වන්නියේ සිරවූ සිව්ල් වැසියන්ට ආහාර යැවීමට රජයේ අවධානය

Next food convoy to Vanni soon – Government
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම්වලට මැදිව වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට හා එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ වල සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි සිවිල් වැසියන් සදහා අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතුකරන්නේයැයි රජය පවසන්නේය.
“වන්නියේ සිරවී සිටින සිව්ල් වැසියන්ට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිටත් කිරීම සදහා අවධානය යොමුකර තිබෙනවා. එසේ වන්නියේ සිටින ජනතාවට ආහාර යවනවානම් මේ සතිය ඇතුළත ආහාර යවනවා.” අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් එස්. බී. දිවාරත්න පෙබරවාරි 16 වැනිදා පැවසුවේය.
වන්නියේ සිටින සිවිල් වැසියන්ට ආහාර යවන්නේනම් මෙටි‍්‍රක් ටොන් හාරසියයත් පන්සියයත් අතර ප‍්‍රමාණයක් යැවීමට කටයුතු කරන්නේයැයිද දිවාරත්න කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවසන් වරට වන්නියට ආහාර තොගයක් රැුගෙනගියේ ජනවාරි 16 වැනිදාය. ඉන් පසුව ජනවාරි 29 වැනිදා රජය විසින් ලොරි 11කින් වන්නියේ සිටින සිවිල් වැසියන්ට ආහාර රැුගෙන ගියේය. ඉන්පසුව මේ දක්වා වන්නියට ආහාර රැුගෙනගොස් තිබුනේ නැත.
ජනවාරි මාසය අවසානයේ සිට සති තුනක් ඇතුළත වන්නියේ සිට තිස් දහසක පමණ සිවිල් වැසියන් පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි අතර මොවුන් පැමිණීමට පෙර වන්නියේ සිවිල් වැසියන් දෙලක්ෂ පනස්දහසක් පමණ සිටියේයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේය. නමුත් රජය පැවසුවේ මොවුන් පැමිණීමට පෙර වන්නියේ සිටියේ සිවිල් වැසියන් ලක්ෂයත් එක්ලක්ෂ පනස් දහසත් අතර පිරිසක් වන බවයි.
අවතැන්වූවන් සුභසාධන කදවුරු දහතුනක
යුධ ගැටුම් පවතින ප‍්‍රදේශවල සිටින සිවිල් වැසියන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින අතර මේ වන විට වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථාන 13ක මොවුන් රදවා ඇතැයිද නැවත පදිංචිකිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශය සදහන් කරයි. මොවුන්ට දිගින් දිගටම පිසූ ආහාර ලබාදෙන බවද අමාත්‍යාංශය පවසන්නේය.
පම්බෙයිමඩු, ගුරු විද්‍යාල කී‍්‍රඩාංගනය, කෝවික්කුලයි හින්දු විද්‍යාලය, පට්ටිනිච්චූර්, කෝවික්කුලම් හින්දු විද්‍යාලය, ගාමිණී විද්‍යාලය, පූන්තෝට්ටම් මහා විද්‍යාලය, වව්නියාව දෙමළ විද්‍යාලය, කදිරගාමර් සුභසාධන මධ්‍යස්ථානය, චෙට්ටිකුලම් විද්‍යාලය ඇතුළු සුභසාධන මධ්‍යස්ථාන 13ක වන්නියේ සිට පැමිණි සිවිල් වැසියන් රදවා සිටී.
මේ වන විට වව්නියාව චෙට්ටිකුලම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන්නියේ සිට පැමිණෙන සිවිල් වැසියන්ට තාවකාලික නවාතැන් ගැනීම සදහා අක්කර නමසියයක භූමියක් වෙන්කර ඇතැයිද නැවත පදිංචිකිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.එම්. ඇල්ඞීන් පවසන්නේය.
“මැනික්ෆාම් හා ඒ අවටින් අක්කර නමසියයක් වන්නියේ සිට පැමිණෙන පුද්ගලයින් තාවකාලිකව පදිංචිකිරීමට වෙන්කර තිබුනා. දැන් තවත් අක්කර සියයක භුමියක් මොවුන් වෙනුවෙන් වෙන්කිරීමට පියවර ගත්තා.” ඇල්ඞීන් පැවසුවේය.
අවතැන්වූවන්ට තාවකාලික කූඩාරම්
වන්නියේ සිට පැමිණෙන සිවිල් වැසියන්ට රැුදී සිටීම සදහා තාවකාලික නිවාස ඉදිකිරීමට රජය පියවර යොදා ඇතැයිද හෙතෙම පවසන්නේය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද කවුන්සියලය හා රජයේ ආයතන එක්ව මොවුන් වෙනුවෙන් තාවකාලික නිවාස ඉදිකිරීමේ කටයුතු සිදුකරයි.
“එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලය විසින් තාවකාලික කූඩාරම් 10,000ක් ඉදිකිරීමට නියමිතයි. ලබන සතිය වන විට එම තාවකාලික කූඩාරම් ඉදිකරනවා.” ලේකම්වරයා පවසන්නේය.
එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සියල හැරෙන්නට වෙනත් කිසිදු සහන සංවිධානයක් මේ සදහා සහභාගී කර නොගන්නා අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉදිකිරීම් අමාත්‍යංශය ඇතුළු රජයේ ආයතන විසින් අනෙකුත් තාවකාලික නිවාස ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.
වව්නියාවට පැමිණ සිටින සරණාගතයින් සදහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම සදහාද රජය මේ වන විට පියවර යොදමින් සිටී. මේ වනවිට වන්නියේ සිට පැමිණ තිබෙන ජනතාව සදහා සෞඛ්‍ය පහසුකම් සැපයීමට වව්නියාව, මන්නාරම රෝහල්වල සිටින වෛiවරුන්ට අමතරව තවත් වෛiවරු විසිදෙනෙක් යවා ඇතැයිද ඔවුන් සරණාගත කදවුරු වෙත ගොස් අවතැන්වූවන් වෙනුවෙන් වෛi පහසුකම් සපයන බවද ඇල්ඞීන් පැවසුවේය.
මේ වන විට සරණාගතයින් රැුදී සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙත ප‍්‍රමාණවත් පරිදි පානීය ජලය ලබාදීමට කටයුතු යොදා ඇත. ජලසම්පාදන මණ්ඩලයේ බව්සර් යොදාගෙන සුභසාධන මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ජලය ලබාදීම සදහාද කටයුතු යොදා තිබේ.
මෙම සුභසාධන මධ්‍යස්ථාන වෙත විදුලි බල මණ්ඩලය විසින් විදුලිය ලබාදීමට කටයුතු යොදා ඇතැයිද ඇල්ඞීන් පැවසුවේය.
මුදා නොගත් ප‍්‍රදේශ වල සිටින සිවිල් වැසියන්ට රැුදී සිටීම සදහා ආරක්ෂිත කලාපයක් රජය විසින් ජනවාරි 21 වැනිදා හදුන්වා දුන් අතර පසුව එම ආරක්ෂිත කලාපය වෙනස් කළේය මේ වන විට එම ආරක්ෂිත කලාපය මුලතිව් මුහුදු තීරය ආසන්නයෙන් හදුන්වාදීමට රජය පියවර ගත්තේය.
මේ වන විට එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයේ සිටින රෝගීන් පුත්තුමත්තලාන් වෙත පැමිණෙමින් සිටින බවත් ඔවුන් ක‍්‍රමයෙන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙන ඒමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පෙබරවාරි 13 වැනිදා පැවසුවේය.
ඡායාරූප – රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය



