උතුරු නැගෙනහිර ඩෙංගු රෝගය අවම වන ලකුණු
පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වල සීග‍්‍රයෙන් පැතිර ගිය ඩෙංගු උණ රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අවම වී යන බව වසංගත රෝග විද්‍යංශය පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බර් මස පමණ සිට පෙබරවාරි මාසය වන තෙක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර ගියේය. මෙහිදී ඩෙංගු රෝගීන් 1700කට ආසන්න වූ අතර 14 දෙනෙක් මිය ගියහ. ඒ තත්ත්වය මේ වන විට බොහෝ දුරට ම්‍ග හැරී ඇතැයි වසංගත රෝග ඵීද්‍යංශයේ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේය.
‘‘ඊසාන දිග මෝසමත් සමගම පැතිර ගිය වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය මේ ප‍්‍රදේශවල ඉක්මනින් පැතිර ගියා. ඩෙංගු රෝගය පිළිබද සාමාන්‍ය ජනතාවගේ තිබුණු අවධානය හේතුවෙන් සහ නිසි අකාරයෙන් සෞඛ්‍ය අංශයේ අවධානය නිසා රෝගය පැතිර යාම අවම කරගන්න හැකියාවක් ලැබුණා.’’ වෛද්‍ය තිසේරා පැවසුවේය.
මේ වන විට මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ ඩෙංගු රෝගීන් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ ඩෙංගු රෝගය වසංගතයක් තත්ත්වයට පත් විය. එහිදි රෝගීන් අති විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර රෝගීන් තුන්සියයකට අධික පිරිසක් මරු මුවට පත් විය. 2009 වසර අගභාගය වන විට මේ තත්ත්වය සෞඛ්‍ය අංශයේ දැඩි අවධානයත් සමගම යම් තාක් දුරට පාලනය වී තිබුනද මේ වසර වන විට නැවතත් ඩෙංගු රෝගය උත්සන්න වී තිබේ.
‘‘ගිය අවුරුද්දෙ ඩෙංගු මැඩ පවත්වන්න සෞඛ්‍ය අංශ ලොකු මැදිහත් වීමක් කළා. ඒ කැපවීම නිසා ඇත්තටම ඩෙංගු රෝගීන් මිය යාම අඩු වුණා. ඒත් දැන් ආයෙමත් ඩෙංගු රෝගය වැඩි වෙනවා. සෞඛ්‍ය අංශ වල හිඩැසක් තියෙන නිසයි මෙහෙම වෙන්නෙ. හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කරන්න පියවර නොගත හොත් නැවතත් ඩෙංගු රෝගය වසංගතයක් වීමේ අවදානම තියෙනවා.’’ ඩෙංගු රෝගයට භාජනය වූ හෙද නිලධාරී අවිස්සාවේල්ලේ ඉන්දික සම්පත් පැවසුවේය.
මේ වන විට ඩෙංගු රෝගය පැතිරීයාම වළක්වා ලීමට අවශ්‍ය සියථම පියවරයන් ගන්නා බව වසංගත රෝග ඵීද්‍යා කාර්යංශය ප‍්‍රකාශ කරයි. ඒ සදහා කියුබාවෙන් ගෙන්වන බී ටී අයි බැක්ටීරියාව ඩෙංගු පැතිරී යන ප‍්‍රදේශ වල හැකි ඉක්මනින් යෙදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය. විශේෂයෙන්ම ගුවනේ සිට මේ බැක්ටීරියාව විසිරුවා හැරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
මහ මැතිවණයේ ප‍්‍රචාරක රැළි ලබන සතියේ
මහ මැතිවරණය ඉලක්ක කරමින් ප‍්‍රධාන මැතිවරණ රැළි ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිතය.
මැතිවරණය සදහා නාම යෝජනා භාරදුන් වහාම තමන් මැතිවණය ව්‍යාපාරය ආරම්බ කළේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ෆොන්සේකාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය සදහන් කරයි.
‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය මේ වන විට ආරම්භ කර තිබෙනවා.’’ මාර්තු 10 වැනිදා කොළඹදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන කීවේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයද මැතිවරණය ජයග‍්‍රහණය සදහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම සදහා අවශ්‍ය වන ආකාරයේ මැතිවරණ ව්‍යාපාරය මාර්තු පළමුවැනිදා ආරම්භ කර තිබෙනේය. මීට සමගාමීව මේ වන විට අත්අඩංගුවේ පසුවන ෆොන්සේකා නිදහස් කරන්නැයි බල කරමින් මාර්තු 8 වැනිදා කොළඹදී රැළියක් පැවැත්වූ බවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රකාශකයෙක් කීවේය.
සෑම මැතිවණ දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය කරමින් ප‍්‍රධාන රැළියක් බැගින් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කර ඇතැයි අමාත්‍ය සිරිසේන කීවේය. ඒ ඒ දිස්ත‍්‍රික්කයේ පැවැත්වෙන ප‍්‍රධාන මැතිවරණ රැළිය සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීවීමට නියමිත බවද අමාත්‍ය සිරිසේන සදහන් කළේය.
මේ අතර මැතිවරණයට ඉදිරිපත් වන විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන රැළි මාර්තු 19 වැනිදා යාපනයෙන් ආරම්භ කරන්නේයැයි එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කීවේය. සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය මහනුවරින් ආරම්භ කරන නමුත් මෙවර එවැනි ආකාරයේ ප‍්‍රධාන රැස්වමක් මහනුවර පැවැත්වෙන්නේ නැත. විශාල වශයෙන් මහජනතාව සහභාගී කරගන්නා පළමු රැළිය වන්නේ මෙම රැළියයි.
යාපනයේ පැවැත්වෙන ආරම්භක ප‍්‍රධාන රැළියෙන් පසුව ලංකාව පුරා විපක්ෂ නායකවරයා සහභාගීවන මැතිවරණ රැළි පවත්වන බවද ලංකාව පුරා එවැනි ආකාරයේ ප‍්‍රධාන රැස්වීම් තිස්දෙකක් පැවැත්වීමට කටයුතු කර තිබෙන බවද අත්තනායක කීවේය.
ඒක්සත් ජාතික පක්ෂයේ අවසාන ප‍්‍රධාන රැළිය අපේ‍්‍රල් 5 වැනිදා කොළඹදී පැවැත්වීමට කයුතු යොදා තිබෙන බවත් සිය පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මාර්තු 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත බවත් හෙතෙම කීවේය.
‘‘ප‍්‍රජාතත්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ සිටින දේශපාලන පක්ෂවල ජාතික නායකයින් සහභාගීවන ප‍්‍රධාන රැස්වීම් සෑම දිස්ත‍්‍රික්කයකම පවත්වනවා. එම රැස්වීම් ලබන ෂතියේදී ආරම්භ කරනවා.’’ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ප‍්‍රකාශ කරයි.
මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂවල නායකයින් සහභාගීවන ප‍්‍රධාන රැස්ම්වලට අමතරව මැතිවරණ කොටිඨාශ මට්ටමින් කුඩා රැස්වීම් පැවැත්වීමටද දේශපාලන පක්ෂ කටයුතු යොදා තිබේ. එක්සත් ජනතා සන්ධානය විසින් සියලූම මැතිවරණ කොට්ඨාශ නියෝජනය වන පරිදි පොකට් රැුස්වීම් පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය සිරිසේන කීවේය. එවැනි කුඩා රැස්වීම් මේ වන විට ආරම්භ කර තිබෙන බව අමාත්‍යවරයා කිවේය.
මැතිවරණ කොට්ටාශ මට්ටමන් පවත්වන ආසන බලමණ්ල රැස්වීම් මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වනු ලබයි. මාර්තු 18 වැනිදා වන විට මෙම ආසන බලමණ්ඩල රැස්වීම් සියල්ලම පවත්වා අවසන් කරන්නේයැයි එක්සත් ජාතිික පක්ෂය පවසයි.
මේ අතර ගෙයින් ගෙට යමින් ජන හමු පවත්වමින් සිය මැතිවරණ ව්‍යාපායර ඉදිරියට ගෙන යන්නේයැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කියයි.
තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නැයි ඉල්ලමින් පාලක පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය මැතිරවණ සටන් බිමට පිවිස සිටී. පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා විශයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ ජෙනරාල් ෆොන්සේකා හා එම විපක්ෂයේ සන්ධානයේ සිටි ප‍්‍රධානම දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ එක්ව මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටින්නේ බලය ලබාගැනීමේ අරමුණින් බවද ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරයි.
මෙම මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබාගෙන පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන්නේයැයි ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පෙබරවාරි 25 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය ජී.එල්.පීරිස් කීවේය. පවතින ව්‍යවස්ථාව වෙනස් කළ යුතු නිසාවෙන් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජයන කරමින් තරග බිමට පිවිස ඇති සියලූම අපේක්ෂකයින් දිස්ත‍්‍රික් අපේක්ෂකයින් වශයෙන් තරග කරන්නේයැයි ඔහු පැවසුවේය.
පාලක පක්ෂය තුනෙන් දෙකක ජයක් බලාපොරොත්තුවුවත් එැවැනි ආකාරයේ ජයක් ලබාගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නැතැයි එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මහ ලේකම් හසන් අලි කීවේය. ‘‘ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට අපි අවස්ථාව ලබාදෙන්නේ නැහැ. මේ නිසා තමයි අපි තනිවම තරග කරන්නේ නැතිව පක්ෂ කිහිපයක් එක්ව තරග කරන්නේ.’’ හෙතෙම කීවේය.
‘‘මේ මැතිවරනණයෙන් ආසන වැඩි සංඛ්‍යාවක් ලබාගැනීමට නොවෙයි බලය ලබාගැනීමට කටයුතු කළ යුතුයි.’’ ප‍්‍රජාන්ත‍්‍රවාදී ජාතික සන්ධානය යටතේ තරග කරන අපේක්ෂකයින් හමුවූ ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහ මාර්තු 4 වැනිදා කීවේය.
When the razzmatazz fades
One and a half months ago, Colombo was a tense place. Elections results had been declared, with the incumbent President Mahinda Rajapaksa emerging as the clear victor, managing to secure almost sixty percent of the total cast ballots. His defeated foe in the race and one time ally, (Retd.) Gen. Sarath Fonseka and supporters were taking residence at Cinnamon Lakeside hotel in Colombo for the election night, and found themselves surrounded by armed personnel. Fonseka alleged he was being intimidated; Government refuted the claims and stated that he is being provided increased security. The atmosphere was explosive.
Then things cooled off a bit. Word started spreading along the grapevine that Fonseka would be arrested. Tension ensued.
The campaign office of Fonseka being raided was the first sign.
A week later. He was arrested at the same venue.
Fonseka was charged with committing military offences. His supporters along with his partners for the failed Presidential bid sprang into action. When legal means were taken from one end, the other protested in the form of demonstrations, shouting slogans and holding placards. The demonstration outside the Supreme Court complex brought together massive numbers, to an unprecedented level. In several places around the country, these protests came under attack from Government supporters, or were disbanded by the police. One thing was visible, which was the large numbers in which they gathered and the immense energy they possessed.
Now however, the energy seems to have run out.
On Monday March 8, a month since Fonseka was arrested, the Democratic National Alliance led by the Janatha Vimukthi Peramuna held a rally to again call for the release of Fonseka. On the International Women’s Day, they made Anoma Fonseka the star.
The wife of the arrested former Commander of the Army was thrust upon the limelight by circumstance. Anoma, who was previously a mere supporting character, was all of a sudden taking the lead role in the drama that unfolded upon the political stage.
Whilst the drama was unfolding, the spectators were dwindling and the popcorn ran out.
Although the initial processions and rallies gathered thousands who were pumped up with vigour, the momentum was seen slowing down with time. When the common opposition called for a rally to protest the the Government’s actions during the elections, more than four thousand came to Hyde Park. The crowd spilled over to the roads were witness to the public’s state of mind, and its sentiments towards Fonseka.
Monday however, was a different story. The crowd was there, but in small numbers. It started small at around a thousand heads bobbing up and down, and sideways, and with time grew by about a thousand more.
The speeches, which were once articulately prepared and powerfully delivered, now seemed ad hoc, and at worst, dead. The people were the same. Cheers went up at the usual intervals, but were lacklustre compared to the vitality and dynamism which was once there.
Fonseka remains under detention. The Army reported that the Summary of Evidence against Fonseka has been completed, and now handed over to the Commander of the Army. The drama continues. The question is, how long will the popcorn last?
අගමැති නම් කරන්නේ බහුතරයේ කැමත්තෙන්
මැතිවරණයට පෙර අගමැතිවරයා නමිකිරීම අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂය පවසයි. 78 ව්‍යවස්තාව අනුව එසේ කිරීමේ අවශ්‍යතාවයක් නොවන බවත් බහුතරයේ කැමැත්ත අනුව එය සිදු කරන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත පාල සිරිසේන පවසයි.
මහ ලේකම් වරයා පවසන පරිදි ආණ්ඩුපක්ෂයට තුනෙන් දෙකේ බලය අවශය වන්නේ 78 ව්‍යවස්තාව වෙනස්කීරීමට සහ රාජ්‍ය සේවා නළමණාකරණය කිරීම සඳහාය.
අපේ‍්‍රල් 8 වනදා දෙවන වතාවටත් ජනතාව තමන්ගේ ඡුන්දය භාවිතා කරන්නේ ජනාධිපතිවරයාගේ බලය තහවුරු කිරීම සඳහා බවයි මහ ලේකම් වරයා මෙහිදී පවසා සිටියේ.
