ජනාධිපතිවරණය ජනවාරියේදී- ජනමාධ්‍ය ඇමති

October 9, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

Print

Presidential Election in January

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

ලබන වසරේ ජනවාරි මාසයේදී  ජනාධිපතිවරණය පවත්වන බවත් ඉන් පසුව මාර්තු මාසයේදී මහ මැතිවරණයක් පවත්වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ලක්මන් යාපා අබේවර්ධන පැවසුවේය.

පෙරඹර සමග විශේෂ සංවාදයකට එළඹෙමින් අබේවර්ධන මහතා මෙවර අයවැයක් වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් (ලබන වසර සදහා) මීළග අයවැය ලේඛනය මහ මැතිවරණය පවත්වා මාස තුනක් ඇතුළතදී ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන් කළේය.

‘‘ඌව පළාතේ සියයට හැත්තෑදෙකක ඡන්ද ප‍්‍රතිශතයක් අපි ලැබුවා. දකුණු පළාතේ පැතිවරණයේදී මේ ප‍්‍රතිශතය ඉක්මවායෑමේ ඉලක්කයක් තමයි අපිට තිබෙන්නේ. සමහර මැතිවරණ කොට්ටාශවල සියයට අසූවක ඡන්ද ප‍්‍රතිශතය ඉක්මවා යෑමට හැකියාව ලැබෙතැයි අපි විශ්වාස කරනවා’’ ඔහු පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේද කීවේය

.‘‘ලෝකයේ  ඕනෑම රටක සිටින ජනාධිපතිවරයෙක් දෙවැනි වරට ජනාධීපතිවරණයට ඉදිරිපත්වන විට ඔහු ලබන ඡන්ද ප‍්‍රතිශතය අඩුවෙනවා. නමුත් පළමු මැතිවරණයට වඩා වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබන ජනවාරියේදී පවත්වන ජනාධිපතිවරණයේදී (මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට) ලබාගැනීමට හැකියාව ලැබෙතැයි අපි විශ්වාස කරනවා. මේ සදහා අපි(ආණ්ඩුව) දැනටමත් සූදානම්.’’

දශක තුනක් තිස්සේ පැවති යුද්ධය අවසන් කිරීම සම්බන්ධයන් ජනතාව ජනාධිපතිවරයාට කෘතගුණ සලකන බව අපි හොදට දන්නවා. සංවර්ධනය තුළින් තවත් ඡන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබෙතැයි අපි විශ්වාස කරනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් එයින් ජයග‍්‍රහණය කරන්නේ අපි බව පසුගිය කාලයේ පැවති මැතිවරණ තුළින් ජනතාව තුළ විශ්වාසයක් ඇතිකර තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ලැබූ ඡන්ද ප‍්‍රතිශතය වන සියයට හැට දෙකක ප‍්‍රතිශතය ඉක්මවා යෑමට හැකියාව ලැබෙතැයි අපි විශ්වාස කරනවා.

වාර්තාව-සංජය නල්ලපෙරුම

සහාය – මාතර මාධ්‍ය නිවස

ඡායාරූප – දිනිදු ද අල්විස්

Media Minister Lakshman Yapa Abeywardena says the Presidential election will be held in January next year and the general election would follow in March. He also said that while a Vote on Account would be presented instead of the budget in November, the normal budget would be presented after the general election. According to Abeywardena although any President contesting the election for a second term in office record a decline in their votes, President Mahinda Rajapakse would record an increase in his vote base because he ended the country’s 30 year old war and launched a massive development programme.

  • Share/Bookmark

දේශපාලන විසදුමක් ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්

May 24, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

mahinda131

UN Sec Gen highlights need for political settlement

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව ඇති අතර නැවත මෙවැනි ගැටලුවක් ඇති නොවීම සදහා දේශපාලන විසදුමක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කිමූන් පැවසුවේය.

මේ සදහා බලය බෙදා හැරීමේ දේශපාලන විසදුමක් ඉදිරිපත් කළ යුතුව ඇතැයිද එක්සත් ජාතීනගේ සංවිධානයේ මහ ලේකම් වරයා පැවසුවේය.

සියලුම ජාතීන් එක්විය යුතුයි

‘‘වසර ගණනාවක් තිස්සේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව තිබෙනවා. මේ අවස්ථාවේදී සියලුම ජාතීනන් එක් විය යුතුයි.’’ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කිමූන් කීවේය.

සියලුම ජාතීන් එක්කර ජාතික ඒකාබද්ධතාවයක් ඇතිකළ යුතුව ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කියන්නේය.

‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසින්ට අවශ්‍ය සහනාධාර ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට උපකාර කිරීම පිළිබදව මෙන්ම ජාතික ඒකාබද්ධතාවය ඇතිකිරීම පිළිබදව ජනාධිපතිවරයා සමග සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡාකළා.’’ කිමූන් සදහන් කළේය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව ඇති අතර උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුද ගැටුම් නිසා ලක්ෂ දෙකකට අධික සිවිල් වැසින් පිරිසක් මේ වන විට අවතැන්ව සිටින්නේය. යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා මැයි 23 වැනි සෙනසුරාදා මූන් ලංකාවට පැමිණියේය.

ලංකාවට පැමිණි එක්සත් ජාතීනගේ සංවිධානයේ මහ ලේකම්වරයා වව්නියාවේ පිහිටි සුභසාධන ගම්මාන නිරීක්ෂණය කළ අතර අවසානයට යුධ ගැටුම් පැවති ප‍්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කළේය.

‘‘යුද ගැටුම්වල අවසානය ඉතාම භයානක වී ඇති බව එම ප‍්‍රදේශ නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියා.’’රජය විසින් හදුන්වාදී තිබූ යුධ මුක්ත කලාපය නිරික්ෂණය කළ කිමූන් පැවසුවේය.

මේ වන විට ලක්ෂ ගණනක් වූ අවවතැන්වූවන් වව්නියාව ඇතුළු ප‍්‍රදේශවල පිහිටි සරණාගත කදවුරුවල සිටින්නේය.

‘‘අවතැන්වූවන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ඇතුළු සහන සංවිධානවලට බාධා රහිත ව එම අවතැන් කදවුරු වෙත ගමන් කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි.’’ කිමූන් කීවේය.

යුද ගැට්මි වලින් අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරුවලින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව නොලැබෙන අතර මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා සිය අවධානය යොමුකළේය.

‘‘(අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින්ට) නිදහසේ ගමන් කිරීමට අවස්ථාව හිමිවිය යුතුයි.’’ කිමූන් කිවේය.

යුද ගැටුම් පැවති අවසන් දින කිහිපය තුළදී එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශවල සිටි සිවිල් වැසියන් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි අතර මේ නිසාවෙන් අවතැන් කදවුරු අවතැන්වූවන්ගෙන් පිරී ගියේය.

‘‘අවතැන් කදවුරුවල අවතැන්වූවන් වැඩිවීමේ ගැටලුවට විසදුම් ලබාදිය යුතුයි.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා කියන්නේය.

අවතැන් කදවුරුවල ගැබිනි මව්වරුන් ළමුන් හා වැඩිහිටියන් දහස් ගණනින් සිටින අතර මොවුන්ගේ අවශතාවයන් පිළිබදව අවධානය යොමු කළ යුතුවඇතැයිද කිමූන් පවසන්නේය.

අවතැන්වූවන් හැකි ඉක්මනින් නැවත පදිංචි කළ යුතුයි

යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචිකිරීම පිළිබදව මූන් සිය අවධානය යොමු කර තිබෙන අතර අවතැන්වූවන් හැකි ඉක්මනින් නැවත පදිංචි කළ යුතුව ඇතැයිද කියන්නේය.

මේ වන විට අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමට රජය පියවර යොදමින් සිටින අතර මේ වසර අවසන් වන විට යුද ගැටුම් නිසා අවතැව සිටින සිවිල් වැසියන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරනනේයැයි රජය පැවසුවේය.

‘‘මේ වසර අවසානය වන විට අවතැන්වූවන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරන බව පැවසීම පිළිබදව සතුටු වෙනවා.’’ කිමූන් පැවසුවේය.

අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් වන අතර බිම් බෝම්බ ඉවත් කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා අවධානය යොමු කළේය.

‘‘බ්ම් බෝම්බ ඉවත්කිරීම ඉතා වැදගත් දෙයක් වෙනවා. මෙහිදී එක්සත් ජාතීනගේ සංවිධානයේ විශේෂඥයින් මේ සදහා උදව් කරනවා.’’කිමූන් කීවේය.

