Has the UNP abandoned Fonseka?
An early victim the fighting for parliamentary seast appears to be the movment to secure the release of former Army Commander Retired General Sarath Fonseka from military custody.
The arrest of Common Presidential Candidate, General Fonseka on February 8 initially brought about a massive agitation campaign calling for his release by a broad coalition of opposition political parties.
A protest rally was held at Hyde Park, another was held outside the Supreme Court Complex and members of the broad opposition commenced island wide agitation campaigns.
The broad opposition alliance included the main opposition UNP, JVP, SLMC, DPF, SLFP (M) Wing and many other recognized opposition parties.
General Fonseka’s agitation campaign has now become limited to the JVP and several parties that have pledged allegiance to the newly formed opposition alliance under the General’s leadership, the DNA.
The first sign of the UNP moving out of the campaign was witnessed when the JVP organized a protest march and rally at Lipton Circus in February, soon after that the UNP decided to contest the general election separately under the elephant symbol.
The split in the broad opposition alliance has now resulted in the UNP distancing itself from General Fonseka’s agitation campaign. The UNPers are even conspicuous in their absence when the cases filed by General Fonseka are taken before the Supreme Court.
General Fonseka’s agitation campaign is now completely handled by the JVP. The DNA’s general election campaign led by the JVP in the absence of General Fonseka has added the agitation campaign in to the election campaign.
The party has focused on the need to get General Fonseka released from military custody along with the slogan of fighting to protect democracy.
Given that General Fonseka is heading a separate campaign for the general election, the UNP led opposition alliance, UNF, is unable to join in the agitation campaign as it would in some way promote the DNA election campaign.
DNA front liner and JVP parliamentarian Anura Kumara Dissanayake said they would continue to agitate for General Fonseka’s release with all the progressive forces committed to safeguarding democracy in the country.
Dissanayake eyed with disappointment the UNP’s decision to contest the general election separately under the elephant symbol, saying it is time to act on the national interest rather than for petty political gains.
However, UNP General Secretary Tissa Attanayake said the UNF had not abandoned General Fonseka in any way.
He noted that although the party along with the UNF had not been on the streets agitating for the General’s release, they have been working on getting him released. “The Opposition Leader met with the President to request for General Fonseka’s release and we have also raised the issue with the diplomatic community in the country in order to highlight the matter internationally,” he said.
Attanayake also said the UNP was committed to get General Fonseka released from military custody and has therefore included in the UNF’s general election manifesto.
General Fonseka is now being tried before a court martial on several charges against the Army Act.
By Mandana Ismail Abeywickrema
රටේ පාලනය අනුවයි යාචකයෝ බිහි වන්නේ
රටක යාචක සමාජ බිහිවීම සඳහා බලපෑම් කරන්නේ කුමන කරුණක්ද යන්න සම්බන්ධයෙන් කතා කරන විට සැමගේ මතය වන්නේ එය පාරමිපරිකව සිදුකරන දෙයක් හෝ මිනිසුන්ගේ දුගී දුප්පත් බව නිසා සිදු කරන ක‍්‍රියාවක් ලෙසයි.
නමුදු රටේ පවතින පාලන ක‍්‍රමය යාචක සංස්කෘතිය බිහිවීම සඳහා බලපෑම්කරන බවයි කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨකතිකාචාර්ය ආචාර්ය එච් ඩබිලිව් කරුණාරත්න පවසන්නේ. ඔහු මේ බව පවසා සිටින්නේ ක්ෂෙත‍්‍ර අධ්‍යන ක‍්‍රමය මඟින් ලබා ගත් අත්දැකීම් අනුවය.
‘‘රටක දේශපාලනය බල්ලන්ට කපුටන්ට කන්න තියෙන දේ නැති කරනවා කියන්නේ ලොකු ප‍්‍රශ්ණයක්. කුණු බාල්දි වල තියෙන දේවල් මිනිස්සුන්ට සිද්ධ වෙද්දී කොහොමද යාචක සමාජය නැති කරන්නේ. මේ ඊයේ පෙරේදා කථ ගඟට ළමයා විසි කළේ එ අම්මට තියෙන් ප‍්‍රශ්ණය නිසා. අම්මා කෙනෙක් දරුවෙක් විසි කරන්න හිතන සිතුවිල්ල එන්නට බලපෑමක් වුණේ මේ දේශපාලන රටාව.’’ හෙතෙම සඳහන් කළේය.
යහපාලනයක් නම් හැමදේම සුභාවාදී විය යුතු බවයි ආචාර්ය කරුණාරත්ත පවසන්නේ. එහෙත් මෙ වන තුරුද රටේ දැවෙන ප‍්‍රශ්ණ සුදඟා කිසිවෙකුලේ අවධානය යොමු වී නැන. තම තමන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පමණක් සිතනා පාලන ක‍්‍රමයකදී සාමාන්‍ය ජනතාවගේ දුක ගැන දැනෙන්නේ කෙසේද යන්න ගැටථවකි.