ඔහු පවසන් පරිදි කිසිදු පක්ෂ මහලේකම්වරුන් තරඟ නොකරන්නේ ඔවුන්ගේ ජයග‍්‍රහණය ඔවුනටවත් තහවුරුකර ගැනීමේ හැකියාවක් නොමැති නිසාවෙනි. සන්ධානය මේ වන විට හුදෙකලා වී ඇත් බවයි මහ ලේකම්වරයා පවසන්නේ.
විධායක ජනාධිපතිවරයාගේ කොපමණ බලතල තිබුණත් එම බලතල කි‍්‍රයාත්මක කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ද හෙතෙම පවසා සිටියේය.
A day in Vavuniya
The heat in Vavuniya is incredible – oppressive and dry, as if it is trying to sap every last ounce of moisture from you and evaporate it into thin air. As I clambered out of my blissfully air conditioned van and into Vavuniya’s searing heat a few days ago, I felt immediately tired, even though I had only been sitting and sleeping for the past 7 hours since we left Colombo.
I mentioned this to the young woman I was with, who I had picked up from her family’s house just outside of Vavuniya town and she cheerfully agreed. “It seems to get worse every year, even my aunties agree”, in her thick European accent. Only in Sri Lanka for a very brief visit, she met me and my crew for a day’s worth of filming connected to her charity work at the Vavuniya hospital.
My first impression of the hospital was that it looked quite new – I supposed it was probably built up after the end of the war last year. The paint on the walls was still fresh and clean and so were the wide windows, if you ignored a light coating of dust, inescapable in these parts. Walking inside however, I saw that the place was a mess of tired patients and harried medical staff. Stray, mangy dogs skittered unnoticed in and out of the open doors and crowds of aimless looking people sat on the floor of the entrance to the hospital and all along its corridors.
My companion saw my doubtful stares in their direction and clarified: “IDPs”, she said simply. “They arrive in busloads early morning, but they cannot leave until they’ve all been seen. They are only allowed to go back to the camps late in the evening. So they wait”. I remember the two young girls I had seen when I first stepped out of our vehicle in the parking lot. They were sitting at the foot of a dusty red government bus, staring at nothing in particular. I supposed they were waiting to go home too. I felt sorry for them, sitting there with nothing to do and in this terrible heat. One of them looked at me, brow furrowed, when I pointed a camera in her direction but looked away again, disinterested.
This would be the first of many times during my brief time in Vavuniya that I wished I spoke Tamil. Being a virtual first-time visitor to the area is quite a strange experience. It looks and feels like Sri Lanka, but at the same time feels like a different country – a place where you can’t read the signs and can’t understand the language. I wonder if some Tamils feel the same when they come to the South, or what they think of our lazy inability to learn Tamil when they have been forced to learn Sinhala in order to be able to communicate. It’s moments like these when I can almost feel that disconnect between our two communities, along with a dogged sense of how impossible it seems to rectify past mistakes.
The soldiers stationed within the hospital – apparently to keep an eye on patients with affiliations to the LTTE – reinforced this feeling. They seemed glad to talk to me and my crew and chatted to us quite freely, although they were careful to warn us not to film first. We obediently left our cameras aside, pointing in the opposite direction. They told us that there was a game of sorts going on between them and the people: the Tamils know how to speak Sinhala; the soldiers know how to speak Tamil. But neither side lets on to each other about this knowledge because they feel it gives them an added advantage to pretend that they cannot communicate. The implications of this made my head spin, so I looked around at my surroundings instead, trying to put it out of my mind for the time being.
The soldiers lived in a shelter that was made up of a series of asbestos and cardboard sheets – an impossibly tiny living space for even one person, let alone the 3 that were actually resident there. I discreetly peered inside but it was too dark to make out much more than a raised mattress, thin and rather grubby, with a gun leaning against it. I found it a strange paradox: the power those guns gave the soldiers and the simultaneous indignity of having to live in such squalor.
Other parts of the hospital were quite picturesque. A series of small chalets – what I assumed to be staff quarters – stood almost hidden amidst foliage that was still green despite the heat. Parakeets the colour of emerald caught the sunlight on their wings as they flitted around the leafy canopy.
Towards the more populated corridors of the hospital, there were monkeys – everywhere. Hanging off piping on the walls; trying mischievously to pry windows open; sitting on the roofs with their babies hugging their stomachs; peeping at me over the edge of the air conditioner on which they had chosen to perch as I took a few hurried photographs. I wondered whether all this ‘wildlife’ was a threat to the hygiene of the hospital but had no one really to ask.
By the time we left the hospital there wasn’t much time for anything else – we had to get back to Colombo by at least midnight so we decided to grab some lunch, head to the markets we had seen on the way in for some quick filming and then head home.
The last time I had been to Vavuniya was to Menik Farm in about November, to spend a few hours playing constructively with a group of small children. I didn’t see anything of the town and barely anything of the camps either. I only saw the controversial tents in the distance and the little children up close in all their disarming, dusty, sweetness.
Even then, what struck me most about Vavuniya was the dust. It got everywhere – into the folds of your shirt and into your hair. It coated your skin like a powder and stuck there, your sweat working like an adhesive. As we drove through the town this time too, the dust was actually visible – swirling heatedly with the wind that followed fast-moving vehicles on the road.
At first glance – which is pretty much all I got – Vavuniya is clearly a developing town. Some buildings are crumbling and decrepit while others look brand new, like the Courts complex. There was a lot of road-work going on and signs of construction were everywhere. Promisingly though, the town was bustling – shops were open, roads were busy and people were milling about on the streets. “It’s alive”, my companion murmured almost to herself as she peered out the window, possibly remembering a time when it wasn’t.
Almost everywhere we went, the roadsides were lined with bicycles – one of the main modes of transport in these areas –hundreds of them, shining in the harsh sunlight as their owners and parked and went about their business on foot. I wonder whether the use of bicycles will eventually die out as the town gets more developed and its people more prosperous. I hope not. In a way the bicycles seem to have become as idiosyncratic to these parts as the Palmyrah trees that dot the landscape the further North one travels.
We decided to do our last spot of filming on a streetside, where the markets were in full form. I love markets – the bustle, the colour, the beckoning vendors whose calls are universal no matter what language they’re in. As my cameraman hoisted his camera on his shoulder and started shooting, my companion and I whipped out our cameras – hers an SLR, mine a point-and-shoot – and started making the most of our last few minutes in the area.
The street was overflowing with goods for sale – clothes, food, pots, pans, you name it. Some of them were sold in actual shops, others in carts holding trinkets and toys, and yet others on mats on the ground, laid out for passers-by to peruse at leisure.
People watched us amusedly as we crouched by the roadside taking photographs of the vendors at work. The vendors themselves were quite thrilled to be the object of our attention. They spoke to me excitedly in Tamil, pointing to their neighbours, urging me to photograph them as well. I smiled and obliged. Their faces are irresistible – sunburned, lined with age and hardship but smiling despite it all at the distraction my friend and I presented.
