ඩෙංගු වසංගතයක් බවට පත්වේ
Dengue now an epidemic – Health Min
ඩෙංගු රෝගය වසංගත තත්වයක් ලෙස ව්‍යාප්ත වීමක් මේ වසර තුළ දැකිය හැකි බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල පවසයි. මේ වන විට 2008 වසරට වඩා සියයට 50ක රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මහීපාල පවසන්නේ.
”ලංකාවෙ මේ මාස කීපය ඇතුළත අසූ දෙනෙක් මිය ගිහින් තියනවා.හයදහස් හත්සිය දාහතරක් රෝගීන් ඉන්නවා. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ හැම තැනම මේක දැන් වසංගත තත්වයක් බවට පත්වෙලා.”
දේශගුණි විපර්යාසද මේ සදහා හේතුවක් වී ඇති බවයි මහීපාල පවසන්නේ.
”කදුකර ප‍්‍රදේශ වලින් කවදාවත් ඩෙංගු වර්තාවෙලා නැහැ. මේ කාලේ ඒ ප‍්‍රදේශවලිනුත් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. දේශගුණික විපර්යාස නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.දේශගුණික තත්වය වෙනස් වෙන්නෙත් මිනිස්සු නිසාමනේ.” මහීපාල පවසයි
ළමයින් ආරක්ෂා කර ගැනිම දෙමව්පියන්ගේ වගකීමක්
වර්ග හතරකට වෙන් කරන ඩෙංගු රෝගයේ මෙවර දෙවන හා තෙවන වර්ගයේ රෝගින් ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි වෛද්‍ය මහීපාල පවසන්නේ.
මෙම රෝගී තත්වයන් ඇතිවිම නිසාවෙන් මෙය වසංගතයක් බවට පත්ව තිබෙන බවත් එම තත්වයන්ගෙන් තුන් වන තත්වයේ රෝගීන් ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි වෛද්‍ය මහීපාල පවසන්නේ.
”මේ වතාවෙ වැඩියෙන්ම ඉන්නෙ පුංචි දරුවො. දෙමව්පියන්ට වගකීමක් තියනවා ළමයිව ආරක්ෂා කර ගන්න ඕන නම් වට පිටාව පිරිසිදු කරන්න.”
ජලය රැස්වන ස්ථාන වල මෙම මදුරුවන් බෝවන නිසාවෙන් එවැනි ස්ථාන විනාශ කර දැමීමට හෝ එවැනි ස්ථාන ඇති වීම වැළැක් වීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් දි ඇති නමුත් ඒවා ක‍්‍රීයාත්මක නොවන බවක් දක්නට ලැබෙන බවයි මහීපාල පවසන්නේ.
මෙම රෝගය වළක්වාලිම සදහා පාසල්,පලාත් පාලන ආයතන ,මධ්‍යම පළාත් පරිසර අධිකාරිය හා සර්වෝදය වැනි සංවිධාන සමග අන්තර් පාර්ශවිය සම්බන්ධීකාරක මණ්ඩලයක් මගින් පරිසරය පිරිසිදු කිරීම සදහා අවශ්‍ය උපදෙස් හා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් යොදා ඇති බවයි ඔහු පවසන්නේ.
”වෛරස් රෝග වලට විශේෂ ප‍්‍රතිකාර නැහැ. විනාඩි 15 න් 15ට නාඩි බැලීම් සිදු කරමින් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීම සිදුකළ යුතුයි. වෛi වරුන්ට කරන්න පුලුවන් එපමණයි. ඒවට අවශ්‍ය උපදෙස්, උපකරණ, වෛද්‍යවරු සියල්ල සූදානම් කරලා තියනවා. ඒත් ඉතින් ඒවම විතරක් ප‍්‍රමාණවත් නැහැ.”
ක්ෂණික පියවරයන් නැත
මීට අමතරව මෙය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබද අවශ්‍ය උපදෙස් ලබාදීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් යොමු කර ඇති අතර ඩෙංගු වළක්වා ගැනීම සදහා කිසිදු ක්ෂණික පියවරයන් නොමැති බවත් වෛද්‍ය මහීපාල පවසයි.
ඩෙංගු තත්වයෙන් මිදීමට නම් මහජනතාවගේ සහයෝගය උපරිමයෙන් අවශ්‍ය බවයි වෛද්‍ය මහීපාල වැඩිදුරටත් පවසන්නේ.
”ඩෙංගු පිලිබද දැනුම තිබුණට මදි. එය ක‍්‍රියාත්මක කළ යුතුයි.හැමදාම කියනවා වගේ වතුර එකතු වෙන ස්ථාන අවම කරන්න නෙවෙයි නැති කරන්න උත්සහ ගන්න. පරිසරය හා සම්බන්ධ දේවල් අමාත්‍යාංශයට කරන්න බැහැ.මහීපාල පැවසිය.
ඩෙංගු මදුරුවාගේ ජීවන චක‍්‍රය දින දහයකදි ක‍්‍රියාත්මක වන නිසාවෙන් දින හතේදි වත් ජලය ස්ථිරවම පවතින එනම් මල් බදුන් මාලු ටැංකි ආදිය පිරිසිදු කිරීම සිදු කළ යුතු බවත් ඉවත දමන අපද්‍රව්‍ය නිසි කළමණාකරණයකින් කළ යුතුබවත් නැවත නැවත සිහිගන්වන බව වෛද්‍යවරයා පැවසීය.
”හොදම දෙය තමයි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන එක. ටයර්, පොල්කටු වගේ වතුර එකතු වෙන තැන් විනාශ කරන්න ඕන අපිමයි”.මහීපාල පැවසීය.
Health authorities have recorded a 50% increase in the number of dengue patients this year in comparison to 2008.
Deputy Director, Public Health Services, Dr. Palitha Maheepala said dengue has shown signs of turning into an epidemic this year.
Dr. Maheepala said of the four types of dengue, the number of patients suffering from the second and third types of dengue have seen an increase.
“The most affected this time are the children. If parents want to protect their children they have to keep their surrounding environment clean,” he said.
According to Dr. Maheepala, since there is no treatment for viral ailments, doctors could only check the patients pulse every 15 min and provide the necessary treatment.
He added that maximum public support would be necessary to eradicate dengue.



