මගහැරුණු දෙමාපියන් සොයන දරුවන් සිටින අවතැන් කදවුරු
කොළඹ සිට කිලෝමීටර් 250 ක් එපිටින් පිහිටි කුඩා නගරයක් වන වව්නියාවේ සිටින ජනගහනය එක් රැයකදී දස දහස් ගණනින් ඉහළ ගියේය. යුධ ගැටුම් නිසා අවතැන්ව වන්නියේ රැදී සිටි සිවිල් වැසියන් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශය වෙත පැමිණි නිසාය. වන්නියේ සිටි අවතැන්වූවන් ජන ගගක් ලෙසින් වව්නියාවට පැමිණි අතර මේ වන විට වව්නියාවේ පිහිටි අවතැන් කදවුරුවල ඔවුන් රදවා සිටී.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටි සිවිල් වැසියන් දහස් ගණනින් අප්‍රෙල් මාසය අවසානයේ සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි අතර අපේ‍්‍රල් 20 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළදී සිවිල් අවතැන්වූවන් 115,451 දෙනෙක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේය.
මෙසේ පැමිණි අවැතන්වූවන් වව්නියාවේ පිහිටි අවතැන් කදවුරුවල තාවකාලිකව රදවා සිටින්නේය.
‘‘විශාලම කදවුර වන මැනික්ෆාම් කදවුරේ අවතැන්වූවන්ට සිටීමට ඉදිකර ඇති කූඩාරම් විශාල මුහුදක් වගේ තමයි පෙනෙන්නේ. එම කදවුරේ කලාප අංක දෙකේ අලුතින් පැමිණි (අවතැන්වූවන්ට) නවාතැන් ලබාදී තිබෙනවා. අද වන විට අපි තාවකාලික කූඩාරම් 600ක් ඉදිකර තිබෙනවා.’’ කෙයාර් ආයතනය මැයි පස්වැනිදා පැවසුවේය.
අවතැන්වූවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සදහා මේ වන විට හෙක්ටයාර දහස් ගණන් විශාල යන්ත‍්‍ර යොදාගෙන භූමිය ශුද්ධ කරන්නේය. මෙම බිමේ තාවකාලික කූඩාරම් ඉදිකරන අතර අවතැන්වූවන් බස්වලින් කදවුරු වෙත ගෙන එන බවද කෙයාර් ආයතනය පවසන්නේය.
සුභ සාධන කදවුරුවල ජල පහසුව
වන්නියේ සිට පැමිණ සිටින අවතැන්වූවන් සදහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට සහන සංවිධාන මේ වන විට පියවර යොදමින් සිටින්නේය. අවතැන්වී සිටින සිවිල් වැසියන්ගේ අවශ්‍යතාවයන් අතර ජල අවශ්‍යතාවය ඉහළින් තිබෙන්නේය.
‘‘(අවතැන්වූවන්ට) වතුර ලබාගැනීමට ජල මධ්‍යස්ථාන 205ක් යුනිසෙෆ් සංවිධානය සමග එක්ව ලබාදී තිබෙනවා. නමුත් මේ ස්ථාන මඩ වීම වැලැක්වීම සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා. බිම අලුතින් සකස් කළ බිමක් නිසා එය මඩ වීමට ඇති අවස්ථාව බොහෝ ඉහළයි.’’ කෙයාර් ආයතනය පවසන්නේය.
වන්නියේ සිට පැමිණි අවතැන්වූවන් රදවා සිටින කදවුරුවලට ජලය ලබාදීම වැදගත් බව කෙයාර් ආයතනය පවසන්නේය.
‘‘බවුසර් වලින් කදවුරුවටල ජලය ලබාදෙනවා. මේ සිමිත බවුසර් වලින් අවශ්‍ය පරිදි ජලය බෙදා හැරීමට නොහැකියි. ඉදිරියේදී නියං කාලයත් පැමිණෙනවා.’’ කෙයාර් ආයතනය කියන්නේය.
