අවතැන් කදවුරු තුළ සරම්ප හා පාචනය පැතිරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය

May 6, 2009 by Editor  
Filed under Featured, Stories

helth-main

Threat of measles at IDP centres-Govt.

යුධමුක්ත කලාපයේ සිරවී සිට පැමිණෙන සිවිල් ජනතාව අතර සරම්ප රෝගය විශාල වශයෙන් පැතිර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. යුධ මුක්ත කළාපයේ සිර වී සිටි කිසිවකුට තම අවශ්‍යතාවයන් පරිදි භාවිත කිරීමට ජලපහසුකමි නොමැති නිසා මෙවැනි තත්වයක් උදා වී ඇත .වසංගත රෝග තත්වයක් නොතිබුණද පානීය ජලය සදහා ලුණු වතුර උණුකර භාවිතයට ගන්නා නිසාවෙන් පාචන තත්වයකට මුහුණදීමට සිදුව ඇත.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිළධාරීන් පැය විසිහතර පුරා සායන මධ්‍යස්ථාන වල කි‍්‍රයාකාරීව සිටින නිසාවෙන් ගැටථ අවම කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශ පවසන්නේ.

පවුල් සෞඛ්‍ය සේවකයන් හාවෛද්‍යවරුන් හා හෙදියන් අවශ්‍ය පරිදි යොදවා ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ. මෙම අවතැන් කදවුරු තුළ ප‍්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 17 හා ජංගම රෝහල් 6 ද කි‍්‍රයාත්මක කර ඇත. ඊට අමතරව වෛද්‍යවරු 232  මෙම කදවුරු තුළ සේවය සදහා යොදවා ඇත. මෙම වෙද්‍යවරුන් යෙදවීමත් සමග අවතැන් ජනතාව සදහා සේවයට අවශ්‍ය වෛද්‍යවරුන් ප‍්‍රමාණයේ විශාල වෙනසක් සිදුව ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ. වෛද්‍යකාර්ය මණ්ඩලයට අමතරව ලබා දුන් පිරිස් හා ස්වෙච්ඡා සේවකයින් ද සිටින නිසාවෙන් මෙම කාර්ය නිසිපරිදි කරගන යාමට හාකියාව ලැබී ඇත.

මේ වන විට පදවිය මූලික රෝහලෙහි ප‍්‍රධාන සැත්කම් 5ක් හා සුථ සැත්කම් 49 සාර්ථකව සිදු කිරීමට හැකිවී ඇත.
චෙඞ්ඩිකුලම් රෝහලේ ප‍්‍රංශ වෛද්‍යවරු 25 දෙනකුගේ සහය ද දේශීය වෛද්‍යවරුන්ගේ සේවයද ඇතිව නිසි ආකාරව ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීමට හැකි වී ඇත.

සෞඛ්‍ය ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි වෙනත් රෝහල් වෙත අවතැන් වූ රෝගීන් මාරුකර යැවීමට හැකි වී ඇත. මේ නිසා කුරුණෑගල සහ දඹුල්ල රෝහල වෙත රෝගීන් මේ වන විට මාරුකර යවා ඇත.

වෙනදා සති දෙකකට වතාවක් ඖෂධ ලොරි උතුරට යැවූ අතර එහෙත් පසුගිය සතිය ඇතුළත ඖෂධ ලොරි 6 යැවිමට සිදු වූ බවයි අමාත්‍යාංශය පවසන්නේ.

චෙන්ඩිකුළම් රෝහලට අවශ්‍ය ඖෂධ ප‍්‍රංශ රජය මගින් ලබා දෙන අතර පුල්මුඩේ රෝහලට ඉන්දියානු රජය කෝටි 30 ඖෂධ ගෙන්වා ඇත.

එල්. ටී. ටී. ඊ. යෙන් බේරීම සදහා යුධ කළාපයේ කාන්තාවන් ගැබ් ගනී

කිසිම රෝහලක අඩුපාඩුවක් නොවන්නට අමාත්‍යාංශය සම්බන්ධීකාරක නිළධාරීන් පත් කර ඇත. එමෙන්ම උපත්පාලන ක‍්‍රම හා කාන්තාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මේ වන විට අවතැන් කදවුරු වෙත යවා ඇත.
අවතැන් කදවුරු තුළ විසිරී සිටින පවුල් නැවත එක් කදවුරක් තුළට ගෙන ඒමට අමාත්‍යාංශ්‍ය මගින් පියවර ගෙන ඇත. එමෙන්ම මෙම පවුල් විසිරීම නිසාවෙන් කදවුරු තුළ සිටින සාමාජිකයන්ගේ මානසිකත්වය අවපීඩන තත්වයකට පත්ව ඇති නිසාවෙන් ඔවුන්ගේ මානසික තත්වය නන්වාලීම සදහා මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු සහ මානසික වෙද්‍යවරු පනස්දෙනෙකු උතුරට යැවීමට  තීරණය කර ඇත .

එල්. ටී. ටී. ඊ. යෙන් බේරීම සදහා යුධ කළාපයේ කාන්තාවන් හා තරුණියන් විශාල වශයෙන් ගැබ් ගැනීම් වලට ලක්ව ඇති නිසාවෙන් ඔවුන්ගේ පෝෂණ මට්ටම පිරිහී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

එයට පිළිතුරු වශයෙන් අධිපෝෂණ බිස්කට් ඖෂධ හා කිරි වර්ග ලබා දීමද සිදුකරන අතර එම ආහාර සෞඛ්‍ය කාර්යමණ්ඩලය ඉදිරියේම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි වැසිකිලි සියයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව මෙම කදවුරු ප‍්‍රදේශයන්හි  ඉදිකිරිමට නියමිත අතර කසළ බැහැර කිරීම සදහා පෞද්ගලික අංශයට හෝ බාර කිරීමට තීරණය කර ඇත .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීළග බලාපොරොත්තුව වන්නේ ඇදන් දහසක  ජංගම රෝහලක් ඉදිකිරීමය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හා දේශ සිමා රහිත වෛද්‍යවරුන් ඇදන්  සියයක ජංගම රෝහල් දෙකක් ලබා දීමට පොරොන්දු වී ඇත.

මේ අතර දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ හදිසි අවශ්‍යතා කළමණාකරු ලෝරන් කූනී පවසන්නේ සති දෙකකට කළින් තිබූ තත්වයට අනුව දැන් කදවුරු තුළ පවතින තත්වය සුබදායක  බවය. මින් ඉදිරියට අවතැන් ජනතාව වව්නියාවට පැමිණියද එම හදිසි අවස්ථාවට මුහුණ දිම සදහා  ඔවුන් සූදානමින් සිටින බවයි කූනී පවසන්නේය.

ඡායාරූප – ආරක්ෂක අමාත්‍යාංශය

Civilians arriving in government controlled areas from the no-fire zone suffer from measles and diarrhea, the Health Ministry said.

The lack of proper water supplies has been attributed by the Ministry as the cause for these infections to spread among the displaced civilians.

The Ministry says the situation has been brought under control by health officials including 232 doctors working round the clock in 17 primary health centers and 6 mobile hospitals set up within the IDP camp.

Specialized psychiatrists have also been deployed to the camp to treat civilians suffering from depression due to separation from families. The Ministry has also sent contraceptives and sanitary items for women in the camp.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.