‘‘යාචක සමාජය බිහි වෙන්න මූලීක හේතුව ආර්ථිකමය පරිහානිය. කුසට ආහාරයක් නැතිව ඉන්න පිරිස් වලට වග කියන්න ඕන කවුද කියලා හිතන්න් සමහරුන්ට බැරි වේවි. නමුත් මේ තත්ත්වයට වග කියන්න ඕන පාලක පිරිස. දේශපාලනය නීතිය අධ්‍යාපනය කියන හැම සමාජ ප‍්‍රපන්චයක්ම පිරිහිණ තැනක තියෙන්නේ සමාජ අර්බූදය නිර්මාණය වන්නේ මේ හෙතු නිසා.’’
ආචාර්ය කරුණාරත්න පවසන පරිදි සමාජ විද්‍යාඥයන් යාචක සමාජ බිහිවීමට හේතු වූ කරණු ලෙස පෙන්වා දෙනු ලබන්නේ සෑබෑ දුප්පත්කම යන සාධකය නාගරික දුගීබව නැතහොත් වීදි සංස්කෘතිය ව්‍යාපාරික වශයෙන් කරන රැකියාවක් වශයෙනුත්ය.
‘‘නාගරික බව පිළිබඳව කතා කරන විට පැල්පත් මුඩුක්කු ආශ‍්‍රිත සමාජයේ අය පොඩිකාලේ ඉඳලා අතපාන්න පුරුදු වෙනවා. සම්තින් එකක් හොයා ගන්න තමයි මේ අය මහන්සි වෙන්නේ. තවත් ප‍්‍රශ්ණයක් තමයි පවුල් කඩා ඉහිරීම හා ගණිකා වෘත්තියේ නිරත වුණ වුදවිය වයසට යන විට යාචකයන් බවට පත්වීම. මේ සියල්ල සඳහා එකිනෙක බැදී ඇත්තේ රටේ පාලනය.’’ හෙතෙම සඳහන් කළෙය.
මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා සිදු කළ යුත්තේ යාචකයන් බිහිවන ෙදාරටු වසා දැමීමය. නාතහොත් පවත්නා සුබසාධන මධ්‍යස්තාන දිනුකිරීම බවයි ආචාර්ය කරුණාරත්න පෙන්වා දෙනු ලබන්නේ.
‘‘මේ සඳහා සාර්ව මට්ටමේ එ කියන්නේ රාජ්‍ය මට්ටමේ මෙන්ම සුක්ෂම මට්ටමේ එ කියන්නේ ආකල්පමය වශයෙන් වෙනස්වීමක් අවශ්‍යයි. ආකල්පමය වෙනස සිද්ධවෙන්නේත් පවතින රටේ තත්ත්වය අනුවයි.’’ ආචාර්ය කරුණාරත්න පැවසුවේය.
අමාලි රාමනායක
කමිටු පත්කිරීමට අපි එකගවී නැහැ -විදේශ ඇමති
ලංකාව සම්බන්ධයෙන් වන කිසිදු කමිටවක් පත්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ලංකාව කිසිදු එකගතාවයක් ඇතිකරගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීවේය.
යුද ගැටුම් අවසානවීමෙන් පසුව ලංකාවේ තත්වය පිළිබද නිරීක්ෂණය කිරිමට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සමග ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ ප‍්‍රකාශයේ සදහන් කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට මේ වන විට ලංකාව පියවරය යොදා තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යංශයේදී මාර්තු 17 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අමාත්‍යවරයා කීවේය.
‘‘ලංකාව සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් පත්කර තිබෙන කමිටුව ඒක පාර්ශවිකව පත්කළ කමිටුවක්. මේ කමිටුව පත්කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් හෝ ආරක්ෂක මණ්ඩලය විසින් නොවෙයි.’’ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
ලංකාවේ තත්වය පිළිබද කරුණු ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීම මගින් ලංකාවේ ෙසෙවරීභාවයට කිසිදු ආකාරයේ හානියක් සිදුවන්නේ නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී එහි මහ ලේකම් බැං කි මූන් මාර්තු 17 වැනිදා ප‍්‍රකාශ කර තිබුනේය.
‘‘මෙම කමිටුව පත්කිරීම ලංකාවේ දේශපාලනයට ඇගිලි ගැසීමක්.’’ බෝගොල්ලාගම පැවසුවේය. ලංකාවේ ඇති ගැටලූ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සදහා විධිමත් නීති පද්ධතියක් පවතින බවද ඒ අනුව එම ගැටලූ සදහා විධිමත් ආකාරයෙන් නීති ක‍්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීවේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ ප‍්‍රකාශයේ සදහන් කරුණු සම්බන්ධයෙන් ලංකාව මේ වන විට සාධනීය තත්වයක් ලගාකරගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේය.
යුද ගැටුම් අවසාන වී මාස නමයක් වැනි කාලයක් ඇතුළත ලංකාව ලබා තිබෙන ප‍්‍රගතිය පිළිබදව අමාත්‍යවරයා ෂතුටට පත්වුනේය. ලංකාවේ වත්මන් තත්වය පිළිබද සොයා බැලීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද නියෝජ්‍ය ලේකම් ලියෝන් පැස්කෝ ලංකාවට එවීමට පියවර යොදා ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළේය. පැස්කෝ ලංකාවට එවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා කිසිදු විරෝධතාවයක් දක්වන්නේ නැත. ‘
‘පැස්කෝට ලංකාවට එන්න කියලා මම කිව්වා. එතකොට ඇවිත් ලංකාවේ තත්වය පිළිබද වාර්තාවක් ලබාදෙන්න පුළුවන්. මේ දවස්වල අපි ඡුන්දේ වැඩ කරන නිසා ඡුන්දෙන් පස්සේ එන්න කියලා ඔහුට කිව්වා.’’බෝගොල්ලාම පැවසුවේය.