When I visit places like this, that have literally been war zones in the very recent past, I marvel at how quickly humans can find it in themselves to recover and move on. These were all people who had the sounds of shelling ringing in their ears; who had seen destruction I could never even imagine – yet here they were, out on a Friday afternoon, doing their marketing, buying toys for their youngsters and making a living for their families.
One woman I tried to photograph had her face in the shadow of her umbrella. When she noticed my camera, she pulled the umbrella closer, hiding herself away from my lens. I wished I could have communicated to her that she needn’t – that she could have made a beautiful picture. Although probably not in the same words, her companions urged her to move the umbrella away and after a little bit of cajoling, she flung it aside and let sunlight flood her face. And I was right. She did make a beautiful picture.
As we walked away, my companion – now my firm friend – whispered in my ear – “watch this” and then turned around to let out a stream of fluent Tamil at the friendly vendors we had just been photographing. They gasped delightedly at the unexpected surprise and called out goodbyes to us as we moved on.
We did all our filming on that one street. There was so much to photograph and document, so much colour and life. I commented on this to my friend – who, despite having been born and bred in the West, yearned for her frequent visits to Vavuniya, where she would stay with her relatives in their tiny village houses, sleep with friendly frogs and play with her young cousins near the paddy fields by their property.
“I usually cry for a whole day when I leave” she said to me sadly as we settled back in our seats – finally away from the dust and heat – getting comfortable for the long ride ahead. We would be stopping at the airport on the way to drop her off so that she would be able catch her flight home. I gave a quick sympathetic hug. “The last time I was here,” she said, “I flew back home but missed it so much that I came back after three days for another week!” I laughed at this story a little incredulously. “Are you serious?” I asked and she nodded, adding simply, by way of explanation, “I just wasn’t ready to say goodbye. I never am”.
Her words have stuck in my head ever since, making the task of bridging our communities suddenly seem slightly less daunting. Why? Because it reminds me that, complex political divides aside, love for our country is something we all have in common. And something which also, strangely enough, puts us every single one of us on the same side.
By Tarika Wickremaratne
ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පිළිබද දැන්වත් ජනතාව අවධානය යොමුකළ යුතුයි – ගුණදාස අමරසේකර
ලංකාවේ වත්මන් තත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන්ගේ දැඩි අවධානය යොමුව තිබෙන අතර මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ආකාරයෙන් ලංකාව පිළිබද අවධානය යොමුකරන්නේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වශයෙන්යැයි දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර කීවේය.
පසුගිය කාලය පුරා ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර බලවේග විසින් දිගින් දිගටම ක‍්‍රියාත්මක වූ බවද අමරසේකර කීවේය. ‘‘මේ ක‍්‍රියාත්මක වන්නේ වෙන කිසිම දෙයක් නොවෙයි. පැහැදිලිවම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙනවා. මේ කුමන්ත‍්‍රණයේ තවත් එක් සන්ධිස්ථානයක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කටයුතු කරන ආකාරය.’’ හෙතෙම කීවේය.
ලංකාවේ තත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පසුගිය සතිය ඇතුළත දෙවරක්ම සිය අදහස් පළ කර තිබුනේය. ලංකාවේ තත්වය පිලිබදව තමාට උපදෙස් ලබාදිම සදහා උපදේශක මණ්ඩලයක් පත්කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් පියවර යොදා තිබුනේය.
මේ පිලිබද ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම සිය ප‍්‍රතිචාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් වෙත දන්වා තිබුනේය. මේ පිළිබද ජනාධිපති රාජපක්ෂ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත දුරකතනයෙන් දැනුම්දුන් බවද නිවේදනයක් නිකුත්කරම්න් ජනාධිපති ලේකම් කාර්යාලය මාර්තු 6 වැනිදා කීවේය.
‘‘ත‍්‍රස්තවාදී හා යුද ගැටුම් මගින් සිවිල් ජනතාව විශාල වශයෙන් ඝාතනය වන ඒ තුළින් බරපතල මානුශීය අර්බුද ඇතිවන රටවල් බොහොමයක් ලොව පුරා මේ වන විට තිබෙනවා. එවැනි රටවල මේ ආකාරයේ කමිටු පත් කිරීමට පියවර ගෙන නැහැ. මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත දැනුම්දුන්නා.’’ ජනාධිපති ලේකම් කාර්යාලන නිකුත්කළ නිවේදනයේ සදහන් වූයේය.
‘‘ජනාධිපතිතුමා කමිටවක් පත්කිරිමට විරුද්ධ වීම නිවරදි දෙයක්.’’ වෛද්‍ය අමරසේකර කීවේය.
පසුගිය කාලය පුරාම ලංකාවට විරුද්ධව විජාතික බලවේග වත්මන් රජය පෙරලීම සදහා කළ කුමන්ත‍්‍රණ සාර්ථක නොවීම නිසා දැන් අලූත්ම කුමන්ත‍්‍රණය ලෙසින් මෙම උපදේශක මණ්ඩලයක් පත්කිරීමේ කුමන්ත‍්‍රණය ඉදිරියට පැමිණ ඇතැයි වෛද්‍ය අමරසේකර කීවේය.
‘‘මේ රජය පෙරලීමට නොර්වේ ඇමරිකාව ඇතුළු රටවල් මුලින්ම උත්සාහ ගත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිවරණයට ඉදිරිපත් කිරිමෙනුයි. ඒ කුමන්ත‍්‍රණය පරාජයට පත්වීමෙන් පසුව අලූත්ම පියවර වශයේ තමයි මේ උපදේශන කමිටු පත්කිරීමට කටයුතු කර තිබෙන්නේ.’’ වෛද්‍ය අමරසේකර කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස් ලබාදීම සදහා කමිටුවක් පත්කිරීමෙන් පසුව ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවට පැමිනවීමට මේ ජාත්‍යන්ත කුමන්ත‍්‍රණකරුවන් කටයුතු කරනු ඇතැයි වෛද්‍ය අමරසේකර අනතුරු ඇගවූයේය. ‘‘මොවුන් ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවට පැමිණවීමේ පෙරහුරුවක් වශයෙන් තමයි මේ කමිටුව පත්කරන්න හදන්නේ.’’
මේ අතර ලංකාව අවධානය යොමුකළ යුතු ප‍්‍රධාන කාරණා සම්බන්ධයෙන් මේ වන විට ඇති ප‍්‍රගතිය පිළිබදව සෑහීමකට පත්විය නොහැකියැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා මාර්තු 8 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා තිබුනේය.
‘‘අවතැන්ව සිටින පිරිස් නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම ජාතික ඒකාබද්ධතාවය සදහා අවශ්‍ය දේශපාලන විසදුම් ගෙන ඒම වැනි ප‍්‍රධාන කාරණා සම්බන්ධයෙන් ලංකා රජය ගෙන තිබෙන පියවර ඉතාමත් මන්දගාමී තත්වයක තිබෙන්නේ.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කීවේය.