අවතැන්වීසිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීමට සහන සංවිධාන කඩිනමින් පියවර යොදමින් සිටින බව පවසන කෙයාර් ආයතනය සහන සංවිධාන සියල්ලම පාහේ මේ වන විට කාර්යබහුල තත්වයකට පත්ව ඇතැයි පවසන්නේය.
දහස් ගණනින් පැමිණ සිටින අවතැන්වූවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සදහා වව්නියාව හා ඒ අවට ඇති පාසල් රැසක් යොදාගෙන තිබෙන්නේය. මේ නිසා මෙම පාසල් වල අධ්‍යාපනය ලැබූ සිසුන්ට වෙනත් විකල්ප ස්ථානවල පාසල් පවත්වාගෙන යන බව කෙයාර් ආයතනය කියන්නේය.
‘‘ගැටුම් නිසා අවතැන්වූවන්ට නවාතැන් ලබාදීමට වව්නියාව හා ඒ අවට පාසල් යොදාගෙන තිබෙනවා.
අවතැන්වූවන්ට තමන්ගේ පන්ති කාමර ලබාදුන් සිසුන් ගස් යට හා සහන සංවිධාන විසින් ඉදිකර ඇති තාවකාලික කූඩාරම් වල සිටිමින් අධ්‍යාපනය ලබනවා.’’ කෙයාර් පවසන්නේය.
පාසල් වසා ඇතත් වෙනත් ස්ථානවල වසා ඇති පාසල් වල ළමුන්ට අධ්‍යාපනය ලබාදෙන බව කෙයාර් කියන්නේය.
කෑම පෝලිම
වව්නියාවේ තිබෙන සුභසාධන කදවුරුවල රැදී සිටින සියලූම අවතැන්වූවන්ට අවශ්‍ය ආහාර රජයේ ආයතන හා සහන සංවිධාන එකව ලබාදෙන්නේය.
‘‘සහන සංවිධාන හා ආධාර ලබාදෙන පුද්ගලයින් විසින් ලබාදෙන උදෑසන, දහවල් හා රාත‍්‍රී ආහාර ලබාගැනීමට අවතැන්වූවන් පෙළ ගැසී සිටිනවා.’’ අවතැන් කදවුරුවල ආහාර ලබාගැනීමට සිටින ආකාරය පවසන කෙයාර් ආයතනය කියන්නේය.
අවතැන් කදවුරුවල සනීපාරක්ෂාව සම්බන්ධයෙන්ද කෙයාර් ආයතනයේ අවධානය යොමුව තිබෙන්නේය. කසල බැහැර කිරීම සදහා නිසි සැලසුමක් අවශ්‍ය බව කෙයාර් ආයතනය කියන්නේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි බොහෝ දෙනෙකුගේ පවුල් වල සාමාජිකයින් ඔවුන්ට මගහැරී ගොසිනි.
‘‘අපේ වාහනයක් ඉදිරිපිටට දුවගෙන පැමිණි ළමයෙක් වාහනය නවතා යමක් ඉල්ලුවා. ඔහු ඉල්ලුවේ මුදල් හෝ කෑම නොවේ. ඔහු ඉල්ලුවේ තමාගේ දෙමාපියන් සොයාදෙන ලෙසයි.’’ කොයාර් ආයතනය කීය.
වසය අවුරුදු දහයක් පමණ වන එම ළමයා කෙයාර් ආයතනයේ සහන සේවකයින් වෙත පවසා තිබුනේ මෙවන්නකි.
‘‘මගේ දෙමාපියන් මට (යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ විලින් පිටවන අය සමග) පිටතට එන්න කියලා බල කළා. නමුත් ඔවුන්ට එළියට එන්න බැරිවුනා. මගේ අම්මයි තාත්තයි ඉන්නේ කොහේද ඔවුන් ආරක්ෂිතව ඉන්නවාද කියලා මට කියන්න පුලුවන්ද.’’
කෙයාර් ඇසුරිනි
ඡයාරූප-එක්සත් ජාතීන්ගේ අවතැන්වූවන්ගේ සරණාගත කවුන්සිලය





