ඔවුන් කරන්නේ ද රැකියාවකි

April 28, 2009 by Editor  
Filed under Featured, Stories

garment-girls-mainLife of the ‘garment girls’

පාසල් අධ්‍යාපනයෙන් පසු ඇඟළුම් ආයතනයක සේවයට ගිය දිමුතු සම්පත්ට රැකියාව හොඳින් කරගෙන යාමට හැකි වුවත් සමාජයෙන් ඔහුට අසන්නට ලැබුනේ ඔහු දිරිමත් කරන ආකාරයේ කථා නම් නොවේ.  ”ඔච්චර ඉගෙන ගත්තේ ඇඳුම් මහන්නද,” සමාජය ඔහුගෙන් ඇසූ පැණය එයයි.

සුළු සේවකයකු ලෙස රැකියාවට ගිය දිමුතු සම්පත්ට ඔහුගේ දක්ෂතාවය නිසාම සේවයේ උසස්වීම් ලැබුණි. නමුත් සමාජයෙන් ඔහුට අසන්නට ලැබුනු කථා එතරම් ප‍්‍රසාදජනක නොවීය.
”මිනිස්සු ගාමන්ට්වල වැඩකරන අය දිහා බලන්නේ ඒ තරම් හොඳ විදියට නොවෙයි.” ඔහු පැවසුවේය.   පිරිමි සේවකයන්ට වඩා කාන්තා සේවිකාවන්ට මේ තත්ත්වය ඩැඩියෙන් බලපාන බවද, දිමුතු සම්පත් පැවසුවේය.

”ඇත්තටම ගාමන්ට්වල වැඩකරන කෙල්ලෝ දිහා සමාජය බලන්නේ අමුතුම විධීයකට ඒ  උනාට ගාමන්ට්වල හොඳ කෙල්ලොත් ඉන්නවා.”  ඔහු කියන විදියට ගාමන්ට්වල ඇඳුම්මහන රස්සාවට විවිධ තරාතිරම්වල තරුණ තරුණීයන් පැමිණේ ඒ අතරින් බොහෝ දෙනා හොඳ අධ්‍යාපනයක් ලබා සිටින වැදගත් පවුල්වල අය වෙති.
”අපිත් එක්ක වැඩ කලා කැම්පස් යන්න ලකුණු දෙක තුන මදිවෙච්ච අයත් ” ඔවුන් පවා ඇඟළුම් කම්හලෙන් එළියට එන විට සාමාන්‍ය මහජනයා සලකන්නේ අනෙකුත් ඇඟළුම් සේවිකාවන්ට සලකන ආකාරයටමය.”ගාමන්ට් ඇතුලෙ ඉන්න අයගෙන් නරක අයට වඩා හොඳ අය ඉන්නවා, හැබැයි ඔක්කොටම එළියෙදි අහන්න වෙන්නේ එකම විධියේ නරක කථා” අධ්‍යාපන මට්ටම අඩු කිසිවක් කරගත නොහැකි ළමුන් මෙහි සිටිනවායැයි සමාජය සිතා සිටියද, මෙම ඇඟළුම් කම්හල් තුළ උපාධිය ලබාගත් මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට ලකුණු එක දෙක මදිවූ තරුණියන් සිටින බවද, ඔහු පැවසුවේය. දිමුතු සම්පත් පැවසුවේය.

මේ රැකියාව කරන අය අතුරින් වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන්වන අතර එයිනුත් සමාජයෙන් වැඩිම නින්දා සහගත කථා අසන්නට වෙන්නේද, ඔවුන්ට බවයි දිමුතු සම්පත් පැවසුවේ. ඒ නිසාවෙන්ම ඔවුන්ගේ වෘත්තිය ගරුත්වයටද, මෙන්ම පෞද්ගලික ආත්ම ගරුත්වයටද, හානි සිදුවෙන බව දිමුතු සම්පත් පැවසීය.

තමන්ගේ අනාගත බලාපොරොත්තු සමඟ පවුලේ සැමගේ ජීවිකාව පවත්වාගෙන යාමට මේ යුවතියන් දැඩි වෙහෙසක් ගනී එලෙස මහන්සිවන මේ තරුණීයන්ට සමාජයෙන් එල්ලවන නින්දා සහගත ඇණුම්පද නිසා ඔවුන්ගේ මනසට දැඩි කලකිරීමක් ඇතිවන බව කෝංගල නිව් ජෙනරේෂන් ඇපරල් ආයතනයේ සේවය කරන මධූකා තිළීණි පැවසුවාය.

ඇය මෙන්ම ඇය සමග සේවය කරන බොහෝ සේවිකාවන්ටද, මෙලෙස නින්දා සහගත ඇනුම්පදවලට මුහුණ දීමට සිදුවී තිබෙන බව කොංගල නිව් ජෙනරේෂන් ඇපරල් ආයතනයේ සේවිකාවක්වන මාලනී අතුකෝරල පැවසුවාය.
”ගාමන්ට්වල වැඩට එන්නේ අහිංසක ගැහැණු ළමයි එයාලට එහෙම සලකන එක ඇත්තටම වැරදියි.” ඇය පැවසුවාය.