ලංකාවේ පවතින තත්වය පිළිබද සාකච්ඡුා කිරීම සදහා දේශපාලන කටයුතු පිළබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ඉදිරියේදී ලංකාවට පැමිණ ලංකාවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡුා කිරීමට කටයුතු කරනු ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කරයි.
‘‘මේ ක‍්‍රියාත්මක වන විජාතික කුමන්ත‍්‍රණ පිළිබදව දැන්වත් අපේ රටේ ජනතාව දැනුවත් වෙන්න ඕන. මේ විදියට ක‍්‍රියාත්මක වන විජාතික කුමන්ත‍්‍රණ පරාජය කිරීම සදහා අපි කටයුතු කළ යුතුයි.’’ වෛද්‍ය අමරසේකර පැවසුවේය.
By Sanjaya Nallaperuma
මාර්තු මැද වැසි.
පවතින උෂ්ණත්වය මඟ හරිමින් මාර්තු මැද වන විට වැසි ඇති වන කාළගුණ විද්‍යාඥ ගයනා හෙන්ඩවිතාරණ පැවසුවාය.
“ජනවාරි මාසයේ ඉන්දියාව හරහා හුළං හමන නිසා සීතලයි. නිරිත දිග මෝසම ටිකක් සක‍්‍රීය තත්ත්වය අඩු වුණා. එත් එක්කම සුළං තත්ත්වය අඩුවුණා . මේනිසා රස්නය දැනෙන්න පටන් ගත්තා. මේක සාමාන්‍ය තත්ත්වයක්. ගිය අවුරුද්දේ මීට වඩා මේ උෂ්ණත්වය තිබුණා. මාර්තු මැද වෙද්දී මේ තත්ත්වය අඩු වෙලා යාවි කියලා අපි හිතනවා. මොකද මාර්තු මැද වෙද්දි වර්ෂාව ලැබෙනවා.” හෙණ්ඩවිතාරණ පැවසුවාය.
කෙසේ වුවද මෙකී උෂ්ණත්ව තත්ත්වයට හේතුව වන්නේද සාමාන්‍ය මිනිසාගේ ක‍්‍රීයාකාරීත්වය බව කවුරුත් දන්නා කරුණකි. වනාන්තර හෙළි කිරීම් මේ තත්ත්වයට විශාල වශයෙන් බලපෑම් කර ඇති බවයි ඇය පවසන්නේ.
නාගරීකරණය මිහිකත උණූසුම් වීම සඳහා බලපාන බව කාළගුණ විද්‍ය දෙපාර්තු මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේ ආර් අබේසිංහ පවසයි.
“ගස් වල ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රීයාවලිය නිසා රස්නය කියන දෙය අපට තේරෙන්නේ නැහැ. නමුත් ගොඩ නැගිලි වලට ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියක් සිදු කරන්න බැහැ. මේ උණූසුම් කාළගුණය සෑම අවුරුද්දකම තිබුණත් මිනිස් ක‍්‍රීයාකාරකම් කියන දේත් මේ සඳහා එකතු වෙනවා.” හෙතෙම පැවසුවේය.
ඔහු පවසන පරිදි වනාන්තර හෙළි කිරීම වාහන වලින් පිටවන වායූ ද මේ සඳහා බලපෑම් කරනු ලබයි. අපේ‍්‍රල් 5 -15 දක්වා කාලයේ ලංකාවට ඉර මුදුන් වෙන කාලය බවයි හෙතෙම පවසන්නේ.
“අගනුවරට මේ තත්ත්වය ගොඩක් බලපෑම් කරනවා. මොකද සැලසුමක් නැති විදියට ගොඩනැගිලි ඉදිවෙනවා. ඒ වගේම වාහන වලින් පිටවන වාතය නිසාත් ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ දේවල් හරියට සැළසුම් කරලා කළානම් මේ තත්ත්වයන් අවම කර ගන්න තිබුණා.” සේනාධීර පැවසුවේය.
බැලූ බැලූ තැන කොන්ක‍්‍රීට් බැම් වලින් වටවු නිසාවෙන් ගස් කොළන් ප‍්‍රමාණය මද නිසාවෙනුත් මෙම තත්ත්වයට මුහුණ දීමට අගනුවර ජනතාවට සිදු වූ බවයි හෙතෙම පවසන්නේ.
කාළගුණික විපර්යාසයක් වුවද මේ ඇතිවන තත්ත්වයට මුහුණ පෑමේ හැකියාව යම් තාක් දුරට හෝ පවතින්නේ ජනතාව අත බවයි සේනාධීර පවසන්නේ.
“මේ අවුරුද්දෙ පෑවිල්ල ටිකක් වැඩියි වගේ දැනෙනවා. මොකද ගිය අවුරුද්දේ මේ වෙද්දී වතුර නැතිව ගියේ නැහැ. දැන් අපිට බොන්න වතුර නැහැ.” ළිං හිදිලා. කුරුණැගල කුසුම් ආරියවතී පැවසුවාය.
ඇය පවසන පරිදි ඉදිරියේදී එනම් ලබන වර්ෂය වන විට මෙම තත්ත්වය ලංකාව පුරාවට විශාල බලපෑමක් එල්ල කරන්න්ක් වියි හැකිය.
“අපට කවදාවත් වතුර වල අඩුවක් තිබුණෙ නැහැ. මේ වතාවේ ගොවිතැනවත් කර ගන්න බැරිව ඉන්නේ. වැව් පවා හිදිලා. මිනිස්සු ගොවිතැන් කළොත් නාන්න සතුන්ට බොන්නවත් නැතිව යනවා.” අය පැවසුවාය.
කාන්තාවන්ට එක් දිනයයක් පමණක් සෑහෙන්නේ නැහැ
සියවන ලෝක කාන්තා දිනය අදට යෙදී තිබේ. තොටිල්ල පදවන අත ආණ්ඩු කරවන තරමටම අද බලවත් වී තිබේ. මේ වන විට ලෝකය පුරා කාන්තාවන්ගේ අණසක සීග‍්‍රයෙන් පැතිර යමින් තිබේ. එය ගෘහණියකගේ කාර්යයේ සිට සමාජයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි මුදුන් පෙත්තටම පැමිණ තිබේ. එහෙත් තත්ත්වය එසේ වුවද සමස්ත කානතාවන් පිළිබඳව කතා කරන්නට ජාත්්‍යන්තර කාන්තා දිනය පමණක් සෑහේද යන්න ගැටලූවකි.
‘‘කාන්තා දිනේ විතරක් නොවෙයි අනෙක් හැම දවසක්ම කාන්තාවන්ට වැදගත් කියලයි මම හිතන්නෙ. අපේ සමාජයේ කාන්තාවන් කියන්නෙ සුවිශේෂි පිරිසක්. කාන්තාවන්ගෙන් තොරව මේ සමාජයට පැවැත්මක් නැහැ. අම්මා කෙනෙක්ගේ අගය බිරිඳකගේ අගය සහෝදරියකගේ අගය එක දවසකට තක්සේරු කරන්න බැහැ. ඒ නිසා එක දවසක් පමණක් කාන්තාවන් ගැන කතා කිරීම ගැන සෑහීමකට පත් වෙන්න බැහැ.’’ කෑගල්ල මහ රෝහලේ සේවයේ නියුතු හෙද නිලධාරිනි දිල්නි ගම්ලත් පැවසුවාය.