ලංකාවට ලබාදී තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍යවරයා අවධානය යොමු කළේය. එම සහනය අඛණ්ඩව ලබාගැනීම සදහා අවශ්‍ය සාකච්ඡුා දිගින් දිගටම යුරෝපා සංගමය සමග පවත්වාගෙන යන්නේයැයි බෝගොල්ලාගම පැවසුවේය. ඒ සදහා වන සාකච්ඡුා පැවැත්වීමට ලංකාවේ නියෝජිත පිරිසක් මේ වන විට බ‍්‍රසල්ස් නුවර වෙත ගොස් සිටින බවද ඔහු කීවේය. ‘
‘එම නියෝජිත පිරිස විසින් කරනු ලබන සාකච්ඡුා ෂතුටුදායක තත්වයක තිබෙනවා. මේ මොහොත වන විටත් අපිට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවී නැහැ. එය මේ මොහොතේත් අපි බුක්ති විදිනවා.’’ බෝගොල්ලාගම සදහන් කළේය.
එකෝන් නාඩගම අපට එපා – ෆේස්බුක් කණ්ඩායම
එකෝන් තියම්ප් නැමැති බටහිර ගායකයා ලංකාවට පැමිණිමට විරෝධය දැක්වීම සඳහා මේ වන විට අන්තර්ජාලයේ ෆේස්බුක් පිටුවක් වෙන්වී ඇත. මේ සඳහා හේතුව වී ඇත්තේ ඒකෝන් විසින් බුදු දහමට නිගා වන පරිදි සිය ගීත සදහා රෑප රචනා සිදු කොට තිබීමයි. ඔහුගේ sexy bitch නම් ගීතය වෙනුවෙන් බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිරියේ රගන අඩනිරුවතින් කතුනගේ දර්ශන කිහිපයක් ඇතුළත් කොට තිබීමය.
ඒකෝන්ගේ මෙම ප‍්‍රසංගය අපේ‍්‍රල් මස 24 දින කොළඹ ඒස් එස් සී අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට යර්ස් එෆ් එම් ආයතනය කටයුතු යොදා තිබේ.
‘‘ ලංකාව බෞද්ධයන්ගේ රටක් ප‍්‍රසිද්ධියේ බුදු දහමට නිගා වන මෙවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට කිසිදු ආයතනයකට සාදාචාරාත්මක අයිතියක් නැහැ. බුද්ධ ප‍්‍රතිමාවන් මත නග්න කාන්තාවන් නංවා තම ගීතයට රැප රචනා කරන ඒකෝන් වැනි බටහිර සංස්කෘතිය කර පින්නා ගත්තවුන්ට අපේ රටේ
බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීමට කිසිසේත් අප ඉඩ නොදිය යුතුය.’’ යනුවෙන් ෆේස්බුක් සාමාජිකයෙක් වූ මාලක රන්ජීව මෙම එක් ෆේස්බුක් පිටුවක ලියා තිබුණේය.
‘‘අප මීට කළිනුත් මෙවැනි ප‍්‍රසංග සංවිධානය කරලා තියෙනවා. මෙය අථත් දෙයක් නොවෙයි. ඇත්තටම අප දන්නවා ඒකෝන් ලංකාවට ගෙන්වනවට විරුද්ධව ෆේස්බුක් කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. බටහිර රටවලට බුදු පිළිමය අලංකාරය සදහා යොදා ගන්නවා. ඒකෝන් සිය ගීත නිර්මාණයට ඒ අර්ථයෙන් එය යොදා ගන්න ඇති.’’ යර්ස් එෆ් එම් ආයතනයේ
ප‍්‍රකාශයෙක් පැවසුවේය. අපේ‍්‍රල් 24 වැනිදා පැවැත්වෙන මෙම ප‍්‍රසංගයට දැඩි ආරක්ෂක කි‍්‍රයා මාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
ඒකෝන් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් සිය අදහස් ප‍්‍රකාශ කරන හෑගොඩ විපස්සී හිමියන් ප‍්‍රකාශ කරන්නේ බුදු දහමට නිගා කරවන මෙවැනි පූද්ගලයින් ලංකාවට ගෙන් වීමට වහා විරෝධය දැක්විය යුතු බවයි.
‘‘මෙම පුද්ගලයා බුදු දහමට ගෞරව කරන්නෙ නැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලයන් ගෙන්වීම අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන දෙයක්.’’ විපස්සී හිමියෝ පැවසූහ.
