යුද හමුදාපතිවරයා බැලීමට ලබාදී තිබූ පැයක කාලය මේ වන විට පැය දෙකක් දක්වා දීර්ඝ කර ඇතැයි අනෝමා ෆොන්සේකා කීවාය. එහෙත් ඔහුට රජයේ පුවත් පත් හැර වෙනත් කිසිදු පුවත්පතක් බැලීමට අවස්ථාව ලබාදෙන්නේ නැතැයි ඇය කීවාය.
ෆොන්සේකාට විරුද්ධව චෝදනා පහක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව හමුදා ප‍්‍රකාශක ප‍්‍රසාද් සමරසිංහ මාර්තු 8 වැනිදා ප‍්‍රකාශ කළ අතර මෙම චෝදනා මොනවාද යන්න ප‍්‍රකාශ නොකිරීම පිළිබද දිසානායක විරෝධය දැක්වූයේය. මේ වන තෙක් ෆොන්සේකා ඉදිරිපත් කරන යුද අධිකරණයේ විනිශ්චයකරුවන් කවුරුන්ද යන්න ප‍්‍රකාශ නොකිරිම පිළිබද ඔහු ප‍්‍රශ්ණ කළේය.
‘‘ෆොන්සේකා කියන්නේ තරු හතරක ජනරාල්වරයෙක්. ඔහුට වඩා උසස් නිලධාරියෙක් යුද හමුදාවේ සිටියේ නැහැ. මේ නිසා ෆොන්සේකා විරුද්ධව යුද අධිකරණයකට විනිශ්චයකරුවන් පත්කළ නොහැකියි. මේ සදහා ප‍්‍රතිපාදන හමුදා පනතේ නැහැ.’’ මේ අනුව ඉදිරියේදී අධිකරණ හමුවට ගොස් අදාල කරුණු පැහැදිළි කිරිම සදහා නීතිවේදීන් මේ දිනවල කටයුතු කරමින් සිටින බවද දිසානායක කීවේය.