යුද ගැටුම් නිසා අවතැවන්ව සුභ සාධන කදවුරුවල සිටින සිවිල් වැසියන් පිළිබදව මෙන්ම ඔවුන් නැවත පදිංචි කිරීම පිළිබදව ජාත්‍යන්රයේ අවධානය යොමුව තිබෙන්නේය.

‘‘ජාත්‍යන්තරය ලංකාව දෙස බලා සිටිනවා. ලෝකය ලංකාවට උපකාර කිරීමට සූදානමින් සිටිනවා.’’ කිමූන් කියන්නේය.

  • Share/Bookmark

අවතැන් කදවුරු තුළ ක්ෂය රෝගය නිවාරණය සදහා අවධානය

May 21, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

maheepala

Authorities on the watch for respiratory diseases

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

ක්ෂය රෝගය වර්ධනය වීමේ අවධානම තුරන් කිරීමේ අරමුණින් අවතැන් රෝගීන්ගේ සෙමපටල සාම්පල් පරීක්ෂාව සිදුකරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

මැස්සන් බෝවීමේ වර්ධනයක් දක්නට ලැබුණ නිසාවෙන් රසායනික බෙහෙත් වර්ග යෙදීමට අවශ්‍ය සියලුම පහසුකම් යුනිසෙෆ් සංවිධානය මගින් ලැබුණ බව මහීපාල පැවසීය.

පෙර සූදානමකින් සිටි නිසාවෙන් අවසාන වශයෙන් පැමිණි සියලුම අවතැන් ජනතාවට අවශ්‍ය පහසුකමි නොවඩුව ලබා දීමට හැකියාව ලැබුණ බවයි මහිපාල පවසන්නේ.

වව්නියා මැණික් ෆාම් අවතැන් කදවුර කලාප 0,1,2,3,4 වශයෙන් වෙන් කර අවසාන වශයෙන් පැමිණි සියලුදෙනා කලාප අංක 4 හි පදිංචි කර ඇත.
අවතැන්ව පැමිණෙන ජනතාවගේ  අසාධ්‍ය රෝගින් අවතැන් කදවුරු වල ස්ථාපිත කර ඇති මධ්‍යම රෝහල් වෙත යොමු කරන අතර රෝග නිවාරණ අංශයක් ද මෙම කදවුරු තුළ ඉදි කර ඇත.

පවුල් සෞඛ්‍ය සේවකයින් හා මහජන සෞඛ්‍ය සේවකයින් කිල්නොච්චි හා මුලතිව් සේවය කළ කණ්ඩායම් නිසාවෙන් වඩාත් පහසුවෙන් මෙම සත්කාරක සේවා පවත්වාගන යා හැකි බවයි මහීපාල පවසන්නේ.

විශාල ගැටලුවක්ව පැවති පානීය ජල ගැටලුවට පිළිතුරු වශයෙන් වව්නියාව ප‍්‍රාදේශිය සෞඛ්‍යසේවා  අධ්‍යක්ෂ කාර්යාලයේ ජලයේ ක්ෂුද්‍රජීවීන් පරීක්ෂාව සදහා පර්යේෂණාගාරයක්  ඉදිකර ඇත. එමෙන්ම ජල බවුසර් සදහා ක්ලෝරීන් යෙදීමද සිදුකරන බව මහීපාල පවසයි.

පැපොල රෝගීන් සදහා වෙන් කර තිබූ රෝහලට අමතරව සෙංගමාල රෝගීන් සදහා ද රෝහලක් ස්ථාපිත කර ඇත.

යුනිසෙෆ් සංවිධානය හා සර්වෝදය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ම`ගින් උපකාර ලැබෙන බවයි මහීපාල පවසන්නේ. මහජන සෞඛ්‍ය සේවකයින්ට හා පවුල් සෞඛ්‍ය සේවකයින් හට අවශ්‍ය බයිසිකල් ලබා දීමට යුනිසෙෆ් සංවිධානය සහාය ලබා දී ඇත .

එමෙන්ම මෙම සහන ගම්මාන වල සෞඛ්‍ය වැඩසටහන් නිසි පරිදි උසස් තත්වයෙන් පවත්නා බවට යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළ බවයි මහිපාල පවසන්නේ.

සියලුම සෞඛ්‍ය වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදු කරන නිසාවෙන් කිසිම ගැටලුවකට මුහුණ පෑමට සිදු නොවුණ බවත් ඉදිරියට එවැන්නක් සිදු නොවන බවයි මහීපාල පවසන්නේ.

පසුගිය සති අන්තයේ සිට වව්නියාව මැණික් ෆාම් සහන ගම්මානය තුළට වාහන  ඇතුල් වීම සීමා කර ඇත .මෙම සහන ගමිමානය  තුළ එක්ලක්ෂ තිස්දහසක් පමණ අවතැන් වූවන් ජීවත් වන අතර මෙම සිමා කිරීම් නිසාවෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මැණික් ෆාම් සහන ගම්මානයට සහන සැපයීම් තාවකාලිකව නතර කර ඇත .

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හා වෙනත් සහන සංවිධාන මෙම තත්වය අනුමත නොකරන අතර රතු කුරුස සංවිධානය පවසන්නේ මාස ගණනක් පුරාවට දැඩි අපහසුතාවලට මුහුණ දී වන්නියේ සිට අලුතෙන් පැමිණි ජනතාවට මේ නිසාවෙන් සහන සැපයිමට නොහැකි වන බවයි.

කෙසේ වෙතත් මෙම තත්වයට පිළිතුරු සදහා නිසි බළධාරීන් සමග සාකච්ඡ කර අද (21) සවස් වන විට නැවත සහනාධාර බෙදා හැරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ.

  • Share/Bookmark

හමුදාවට සටන් කරන්න අපි ජාත්‍යන්තරව මාර්ගය සකස්කළා – අමාත්‍ය මහින්ද සමරසිංහ

May 18, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

mahinda-main2

We have international support – Mahinda Samarasinghe

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපත් බරක් ඔබාමාගේ හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ පසුගිය සතියේදී අවධානය යොමුවී තිබුනා. මේය ඔබ දකින්නේ කෙසේද?

ඒ ප‍්‍රකාශ දෙක දෙස බැලුවම විශේෂ බවක් තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය දෙස බලන විට ඔහු පළමුවෙන්ම කියා තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි බිම තබා යටත්විය යුතු බවයි.ඊට පස්සේ තමයි අනිත් දේවල් කියලා තියෙන්නේ.ඒක තමයි වැදගත්ම ඡේදය. එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි බිම තියලා යටත්වූ වහාම අනිත් සියලුම දේවල් නිසි තැනට එනවා.

අපි මේ මානුශීය වැඩපිළිවෙල ගෙනියන්නේ මේ ත‍්‍රස්තවාදය නැතිකරලා දෙමළ ජනතාවට ව්‍යවස්ථාවෙන් හා වෙනත් නීති වලින් ලබාදී තිබෙන අයිතීන් ලබාදීමටයි. ඔවුන්ට හොද අනාගතයක් ලබාදීම සදහායි. ඒ පැත්තෙන් බැලුවම ඔබාමා ජනාධිපතිවාරයාගේ ප‍්‍රකාශය පිළිබදව ගැටලුවක් නැහැ. පළමුවෙන්ම කළ යුතු දේ තමයි ඔහු කියලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසා තිබෙන්නේද ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ලංකාවට අයිතියක් තිබෙන බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි බිම තැබිය යුතුයැයි පවසා තිබෙනවා. මේ ප‍්‍රකාශ දෙකේම මුල් තැන දීලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය අවි බිම තැබිය යුතු බව ප‍්‍රකාශ කිරීම සදහායි. මේ විදියට වැඩ වුනොත් සියලු දේම නිසි තැනට එනවා. ඊට පස්සේ අපිට වෙඩිල්ලක්වත් පත්තුකරන්න  ඕන වෙන්නේ නැහැ.