මේ වන විට ඒකෝන්ගේ ලංකාගමනයට විරෝධය පෑමට නිර්මාණය කර ඇති මෙම එක් ෆේස්බුක් පිටුවක සාමාජිකයන් ගණන අට දහස ඉක්මවා තිබේ. අනෙක් පිටුවේ දහසකට ආසන්න සාමාජිකයන් සංඛ්‍යාවක් සිටිති. ෆෙස්බුක් පිටුවේ සිය විරෝධය ප‍්‍රකාශ කිරීමට මේ සාමාජිකයන් බොහෝ දෙනා විවිධ අදහස් ලියා තිබේ.
Kill Akon – Anger on planned concert

Opposition to the planned concert by international hip hop star Akon is growing on the net. The comments on facebook range from beating those who go for the concert, to killing the performer himself. The other end of the spectrum calls for absolute security for those who go for the event.
When eager fans line up outside the SSC Stadium on April 24 to watch Aliaune Badara Akon Thiam, known popularly as AKON, they will be walking into a high security zone where the entrance would be lined with body checks and scanners. During the performance, they will be watched by armed guards who will be ready to sprint into action.
The reason is facebook.
The Senegalese rapper who has lived a life of controversy, will be travelling with heavy baggage when he visits Sri Lanka for his tour. On one had he will carry the raunchy video which surfaced in 2007 of simulated sex with Danah (Deena) Alleyne, who was fifteen at the time.
The baggage on the other hand is heavier. The music video of “Sexy Bitch”, a project Akon did with French producer David Guetta shows a bikini-clad woman dancing on a platform with a Buddha statue in the backdrop. A few seconds of a music video which the Sri Lankan online Buddhist community does not take lightly.
A facebook group titled “We Hate AKON (Abuse Music Video Against Lord Buddha)” is currently at 8000-strong, and gaining more support each day. A smaller group called “Akon Who Disgraced Buddhism – STOP Sri Lanka Concert !” is smaller in numbers, but more vocal in its discussions. They call for boycotting the event altogether, with a few of the aggressive members calling for violence against the artist.
“We are aware of the movement, and we have seen both videos. The one with the girls dancing near a statue is not necessarily them dancing in front of it, but the statue is set as a backdrop. Buddha statues are used as decor in the western hemisphere, like in the Parisian club Buddha Bar” said a spokesperson from the organizers, YES FM.
Ven. Hegoda Vipassi looks at the issue from a different angle. “This is a Buddhist country, and by inviting a person who has defamed Buddhism to perform here, we are implying an honour to him. As Buddhist clerics, we are strongly against this move” – this is a sentiment which is echoed on the facebook groups as well.
The comments on the groups vary. Whilst some posts call for violent action against Akon, another points out “Let’s not make it easy for them to tag us the extremists”. A member reminds that all steps should be taken to ensure that a repeat of the hand grenade incident when Bollywood strongman Shah Rukh Khan was performing in Sri Lanka does not take place.
The event, according to organizers is backed by Sri Lanka Tourism (SLTPB). Responding to Perambara, an official from SLTPB said that they are watching the situation and the sentiments of the people, and they were aware of the facebook comments. Whilst the organizers are confident that they will not cancel the performance under any circumstances, Sri Lanka Tourism Promotion Bureau watches from a safe distance on the developments. Repeated attempts by Perambara to contact Dileep Mudadeniya, Managing Director of SLTPB for comments failed.
By Dinidu de Alwis
Suchith Abeyewickreme
Good article but the title is misleading and doesn’t not portray the reality.
I believe kind of wrong to title the whole thing under the words of few extremists and of not give voice to the 90%+ moderate protesters.
Might look more attractive for the media folks but leaves media ethics by the roadside.
Dear Suchith,
Tks very much for the comments and letting us know what u felt. As a reader ur opnion is of great value to us. We would love to give space to 90% + moderate protestors to air the views on Perambara in any which way they want to.
Thanks
Perambara Team
හිරගෙදර ඇතුලේ මගුලක්
සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ සිටින රැදවියන්ගේ දවස ගෙවෙන්නේ එක් ආකාරයකටය. ඔවුන්ගේ සුපුරුදු දින චර්යාවන් වෙනස් වන්නේ බන්ධනාගාරයේ විශේෂ සිදුවීමක් වන්නේනම් පමණි. එවැනි සුවිශේෂී සිදුවීමක් වී ඔවුන්ගේ දින චර්යාව වෙනස්වන දින ගණන අතේ ඇගිලි ගණනටත් අඩුය.
මාර්තු 17 වැනිදා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ටද මේ ආකාරයේ වෙනස්ම අත්දැකීමකට මුහුණ දීමට අවස්ථාව උදාවුනේය. වෙනදා උදේ ආහාරයට ලැබෙන පාන් භාගය වෙනුවට මෙදින එම රැදවියන්ට ලැබුනේ කැවුම් කිරිබත්ය. බන්ධනාගාරය ඇතුලේ උත්සව සිරියක් ගනිමින් රැදවියන්ට කැවුම් කිරිබකත් කෑමට අවස්ථාව ලැබුනේ බන්ධනාගාරයේ සිටින තවත් රැදවියකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම නිසාය.
මැගසින් බන්ධනාගාරය තුළදී මේ ආකාරයෙන් විවාහ දිවියට එළඹ තිබුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එක්ව ත‍්‍රස්තවාදී කටයුතුවල නිරත වීමේ චෝදනාව මත වරදකරුවෙක් බවට පත්ව සිර දඩුවම්විදින පුද්ගලයෙකි.