”එයාල අපේ රටට සේවයක්නේ කරන්නේ ඒ විධීයට එයාලට සලකන්න හොඳ නැහැ”
තිස්සමහාරාම ප‍්‍රදේශයේ ජීවත්වන සුමනාවතී රණසිංහ ගාමන්ට් රස්සාව කරන යුවතියන් සම්බන්ධයෙන් එලෙස පැවසුවාය. ”අපෙත් දරුවො ගාමන්ට්වල ඉන්නවනේ එහෙම සලකන්න හොඳ නැහැනේ ඒ අයට” ඇය පැවසුවාය.
”පවුලක් ජීවත් කරවන්නේ එයාල ඒ වගේ අයට නරක විධියට කථා කරන එකට මම නම් කැමතිම නැහැ.” සුමනාවතී රණසිංහ එලෙස පැවසුවාය.

ගාමන්ට් ජීවිතය ගත කරන මේ යුවතියන් පිළිබඳව සමාජය බලන්නේ අතිශය වැරදිසහගත කොණයකිනි. මේ පිළීබඳව මිහිරාජ් අබේසූරිය පැවසුවේ මෙවන් කථාවකි.”ඇඟළුම් කර්මාන්තයේ ඉන්නෙ පහත්ම මට්ටමේ අය කියල තමයි සමාජය හිතන්නේ” මේ හේතුවෙන් ඔවුන් සමාජයේ නින්දාවන්ට පත්වන බව ඔහු පැවසුවේය.
අද පවතින සමාජය මේ ගැටළුවේදී සෘජුවම මැදිහත්වන බැවින් මෙම තරුණියන් මුහුණ දෙන නින්දා සහගත කථා අවම කිරීමට සමාජ ක‍්‍රමය වෙනස් කලයුතු බව කොංගල නිව් ජෙනරේෂන් ඇපරල් ආයතනයේ කළමනාකරු සුදත් චමින්ද රත්ණවීර පැවසුවේය.

”ඒ සඳහා රජය සහ අපේ සමාජයේ ජීවත්වන මිනිසුන් ක‍්‍රියාකාරී වෙන්න  ඕණ” ඔහු පැවසුවේය. මෙම කර්මාන්තශාලා තුළ සේවය කරන තරුණීයන්ගේ සහෝදර පිරිස්ද සන්නාලියන්ට නින්දා කරන පිරිසේ සිටින බව ඔහු පැවසීය.”මේ සමාජයේ ඉන්න අයියා කෙනෙක්ගේ නංගි කෙනෙක් අපේ කම්හලේ වැඩකරන්න පුළුවන් හැබැයි ඒ අයියල වෙන නංගිලට කැත කථා කියනවා.” කළමනාකරු පැවසීය.

මේ සමාජය තුළ සිටින්නේ එකිනෙකාට උදවු කරන සමාජයකට වඩා කෙනෙකුගේ විපතක් දුටුවිට සිනහවන පිරිසක් බව ඔහු පැවසුවේය.”අසරණ ඇඟළුම් සේවිකාවක් තරුණ කණ්ඩායමක් එකතුවෙලා අපහසුතාවයට පත්කරන එක මොනතරම් කැත වැඩක්ද” ඔහු ප‍්‍රශ්ණ කරන්නේය.

මෙවැනි අවස්ථාවක යහපත් මිනිසකු ලෙස අසරණ යුවතියගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීමට මැදිහත්වන්නේ නම් එය ඉතා වැදගත් ක‍්‍රියාවක් බව ඔහු පැවසන ලදි.”ඒ උනාට ඒක වෙන්නැහැ කවුරුත් කරන්නේ අහිංක කෙල්ලෙක් අපහසුතාවයට පත්කරල හිනාවෙන එක” ඔහු පවසන්නේය.
සමාජයේදී මෙලෙස තරුණීයන් අපහසුතාවයට පත්කරන පුදුගලයන් සමාජයේ සිටින පහත්ම මට්ටමේ පුද්ගලයන් බවයි ඔහු පවසන්නේ. ”සමාජයේ ඉන්නවා පහත්ම සමාජ තත්ත්වයක ඉන්න මිනිස්සු එයිනුත් කොටසක් තමයි ඔය වගේ වැඩ කරන්නේ.”

”ඒ විධීයට අපිට සලකන එක ඇත්තටම අසාධාරණයි.” මධුකා තිලිණී පවසන්නීය. ඇත්තටම මේ තරුණියන්ට නින්දා සහගත ලෙස කථාකරන්නේ ඇයිදැයි ඇය ප‍්‍රශ්ණ කරන්නීය.
”ගාමන්ට් ඇතුලේ අය මිනිස්සු හිතන විධීයේ අය නෙවෙයි ගාමන්ට් ඇතුලේ ඒ වගේ අය ඇත්තටම නැහැ” මධුකා තිළිණි පැවසුවාය. ”ඒ විධීයට අපේ දිහා බලන්න එපා” මධුකා තිළීණී පැවසුවාය.

”අපේ ගාමන්ට් ඇතුලෙ ඉන්න ළමයින්ට එළියෙදි කෑල්ල වගේ දේවල් කියල එයාලගේ මානසිකත්වය පහතට දාන එක ඇත්තටම හොඳ නැහැ එයාල කරන්නේ රැුකියාවක්නේ” කළමනාකරු සුදත් චමින්ද රත්ණවීර එලෙස පැවසුවේය.

”වෙන ජොබ් එකක් නැති නිසා තමයි ළමයි ගාමන්ට් ජීවිතේට හුරුවෙන්නේ ගාමන්ට් එකක් ඇතුළටම ගිහිල්ල බලන්න  ඕණ ළමයි දුක්විඳින්නේ කොහොමද කියලා. කවදාවත් ඒ මිම්මෙන් ගෑණු ළමයි මනින්න එපා.” මධුකා තිළිණි පවසන්නීය.

  • Share/Bookmark
Creative Commons