‍ලෝක ආර්ථිකය කඩාවැටීමෙන් ලංකාවේ තේ කර්මාන්තය අනතුරේ

December 16, 2008 by Editor  
Filed under Featured, Stories

tea1

සුනීතා වත්තගේ මේ දිනවල සිටින්නේ විශාල ගැටලුවකය. 2009 වසරේ පාසල් වාරය ආරම්භ කරනවිට තමන්ගේ ළමුන් දෙදෙනාට අලුතින් පොත් පත්, පෑන් පැන්සල්, ඇතුළු පාසල් උපකරණ මිලදී ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඇය සිටින්නීය.

පසුගිය වසරේ නව පාසල් වාරය ආරම්භ කරන විට එක් විශයක් සදහා පිටු දෙසීයක පොතක් බැගින් මිලදී ගෙන සිය දරුවන්ට දුන් ඇය දැන් කල්පනාකරන්නේ පිටු අසූවක පොතක් හෝ තම දරුවන්ට ලබාදිය හැකි ආකාරයක් පිළිබදවය.

ගාල්ල නගරයේ සිට කිලෝමීටර දොළහක් පමණ ඈතින් පිහිටි වදුරඹ පදේශයේ කුඩා තේ වතුවල තේ නෙලන්නියකක වන සුනීතා පසුගිය වසරේ මුහුණ නොදුන් ගැටලුවකට මුහුණ දෙමින් සිටින්නේ තේ කර්මාන්තයේ පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය නිසාය.

තේ සදහා ලැබෙන මිල ගණන් පසුගිය මාස කිහිපය තුළ සීඝයෙන් පහළ වැටුනේය. තේමිල අඩුවීමත් සමගින් තේ වතු හිමියෝ තේ කැඩීම සීමා‍ කළහ.

tea2

“මීට මාස දෙකකට පමණ පෙරදී අමු තේ කිලෝ එකක් සදහා රුපියල් පනහක මුදලක් ලැබුනා. පසුගිය මාස දෙකේදී අමු ‍ෙත් කිලෝ එකක් සදහා ලැබුන මුදල් පමාණය එන්න එන්නම අඩුවුනා. පසුගිය මාසය වන විට අමු තේ කිලෝ එකක් සදහා ලැබෙන මුදල රුපියල් 30 දක්වා අඩුවුනා.

කම්කරුවෙකුට දිනකට රුපියල් තුන්සීයක කුලීයක් දෙනවා. දැන් තේ කිලෝ එකක මිල රුපියල් 30ක් නිසා ලැබෙන ආදායම කම්කරු කුලී ගෙවීමටවත් පමාණවත් නැහැ.” කුඩා තේවතු හිමියෙක් වන ඊ.ටී. සිරිසෝම මහතා පැවසුවේය.

මේ තත්වය තුළ තවදුරටත් තේ කර්මාන්තය පවත්වාගෙන යා‍ නොහැකි වාතාවරණයක් උද්ගතවූ අතර තේ නිශ්පාදනය සීමා කිරීමට ඔවුන්ට සිදුවූහ.

කුඩා තේවතු හිමියන් තමන්ට වන අලාභය පියවාගැනීම සදහා තේ කප්පාදු කළේය.මේ නිසා තේ දළු නෙලන්නියන්ගේ රැකියාවන්ට කණ කොකා හැඩලුවේය.

“මේ ගැ‍ටලුව එන්න කලින් සතියට දවස් හයක් විතර අපි වැඩ කළා. ඒත් දැන් සතියට වැඩ තියෙන්නේ දවස් දෙකක් තුනක් විතරයි.” ‍ෙත් දළු නෙලන්නියක වන බී මානෙල් මහත්මිය පැවසුවාය.

තේ දළු නෙලන්නියන්ගේ රැකියාව අවදානමට ලක්වීමත් සමග ඔවුන්අ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටී.

ස්ථිර රැකියාවක් නොමැති මෙම තේ දළු නෙලන්නියන් තමන්ගේ පවු‍ෙල් යැපීම් කටයුතු කරගෙන ගියේ දළු කැඩීමෙන් ලැබෙන ආදායමෙනි. එදිනෙදා ලැබෙන මුදලින් තමන්ගේ ජීවිකාව කරගෙන ගිය මොවුන් දැන් හරිහැ‍ටි කෑමක් බීමක් නොමැතිව ජිවත් ‍ෙවන බවද පවසයි.