කාන්තා දිනය වැදගත් දිනයක් වුවද සමස්ත කාන්තාවන්ගේ ජීවන තත්ත්වය දෙස බැලීමේදී කාන්තාවන් පිළිබඳ මීට වඩා සැලකිළිමත් විය යුතු බව ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු සුමුදු බෙන්තොට පැවසුවාය.
‘‘සමාජ ආර්ථික දේශපාලන වශයෙන් ගත් විට කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ ගොස් තිබුණද ඉන් පමණක් සෑහීමකට පත් වන්න බැහැ. මේ රටේ දුක් විදින පිරිසකගෙන් බහුතරයක් කාන්තාවෝ. ඒත් මම හිතන්නේ කිසිම කාන්තා සංවිධානයක් මේ පිරිස් ගැන කතා කරන්නේ නැහැ. ස්වාමි පුරුෂයන් නිසා හෝ විවිධ අකාරයෙන් සමාජ අසාධාරණට පත් වන කාන්තාවන්ගේ දුක වේදනාව සැඟවිලා තියෙන්නෙ.’’ බෙන්තොට පැවසුවාය. කම්කරු කාන්තාවන්ගේ අයිතීන් සමාජය ඉදිරිපිට පෙනි පෙනි අහිමි වන බවද බෙන්තොට පෙන්වා දුන්නාය.
‘‘කාන්තා දිනේ කියලා රාජ්‍ය මට්ටමින් පවා විවිධ උත්සව සංවිධානය කරලා තියෙනවා. ඔවුන් කාන්තා විමුක්තිය ගැන මහ ඉහළින් කතා කරනවා. එ්ත් මහ පාරේ එළව`ථ පළා විකුණන කඩල විකුණන කානතාවන්ගෙන් එක්කෙනෙක් වත් අද කාන්තා දිනේද කියලා දන්නෙ නැහැ. ඔවුන් ජීවිතයත් එක්ක සටන් වදිනවා. මේ කාන්තාවන්ගේ අයිතීන් අහිමි වීටම් අවදානම වැඩියි.’’ අම්බලන්ගොඩ පදිංචි උෂානි අමරසේකර පැවසුවාය.
සරත් ෆොන්සේකාට විරුද්ධව චෝදනා පහක්
හිටපු යුධහමුදා පති වරයා අත් අඩංගුවට ගෙන අද දිනට මාසයක් ගත වී ඇත. යුධහමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් සමරසිංහ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර සිටියේ යුධහමුදාපතිවරයාට විරුද්ධව චෝදනා පහකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.
“සාක්ෂී සම්පිණ්ඩන වාර්ථාව මේ වෙද්දි ලැබිලා තියෙනවා. යුධහමුදාපතිවරයාට මේවෙද්දී එය බාර දිලා නීති නිළධාරීන් අධ්‍යන කටයුතු සිදු කරනවා.ඔහුට විරුද්ධව 35 දෙනකු සාක්ෂි දීලා තියෙනවා. එ් අතර 22 හමුදා නිළධාරීන් 7 දෙනකු පොලිස් නිළධාරීන් 6 දෙනෙක් සිවිල් අය.”
යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වරයා පවසන පරිදි උසාවි නියෝගයකට අනුව නොව වරප‍්‍රසාද වශයෙන් ඔහුගේ දියණීයන් දෙදෙනාට පමණක් කතා කිරීමට දුරකථන පහසුකම් ලබා දී ඇති බවද පැවසීය. එමෙන්ම මෙම සාක්ෂි සම්පිණ්ඩණය අධ්‍යනයෙන් අනතුරුව යුධහමුදා පනත යටතේ ඔහුව යුදාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.
ඇත් පෙළහර පෑ පනාමුරේ ඇත් ගාල
පනාමුරේ ඇත් රජා යන නම ඔබට ඉතා හුරු පුරුදුය. එය දශක කිහිපයක් තිස්සේම, ඇතැම් විට ඔබේ හද තුළ සංවේගය දරා සිටින්නක්ද විය හැකිය. තම වර්ගයා වෙනුවෙන් සටන් වැද සිටියදී ඛේදනීය ලෙස මහපොළව සිපගත් ඒ සද්ධන්තයාගේ කතාව අද අපගේ ඉතිහාස පොත් අතර මෙන්ම සාහාත්‍ය නිර්මාණ අරාද සිටියි. ඒ සිව්පා සතෙකු වුව එම හස්තියා මිනිසුන්ට පවා ආදර්ශයක් ප්‍රකට කළ නිසාය.
මඩුවන්වෙල පරපුරේ නින්දගමක්ව පැවති කොළොන්න කෝරළයේ පිහිටා ඇති පනාමුරේ එකල අලි ඇතුන් ගහණ වනගත ප්‍රදේශයක් ලෙස පැවතුණි. අක්කර තිස් එක් දහසක් පුරා ව්‍යාප්තව තිබූ එම නින්දගම තුළ ජීවත් වූ මිනිසුන් මෙන්ම සතා සිව්පාවාද මඩුවන්වෙල පරපුරට අයත්සේ ඔවුහු සිතූහ. කඳුබෑවුම්, මිටියාවත් ඇළ දොළ වලින් යුතු වූ මෙම ප්‍රදේශය එකල අතිශයින් දැකුම්කලූ වන ලැහැබක් විය.
එලෙස පැව්ති පනාමුරයට අද නාගරීකරනයේ දොරගුළු විවිරව ඇත. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පනාමුරයේ මේ වන විට මං මාවත් ජනාවාස ප්‍රදේශය පුරා පැතිර යමින් තිබේ.
වන සතුන්ගේ නින්දගමක් වූ පනාමුරය හා අවට ප්‍රදේශය වඩාත් ප්‍රකටව තබුණේ අලි ඇතුන් බහුල ප්‍රදේශයක් ලෙසිනි. 1912 දී සිදුකල ගණනය කිරීම් වලට අනුව එහි අලි ඇතුන් 2300 ක් පමණ වාසය කොට ඇත. මඩුවන්වෙල පරපුර ඒ සියල්ල තමන්ට අයත් බූදලයක් ලෙසින් සැලකූහ.