මේ ගැටුම තියෙන්නේ සිවිල් වැසියන් සමග නෙමෙයි. එල්.ටී.ටී.ඊ. එක නැති කරන්නයි අපි මේ කටයුත්ත ආරම්භ කර තිබෙන්නේ. එල්.ටී.ටී.ඊ. එක අවි බිම තිබුවොත්, යටත් වුනොත්, නායකත්වය ඒ ආකාරයට කටයුතු කළොත් අපිට කිසිම ගැටුම්ක් නැහැ. සිවිල් ජනතාවට අනාගතයක් ලබාදීමට හැකිවෙනවා. මේ නිසා මේ ප‍්‍රකාශ දෙකම හොද ප‍්‍රවණතාවයක් තියෙන ප‍්‍රකාශ දෙකක් ලෙසයි අපි දකින්නේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ලංකාව පිළිබද මෙතෙක් කල් කතාකර තිබුනේ නැහැ. පළමු වතාවට තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ මේ ආකාරයේ සාකච්ඡාවක් ඇතිවන්නේ. මෙය ලංකාවට එල්ලවූ කළු පැල්ලමක් නොවෙයිද?

නැහැ. අද ලංකාවේ හිරකරගෙන සිටින සිවිල් වැසියන් සංඛ්‍යාව දෙස බලන විට ලෝකයේ විශාලම ප‍්‍රාණ ඇපකරුවන් පිරිසක් සිටි අවස්ථාවක් තමයි මේක.මේ නිසා අනිවාර්යයන්ම ලංකාව පිළිබදව අවධානය යොමුවෙලා තියෙනවා. ලංකාව පිළිබද කතා කරනවා. මේ වන විට අපි විශාල ප‍්‍රාණ ඇපකරුවන් පිරිසක් මුදාගෙන තිබෙනවා. දවස් හතරක් ඇතුළත එක්ලක්ෂ දහදහසක් මුදාගන්නවා කියන්නේ විශාල ජයග‍්‍රහණයක්. කිසිම තැනක එවැනි ජයග‍්‍රහණයක් ලබාගෙන නැහැ.ඒ අවධානය වැඩිවීම ප‍්‍රශ්ණයක් කියලා මම හිතන්නේ නැහැ. එය සාර්ථක වැඩපිළිවෙලක් බව ලෝකය පිළිගෙන තිබෙනවා. ඒ පැත්තනේ බලන විට ලංකාව පිළිබද අවධානය යොමුවීම ප‍්‍රශ්ණයක් කියලා මම හිතන්නේ නැහැ.

ආරක්ෂක මණ්ඩලයේ වෙනත් කරුණු යටතේ තමයි මේ පිළිබදව සාකච්ඡාවී තිබුනේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළෙන් ආපු ප‍්‍රකාශයක් විදියට නෙමෙයි මේ ප‍්‍රකාශය ආවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ වෙනත් කරුණු යටතේ ලංකාව පිළිබද කතා වුනා. සියලුම සාමාජිකයින්ගේ අනුමැතිය අනුව සභාපති ලෙස රුසියානු තානාපතිවරයා එළියට එන විට මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළා. මෙය මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශයක් පමණයි. ආරක්ෂක මණ්ඩලය ගත් තීරණයක් ප‍්‍රකාශයක් නෙමෙයි. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් පමණයි.

දැනට ගැටලුවක් නැහැ. ඉදිරියේදී ආරක්ෂක මණ්ඩලය කරන්නේ මොකක්ද කියලා බලන්න  ඕන. කෙසේ නමුත් ආරක්ෂක මණ්ඩලය තුළ ප‍්‍රකාශයට පත්වුනේ අපිට  ඕන දෙයක් තමයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ලංකාවට එරෙහිව කිසියම් පියවරක් ගැනීමට උත්සාහ ගතහොත් රජයක් ලෙසින් කුමන ආකාරයේ පියවරක් ගන්නවාද?

ආරක්ෂක මණ්ඩලට ගතහැකි ක‍්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා කිරීම. සාමාජිකයින් නම දෙනෙකුගේ එකගතාවය මත මේ පියවර ගත හැකියි. හැබැයි යෝජනාවක් සම්මත කරගැනීමක් කිරීමට ස්ථිර සාමාජිකයින් පස්දෙනාම එකග විය යුතුයි. එක් අයෙක් හෝ විරුද්ධ වුනොත් මුල් පියවරක් ගන්න බැහැ. අපිට සහාය දෙන්න රටවල් ඉදිරිපත්වී සිටිනවා. ස්ථිර සාමාජිකයින් මෙහේ වෙන වැඩපිළිවෙල පිළිබදව බොහෝ අවභෝධයකින් කටයුතු කරනවා. යෝජනාවක් සම්මතකරගැනීමේ තත්වයක් ඇතිවෙයි කියලා හිතන්න බැහැ. ලංකාව ආරක්ෂක මණ්ඩලයේ න්‍යාය පත‍්‍රයට ඇතුල්කරලා කතා කරන්න පුලුවන්. අපිට මේ වගේ ගැටලුවක් ඇතිවෙයි කියලා හිතන්න බැහැ.

ජිනීවා වල යුරෝපා රටවල් එකතුවෙලා ලංකාව පිළිබද සැසිවාරයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ පවත්වන්න උත්සාහ ගත්තා. එයට අත්සන් 16ක් ලබාගත යුතුව තිබුනා. සති දෙකක් තිස්සේ උත්සාහ කළත් ඒ අත්සන් 16 ගන්න තවම බැරිවෙලා තිබෙනවා. මේ වෙලාවේ ලංකාව පිළිබද සැසිවාරයක් පැවැත්වීම තුළින් ජනතාව තවදුරටත් හිරකරගෙන ඉදලා අමු අමුවේ මරාදාලා මානව හිමිකම් උල්ලංඝනය කරන්න කියලා එල්.ටී.ටී.ඊ.යට පණිවුඩයක් ලබාදෙන බව මම තානාපතිවරුන්ට කිව්වා. හුගක් අය මේක තේරුම්ගත්තා. ඒ නිසා තමයි මේ අත්සන් 16  එකතුකරගන්න බැරිවුනේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව පිළිබද සැසිවාරයක් පැවැත්වීම උත්සාහ ගන්නේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන නිසා බව කියලා චෝදනාවක් එල්ල කළොත් මොකද කියන්නේ?

රට වෙනුවෙන් මමත් අපේ අමාත්‍යාංශයේ නිලධාරීනුත් කරපු සේවය දන්නවා. මානුශීය මෙහෙයුම මෙහේ යනකොට අපි ජාත්‍යන්තරව සම්බන්ධවෙලා ඒ මෙහෙයුම කළා. අද වනතුරු ලංකාවට එරෙහිව කිසිදු යෝජනාවක් ගෙනඒමට අපි ඉඩ දුනනේ නැහැ. හමුදාවන්ට මෙහේ වැඩ කරගෙන යන්න අපි ජාත්‍යන්තරව පාර කපලා දුන්නා.

අපි කුඩා රටක් වුනත් වෙනත් රටවල දේශපාලන වාසි වෙනුවෙන් අපි යොදාගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කුඩා රටක් වුනත් මුහුණට මුහුණ දිලා සටන් කරන්නේ. අපේ ස්ථාවරය දුර්වල කරන්නේ නැතිව අපි ජයග‍්‍රහණ ලබා තිබෙනවා.

ජාත්‍යන්තර රටවල් ලංකාවට බලපෑම් කිරීම ලංකවේ සෛවරී භාවටය කොතරම් හානිකරයිද?

ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ බටහිර යුරෝපය කැනඩාව වගේ රටවල් විතරක් නෙමෙයි . තවත් විශාල රටවල් සංඛ්‍යාවක් තිබෙනවා. අපි ගෙනියන වැඩපිළිවෙලත් එක්ක ලෝකයේ රටවල් රැසක් ඉන්නවා. අපි ගෙනියන වැඩපිළිලෙ නිවරදි බව ලෝකයේ විශාල රටවල් සංඛ්‍යාවක් පිළිගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදය පරාජය කිරිම සදහා ලෝකයේ සාර්ථකව කටයුතු කර තිබෙන එකම රට තමයි ලංකාව. මේක ඔවුන් පිළිගන්නවා. ඇමරිකාව සදාම් හුසේන් අල්ලගෙන අද වන විට එහි සිවිල් වැසියන් කීදෙනෙක් මරලාද? කොතරම් මුදල් වියදම් කරලාද? ඒ මුදල් අපිට තිබුනානම් ලංකාව විතරක් නෙමෙයි ආසියාවම දියුණු කරන්න තිබුනා. කොතරම් තාක්ෂණය තිබනත් මොවුන්ට ත‍්‍රස්තවාදය නැතිකරන්න බැරිවෙලා තිබෙනවා. මේ කුඩා ලංකාව ලෝකයේ තිබෙන දරුණුම තස්තවාදය පරාජය කරන්න කටයුතු කළා. මේකට ලකුණු දෙන්න  ඕන.