“වෙනදට සීනි පන්සීයක් රැගෙන ගිය අපි දැන් අරගෙන යන්නේ සීනි දෙසීය පනහක් විතරයි. හාල් කිලෝ දෙකක් වෙනදා අරගෙන ගියානම් දැන් අරගෙන යන්නේ හාල් කිලෝ එකක් විතරයි.

වැඩ අඩු නිසා ඉස්සර වගේ සල්ලි හම්බවෙන්නේ නැහැ. ඒ නිසා කන බෙන එක පවා අඩුකරලා තියෙ‍න්නේ. කඩ වලින් බඩු දෙන එක පවා අඩු කරලා.” මානෙල් පවසන්නීය.

2008 වසරේ ජූලි මාසය වන විට අමු තේ කිලෝවක් සදහා රුපියල් 50ක් ගෙවා තිබුණි. නමුත් ඔක්තෝම්බර් නොවැම්බර් මාස වන විට අමු තේ කිලෝවක් සදහා ගෙවන මුදල රුපියල් 30 දක්වා පහත වැට තිබුණි. මේ නිසා කුඩා තේ වතු හිමියෝ තීරණය කළේ තේකප්පාදු කිරීමටයි.

තේ කප්පාදු කළත් තේ මිල පහළ වැටීම හමුවේ තේ වතු නඩත්තු කළ හැක්කේ මාස දෙක තුනක කාලයක් සදහා බව කුඩා තේවතු හිමියෝ පවසති.

තේ නඩත්තු කිරීමේදී මාස තුනකට වරක් තේ අක්කරයක් සදහා පෝර හොන්ඩර තුනක් පමණ දැමිය යුතුවෙයි. මේ සදහා සාමාන්යකයෙන් රුපියල් නමදහසක මුදලක් වැය වෙයි. ඇතිව තිබෙන අර්බුදයත්සමගින් තේවතුවලට පො‍හොර නොදමන බව තේ වතු හිමියෝ පවසති.

“මීට පෙර පෝර දමපු නිසා දැන් කිසිදු ගැටලුවක් නැතිව තේ කඩාගෙන යනවා. ඒත් දැන් දළු වලට මිලක් ලැබෙන්නේ නැති නිසා පෝර දාන්නේ නැහැ. එහි පතිපලය අත් විදීමට සිදුවන්නේ තවත් මාස කීපයකට පසුවයි. තවත් මාස කීපයකින් කඩන දළු පමාණය තවත් අඩුවෙනවා. එවිට තත්වය තවත් භයානක වෙනවා.” සිරිසෝම මහතා පවසයි.

‍ෙත් දළු මිල ගණන් පමල යාම නිසා තේ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ගේ සංඛ්යා්වද අඩුකර තිබේ. වදුරඹ ඉඹුල්ගොඩ තේ කර්මාන්ත ශාල‍ාවේ හිමිකරුවන විජේසේකර මහතා පවසන්නේ කර්මානත ශාලා‍ෙව් සේවය කරන සේවකයින්ගේ සංඛ්යාාව මේ වන විට දෙකෙන් එකට අඩුකර තිබෙන බවය.

“මේ වන විට තේ කර්මාන්ත ශාලා වෙත පැමිණෙන තේ පමාණය අඩුවෙලා. ඒ නිසා වෙනදා තේ කර්මාන්ත ශාල‍ාවේ වැඩට ගත් සේවකයි‍න් සංඛ්‍ඩුාව යොදාගත ‍ෙනාහැකියි. ඒ නිසා වෙනදා දවසකට අපි වැඩට ගන්නේ සේවකයින් 10 දෙනෙක් පමණයි. අද වැඩ කරන කෙනාට හෙට වැඩ දෙන්නනේ නැහැ. මෙහෙම තමයි අපි වැඩ කරන්නේ.” තේ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ගේ තත්වය පිළිබදව ඔහු කීවේය.

තේ දළු සදහා ලැබෙන මුදල අඩුවීම නිසා තේ කැඩීම අඩුකිරීම නිස බොහෝ දෙනා පීඩාවට පත්වූහ. තේ දළු එක්කරන්නන් පවසන්නේද මේ වන විට එක් කරන තේ දළු පමාණය තුනෙන් එකට පහළ බැස ඇති බවය.

“අපි කලින් දවසට තේ කිලෝ 1000ක් පමණ එක් කළා. ඒත් දැන් දවසට එක්කරන්නේ‍ තේ කිලෝ තුන්සීයක් හාරසීයක් පමණයි.

