තවත් රෝගීන් පුත්තුමත්තලාන් වෙත එයි

ICRC in discussions to move more patients out of combat zone.
පුත්තුමත්තලාන් වෙත තවත් රෝගීන් පැමිණෙමින් සිටන බවත් මෙසේ පැමිනෙන රෝගීන් ක‍්‍රමයෙන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙන ඒම සදහා දෙපාර්ශවය සමගම සාකච්ඡුා කරන්නේයැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ප‍්‍රකාශිකා සරසි විජේරත්න පැවසුවාය.
පුත්තුමත්තලාන්හි සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙන ආ නමුත් තවදුරටත් එම ප‍්‍රදේශය වෙත රෝගීන් පැමිණෙමින් සිටින බවද ඇය සදහන් කළාය.
මුලතිව් පුදුකුඩිඉරිප්පු රෝහලට ශෙල් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුව පුත්තුමත්තලාන් වෙත එම රෝහල රැුගෙන ගිය අතර පුත්තුමත්තලාන්හි සිටි රෝගීන් ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් මුහුදු මාර්ග ඔස්සේ රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙන ආවේය .
රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශයට
ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ කොඩි සහිත බෝට්ටුවකික් මේ වන විට දෙවරකදී පුත්තුමත්තලාන්හි සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙනවිත් තිබේ. පෙබරවාරි 10 වැනිදා හා පෙබරවාරි 12 වැනිදා මෙලෙස පුත්තුමත්තලාන්හි සිටි රෝගීන් ති‍්‍රකුණාමලය වෙත රැුගෙන පැමිණියේයැයි විජේරත්න කීවාය.
‘‘පෙබරවාරි 10 වැනිදා අවම වශයෙන් රෝගීන් 240ක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙනවිත් තියෙනවා. පෙබරවාරි 12 වැනිදා රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 400ක් පමණ රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණියා. මේ වන විට රෝගීන් ඇතුළු අවම වශයෙන් 640 දෙනෙකු රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ තිබෙනවා.’’ විජේරත්න කීවාය.
‘‘දෙපාර්ශවය විසින්ම ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ බෝට්ටුවට ගමන්කිරීම සදහා ආරක්ෂිත මාර්ගයක් සකස්කර තිබුනා. වන්නියේ සිරවී සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙන ඒමේදී දෙපාර්ශවයෙන්ම විශාල සහායක් ලැබුනා.’’ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ කොළඹ ප‍්‍රධානී පෝල් කාස්ටෙලා පැවසුවේය.
‘‘බොහෝ අවදානම් තත්වයේ සිටි රෝගීන්ට මේ වන විට ආරක්ෂාවක් ලැබී තිබෙනවා.’’ හෙතෙම පැවසුවේය.

මේ වන විට ති‍්‍රකුණාමලය රෝහල වෙත රෝගීන් දිගින් දිගටම රැුගෙන එමින් පවතින අතර මේ රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට තමන් පියවර ගෙන තිබෙන බවද කාස්ටෙලා පවසන්නේය.
මේ වන විට ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ නියෝජිතයින් පුත්තුමත්තලාන්හි රැුදී සිටින්නේය. නිරන්තරයෙන් එම ප‍්‍රදේශයට පැමිණෙන රෝගීන්ට ප‍්‍රතිකාර කරන සෞඛ්‍ය අංශ වෙත සහාය වෙමින් ඔවුන් සිටින බවද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව කියන්නේය.
‘‘මේ වන විට වන්නිය තුළ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ සියදෙනෙක් පමණ සිටිනවා. ඔවුන් එම ප‍්‍රදේශයෙන් ඉවත්කරගැනීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ.’’ විජේරත්න කීවාය.
යුධ ගැටුම්වලට මැදිව වන්නියේ සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීමට ඇති හැකියාව පිළිබදව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව අවධානය යොමුකර තිබේ.
‘‘වන්නියට මානුශීය ආධාර යැවීමට ඇති හැකියාව පිළිබදවද දෙපාර්ශවය සමගම සාකච්ඡුා කරනවා. මානුශීය ආධාර එම ප‍්‍රදේශ වෙත යැවීම සදහා අපි කටයුතු කරනවා.’’ ඇය කීවාය.
නව යුධ මුක්ත කලාපය
මේ අතර සිවිල් ජනතාව වෙනුවන් මුලතිව් කළපුවෙන් බටහිර මුහුදු වෙරළට වන්නට කි.මී. 12 ක නව ආරක්‍ෂිත කලාපයක් පෙබරවාරි 12 වැනිදා රජය විසින් හදුන්වා දුන්නේය. මුලතිව් නගරයට ඉහළින් පිහිටි වඩුවාකල් සිට පුත්තුමත්තලාන් දක්වා මෙම ආරක්ෂිත කලාපය විහිදෙන්නේය.
වන්නියේ යුධ ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන්ට පැමිණීමට සදහා යුධ මුක්ත කලාපයක් රජය විසින් ජනවාරි 21 වැනිදා හදුන්වා දුන්නේය. නව යුධ මුක්ත කලාපය හදුන්වාදීමත් සමගින් මේ වන විට කි‍්‍රයාත්මක වෙමින් තිබූ යුධ මුක්ත කලාපයන් කි‍්‍රයාත්මක නොවන බවද ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය.
ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මේ යුධ මුක්ත කලාපය පිළිබදව ජාත්‍යන්තර රතුකුරුස කමිටුවට දැනුම්දී ඇති බවය.

පසුගිය සති කිහිපය පුරා වන්නියේ සිරවී සිටි සිවිල් වැසියන් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණියේය. මේ වන විටත් නොකඩවා සිවිල් වැසියන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටී. පෙබරවාරි 12 වැනිදා දවස පුරා වන්නියේ සිරවී සිටි සිවිල් වැසියන් 1657ක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණියේයැයි ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කළේය.
වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන් සමග පැමිණි මරාගෙන මැරෙන බෝම්බකාරියක් පෙබරවාරි නම වැනිදා බෝම්බයක් පුපුරවාගත් අතර මේ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් 10 දෙනෙක් ඇතුළු 30 දෙනෙක් මියගියේය. මේ දිනයේදී පමණක් මුදා නොගත් ප‍්‍රදේශ වල සිට සිවිල් වැසියන් 6599ක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ තිබුනේය.
ඡායාරූප අනුග‍්‍රහය – රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය



