සුභසාධන කදවුරුවල වැසිකිළි ගැටලුවක් – ලෝක සෞඛ්‍ය සංවිධානය
Sanitation facilities inadequate at IDP centres – WHO
යුද්ධයෙන් අවතැවන්වී සුභසාධන කදවුරුවල සිටින සිවිල් අවතැවන්වූවන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් හා ජල පහසුකම් ලබාදීමේ ගැටලු පවතින්නේයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වන විට අවතැන් කදවුරුවල සිටින අවතැන්වූවන්ට ප‍්‍රමාණවත් පරිදි වැසිකිළි පහසුකම් නොමැති බවද යුධ ගැටුම්වලින් අවතැන්ව සිටින පුද්ගලයින් පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේය.
වන්නියේ සිට පැමිණෙන අවතැන්වූවන් රදවා ඇති සුභසාධන කදවුරු පහළොවේම අති ස්ථිර වැසිකිළි සංඛ්‍යාව 553කි. තාවකාලික සුභසාධන මධ්‍යස්ථාන දෙකේ ඇති තාවකාලික වැසිකිළි සංඛ්‍යාව 408කි.
රජයේ පාලන ප‍්‍රදේශ වල පවතින අවතැන් කදවුරුවල තිබෙන සුභ සාධන මධ්‍යස්ථාන වල මේ වන විට ඇති වැසිකිළිවල සංඛ්‍යාව අවතැන්වූවන් වෙනුවෙන් පවතින ජාත්‍යන්තර තත්වයට නොගැලපෙන්නේයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර සිටින්නේය.
‘‘(අවතැන් කදවුරුවල) වැසිකිළි 1271ක් තිබිය යුතුයි. වැසිකිළි බෙදා හැරිමේ ගැටලු තියෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
අවතැන් කදවුරුවල පිරිසිදු කම පිළිබදවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමුකර තිබේ.
‘‘පිරිසිදු කිරීම් කදවුරුවල ප‍්‍රධාන ගැටලූවක් වී තිබෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේය.
ජල බවුසර් කදවුරුවලට
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් මේ වන විට සුභසාධන කදවුරු වෙත බවුසර් යොදාගෙන ජලය සපයන අතර දිනකට ජලය ලීටර් මිලියන 2.2කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයෙන් අවතැන් කදවුරු වෙත සැපයෙන්නේය.
දැනට අවතැන් කදවුරු වෙත සැපයෙන ජල ප‍්‍රමාණය සම්බන්ධයෙන් ගැටලූකාරී වාතාවරණයක් ඇතිවී නොමැති නමුත් ඉදිරියේදී එය ගැටලුවක් විය හැකියැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේය.
‘‘අවතැන් කදවුරු වෙත පැමිණෙන අවතැන්වූවන්ගේ් සංඛ්‍යාව ඉහළ යාමත් සමගින් ජලය සැපයීම ගැටලුවක් වෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පවසන්නේය.
ඇතැම් අවතැන් කදවුරුවල ජලය බැසයාමට නිසි ආකාරයේ කානු පද්ධතියක් නොමැතිවීම ගැටලුවක් බවට පත්ව තිබේ. මේ නිසා අවතැන් කදවුරුවල මැසි මදුරු උවදුරු හිස එසවිය හැකි බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා සිටී.
මේ වන විට අවතැන් කදවුරු ආශ‍්‍රිතව බොවන රෝග පැතිරීමේ අවදානමක්ද පවතී. වන්නියේ සිරවි සිටින අවතැන්වූවන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණීම වැඩිවුවහොත් මේ තත්වය භයානක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේය.
රෝගීන්ගෙන් පිරුණු රෝහල්
වන්නියේ සිරවී සිටි සිවිල් වැසියන් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණිමත් සමගින් වව්නියාව හා මන්නාරම ඇතුළු රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියේය.
මේ වන විට වව්නියාව රෝහල ඇතුළු රෝහල්වලට ඇතුළත් කළ හැකි රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් මේ රෝහල් වෙත ඇතුලත් කර තිබේ. ඇදන් 448 ක් ඇති වව්නියාව රෝහලේ අපේ‍්‍රල් 22 වැනිදා වන විට රෝගීන් 1257 දෙනෙක් සිටියේය. මින් රෝගීන් 1110 ක්ම අවතැවන්වූවන්ය. රෝගීන් 131කට ඇදන් පහසුකම් තිබෙන චෙට්ටිකුලම් රෝහලේ රෝගීන් 520ක් නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නේය.
‘‘වව්නියාව රොහලේ ඇදන් සියල්ල එකට එක්කර තිබෙනවා. එය මහා විශාල ඇදක් වගේ තමයි පේන්නේ. ඇදවල් මත පමණක් නොවෙයි ඇදන් යට පවා රෝගීන් ඉන්නවා. සමහරු ඇදන් යට ඉන්නවා.’’ දේශ සීමා රහිත වෛද්‍යවරු නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේය.
අවතැන් කදවුරුවල සිටින රෝගින් පරීක්ෂා කිරීම සදහා වෙද්‍ය කණ්ඩායම් කදවුරු වෙත ගොස් ප‍්‍රතිකාර ලබාදෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේය.
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවැතන්වූ සිවිල් වැසියන් දිගින් දිගටම රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින අතර මේ මේ වන විට 180000කට වඩා වැඩි අවතැන්වූවන් පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ තිබේ.
මොවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ඉල්ලා ඇති අතර මේ වන විට ඇමරිකාව විසින් ජංගම රෝහලක් ලබාදීමට එකගවි ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අපේ‍්‍රල් 23 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය.
A WHO report in the IDPs centers in Vavuniya details inadequate hygiene and sanitation facilities that could lead to spared of diseases




