ඉදිරි සති දෙක ඇතුළත අවතැන්වූවන් හතළිස් දහසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්වී යුධ ගැටුම් පවතින ප‍්‍රදේශවල සිරවී සිටින සිවිල් වැසියන් හතළිස්දහසක් ඉදිරි සති දෙක ඇතුළතදී රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණිය හැකියැයි අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
‘‘ඉදිරි සති දෙක ඇතුළත අවතැන්වූවන් හතළිස්දහසක් පමණ ගැටුම් පවතින ප‍්‍රදේශ වලින් පිටතට පැමිණිය හැකියැයි අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා ප‍්‍රකාශ කර තිබෙනවා. මොවුන් (වවිනියාව) මැනික්ෆාම් අවතැන් කදවුරේ කලාප අංක හතරේ රදවන බව අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා නිවේදනය කර තිබෙනවා.’’
වන්නියේ තත්වය පිළිබද නවතම තත්ව වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැයි 3 වැනිදා පැවසුවේය.
පැමිණෙන අවතැන්වූවන්ට අලුතින් කූඩාරම් හාරදහසක්
යුධ ගැටුම් වලට මැදිවී සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙතැයි තක්සේරුකර ඇති අවතැන්වූවන්ට අවශ්‍ය කූඩාරම් තැනීමටද සහන සංවිධානවලින් ඉල්ලීමක්ද කර තිබේ.
‘‘මැනික්ෆාම් සරණාගත කදවුරේ තාවකාලික කූඩාරම් හාරදහසක් ඉදිකරන ලෙස අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා ඉල්ලා තිබෙනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව සදහන් කළේය.
මේ වන විට යුධ ගැටුම් වලට මැදිව එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශ වල සිටින අවතැන්වූවන්ගේ සංඛ්‍යාව පහළොස්දහසත් විසි දහසත් අතර වන බව රජයේ තකසේරුවයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේරුවට අනුව මේ වන විට වන්නියේ සිටීන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව පනස් දහසක් වෙයි.
දිගින් දිගටම ක‍්‍රියාත්මක යුද ගැටුම් හමුවේ අවතැන්වූවන් අපේ‍්‍රල් මාසය අවසානයේ වැඩි වශයෙන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි අතර 2008 ඔක්තෝම්බර් මාසයේ සිට 2009 අපේ‍්‍රල් මාසය දක්වා වන කාලය තුළදී අවතැන්වූවන් 172,291 දෙනෙක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේය.
ගැටුම් නිසා අවතැන්ව එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයේ සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි සිවිල් වැසියන් කිසිවෙක් මේ වනවිට අතරමැදි කදවුරුවල රදවා නැතැයිද රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා තිබුනේය.
’‘මැයි තුන් වැනිදා වන විට ගැටුම් පවතින ප‍්‍රදේශ හා කිළිනොච්චියේ සිට ඕමන්තේ දක්වා වන අතරමැදි කදවුරුවල කිසිදු අවතැන්වූ පුද්ගලයෙක් නොමැති බව රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා තිබෙනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ නවතම තත්ව වාර්තාවේ සදහන් විය.
මේ වන විට වව්නියාව මැනික්ෆාම් සාභසාධන ගම්මානයේ සිටින අවතැන්වූවන් පිළබදව වන නවතම වාර්තාවන් අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා ඉදිිරිපත් කර තිබුනේය. මේ වන විට මැනික්ෆාම් සුභසාධන ගම්මානයේ පමණක් අවතැන්වූවන් 122,880 ක් රැදී සිටින බව අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා පවසා තිබුනේය.
‘‘මැනික්ෆාම් ගම්මානයේ මේ වන විට අවතැන්වූවන් 22,395 දෙනෙක් සිටිනවා. කලාප අංක එකේ 11,416 ක් හා කලාප අංක දෙකේ අවතැන්වූවන් 50,698 දෙනෙක් සිටිනවා. කලාප අංක තුනේ අවතැන්වූවන් 38,371 දෙනෙක් සිටිනවා.’’ අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේය.
සුභසාධන කදවුරුවලට පොලිස් ස්ථාන
මේ වන වන විට අවතැවතැන්වූවන් රදවා සිටින සුභසාධන ගම්මානයන්හි පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර ගන්නා බවද අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා නිවේදනය කළේය.
‘‘මැනික්ෆාම් සුභ සාධන ගම්මානයේ සෑම කලාපයකම පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. මේ වන විටත් මේ සුභ සාධන කදවුරුවලට පැය විසිහතරේම පොලිස් මුර සංචාර ක‍්‍රියාත්මක වෙනවා. ’’ අවතැන්වූවන් පිළිබද නිසි බලධාරියා උපුටාදක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාව පැවසුවේය.
අවතැන්වූවන්ගේ සියලුම පැමිණිලි මෙම පොලිස් ස්ථාන වෙත සෘජුවම යොමුකරන්නැයි මානුශීය සහනාධාර සංවිධාන අවතැන්වූවන්ට දන්වන ලෙසද ඉල්ලා සිටින්නේය.
යුධ ගැටුම් නිසා අවැතන්වී සිටින්නන් සදහා අවශ්‍ය මානුශීය සහනාධා ලබාදීම සදහා 2009 වසරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ඩොලර් 155,197,462ක් ඉල්ලා ඇති අතර මේ වන විට ඔවුන්ට ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් 48,019,611ක මුදලක් පමණි.
‘‘මැයි පළමුවැනිදා වන විට මානුශීය සහනාධාර ලබාදීමට ඉල්ලා ඇති මුදලින් සියයට තිස් එකක් පමණයි ලැබී තිබෙන්නේ.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේය.
මීට අමතරව ජපාන රජයෙන්ද අවතැන්වූවන්ට සහනාධාර ලබාදීමට එකගවී ඇති අතර ජපානය ඇමරිකානු ඩොලර් මිලියන හතරක් අවතැන්වූවන්ට සහනාධාර ලබාදීමට වෙන්කරන බවද පැවසුවේය.
ඡායාරූප-රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
The number of displaced civilians in the north who would arrive in government-controlled areas during the next two weeks could reach up to 40,000, the UN quoting the Competent Authority on Civilians stated.
The UN quoting the Competent Authority has also said that currently there are 122,880 civilians at the Menik Farm welfare camp for IDPs.
According to UN statistics, 172,291 civilians have moved into government controlled areas from the uncleared areas between October 2008 and April 2009.
Meanwhile, the Competent Authority has stated that a police station would be set up in each zone at the Menik Farm welfare camp.