‘‘මේ පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙක්. ඔහු බන්ධනාගාර ගතවීමට පෙර කාන්තාවක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුනා. ඒ අනුව එම කාන්තාව සමග විවාහ වීමට අවශ්‍ය බව ඔහු පැවසුවා. මේ නිසා එම කාන්තාව සමග විවාහ වීමට අවස්ථාව ලබාදුන්නා.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් කීවේය.
ඒ අනුව විවාහ රෙජිස්ටාර්වරයෙක් බන්ධනාගාරය වෙත කැදවා එම විවාහය ලියා පදිංචි කර තිබුනේය. ඒ සදහා චාම් උත්සවයක් සංවිධානය කර තිබුනේය.
‘‘සාමාන්‍යයෙන් මේ ආකාරයට විවාහයක් සිදුකිරීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කළ විට ඒ සදහා අවස්ථාව ලබාදෙනවා.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාරයෙන් පිටතදී විවාහ දිවියට ඇතුලූවන පුද්ගලයින් විවාහ දිවියේ මිහිර විදීමට අවස්ථාව ලැබෙන නමුත් බන්ධනාගාරයේදී විවාහ දිවියට එළඹි රැදවියාට එවැනි මිහිරක් විදීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ විවාහය ලියාපදිංචි කිරීමෙන් පසුව මනාලයට තවදුරටත් බන්ධනාගාරයේ සිටීමට සිදුවන බැවිනි. මනාලයා බන්ධනාගාරයේ සිටියදී මනාලිය තනිවම සිය ඥාතීන් සමග නිවසට යාමට සිදුවිය.
‘‘මේ වගේ විවාහක් සිදුවීමේදී අදාල පුද්ගලයා නීත්‍යානුකූලව විවාහ දිවියට එළඹීම පමණයි සිදුවන්නේ. එතැන් සිට ඔහු විවාහකයෙක් වන නමුත් බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර ලැබෙන්නේ නැහැ. අදාල දඩවුම් කාලය අවසන් වීමෙන් පසුවයි ඔහුට සිය මනාලිය වෙත යාමට අවස්ථාව ලැබෙන්නේ.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.
තමා නිවරදිකරු බව ෆොන්සේකා යුද අධිකරණයේදී කියයි
ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන යුද අධිකරණය විරෝධය දක්වමින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් තමා නිවරදි කරු බව ජෙනරාල්වරයා යුද අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය.
ෆොන්සේකා විරුද්ධව ඉදිරිපත් කර තිබූ යුද අධිකරණ දෙකෙන් පළමු යුද අධිකරණය මාර්තු 16 වැනිදා උදෑසන රැුස්වූ බවද එම අවස්ථාවේදී යුද අධිකරණයේ විනිසුරුවන් සම්බන්ධයෙන් වන විරෝධතාවය ෆොන්සේකාගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කළ බවද කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී දිසානායක මන්ත‍්‍රීවරයා කීවේය.
‘‘ජෙනරාල්වරයාට විරුද්ධව යුද අධිකරණයක් කැදවනවානම් එහි විනිසුරුවන් විය යුත්තේ ඔහුට වඩා ඉහළ නිලයක් දරන පුද්ගලයින් විය යුතුයි. ෆොන්සේකා කියන්නේ තරු හතරක ජෙනරාල්වරයෙක්. මේ යුද අධිකරණයට පත්කර තිබෙන්නේ මේජර් ජනරාල්වරුන්. මේ නිසාත් පත්කර තිබන විනිශ්චයකරුවන් සුදුසුකම් නොලත් පුද්ගලයින් නිසාත් අපේ නීතිඥයින් මෙම විනිසුරුවන්ට විරෝ්ධය දැක්වූවා.’’ දිසනායක කීවේය.
යුද අධිකරණයේ විනිසුරු මඩුල්ලේ සභාපති ධුරයට වත්මන් යුද හමුදාපතිවරයාගේ මස්සිනා පත්කිරීම මගින් සාධාරණ ආකාරයේ නඩු විභාගය සිදුවිය නොහැකි බවට වන බවට නීතිඥයින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අනිකුත් විනිසුරුවන් දෙදෙනා එක්ව ඔහු විනිශ්චය මණ්ඩලයේ තබා ගැනීමට තීරණය කළ බවද ඔහු කීවේය. ඉන් පසුව අනික් විනිසුරුවන් දෙදෙනාට මේ ආකාරයට විරෝධය දැක්වුවත් ඉතිරි විනිසුරුවන් දෙදෙනා විසින් ඔවුන් විනිසුරු මඩුල්ලේ තබාගැනීමට තීරණය කළ බවද මන්ත‍්‍රීවරයා කීවේය.