සිය නින්දගමෙහි ජීවත් වූ මෙම සද්දන්ත අලි සම්පත විකිනීම නිසා ඔවුන්ට වරින් වර අතිවිශාල ආදායමක් ඉතා පහසුවෙන්ම උපයා ගත හැකි විය. ඔවුහු අවුරුදු 5 කට වරක්වත් අලි ගාල් පැවැත්වීම හෙවත් අලි ඇල්ලීම සිදු කළහ. 1912 දී මඩුවන්වෙල රටේ මහත්තයා විසින් පවත්වන ලද එවැනි ඇත් ගාලක් පිළිබඳ සටහනක් ස්වීඩන් ජාතික ඒ. ඩික්සන් මහතා විසින් ලියා ඇත. රජයේ අවසරයක් නොමැතිව වුවද ඇත් ගාලක් බැඳ අලි ඇල්ලීමේ බලය තිබූ එකම පුද්ගලයා වූයේද ඔහුය. අක්කර 64 ක භූමි ප්‍රදේශයක් පුරා එම ඇත්ගාල පවත්වා ඇති බව සඳහන් වෙයි.
දිවයින පුරා පිහිටි විවිධ ප්‍රදේශවල මෙලෙසින් එකල අලි ඇල්ලීම සිදුකරන ලදී. එමගින් විශාල ආදායමක් උපයා ගැනීමට නින්දගම් හිමි රදළයන්ට හැකියාව ලැබුණි. 1950 දශකය වන විට මඩුවන්වෙල පරපුරේ ජීවමාන උරුමක්කාරයා වූයේ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඒ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කථානායක ධුරයද දරමින් සිටියේ ද එතුමාය. අලි අල්ලමින් විශාල ආදායමක් උපයාගත් පරපුරකට අයත් වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාටද එවැනි අදහසක් පහල වීම පුදුමයක් නොවේ. එමෙන්ම ඔහු සතුව අලි ඇල්ලීමේ මන්තර තිබූ බවත් එකල ජනප්‍රියව තිබුණි. එවැනි මන්තර බලයෙන් අලි හීලෑ කිරීමට හැකි බවට විශ්වාසයක් මොලමුරේ අප්පෝ වෙතද විය.
පනාමුරේ ඇත්ගාලට යන මඟ දෙපස සොඳුරු සල්පිල් ඉදි කොට තිබුණේ සැණකෙළියකට සැරසෙන්නාක් මෙන්ය. තානායම්, කෑම බීම ආපනශාලා, සමාජ ශාලා, විනෝද උයන්ද ඒ අවට තාවකාලිකව ඉදි කොට තිබුණි. ඇඹිළිපියිට කොළොන්න මාර්ගයේ ගමන් කරනා විට හමුවන පනාමුරය නගරයේ සිට කිලෝමීටර දෙකක පමණ දුරකින් මෙම ඇත් ගාල ඉදිකොට තිබුණි. මෙම ගාල් නගරය :ජර්්ක එදඅබ- ලෙස හැඳින් වූහ. මිනිස් වාසයකින් තොරවූ එම ප්‍රදේශයේ වනසතුන් බහුලව වාසය කළහ.
ඇත් ගාල ඉදි කොට තිබුණේ අක්කර 4 ක පමණ භූමි ප්‍රදේශයක් වට කොටය. අලි ඇතුන් දිය බීමට පැමිණෙන ස්වභාවික දිය උල්පතක් ඇත් ගාල තුළ විය. එහි දිය කිසිදා නොසිෙඳන බවට විශ්වාසයක් එදා මෙන්ම අදද ජනතාව තුළ වෙති. ඇත් ගාල වට කොට බැඳි වැටට සිටුවා තිබුණේ ශක්තිමත් බුරුත කඳන්ය. ඒවා අඟල් 12 කට වඩා වැඩි විශ්කම්භයක් ඇති ගස් කපා සකසා තිබුණි. අඩි හතරෙන් හතරට එම බුරුත කොටන් සිටුවා තිබුණි. වැටෙහි උස අඩි 15 ක් පමණ විය. එම බුරුත වැටෙහි හරස් අතට ලී බැඳ තිබුණි. එම හරස් ලීයක් අඟල් 4ක් තරම් ඝණකමි විය. මෙම ඇත් ගාල වනය මැද පිහිටුවා තිබූ නිසා එය වන සතුන්ට පහසුවෙන් නොපෙනුණි.
සද්දන්තයින් දියට බසිනා මාවත සමීපව මංකඩ ඉදි කොට තිබුණි. එම මංකඩින් අලි ඇතුන් ගාලට ඇතුළු වූ පසුව එම කඩුල්ල සැකසීමටද කටයුතු කොට තිබුණි. නින්දගමෙහි වෙසෙන ජනතාව මෙම අලි වැට ඉදිකිරීමේ කාර්යය සිදුකළහ. අලි ඇතුන් ගාල තුළට කොටු කරනා අයුරු දැක බලා ගැනීමට ප්‍රවේශ පත්‍ර ගෙන සාමාන්‍ය ජනතාව පමණක් නොව රාජ රාජ මහාමාත්‍යාදීන්ද පැමිණියහ. ඔවුන් සඳහා විශේෂ නැරඹුම් මැදිරියක්ද ඇත් ගාලෙහි ඉදිකොට තිබුණි.
සර් ෆ්‍රැන්සිස් මොලමුරේ අප්පු විසින් පවත්වන ලද ඇත් ගාල නැරඹීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි, හමුදාපති රොස් මහතා මෙන්ම කීර්තිමත් ඉංග්‍රීසි ලේඛක දොස්තර ආර්. එල්. ස්පිට්ල් යන අයද ආරාධනා ලැබ සහභාගී වී සිටියහ. අලි ගාල් කිරීමට 2000 කට අධික පිරිසක් සහභාගි විය. ඔවුහු දම්වැලක පුරුක් මෙන් ගිනිපන්දම් දල්වාගෙන ඛෙර දවුල් හනංවමින් ඝෝෂා කරමින් අලි ගාල දෙසටම පලවා හැරියහ.
1950 අගෝස්තු මස පැවැත්වූ එම ඇත් ගාලට වල් අලි 27 දෙනෙකු පමණ කොටුකරගනු ලැබූහ. කුඩා ඇත් පැටවුන් දෙදෙනෙක්ද ඒ අතර වූහ. අලි ඇල්ලීමට එකල ප්‍රසිද්ධව සිටි සෑම් ඇලපාත මුදළිඳු මෙන්ම මඩුවන්වෙල පුංචිකෝරාළ මොලමුරේද එම කාර්යයේ මූලිකත්වය ගත්හ. අලි හීලෑ කිරීමට මන්තර දත් ස්ර් ෆ්‍රැන්සිස් මොලමුරේද ඔවුන් සමගම ඊට එක් වී සිටියහ. අලි ඇල්ලීමේ කාර්යයෙහි යෙදී සිටි පනිත්තලයින් (අලි ඇල්ලීමට පහුණු කර වූවන්) සියළු දෙනාම පාහේ ඊට සහභාගි වූහ.