එතනදී සමහර රටවල් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. ලෝකයේ පොහොසත්ම රටවල් වලට ලංකාව ආර්ථික ප‍්‍රශ්ණ මැද්දේ ඉදිරියට ගිහින් තිබෙනවා. ආර්ථික ප‍්‍රශ්ණ මැද්දේ අපි සාර්ථක වෙලා තිබෙනවා. මේ දවස්වල අපිව කුනිත්තන අයට ඉදිරියේදී අකමැත්තෙන් හෝ අපි සාර්ථක වැඩපිළිවෙලක් ගෙනගිය බව පිළිගන්න වෙනවා. මීළග වතාවේ ජනාධිපතිතුමා නිව්යෝර්ක් නුවර ගිහින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන විට එහි සිටින සෑම රාජ්‍යනායකයෙක්ම නැගිටලා අත්පොලසන් දීලා මේ කළ ක‍්‍රියාව අගය කරාවි. බලන්න මොකද වෙන්නේ කියලා.

වන්නිය් සිට අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීම සදහා ජාත්‍යන්තර මානුශීය සංවිධානවලට අවතැන් කදවුරුවෙත යාමට වැඩි අවස්ථාවක් හිමිවිය යුතුයැයි ජාත්‍යන්තරය දිගින් දිගමට පවසනවා. මෙම සහන සංවිධාන වලට අවතැන් කදවුරු වෙත යාමට අවස්ථාව ලබානොදෙන්නේ ඇයි?

දැනට රජයේ නොවන සංවිධාන පනස් දෙකක් වැඩකරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම කදවුරුවල වැඩ කරනවා. රජය තමයි මූලික තැන ගන්නේ. කාටවත් අවතැන් කදවුරු වෙත යන්න දෙන්නේ නැතැයි කියන එක එල්.ටී.ටී.ඊ. ප‍්‍රචාරයක්. නොයෙකුත් අන්දමින් ඔවුන් ප‍්‍රචාර ගෙනයනවා. එම ප‍්‍රචාරවලට සමහරු රැවටිලා නොයෙකුත් නිගමනවලට එනවා. එහෙට ගියපු ජොන් හොල්ම්ස් වැනි අය එක්සත් ජාතීනගේ සංවිධානයට වාර්තා කරන විට අපි බොහෝම සමීපව ජාත්‍යන්තර ප‍්‍රජාව සමග අවතැන් කදවුරුවල වැඩ කරන බව පිළිගෙ තිබෙනවා.
ඉදිරියේදී බලන්න වෙනවා සංවර්ධන කටයුතු කරන විට කාටද අවසර දෙන්නේ කියන එක පිළිබද අධ්‍යයනය කරන්න වෙනවා. සමහරු ගිහිල්ලා කරන්නේ බොරු. සමහරු විශාල සේවයක් කරනවා. එත් සමහරු ගිහින් දේශපාලන වාසි ගන්නන හදනවා. සමහරු වැඩ කරනවා වගේ පින්තූර අරගෙන ඒ අයගේ රටවලින් සල්ලි අරගෙන ඒවා වෙනත් දේවල් වලට පාවිච්චි කරනවා. ඒ වගේ අයට ඉදිරියේදී අවස්ථාව ලබාදීමට අපි සූදානම් නැහැ.

අපි කිළිනොච්චි මුලතිව් ගියාම රෝහල් හදපු බවට බෝඩ් ගහලා තිබනට පිටිපස්සේ තියෙන්නේ කැළෑව. මේ සල්ලිවට ලැබුනේ කාටද? එල්.ටී.ටී.ඊ. සංවිධානටය තමයි මේ සල්ලි ලැබුනේ. මේක ඉවරවූ වහාම මේ පිළිබද වහාම සොයලා බලන්න වෙනවා. ඒ වගේ අයට ආපහු ඒ පැත්ත පළාතේ යන්න අවස්ථාවක් දෙන්නේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා තිබෙන ණය මුදල තවම ලැබී නැහැ. මෙය ණය ලබාදීමට සුදුසු වේලාවක් නොවන බව ඇමරිකාව පවසා තිබනා. මේ ණය මුදල ලංකාවට නොලැබෙන්නද යන්නේ?

ආර්ථික පැත්තෙන් බැලුවම මේ ණය මුදල ලංකාවට මේ ණය මුදල ලබානොදෙන්න කිසිම හේතුවක් නැහැ. දේශපාලන වශයෙන්ද ණය දෙන්නේ නැතිනම් ආර්ථිකය දියුණු කරන්නද ණය දෙන්න් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණයක් ගත යුතුයි. මේ ණය මුදල ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ණය මුදල අපිට ලැබෙයි කියලා තමයි මම හිතන්නේ.

  • Share/Bookmark

වන්නියට ආහාර යැවීම නවතී

May 15, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

wanni-main

ICRC suspends food shipments to Vanni

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට ආහාර යැවීම ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් නවතා ඇති අතර මේ නිසා වන්නියේ සිටින සිවිල් වැසියන්ට ආහාර යැවීමටත් එහි සිටින රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ඒමත් නතරවී තිබේ.

වන්නියේ සිටින සිවිල් වැසියන් සදහ අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර මෙටි‍්‍රක් ටොන් පන්සියයක් රැගත් ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ නැවක් වන්නිය බලා පිටත්වගිය නමුත් දිගින් දිගටම ක‍්‍රියාත්මක යුධ ගැටුම් හමුවේ නැව ආපසු පැමිණ ඇතැයි ජාත්‍යන්තර රතුකුරස කමිටුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

දින තුනක්ම ආහාර රැගෙන ගිය නැව ආපසු හැරී එයි

මැයි මස 12 වැනිදා සිට දින තුනක් ආහාර රැගත් නැව වන්නියේ සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය ආහාර රැගෙන පිටත්ව ගොස් ඇති නමුත් නොකඩවා පැවති ගැටුම් හමුවේ ආහාර බෑමට හෝ රෝගීන් රැගෙඒමට නොහැකිවූ බවද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසයි.

’‘පවතින ආරක්ෂක තත්වයේ දුර්වලතාවන් නිසා මුහුදු මෙහෙයුම්(නැව් මගින් ආහාර වන්නියට රැගෙනයාම හා වන්නියේ සිරවී සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ඒම) නතර වී තිබෙනවා. මෙය පිළිගත නොහැකියි.’’ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ පෙරේ ක්‍රොයෙන්බුල් පැවසුවේය.

”අපි එය පිළිගන්නේ නැහැ.’’පවතින ආකරක්ෂක තත්වයේ දුර්වලා නිසා වන්නියට ආහාර යැවීමට නොහැකිවී ඇති බවට ජාත්‍යන්තර රතුකුරුස කමිටුව කරන ප‍්‍රකාශයන් ප‍්‍රතික්ෂේප කරන ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ කියන්නේය.

‘‘අපි උපරිමයෙන්ම කටයුතු කරනවා. ඒ නිසා තමයි මෙටි‍්‍රක් ටොන් පන්සියයක් වන්නියේ සිටින සිවිල් වැසියන්ට ලබාදීමට යැව්වේ. අපේ මුහුදේ ආහාර රැගෙන යන නැව් යෑමට අවසර ලබාදුන්නේත් ඒ නිසා.’’ සමරසිංහ කියන්නේය.

යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත අත්‍යවශ්‍ය ආහාර රැගෙනයාම නතරවී ඇත්තේ තාවකාලිකව වන බවද ජාත්‍යන්තර රතුකරුස කමිටුවේ ප‍්‍රකාශිකා සරසි විජේරත්න පවසන්නීය.

‘‘රජයේ පාලන ප‍්‍රදේශ වෙත රෝගීන් රැගෙනඒම හා යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත (වන්නියේ සිරවී සිටින) රෝගීන් රැගෙනඒම තාවකාලිකව නතරවී තිබෙනවා.’’ විජේරත්න කීවාය.

වන්නියේ සිටින සිවිල් වැසියන් මේ වන විට නැවත වරක් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින අතර මැයි 14 හා 15 යන දින දෙකේදී හයදහසකට ආසන්න සිවිල් වැසියන් පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි ආපදා කළමණාකරණ අමාත්‍යවරයා පවසන්නේය.

මේ වන විට වන්නියේ සිවිල් වැසියන් පනස්දහසක් පමණ සිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කර තිබේ.