‘‘මෙම විරෝධතා නොසලකා විනිසුරුවන් විනිසුරු මඩුල්ලේ වාඩිවීමෙන් පසුව ෆොන්සේකාට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන චෝදනා ඉදිරිපත් කළා. නීතිඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන විරෝධතාවයන්ට යටත්ව තමා නිවරදිකරු බව ෆොන්සේකා මෙහිදී ප‍්‍රකාශ කළා.’’ දිසානායක මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
ජෙනරාල්වරයාට විරුද්ධව තවත් යුද අධිකරණයක් මාර්තු 17 වැනිදා උදෑසන කැදවීමට නියමිතව තිබුනේය. විනාඩි දහයක ප‍්‍රමාදයකින් පසුව මෙම යුද අධිකරණය රැුස්වූ බවද අධිකරණ දෙකක විනිසුරුවන් වශයෙන් කටයුතු කළ නොහැකි බව පවසමින් එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල ඉල්ලා අස්වී තිබෙන බවද හෙතෙම කීවේය.
‘‘අපි දකින්නේ විත්තිය හරි පැමිණිල්ල හරි නඩුව ඉල්ලා අස්කරගන්නා අවස්ථාවන්. ඒත් ඉතිහාසයේ පළමු වතාවට ප්‍රෝඩාකාරී යුද අධිකරණයේ විනිසුරු මඩුල්ල ඉල්ලා අස්වී තිබෙනවා. මෙය මහා විකාර යුද අධිකරණයක් බව පෙන්නුම් කළා.’’ මන්ත‍්‍රීවරයා කීවේය.
ෆොන්සේකාට විරුද්ධව දෙවැනි යුද අධිකරණයේදී විමර්ශණයට යොමුකිරීමට තිබුනේ හමුදාව තුළ සිටිමින් දේශපාලනය කිරීම යන චෝදනාවයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්ව අමාත්‍යධූරයක් ලබාගත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න සාක්ෂි ලබාදී තිබුණි.
තමන් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙක්ව සිටි කාලයේදී බොටම් ලයින් පුවත්පතේ හා තවත් මාධ්‍ය ආයතන කීපයක මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරමින් සිටි රුවන් වීරකෝන්ගේ ජංගම දුරකතනය භාවිතා කරමින් තමා ෆොන්සේකා සමග දේශපාන කරුණු සාකච්ඡුා කළ බව ප‍්‍රනාන්දු සිය සාක්ෂිය මගින් පවසා තිබේ. වීරකෝන් විසින් තමන්ගේ නිවසට සී.ඞී.එම්.ඒ. වර්ගයේ දුරකතනයක් ගෙනවිත් ෆොන්සේකා සමග කතා කිරීමට අවස්ථාව ලබාදුන්නේයැයි ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත‍්‍රීවරයා පවසා තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් මාර්තු 10 වැනිදා දිවුරුම් ප‍්‍රකාශකයක් මගින් රුවන් වීරකෝන් රහස් පොලීසියට කරුණු ඉදිරිපත් කර තිබූ බවද දිසානායක මන්තී‍්‍රවරයා කීවේය. ‘‘රුවන් වීරකෝන් සිය දිවුරුම් පෙත්සම මගින් ප‍්‍රකාශ කර තිබුනා තමන් කිසි දිනෙක ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත‍්‍රීවරයාගේ නිවසට දුරකතනයක් ගෙන ගොස් ජෙනරාල්වරයා සාකච්ඡුා කිරීමට කටයුතු නොකළ බවට. ඒ වගේම එක් දිනකදී කොළඹ පිහිටි ක‍්‍රිකට් සමාජයක අවන් හලේදී තමා දන්නා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු තමාගේ ජංගම දුරකතනය ඉල්ලාගෙන දුරකතන ඇමතුම් ගත් බවත් මෙම දිවුරුම් ප‍්‍රකාශයේ සදහන් වෙනවා. එම ඇමතුම් ගන්නේ කාටදැයි තමා නොදන්නා බවද ඔහු කියා තිබෙනවා.’’ දිසානායක මන්ත‍්‍රීවරයා කීවේය.
මෙම දිවුරුම් පෙත්සම මගින් තමා අත්අඩංගුවට ගෙන දිවුරුම් පෙත්සමේ තිබෙන කරුණු විකෘති කර දැක්වීමේ සූදානමක් තිබෙන බවත් වීරකෝන් පවසා තිබේ.
‘‘මේ දිවුරුම් පෙත්ම ඉදිරිපත්කර දින කීපයකින් අසනීප වූ රුවන් වීරකොන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළු වුනා. එහිදී රහස් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වනත් රහස් පොලීසියේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.’’ දිසානායක කීවේය.
ෆොන්සේකා යුද අධිකරණය හමුවට ඉදිරිපත් කිිරීමට විරෝධය දක්වමින් ඉදිරිපත් කර තිබෙන හබයාස් කොපුස් නඩුව මාර්තු 19 වැනිදා විභාගයට ගැනීමට නියමිතය. ඒ මගින් ෆොන්සේකා සිවිල් අධිකරණයක් හමුවට පමුණවන්නැයි ඉල්ලා සිටී.
‘‘නැවත යුද අධිකරණය කැදවන අපේ‍්‍රල් 8 වැනිදා අපේ නීතීඥයින් යුද අධිකරණය හමුවට ගොස් ප්‍රෝඩාකාරී යුද අධිකරණය ප‍්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තවත් නීති තර්ක ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.’’ දිසානායක කීවේය.