තේ මිල හොදට තියෙන දවස්වල අපි දළු නෙලන අයට සෑම මාසයකම අත්තිකාරම් මුදල් ගෙව්වා. ඒත් දැන් තේකර්මාන්තශාලාවලින් අපි‍ට අත්තිකාරම් දෙන්නේ නැහැ. මේ නිසා දළු දෙන අයට පවා අත්තිකාරම් දෙන්නේ නැහැ. මේ නිසා දළු නෙලන අය පීඩාවට පත්වෙලා ඉන්නේ.” තේ දළු එක්කරන්නෙක් වන ගාමිණී කුලරත්න පැවසුවේය.

විජේසේර මහතා පවසන්නේද තේ කර්මාන්ත ශාලා මේ වන විට පවත්වාගෙන යන්නේ පාඩු පිට වන බවය. අලාභ පෙනි පෙනී තේ කර්මාන්තය කරගෙන යන්නේ කළ හැකි වෙනත් යමක් නොමැති නිසා වන බවද හෙතෙම පවසයි.

“අනාගත‍ෙය් තේ මිල යහපත් අතට පත්වෙතැයි කියන්න බැහැ. තේ කොමසාරිස්වරයා විසිල් ලිපියක් අප වෙත එවා තිබුණා. ඔහු එයින් කියා තිබුනේ තේ මිල යහපත් අතට පත්වන බවක් පෙනෙන්න නොතිබෙන බවයි.” හෙතෙම කීවේය.

තේ නිශ්පාදනයට කණ කොකා හැඩලීම ඇරඹුනේ 2008 වසරේ ජුලි මාසයෙන් පසුවය. ජුලි මාසයේදී තේ වෙන්දේසියේදී පහතරට තේ කිලෝවක් සදහා රුපියල් 390.38ක මුදලක් ලැබී තිබුණි. එය අගෝස්තු මාසය වන විට 356.69 දක්වාත් සැප්තැම්බර් මාසය වන විට 345.74 දක්වාත් පහළ බැස තිබුණි. ඔක්තෝම්බර් මාසයේදී එය 261.15 දක්වා පහළ බැසි අතර නොවැම්බර් මාසය වන විට 221.60 දක්වා පහළ බැස්සේය. දෙසැම්බර් මාසය ආරම්භ වන විට ‍තේ කිලෝ එකක් සදහා ගෙවා තිබුනේ රුපියල් 204 ක මුදලක් පමණි.

ඇමරිකාවේ ජෝර්ජ් වොශින්ටන් විශ්වවිද්යාිලයේ ජාත්යහන්තර සම්බන්ධතා පිළිබද එළියට් පාසලේ පර්යේශක ආචාර්ය මුත්තුකිෂ්ණ සරවනාතන් මහතා පවසන්නේ ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම ලංකාවේ තේ කර්මාන්තයට බලපා ඇති බවය.

“2008 ජුලි මාසය වන විට ලංක‍ාවේ තේ කිලෝ එකක් සදහා ඇමරිකානු ඩොලර් 3.12ක මිලක් හිමිව තිබුනා. නමුත් සැප්තැම්බර් මාසය වන විට තේ කිලෝ එකක් සදහා ලැබෙන මුදල ඩොලර් 2.37 දක්වා සියයට විසි හතරකින් කඩාගෙන වැටුනා. 2007 සැප්තැම්බර් මාසයේ තේ කිලෝවක් සදහා ඩොලර් 2.90ක ගෙවීමක් කර තිබුනා.

ලංක‍ාවේ තේ මිලදී ගන්නා ගැනුම් කරුවන් අතරින් පධානම ගැනුම්කරු වන්නේ රුසියාවයි. ලෝක ආර්ථික අර්බුදය හමුවේ රුසියාවේ ආර්ථිකයටද බලපෑම් එල්ලවුන‍ා. මේ නිසා රුසියාව විසින් ලංකාවේ තේ මිලදී ගැනීම සීමා කළ අතර ලංකා‍වේ තේ අලෙවිය අඩුවුනා.

ලංකාවේ තේ නිශ්පාදනයෙන් සියයට හැටක් පමණ පවතින්නේ කුඩා තේවතු හිමියන් අතේයි. මේ අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත්වූයේ කුඩා තේවතු හිමියන්” සරවනාතන් මහතා පවසන්නේය.

  • Share/Bookmark
Creative Commons