‘‘මොවුන්ට කිසිම මානුශීය සංවිධානයකට උපකාර කළ නොහැවී තිබෙනවා.’’ ක්‍රොයෙන්බුල් පවසන්නේය.
වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ ප‍්‍රයෝජනය සදහා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මැදිහත්වීම මත අවසන් වරට වන්නියට ආහාර රැුගෙන ගොස් එහි සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ආවේ මැයි නම වැනිදාය. එදින මෙටි‍්‍රක් ටොන් විසිපහක ආහාර තොගයක් වන්නියට රැගෙන ගොස් තිබුනේය.

ඉන්පවසුව ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ධජය සහිත නැවකින් ආහාර මෙටි‍්‍රක් ටොන් පන්සියයක් වන්නියට පිටත්කර හැරිමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වූවේය.

වෙනත් ආකාරයකට වන්නියට ආහාර යව බව අමාත්‍ය මහින්ද සමරසිංහ කියයි

ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත ආහාර යවා ඇති නමුත් එම ආහාර ගොඩබෑටම නොහැකිවී ඇත්තේ රජයේ වරදක් නිසා නොවන බව අමාත්‍යවරයා කියන්නේය.

”ආහාර රැගෙනයන වේලාවේ ගැටුම් නැවැත්වීමට හමුදාව එකගවී තිබුනා. සවස තුනයි තිහේ සිට හයයි තිහ දක්වා කාලයේ ගැටුම් නවත්වන බව පැවසුවා. නමුත් තුනට පමණ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙඩි තබන්න පටන්ගෙන තිබෙනවා.’’ සමරසිංහ කියන්නේය.

කෙසේ නමුත් යුධ ගැටුම් පවතින ප‍්‍රදේශවල සිරවී සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය ආහාර ගෙනයාමට රජය කටයුතු කරනවා. වෙනත් විදියකට ආහාර යවනවා.’’ ආරක්ෂක හේතූන් නිසා වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට ආහාර යවන ආකාරය හෙළි කළ නොහැකි බව පවසන අමාත්‍යවරයා කියන්නේය.

(වන්නියේ සිරවී සිටින)දහස් ගණනින් වන  සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා තමන්ට ආරක්ෂාවත් බාධා රහිතව එම ප‍්‍රදේශ වෙත ළගාවීමටත් අවස්ථාව හිමිවිය යුතුයැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පවසන්නේය.

තත්වය යහපත්වූ වහාම මානුශීය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසන්නේය.

”දෙපාර්ශවය විසින් ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව මෙම මානුශීය මෙහෙයුම නැවත ආරම්භ කරනවා.’’ විජේරත්න කීවාය.

  • Share/Bookmark

පැපොල රෝගීන් සදහා වෙනම රෝහලක්

May 12, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

main

Chickenpox spread prevented at IDP camps – Gov

අවතැන් කදවුරු තුළ පැවති බෝවන රෝග අවම කිරීමටත් පැපොල රෝගය අවම කිරීමටත් හැකියාව ලැබි ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය සේවා)වෛ‍ද්‍ය පාලිත මහීපාල පවසයි.

”පැපොල  රෝගය යම් මට්ටමක පවතිනවා. ඒවට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දෙනවා. අලුතෙන් කණ්ඩායමක් එද්දි ඒ අයට රෝගය හැදිලා එන්නෙ. වෛරස් පිළිබද විශේෂඥ වෙවද්‍ය කණ්ඩායමක් ඉන්නවා. මේ පැපොල රෝගීන් සදහා පුවරාසකුළම් රෝහල වෙන කරලා තියෙන්නෙ.”මහීපාල පැවසීය.

වවිනියාව අවතැන් කදවුරු තුළ පැතිරී ගිය පැපොල රෝගය පසුගිය සති කීපය තුළ දී පහව ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.මේ මස 3 වනදා වන විට අට දහසක් පමණ රෝගින් වාර්තා වී ඇති අතර දිනකට රෝගින් සියයක් පමණ රෝහල් ගත වූ බව එම සංවිධානය පවසයි. වෙනත් ප‍්‍රදේශයන්හි අවතැන් කදවුරු තුළ ද මෙම රෝග තත්වය සුලු වශයෙන් දක්නට ලැබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ .

රෝග වශයෙන් ගත් විට පාචනය, ශ්වසන රෝග  (කැස්ස සෙම්ප‍්‍රතිශයාව) හා චර්ම රෝග පවතින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

ලක්ෂ දෙකකට ආසන්න ජන පිරිසක් සිටින  ඉතා කුඩා ප‍්‍රදේශයක මෙවැනි රෝග පැතිරයාම වේගවත් බවයි මහීපාල පවසන්නේ .
“වසංගත තත්වයක් නැහැ. අවශ්‍ය ඖෂධ සියල්ල යවලා තියෙන්නෙ. සෑම සති අන්තයකම සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් ගිහින් සොයා බැලීම් කරනවා. සම්බන්ධීකාරක නිළධාරීන් පරීක්ෂා කරලා තියන අඩුපාඩුකම් කියනවා.” මහීපාල පැවසිය.

මැස්සන් හා මදුරුවන් බෝවීමේ ඉඩ කඩ වැඞී

ඉතා යහපත් සෞඛ්‍ය වැඩ පිළිවෙලක් පවතින නිසාවෙන් සිල්ල නිසි ආකාරව සිදු වන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ.
“තවත් ඇදන් විස්සක් පමණ තියන රෝහලක් වෙනම තියනවා. හදිසි අවස්ථාවක භාවිතයට ගන්න. පොඩි ශෛල්‍ය කර්ම කරන්න, සේලයින් දෙන්න.” මහීපාල පැවසීය.

වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකයින් ස්වෙච්ඡා සේවකයින් නිසාවෙන් කදවුරු තුළ සෞඛ්‍ය තත්වය නිසි ආකාරව පවත්වා ගන යාමට හැකියාව ලැබී ඇති බවයි මහීපාල පවසන්නේ.

“ගැබිනි මව්වරුන්ට සායන දරුවන්ට අවශ්‍ය එන්නත් ලබාදීම් හා ති‍්‍රපෝෂ හා පෝෂණීය ආහාර ලබා දීම් නිසි පරිදි සිදු වෙනවා. පානිය ජලය හා සනිපාරක්ෂක කටයුතු අවශ්‍ය තැන් වලට දැනුම් දීලා ජලය පිරිසිදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් ආදියත් ලබා දීලා තියෙන්නෙ.” මහිපාල පවසන්නේය.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් හා වොෂ් ආයතනය මගින් මෙම කදවුරු සදහා ජල පහසුකම් ලබාදෙන බවත් එහෙත් ජලාප‍්‍රවාහන ගැටලු නිසාවෙන් මැස්සන් හා මදුරුවන් බෝවීමට ඇති ඉඩ කඩ වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

  • Share/Bookmark

අවතැන් කදවුරුතුළට සහන සංවිධානවලට යෑටම අවස්ථාව දෙන්නැයි ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්

April 30, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

icrc-donation-mainAllow more access to IDP centers – Indian High Commissioner

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

දිගින් දිගටම ක‍්‍රියාත්මක යුධ ගැටුම් හමුවේ අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණසිටින සිවිල් වැසියන් රදවා ඇති සුභසාධන කදවුරුවෙත යාමට හා එහි සහන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට සහන සංවිධානවලට අවස්ථාව ලබාදිය යුතුයැයි ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් ආලෝක් ප‍්‍රසාද් පවසයි.

”සහන සංවිධාන වලට අවතැන් කදවුරු වෙත යාමට හා එහි සහන සේවා ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි.’’ ඉන්දියාව විසින් උතුරු පළාතේ අවතැන්ව සිටින සිවිල් වැසියන් වෙනුවෙන් ලබාදීමට නියමිත පවුල්  කට්ටල 40000ක් ජාත්‍යන්තර රතුකුරුස කමිටුව වෙත ලබාදීම සදහා පැවති උත්සවයකදී ඉන්දීය මහකොමසාරිස් වරයා සදහන් කළේය.

රජයේ පාලන ප‍්‍රදේශවල පවතින අවතැන් කදවුරු හා සහන ගම්මාන තුළ සහන සේවා ක‍්‍රියාත්මක කිරීම සදහා ජාත්‍යන්තර සහන සංවිධානවලට අවස්ථාව ලබාදිය යුතුයැයි ජාත්‍යන්තර ප‍්‍රජාව දිගින් දිගටම ප‍්‍රකාශ කර සිටී.

