පැපොල රෝගීන් සදහා වෙනම රෝහලක්
May 12, 2009 by Editor
Filed under Audio Stories, Featured, Stories
Chickenpox spread prevented at IDP camps – Gov
අවතැන් කදවුරු තුළ පැවති බෝවන රෝග අවම කිරීමටත් පැපොල රෝගය අවම කිරීමටත් හැකියාව ලැබි ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය සේවා)වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
”පැපොල රෝගය යම් මට්ටමක පවතිනවා. ඒවට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දෙනවා. අලුතෙන් කණ්ඩායමක් එද්දි ඒ අයට රෝගය හැදිලා එන්නෙ. වෛරස් පිළිබද විශේෂඥ වෙවද්‍ය කණ්ඩායමක් ඉන්නවා. මේ පැපොල රෝගීන් සදහා පුවරාසකුළම් රෝහල වෙන කරලා තියෙන්නෙ.”මහීපාල පැවසීය.
වවිනියාව අවතැන් කදවුරු තුළ පැතිරී ගිය පැපොල රෝගය පසුගිය සති කීපය තුළ දී පහව ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.මේ මස 3 වනදා වන විට අට දහසක් පමණ රෝගින් වාර්තා වී ඇති අතර දිනකට රෝගින් සියයක් පමණ රෝහල් ගත වූ බව එම සංවිධානය පවසයි. වෙනත් ප‍්‍රදේශයන්හි අවතැන් කදවුරු තුළ ද මෙම රෝග තත්වය සුලු වශයෙන් දක්නට ලැබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ .
රෝග වශයෙන් ගත් විට පාචනය, ශ්වසන රෝග (කැස්ස සෙම්ප‍්‍රතිශයාව) හා චර්ම රෝග පවතින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
ලක්ෂ දෙකකට ආසන්න ජන පිරිසක් සිටින ඉතා කුඩා ප‍්‍රදේශයක මෙවැනි රෝග පැතිරයාම වේගවත් බවයි මහීපාල පවසන්නේ .
“වසංගත තත්වයක් නැහැ. අවශ්‍ය ඖෂධ සියල්ල යවලා තියෙන්නෙ. සෑම සති අන්තයකම සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් ගිහින් සොයා බැලීම් කරනවා. සම්බන්ධීකාරක නිළධාරීන් පරීක්ෂා කරලා තියන අඩුපාඩුකම් කියනවා.” මහීපාල පැවසිය.
මැස්සන් හා මදුරුවන් බෝවීමේ ඉඩ කඩ වැඞී
ඉතා යහපත් සෞඛ්‍ය වැඩ පිළිවෙලක් පවතින නිසාවෙන් සිල්ල නිසි ආකාරව සිදු වන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ.
“තවත් ඇදන් විස්සක් පමණ තියන රෝහලක් වෙනම තියනවා. හදිසි අවස්ථාවක භාවිතයට ගන්න. පොඩි ශෛල්‍ය කර්ම කරන්න, සේලයින් දෙන්න.” මහීපාල පැවසීය.
වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකයින් ස්වෙච්ඡා සේවකයින් නිසාවෙන් කදවුරු තුළ සෞඛ්‍ය තත්වය නිසි ආකාරව පවත්වා ගන යාමට හැකියාව ලැබී ඇති බවයි මහීපාල පවසන්නේ.
“ගැබිනි මව්වරුන්ට සායන දරුවන්ට අවශ්‍ය එන්නත් ලබාදීම් හා ති‍්‍රපෝෂ හා පෝෂණීය ආහාර ලබා දීම් නිසි පරිදි සිදු වෙනවා. පානිය ජලය හා සනිපාරක්ෂක කටයුතු අවශ්‍ය තැන් වලට දැනුම් දීලා ජලය පිරිසිදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් ආදියත් ලබා දීලා තියෙන්නෙ.” මහිපාල පවසන්නේය.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් හා වොෂ් ආයතනය මගින් මෙම කදවුරු සදහා ජල පහසුකම් ලබාදෙන බවත් එහෙත් ජලාප‍්‍රවාහන ගැටලු නිසාවෙන් මැස්සන් හා මදුරුවන් බෝවීමට ඇති ඉඩ කඩ වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.