වල් අලි කොටු කර බැඳ තැබීම සඳහා හීලෑ අලි 14 දෙනෙක්ද සහභාගී කරවනු ලැබූහ. ඇත් ගොව්වන් දෙදෙනෙකු බැගින්ද එම හීලෑ අලියන්ට සිටියහ. වල් අලි, ගාල ඇතුළට කොටු කර ගත් පසුව ඊළඟ කාර්යය වූයේ උන් විලංගු දමා බැඳ ගැනීමය. පසු දින උදැසන ඒ කාර්යය සඳහා සහභාගි වන අයට ආශිර්වාද පිණිස බුදුන් වැඳ දෙවියන් පිදීමක්ද සිදු කෙරිණි.
මතුරා ජීවම් කරන ලද බුලත් කොලයක් දෙකට ඉරා එක කැබැල්ලක් ඉනෙහි ගසා ගත් මොලමුරේ අප්පු ඉතිරි කොටස පොළවෙහි අඳින ලද ඉරක් මත තැබූහ. හීලෑ අලි දෙදෙනෙකු යොදා ගනිමින් වල් අලියෙකු කොටු කිරීම සිදුවිය. එසේ හීලෑ අලි දෙදෙනෙකු විසින් කොටු කරන ලද අලියෙකුගේ පාද ලණු මද්ධකින් බැඳ පසුව එම අලියා ගසක බැඳ තැබීම සිදු කෙරුණි.
දින කිහිපයක පරිශ්‍රමයකින් පසු වල් අලි 26 දෙනෙකු ගස් බැඳීමට හැකිවිය. කිරට හනා පැටවුන් දෙදෙනා මව් ඇතින්නියන් වෙත මුදා හැරීමද සිදුවූයේ නරඹන්නන් තුළද දරු සෙනෙහස, මව් සෙනෙහස උතුරා යද්දීය. කිහිප වරක්ම ඉමහත් පරිශ්‍රමයක් දැරුවද එක් සද්ධන්තයෙකු කොයු කර ගැනීමට කිසිවෙකුටත් හැකිවූයේ නැත. අඩි 9 ක් පමණ උස වූ එම අලියාට අවුරුදු 25 ක් තරම් වයස විය.
ඇතුන් ඇල්ලීමට නම් දරා සිටියවුන්ද අලි හීලෑ කිරීමේ මන්තරයද එම සද්ධන්තයා ඉදිරියේ වලංගු නොවීය. ඌ හීලෑ අලි ඇතුන්ගේ පස්සා ගාත බිම ඇනෙන්නට පහර දුන්හ. ගස් බඳින ලද රැහේ සෙසු අලි ඇතුන් එම යදම් වලින් බඳ ගැනීමට එම ගස්වලට පහර පිට පහර දුන්නේය. දින තුන හතරක් තිස්සේම සිය රැහේ සගයින් විලංගුවේ සිටින අයුරු දැක වඩ වඩාත් කිපුණු මෙම තිරස්චීන නායක සද්ධන්තයා උන් වෙනුවෙන්ම සටන් කළේය.
අලියාට මන්තර අහන්නේ නැහැ. ඌට පිස්සුව හැදිලා. සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ මුවින් පිට වූයේ එම සද්ධන්තයාගෙන් අනූනවයෙන් සිය දිවි ගලවාගත් පසුවය. ගාලේ දොර හැර තැබූව ද නායක හස්තියා සිය රැහේ උන් වෙනුවෙන්ම සටන් වැදුනා මිස පලා නොගියේය. පනාමුරේ සද්ධන්ත ඇත් රාජයාගේ මෙම වික්‍රමය රට පුරා විදුලි වේගයෙන් පැතිර ගියේය. පාර්ලිමේන්තුවේ සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ඇතුළු වාමාංශිකයෝ මොලමුරේගේ මෙම ක්‍රියා කලාපය හෙලා දකිමින් උද්ඝෝෂණද කළහ.
පනාමුරේ ඇත් රජාගේ වික්‍රමය අභිමුව අසරණ වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා මෙම අලියා මරා දමන්නට කටයුතු කළේය. රත්නපුර පොලීසියේ නිලධාරීන් 6 දෙනෙකු පැමිණියද එක වෙඩි පහරකින් අලියා ඝාතනය කරන්නට බැරි බව පැවසූහ. මොලමුරේ මහතා එම පොලින් නිලධාරීහු පන්නා දැමූහ. පසුව ඒ සඳහා කැඳවන ලද්දේ දිවයිනේම නම් දැරූ ඉලක්කයට වෙඩි තැබීමේ ශරයාය. ඔහු නාවික හමුදාවේ සේවය කළ උසස් නිලධාරියෙකි. නීතීඥයෙකුද වූ ඔහු නාවික කොමදෝරු සෑම් කදිරගාමර් මහතාය.
සිය වර්ගයා වෙනුවෙන් වෙඩි උන්ඩයට දිවි පිදීම ගණනකට නොගත් පනාමුරේ ඇත් රජා වෙඩික්කරු ඉදිරියට දුවගෙන ආවේය. අලියා වෙක්කරු ඉදිරියට ලංවත්ම ඔහුගේ රයිෆලයෙන් නිකුත් වූ වෙඩි පහර මුළු රටම පමණක් නොව ලොවම කම්පා කරවූවක් විය. මෙය චිත්‍රපට දසුනක් ලෙස නැරඹූ සියළු දෙනාගේම දෙනුවන් තෙත්කරවූහ.
1950 අගෝස්තු මස 10 වැනිදා සිදුවූ පනාමුරේ ඇත් රජාගේ වික්‍රමය ඛේදනීය ලෙස නිමවී දැන් දශක 6 ක් පමණ ගත වී ඇත. එම සිව්පා සද්දන්තයා සිය රැහේ වෙනුවෙන්, දිවිපුදා රැකගත් අලි පරපුර වෙනුවෙන්, ඉන් පසු කිසිවෙකුටත් ඇත් ගාලක් පැවැත්වීමටද නොහැකි විය. ඒ එය සියළු දෙනා තුළම දැඩි කම්පනයක් ඇති කළ බැවිනි.
පනාමුරේ ඇත්ගාල අද පුරාවිද්‍යාත්මක උරුමයක් ලෙස ප්‍රකාශ කොට ඇත. එහෙත් එම භූමිය අද ඇත් ගාලක් තිබූ බවට හෝ සලකුණක් ශේෂ කොටගෙන නෙමැතිවීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. ඇත් ගාලෙහි වැටට සිටවූ එක් බුරුත කඳක් පමණක් ඉතිරි වී ඇතත් එය තවත් මාස කිහිපයකින්ම ජාතියට අහිමිවනු ඇත. එම කණුව පවා රැක ගැනීමට පුරාවිද්‍යා දෙපාරේතුමේන්තුව කටයුතු කොට නොමැත. අලි ඇතුන් භාවිතා කළ දිය බුබුල මගින් නික්මෙන්නා වූ ජල කඳ කිතුළ බොකු ආර හා එක් වී ගලන්නේ අලි ඇතුන්ගේ ශෝකී ස්වරයෙන්ය.
ධම්මික රණවීර