සිවිල් වැසියන්ගේ අවශ්‍යතාවයන් පිළිබදව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව අවධානයෙන්

‘‘දිගින් දිගටම ක‍්‍රියාත්මක යුධ ගැටුම් හමුවේ පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ගේ අවශ්‍යතාවයන් පිළිබදව අපි අවධානයෙන් සිටිනවා. ’’ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ නියෝජ්‍ය ප‍්‍රධානී ඇන්තනී ඩැල්සීල් පැවසුවේය.
මේ වන වට රජය විසින් හදුන්වාදී ඇති මුලතිව් යුධ මුක්ත කලාපයේ යුධ ගැටුම් ක‍්‍රියාත්මක වන අතර අවතැන්වූවන් දහස් ගණනක් යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වල සිටින බවද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසන්නේය.

‘‘භයානක ලෙසින් පවතින යුධ ගැටුම් හමුවේ අවතැන්වූ රෝගී වූ හා තුවාල ලැබූ සිවිල් වැසියන් යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වල සිරවී සිටිනවා.’’  ලංකාවේ තත්වය පිළිබදව වන නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ දකුණු ආසියානු මෙහෙයුම් ප‍්‍රධානී මොනිකා සෙනාරීල් පැවසුවාය.

සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා සියලු පාර්ශවයන් කටයුතු කළ යුතු බවද ඇය පැවසුවාය.
‘‘(යුධ ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන්ට) අවශ්‍ය ආහාර හා ඖෂධ (ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත) යැවීමට අවස්ථාව ලබාදිය යුතුයි.’’ ඇය පවසන්නීය.

දිගින් දිගටම ක‍්‍රියාත්මක යුධ ගැටුම් හමුවේ සිවිල් වැසියන් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින අතර අපේ‍්‍රල් 20 වැනිදා සිට වන්නියේ සිරවී සිටි සිවිල් වැසියන් 115735 දෙනෙක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින අතර ඔවුන් වව්නියාව, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්කවල පිහිටි අවතැන් කදවුරුවල රදවා සිටී.

ඉන්දියාව විසින් ලබාදී ඇති පවුල් කට්ටල අවතැන්වී සිටින පවුල් හතළිස් දහසකට බෙදා හැරීමට නියමිත අතර ජාත්‍යන්තර රතුකුරුස කමිටුව හරහා එම භාණ්ඩ බෙදාහැරීමට නියමිතය.

පුල්මුඩේ රෝහල වව්නියාවට

මේ වන විට ඉන්දියාව විසින් ලබාදී ඇති තාවකාලික රෝහල පුල්මුඬේ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන අතර අවතැන්වූවන් අතර සිටින රෝගීන්ට වඩා වැඩි පහසුකම් ලබාදීම වෙනුවෙන් එම රෝහල වව්නියාව අවට කිසියම් ස්ථානයකට ගෙනඒමට නියමිත බවද ප‍්‍රසාද් සදහන් කරන්නේය.

‘‘මේ වනවිට පුල්මුඬේ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන රෝහලෙන් (අවතැන්වී සිටින) රෝගීන් හාරදහසකට පමණ ප‍්‍රතිකාර කර තිබෙනවා.’’ ප‍්‍රසාද් කියන්නේය.

මේ වන විට වන්නියේ සිට පැමිණි අවතැන්වූවන් දස දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇති අතර වව්නියාව අවට අවැතන් කදවුරුවල අවතැන්වූවන් දස දහස් ගණනින් රැුදී සිටින නිසාවෙන් ඔවුන්ට වඩා හොද සේවාවක් ලබාදීම සදහා මෙලෙස රෝහල වව්නියාව ආසන්නයට ගෙනඒමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.

‘‘මේ වඩා වැඩි අවතැන්වූවන් පිරිසකට ප‍්‍රතිකාර කළ හැකි ආකාරයෙන් මෙම රෝහල වව්නියාව ආසන්නයේ නැවත ස්ථාපනය කරනවා.’’ ඉන්දීය මහ කොමසාරිස් වරයා කියන්නේය.

  • Share/Bookmark

ඩෙංගු තුරන් කිරීමට ආකල්පමය වෙනසක් අවශ්‍යයි

April 28, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

dengi-main1Change attitudes to beat Dengue – expert

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

පසුගිය අවුරුද්ද හා සසදා බලන විට ඩෙංගු රෝගය නිසාවෙන් මිය ගිය සංඛ්‍යාව සියයට විසිනවයකින් වර්ධනය වී ඇති බවයි වසංගත රෝග මර්ධන අංශය පවසන්නේ. අපේ‍්‍රල් 20 වනදායින් ආරම්භ වන පසුගිය සතියේ මරණ 7ක් මේ වන විට වාරිතා වී ඇති බවයි නවතම වාර්තාවන්හි සදහන් වන්නේ.

මේ හේතුව නිසාවෙන් වසංගත රෝග මර්ධන අංශයේ උපදෙස් පරිදි අද දිනයේ( 27 ) සිට ඩෙංගු මර්ධන සතියක් ආරම්භ විය. වසංගත රෝග මර්ධන අංශයේ වෛද්‍ය නෙරංජලා පවසන්නේ මෙවර ඩෙංගු මර්ධන සතියේ තේමාව වී ඇත්තේ ඩෙංගු වළක්වා ගත හැක යන්න බවයි .

”සෑම අවුරුද්දෙම සති දෙකක් මේ විදියට කි‍්‍රයාත්මක වෙනවා. අපේ‍්‍රල් හා සැප්තැම්බර් මාස වල. මදුරු ගණත්වය අඩුකිරීම තමයි මේ මගින් සිද්ධ කරන්නෙ. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් මගින් මේ දේවල් හැමදාම සිද්ධ කරනවා නෙරංජලා පැවසීය.”

මෙය විශේෂ වැඩසටහනක් නොවූවද මෙම වැඩසටහන මගින් නැවත මතක් කර දීමක් සිදු කරන බවයි නෙරංජලා පවසන්නේ.

”මේ යටතේ දැණුවත් කිරීමේ වැඩසටහන් පෝස්ටර් හා චිත‍්‍ර තරග පවත්වනවා. ඩෙංගු  කියන්නෙ මොකක්ද කියලා සමාජය දන්නවා. ඒත් ඒක කි‍්‍රයාවට නගන්න ලෑස්ති නැහැ. කන්න ඉස්සරලා අත හෝදනවා වගේ මේ දේවල් පුහුණු වුණා නම් අද ප‍්‍රශ්ණයක් නැහැ .”

මෙම සතිය පුරා දිවයින පුරාම මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වීමට නියමිතය. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල 310 නියෝජනය වන පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වන බවයි වසංගත රෝග මර්ධන අංශය පවසන්නේ.

MOH කාර්යාලයෙන් කාර්යාලයට මෙම වැඩසටහන වෙනස් වෙන්න පුලුවන් මොකද ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට මෙම කසළ බැහැර කිරීම වෙනස් නිසා”. පෙරේරා පවසන්නිය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සදහා අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දී ඇති අතර ඔවුන් මගින් මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිද්ධ වන බවද නෙරංජලා පැවසීය.

”අපේ PHI මහත්තුරු ගිහින් දැණුවත් කිරීම් සොයා බැලීම් කරනවා. තැඹිලි වෙළෙන්දන් ළගට පවා ගොස් ඒ දැනුවත් කිරීම් කරනවා. කොහොමද මේවා ඉවත දමන විට එය සිදු කළ යුත්තෙ කියලා. මේ කාලයේ දැණුවත් කිරීම් කියලත් අපි කරන්නෙ පසුගිය දේවල් මතක් කරන එක.”

මෙවර ඩෙංගු මර්ධන සතියේ ප‍්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනෙන්නේ මදුරු ඝනත්වය අඩුකර ගන්නේ කෙසේද? යන්න හා රෝගය හදුනා ගන්නේ හා ප‍්‍රතිකාර ලැබිය යුත්තේ කෙසේද ? යන්න පිළිබදවයි .

රාජ්‍ය ආයතන විශේෂයෙන් බස් ඩිපෝ වගේ ස්ථාන වල ටයර් ආදිය නිසි කළමණාකාරිත්වයක් නැති නිසාවෙන් ඩෙංගු මදුරුවන්ට තමන්ගේ වාසස්ථාන පහසුවෙන් තනා ගැනීමට හැකි බවයි පෙරේරා පවසන්නේ.