විපක්ෂවල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට මහින්ද චින්තනය ඇතුළත්වේ
මෛත‍්‍රීපාල සිරිසේන මහලේකම්වරයා පවසන පරිදි එක්සත්ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ ඉදිරිපත්කර ඇතිතේ මහින්ද චින්තනය ළඟ තබාගෙනය.
සයිබර් කියන වචනය එහෙම්මම පාවිච්චි කරලා තියෙනවා. මෙක වෙනස්කරලාවත් ගත්තනම් කමක් නැහැ.හරියට හින්දි සින්දු වලට සිංහල ගීත හදනවා වගේ. කවුරුහරි ක්ලාක් කෙනෙක් ලියන්න ඇති මේක. මහලේකම්වරයා සඳහන් කලේය.
පසුලිය 26 වනදා ඉදිරිපත්කළ ප‍්‍රත්පත්ති ප‍්‍රකාශනය දෙකඩ කොට මෙවර ප‍්‍රත්පත්ති ප‍්‍රකාශණ එළි දක්වා ඇති බවයි මහලේකම් වරයා සඳහන් කරන්නේ.
මේක හරිම විහි`ථවක්. ජනතා විමුක්ති පෙරමුණයි එ්ක්සත් ජාතික පක්ෂය කලින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයමයි එළි දක්වලා තියෙන්නේ. මහින්ද චින්තන ඉදිරි දැක්මේ කොටස් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ වල තියෙනවා.මේ පක්ෂ දෙකටම ඉදිරි දැක්මක් දර්ශණයක් නැහැ. ස්ව නිරිමාණයක් කරන්න අවශ්‍ය බුද්ධීමතුන් මේ අය එක්ක නැහැ.එ් අය ඉවත් වෙලා ගිහිල්ලා. මහ ලේකම්වරයා සඳහන් කළේය.
ගිය වතාවේ විපක්ෂය සඳහා ඡුන්දය භාවිත කළ බොහෝ ප‍්‍රබලයින්් මේ වතාවේ ආණ්ඩුව හා එක්ව සිටින බව ද මු`ථ ඡුන්ද ප‍්‍රතිශතයෙන් 65%ක ප‍්‍රමාණයක් මෙවර ලබාගත හැකි බවද මහලේකම්වරයා සඳහන් කළේය.
කවදාවත් කුඹුරකට බැස නැති විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙවර ගොවියන් පිළිබඳ කතා කරන්නට ආරම්භ කර ඇති බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන පැවසුවේය.
විපක්ෂනායක වරයා හිටි ගමන් ගොවියෝ ගැන කතා කරන්න පටන් අරන්. කාවදාවත් කුඹූරකට බැහැලා නැති කොළඹ 7 ඉපදුන කෙනා කොහාමද ගොවියෝ ගැන කතා කරන්නේ. මහලේකම්වරයා ස`දහන් කළේය.
මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය ලබාගනිමින් සන්ධාන ආණ්ඩුව ජයග‍්‍රශණය ලබන බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම විපක්ෂ නායකවරයා සෑම දිනකම මැතිවරණ වේදිකිවේ තේමාව ලෙස යොදා ගන්නේ ජීවන වියදම බවයි මහලේකම්වරයා සදහන් කරන්නේ.
රටක දේශපාලනය වෙනස් වුණත් ජනතාව එකට ඉන්නවා සංවර්ධන ක‍්‍රියාත්මක වෙද්දී. ජපානය චීනය කොරියාව වගේ රටවල් ගත්තහම අපට පේන්න තියෙන්නේ එ දේ. 2004 විපක්ෂනායකයා පරාද වුණෙ කොටි ගිවිසුම නිසාත් ආර්ථිකය කඩාවැටීම නිසාත් බවයි හෙතෙම සඳහන් කරන්නේ.
පරිගණක භාවිතය ඉහළට
ශී‍්‍ර ලංකාවේ පරිගණක භාවිතය පසුගිය වසර පහ ඇතුළත 60% ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ. ඒ අනුව නාගරික ප‍්‍රදේශයන්හි පසුගිය වසර පහ ඇතුළත 76% කින්ද ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි 66% කින්ද ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්ෂණ වාර්තාවේ සදහන් වෙයි.
මෙම වාර්තාවේ පෙන්වා දෙන අකාරයට නාගරික ප‍්‍රදේශයන්හී නිවෙස් හතරකටම පාහේ පරිගණකයක් තිබේ. ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හී නිවෙස් දහයකට එක් පරිගණකයක් බැගින් තිබේ.
‘‘දියුණු වෙමින පවතින රටක් හැටියට ලංකාවේ ජනතාව අතර පරිගණකය
ප‍්‍රචලිත වීම යහපත් තත්ත්වයක් තමයි. ඒත් තවමත් ලංකාවේ ජනතාව අතර පරිගණක දැනුම තියෙන්නෙ 20% කට පමණයි. පරිගණක භාවිතය ඉහල යාමත් සම`ග පරිගණක දැනුමත් ඉහළ යා යුතුයි.’’ කොළඹ විශ්ව විiාල පරිගණක පාසලේ මහාචාර්ය ගිහාන් වික‍්‍රමනායක පැවසුවේය.