”මගේ වගකීම ඉවරයි කියලා හිතන්න එපා. ඉවත දමන දේවල් වෙන් කරන්න. කොම්පොස්ට් හදන්න අපට පුලුවන්, ඒත් අපි ඒවට කැමති නැහැ. දැන් හැමෝම පුරුදු වෙලා කාර්්‍යබහුලය,ි කරන්න වෙලාවක් නැහැ කියන්න. තමන්ගෙ ගේ අවට පිරිසිදු කරන්න වෙලාවක් අවශ්‍ය නැහැ.”

”නීතිමය පියවර මේ සදහා ගන්නවා කියන්නෙ කාලය නාස්ති කරන වැඩක්. ඊට වඩා හොදයි අපි විසින්ම අපේ දේවල් කර ගන්න එක.”

”අපට  ඕන මේ සමාජය කාටත් ඉන්න පුලුවන් තැනක් කරන්න. ඒ නිසා මුලු සමාජයේම ආකල්පමය වෙනසක් සිදු කරන්න අවශ්‍යයි. වෛද්‍ය නෙරන්ජලා පෙරේරා අවසානයේ පැවසීය”.

Deadly Dengue can been prevented, but it would take a mass attitudal change

  • Share/Bookmark

උතුරේ අවතැන්වූවන්ට දකුණෙන් ආධාර

April 24, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

aid-collection-mainBuddhist associations in Colombo gather relief items for Vanni IDPs
මීට වසර විසිඅටකට පෙර යාපනයේ සිට කොළඹ පැමිණ කොළඹ පදිංචිවූ ලතා පද්මනාදන් පසුගිය දින කිහිපය පුරාවටම රූපවාහිනියෙන් දුටුවේ වන්නියේ සිරවී සිටි සිවිල් වැසියන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන දර්ශණයි. දස දහස් ගණනින්වූ සිවිල් වැසියන් යුධ අගල් හරහා රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙද්දී ඇගේ සිත දැවී ගියේ ඔවුන් විදින වේදනාව එයින්ම ඇයට අවභෝධවූ නිසාය.

‘‘තුවාල වෙලා ඇවිත් ඉන්න අය දැක්කාම කාට උනත් දුක හිතෙනවා. ඔවුන් පැමිණි ආකාරය දකින විට පුදුම දුකක් ඇතිවෙන්නේ.’’ තමාගේ සහෝදර ජනතාව විදින දුක රූපවාහිනියෙන් දුටු පද්මනාදන් කීවාය.

හිත මිතුරෝ

මෙසේ පැමිණි සිවිල් වැසියන් අතර පද්මනාදන්ගේ හිතමිතුරන්ද සිටියෝය. එහෙත් ඇගේ හිතමිතුරන්ට අත්ව ඇති ඉරණම පිළිබදව ඇය කිසිවක් දන්නේ නැත.

‘‘අපේ යාලුවෝ කීප දෙනෙක්ම (වන්නියේ අවතැන්වූවන් ලෙසින්) සිටියා. ඔවුන් පිළිබදව සොයා බැලුවත් ඔවුන්ට අත්ව ඇති ඉරණම පිළිබදව කිසිම තොරතුරක් ලබාගැනීමට නොහැකි වුනා. අඩුම තරමේ ඔවුන් ඉන්නේ කොහේදැයි කියලාවත් හොයාගන්න බැරිවුනා.’’ පද්මනාදන් කියන්නීය.

තමන්ගේ යාලුවන් පිළිබදව කිසිදු තොරතුරක් සොයාගත නොහැකිවූ නමුත් ඔවුන් වෙනුවෙන් කළ හැකි උපකාරයක් කිරීමට ඇය අදිටන් කරගත්තාය. ඒ ඇය දෙමළ ජාතිකයෙක් වන නිසාම නොවේ. අවතැන්වූවන්ගේ තත්වය පිළිබදව ඇයට සමීප අත්දැකීම් තිබෙන නිසාය.

යාපනයේ අතිවූ ගැටුම්කාරී වාතාවරණය නිසා ඇගේ පවුලේ සාමාජිකයින්ද කාලයක් අවතැන්වූවන් වශයෙන් ගතකර තිබේ. මේ අත්දැකීම් ඇය අද මතක් කරන්නේත් කදුළු පිරි දෙනෙතිනි.

‘‘යාපනයේ ගැටුම් තියෙනකොට මගේ අක්කලා, තාත්තලා අවතැත්වුනා.’’ දෙනෙතේ කදුළු පුරවාගත් පද්මනාදන් කීවාය.

අවතැන්වීම ගැන අදුරු මතකයන්

තමන්ගේ පවුලේ සාමාජිකයින් අවතැන්වී ගතකළ කාලය පිළිබද වන අදුරු මතකයන් ඇගේ සිතේ තවමත් තිබෙන නිසා වන්නියේ සිට පැමිණෙන අවතැන්වූවන් දුටු වහාම ඇයට මතක්වූයේ තමන්ගේ පවුලේ සාමාජිකයින් අවතැන්වූ ආකාරයයි. සිය පවුලේ සාමාජිකයින් මුහුණ දුන් ඉරණමට සමාන ඉරණමකට මුහුණ දෙමින් සිටින අවතැන්වූවන්ට තමන්ට හැකි පරිදි උදව්කිරීමට මාර්ගයක් ඇය සොයන්නට වූවාය. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් වන්නියේ සිරවී සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින අවතැන්වූවන් වෙනුවෙන් සහනාධාර එක්කරන බව දැනගන්න ලැබුනේ මේ අතර වාරයේදීයි.

‘‘ආධාර එක්රැස්කරන බව මම දැනගත්තේ රූපවාහිනියෙන්. පස්සේ මෙම මගේ කාර්යාලයේ යාලුවන් හා ඥාතීන්ගේ උදව් ඇතිව ආධර ගෙනත් දුන්නා’’ ඇය කියන්නීය.

වියලි ආහාර ඇදුම් ඇතුළු රුපියල් දහස් ගණනක් වටිනා භාණ්ඩ තොගයක් වන්නියේ සිට පැමිණෙන අවතැන්වූවන්ට ලබාදීම සදහා ඇය ගෙනවිත් තිබුනේ සිය මිතුරන් පිරිසක් සමගින්ය. කාලයක් අවතැන්ව සිට මේ වන විට යාපනයේ පදිංචිව සිටින තමන්ගේ සහෝදරියද මේ සදහා උපකාර කළ බව පද්මනාදන් පැවසුවාය.

‘‘මගේ අක්කාත් අවතැන්වූවන්ට ආධාර කරන්න මුදල් දුන්නා.’’ ඇය පැවසුවාය.

ජාති භේධයකින් තොරව ආධාර

සමස්ත ලංකා බෞද්ධ සම්මේලන කාර්යාලයේ මේ වන විට වන්නියේ සිට පැමිණෙන අවතැන්වූවන්ට බෙදාදීම සදහා අවශ්‍ය ආධාර එක්රැස්කරන අතර ජාති භේධයකින් තොරව පැමිණෙන පිරිස් අවතැන්වූවන්ට බෙදාදීමට ආධාර ලබාදෙමින් සිටින බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පාලක ලේකම් පී.එම්. ජයතිස්ස කියන්නේය.

නොයෙකුත් සංවිධාන හා පුද්ගලයින් විසින් එක්කරන ආධාර බෞද්ධ සම්මේලනය වෙත දිගින් දිගටම ලැබෙමින් තිබෙන්නේය.

තිනියාවේ අමරවංශ හිමියන් වන්නියේ සිට පැමිණි අවතැන්වූවන්ට ලබාදීමට ඇදුම් හා වෙනත් වියලි ආහාර තොගයක් රැගෙන ආධාර එක් කරන ස්ථානයට පැමිණ තිබුනේය.

පන්සලේ දායකයින් හා දහම්පාසලේ ළමුන්ගේ සහායෙන් ආධාර එක්රැස්කර බෞද්ධ සම්මේලනය වෙත රැගෙන ආවේයැයි උන්වහන්සේ පැවසූහ.

‘‘(වන්නියේ සිට පැමිණෙන අවතැන්වූවන්) ඇදිවත පමණක් හිමි පිරිසක් තමයි (රජයේ පාලන ප‍්‍රදේශ වෙත) පැමිණෙන්නේ. මේ වන විට සිදුකෙරෙන මානුශීය මෙහෙයුම යටතේ මොවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදිය යුතු වෙනවා. මේ නිසා අපි ඇදුම් වියලි ආහාර එක් කරනවා.’’ ජයතිස්ස කියන්නේය.

අවතැන්වූවන්ට උපකාර කිරීම සතුටක්

මේ වන විට ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුතු ඇදුම් පැළදුම් හා වියලි ආහාර වන්නයේ සිට පැමිණෙන අවතැන්වූවන්ට ලබාදීම සදහා ලබාදීමට එක්වී ඇතැයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කියන්නේය.

වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්වූ සිවිල් වැසියන් මේ වන විට දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින අතර අපේ‍්‍රල් 20 වැනිදා සිටි අපේ‍්‍රල් 23 වැනිදා අතර කාලය තුළ වන්නියේ සිටි සිවිල් වැසියන් එක්ලක්ෂ හයදහස් තිහක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේය.

වන්නියේ සිටි අවතැන්වූවන් දිගින් දිගටම රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණීමට හමුවේ මේ වන විට රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණ අවතැන් කදවුරුවල සිටින සරණාගතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑදහස දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අපේ‍්‍රල් 23 වැනිදා පැවසුවේය.

‘‘දෙමළ ජනතාව විදින දුක් ගැහැට පිළිබදව දැනුවත්ව අපි මෙතැනට පැමිණ සිටිනවා. කිසිම භේධයකින් තොරව (අවතැන්ව වන්නියේ සිට පැමිණි අවතැන්වූවන්ට) අපි ආධාර කරනවා.’’ ආධාර රැගෙන බෞද්ධ සම්මේලනය වෙත පැමිණ සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන භාරතී ජයතිලක කීවේය.

‘‘මේ මිනිස්සුන්ට ආධාර කරන්න ලැබෙන එක ගැන තියෙන්නේ ලොකු සතුටක්.’’ පද්මනාදන් කීවාය.

Offices of the Buddhist Centre on Baudaloka Mw have been turned into relief collection centres for the Vanni IDPs

  • Share/Bookmark

අවතැන්වූවන්ට මානුශීය සහනාධාර ලබාදීමට රජය ජාත්‍යන්තරයේ සහාය පතයි

April 23, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

save-the-children-main

Government seeks international assistance to help massive civilian surge

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින අවතැන්වූවන්ට සහන සැලසීම සදහා රජය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ඉල්ලා සිටී.

දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන සිවිල් වැසියන්ට අවශ්‍ය කඩිනම් මානුශීය ආධාර ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර ඒ සදහා රජය විදෙස් රටවල සහාය ඉල්ලා සිටින්නේය.

මේ වන විට එල්.ටී.ටී.ඊ.පාලන ප‍්‍රදේශවල සිරවී සිටි සිවිල් වැසියන් එක්ලක්ෂ දෙදහසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමින ඇතැයි නැහැ.’’විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කියන්නේය.

මූලික අවශ්‍යතා හතරක්

‘‘දස දහස් ගණනින් ප‍්‍රාණ ඇපයේ සිටින සිවිල් වැසියන් මුදාගැනීමේ මෙහෙයුමක් ලෝකයේ මෙතෙක් ක‍්‍රියාත්මක වී බෝගොල්ලාගම පැවසුවේය.
අවතැවන්වූවන්ට අවශ්‍ය හදිසි මානුශීය සේවා සැපයීමට අවශ්‍ය සහාය ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටීම සදහා මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අතර හමුවක් අපේ‍්‍රල් 23 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුනේය. මෙම හමුවේදී අවතැන්වූවන්ගේ ප‍්‍රධාන අවශ්‍යතාවන් හතරක් කෙරෙහි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා සහාය ඉල්ලා තිබුනේය.

‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන සංවිධාන පැවසූ ආකාරය වන්නියේ සිට පැමිණි අවතැන්වූවන්ට පානීය ජලය ලබාදීමට කටයුතු  කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට අවශ්‍යයි. ඒ වගේම තාවකාලික නිවාස ලබාදීමට අවශ්‍යයි. මේ නිසා මේ ප‍්‍රධාන අවශ්‍යතාවයන් හතර ඉටුකරගැනීම සදහා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය අපි ඉල්ලා සිටියා.’’ බෝගොල්ලාගම කීය.

යුධ ගැටුම් නිසා අවතැන්ව වන්නියේ සිරවි සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීම සදහා රජය විසින් කර තිබෙන ඉල්ලීමට ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේය.
‘‘(වන්නියේ සිට පැමිණි අවතැන්වූවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන්) ඇමරිකාව ජංගම රෝහලක් ලබාදීමට එකගතාවය පළකර තිබෙනවා. අවතැන්වූ පවුල්වලට අත්‍යවශ්‍ය සියලූම උපකරණ සහිත හදිසි පවුල් අවශ්‍යතා උපකරණ කට්ටල හතලිස්දහසක් ලබාදීමට ඉන්දියාව කටයුතු කරනවා. යුරෝපා සංගමය හා  ඕස්ටේ‍්‍රලියාව යන රටවල්ද අවතැන්වූවන්ට අවශ්‍ය හදිසි සහනාධාර ලබාදීමට මුදල් ආධාර ලබාදී තිබෙනවා.’’ බෝගොල්ලාගම කියන්නේය.

මේ අතර වාරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් අපේ‍්‍රල් 23 වැනිදා පැවසුවේ වන්නියේ සිටි පැමිණෙනන සිවිල් වැසියන්ගේ  තත්වය ඉතාම කණගාටුදායක වන බවය.

‘‘(වන්නියේ සිට පැමිණි) වැසියන් ඇද සිටියේ දිරාගිය ඇදුම්. ඔවුන් මාසයක පමණ කාලයක් තිස්සේ එකම ඇදුම ඇදගෙන සිට තිබෙනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත නේල් බුහුන් කීවේය.

මානුශීය සේවා සැපයීමට එක්සත් ජාතීන් සහාය පතයි

ආහාර ඖෂධ පානීය ජලය සනීපාරක්ෂක පහසුකම් හා ඇදුම් අවතැන්වූ සිවිල් වැසියන්ට ලබාදීම සදහා තවත් ආධාර අවශ්‍ය බව බුහුන් පැවසුවේය. වන්නියේ සිට පැමිණෙන සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහන සැලසීම සදහා තවත් මුදල් අවශ්‍යයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.

උතුරු පලාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 155ක මුදලක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර පැවසුවේය.

‘‘මේ වන විට ඉල්ලා  තිබෙන මුදලින් තුනෙන් එකකට වඩා අඩු මුදලක් පමණයි ලැබී තිබෙන්නේ.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.
ගැටුම්වලින් අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීම සදහා තවත් මුදල් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින්නේය.

මේ වන විට වන්නි ප‍්‍රදේශය තුළ අවතැන්වූ සිවිල් වැසියන් පහළොස්හසත් විසිදහසත් අතර පිරිසක් සිරවී සිටින බවට රජය තක්සේරු කරන්නේය.
මේ වන විටත් වන්නියේ සිරවී සිටි සිවිල් වැසියන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින අතර තවදුරටත් සිවිල් වැසියන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණිය හැකි බව විදේශ කටයුතු අමාත්‍යවරයා කියන්නේය..

‘‘වන්නියේ සිට පැමිණෙන අවතැන්වූවන්ට ඔවුන්ගේ නිවාස අහිමිවී අවතැන්වූවන් බවට පත්වූයේ මෙයට වසරකටත් පෙරදීයි.  මොවුන්ගේ ජීවිත බේරී (රජයේ පාලන ප‍්‍රදේශ වෙත) පැමිණීම ප‍්‍රාතිහාර්යයක් වැනි දෙයක්.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.

වන්නියේ සිරවී සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන සිවිල් වැසියන්ට නැවත සාමාන්‍ය ජන ජීවිතය ගොඩනගාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයැයි සහන සංවිධාන ඉල්ලා සිටින්නේය.

‘‘මෙසේ පැමිණෙන වැසියන්ට මූලික මානුශීය අවශ්‍යතාවයන් ලබාදීමටත් නැවත ඔවුන්ට සාමාන්‍ය ජීවිතයට පැමිණීමට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.

Foreign Minister Rohitha Bogollagama says the government has sought international assistance to help the sudden surge of civilians. The UN says that the over 100,000 that arrived between April 20 and 23 needs immediate assistance.

  • Share/Bookmark

Next Page »