මහාචාර්ය වික‍්‍රමනායක ප‍්‍රකාශ කරන පරිදි පරිගණක භාවිතා කරන්නන්ට එහි වාසි පිළිබද නිශ්චිත වැටහීමක් තිබිය යුතුය. එමෙන්ම තමන්ට අවශ්‍ය අකාරයට පරිගණකයේ ඇතුලත් දත්ත සකසා ගත යුතුය. එවිට පරිගණක භාවිතයේ එල ප‍්‍රයෝජන විධිමත් අකාරයෙන් ලබා ගත හැකිවනු ඇත.
‘‘ විශේෂයෙන්ම මේ වෙන කොට පරිගණකය හරහා අන්තර්ජාලයට ප‍්‍රවේශ වන පිරිසේ විශාල වැඩි වීමක් දක්නට තියෙනවා. වෙබ් අඩවි මගින් තමන්ට අවශ්‍ය දැනුම ලබා ගන්න පිරිස ඉහළයි. මේ තත්ත්වය තව ඉදිරියේදී වඩාත් පහසු ලෙස සැකසී ජංගම දුරකථනය දක්වා පැමිණේවි. මේ වන විටත් එය සිදු වෙමින් පවතිනවා’’ මහාචාර්ය වික‍්‍රමනායක පැවසුවේය.
මහාචාර්යවරයා පෙන්වා දෙන අකාරයට ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වේගවත් කර ගැනීම උදෙසා පරිගණකය ඉතා හොද මෙවලමකි.
‘‘සංවර්ධනය වෙන රටකට ජනතාව තමන්ගේ දෛනික කටයුතු පවා පරිගණක හරහා කරගත හැති නම් රටක දියුණුවට එය ඉතා වැදගත් පියවරක්. රැකියාවෙන් නිවාඩු අරගෙන තමන්ගේ කටයුතු කරන්ගන්න නැතුව පරිගණකය හරහා පහසුවෙන් කර ගැනීමේ හැකියාව දැන් වැඩි දියුණු වෙමින් තියෙනවා. එය ඉතාම සරල කාරණයක්. එසේම රටක දියුණුව සම්බන්ධයෙන් මීට වඩා සංකීර්ණ කාරණාත් පරිගණකය හරහා සිදු කර ගත හැකියි.’’ මහාචාර්ය වික‍්‍රමනායක පෙන්වා දුන්නේය.
JVP in non-violent protests over Fonseka
Even though he is alone in a chalet at the Navy Headquarters, the one-time commander of the Sri Lanka Army is not without his ardent supporters. Set to a background track of lottery vendors who promised quick riches, and shaded by a sacred Bodhi tree, members of the left-wing Janatha Vimukthi Peramuna staged a non-violent protest calling for his release. The level of vigour and emotion in the protests however, was watered down from what was seen when Fonseka was initially arrested.
Fonseka faced the first hearing of the Court Martial yesterday, and he is scheduled to face them again today. The JVP has called for islandwide protest calling for the Government to release Fonseka. The Government recently announced that he will also face charges in front of a Civil court for crimes which can be punishable under the Civil judicial system.
“He is being subject to a court martial at the whims of the Government” says Somawansha Amarasinghe, the leader of the JVP. Amarasinghe was a staunch supporter of Fonseka, when the military strongman pitched a bid for the office of the President – running against his former Commander-in-Chief, President Mahinda Rajapaksa.
The two main opposition parties – the United National Party, and the Janatha Vimukthi Peramuna, two fierce opponents till the Presidential Election – united under a single political wing in an attempt to elect Fonseka to the office of President. Now however, Fonseka is left with the newly formed Democratic National Alliance led (DNA) by the JVP. With the break of the alliance, the energy of support that Fonseka had has also died down. The United National Party (UNP) – Sri Lanka’s largest opposition party and a staunch supporter and driving force behind Fonseka’s Presidential bid – has taken a step away from their former Presidential candidate to focus on their own election campaign.
Fonseka entered the stage of active politics following a rift with President Mahinda Rajapaksa. Fonseka who was the commander of the Army, was appointed as the Chief of Defence Staff – the highest military post in the Nation. With it however, came power dynamics which acted in a way that made Fonseka feel that he was being sidelined, and reduced to a ceremonial position.
Come election day, President Rajapaksa secured a second term with almost 60% of the total votes, in an election which Fonseka and his allies alleged was rigged. The immediate period following the election was highly tense in Colombo, when the hotel that Fonseka was in was surrounded by Army personnel who were previously and ironically under the command of Fonseka himself.
Just over a week later, Fonseka was arrested by the Military Police for military offences including politicking while in uniform, planning to overthrow the Government, and financial misappropriations during his tenure as the Commander of the Army.
Massive crowds gathered in the Capital city, and in various areas of the country to protest the arrest, which the opposition parties claimed was an act of vengeance by the Government against Fonseka. Violent clashed ensued, with police being called in to control the crowds by means of tear gas and water cannons.
The intensity and vigour of the protests started to die down, as the country stared heating up with the preparation for the General Elections which are scheduled for mid-April. Fonseka who is currently detained by the Military Police is also a contender for the elections, in which the people of Sri Lanka will elect 196 of the 225 members of its legislature











