සුභසාධන කදවුරුවල තත්වය සතුටුදායක නැතත් අවැත්වූවන් සතුටින් ඉන්නවා – යසුශි අකාශි
IDP camps in Vavuniya not perfect, but people are happy – Yasushi Akashi
දිගින් දිගටම උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්වන එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයේ සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින අවතැන්වූවන් රදවා තිබෙන අවතැන් කදවුරුවල තත්වය සතුටුදායක නොවන නමුත් එම කදවුරුවල සිටින අවතැන්වූවන් සතුටින් සිටින්නේයැයි ලංකාවේ සිදුකළ නිල සංචාරය අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජපානයේ විශේෂ සාම නියෝජිත යසුශි අකාශි පැවසුවේය.
”ගැටුම් පවතින ප‍්‍රදේශ වලින් පිටතට පැමිණීමට හැකිවීම නිසා සුභසාධන කදවුරුවල සිටි අවතැන්වූවන් සතුටින් ඉන්නවා.’’ ආකාශි කීවේය.
17 වැනි වතාවටත් ලංකාවේ නිල සංචාරයක යෙදුන අකාශි, මෙම සංචාරය අතරතුරේදී වව්නියාවේ පිහිටි අවතැන් කදවුරුවල තත්වය පිළබදව නිරීක්ෂණය කිරීම සදහා සංචාරයක නිරතවූ අතර රජයේ නියෝජිතයින් සමග ද සාකච්ඡා පැවැත්වූයේය.
”එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු කිරීමෙන් ලත් අත්දැකීම් මට තියෙනවා. මම ලෝකයේ විවිධ රටවල් වල අවතැන් කදවුරු නිරීක්ෂණය කර තියෙනවා. මේ අත්දැකීම් අනුව (වව්නියාවේ) තිබෙන අවතැන් කදවුරු වල තත්වය යහපත් යැයි මට කියන්න බැහැ.’’ අකාශි කියන්නේය.
අවතැන් කදවුරුවල තත්වය යහපත් නොවන නමුත් අවැතන්වූවන්ට අවශ්‍ය සහන සේවා ලබාදීම සදහා රජය ගන්න උත්සාහය ජපානයේ විශේෂ සාම නියෝජිතයාගේ අගය කිරීමට ලක්වූයේය.
‘‘සීමිත සම්පත් මධ්‍යයේ අවතැන්වූවන්ට අවශ්‍ය සහන සේවා සැපයීමට රජය උපරිම ආකාරයෙන් කටයුතු කර තිබෙනවා.’’ ආකාශි පැවසුවේය.
රජය උපරිම ආකාරයෙන් අවතැන්වූවන්ට සලකනවා
වව්නියාවේ මේ වන විට පවත්වාගෙන යන සුභ සාධන කදවුරුවලට රජය විසින් සපයාදී ඇති පහසුකම්ද අකාශිගේ අගයකිරීමට ලක්වූවේය.
‘‘අවතැන් කදවුරුවල වෘත්තීය පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක වෙන ආකාරය මම දැක්කා. ඒ වගේම ළමුන්ට (ළමුන්ගේ අධ්‍යාපනයට) පන්ති ආරම්භ කර ඇති ආකාරයත් මම නිරීක්ෂණය කළා.’’ හෙතෙම කීවේය.
වන්නියේ සිට පැමිණි අවතැන්වූවන්ට අවශ්‍ය මානුශීය සහනාධාර සැපයීමට ඔවුන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙත යෑමට මානුශීය සංවිධාන ඇත්තේ අඩු අවස්ථාවකි. මේ පිළිබදව ජාත්‍යන්තර ප‍්‍රජාවේ දැඩි අවධානය යොමුව ඇති අතර අකාශිද මේ පිළිබදව අවධානය යොමු කළේය.
‘‘අවතැන්වූවන් රදවා සිටින සුභසාධන කදවුරු වලට ජාත්‍යනත්ර සහන සංවිධානවලට ගොස් සහන සැලසීමේ අවස්ථාව ලබාදිය යුතුයි.’’ අකාශි කීය.
වන්නියේ සිට පැමිණි අවතැන්වූවන්ට අවශ්‍ය මානුශීය සේවා සැපයීමට දකුණේ ජනතාව පෙළ ගැසී සිටින අතර මේ සබැදියාව පිළිබදවද අකාශිගේ අවධානය යොමුවූයේය.
‘‘උතුරේ අවතැන්වූවන්ට දකුණේ ජනතාව ආධාර එක්රැස් කරන ආකාරය දකින්න පුලුවන්.’’ ජපානයේ විශේෂ සාම නියෝජිතයා සදහන් කළේය.
දැනට සුභසාධන කදවුරුවල සිටින අවතැන්වූවන් යළි පදිංචි කිරීමට කටයුතු කරන ආකාරය පිළිබදව තමන් ජපානයේ විශේෂ සාම නියෝජිතයා දැනුවත් කළ බව අකාශි සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් විදේශ කටයුයතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසුවේය.
”2009 වසර අවසන් වන විට අවතැන්වී සිටින ජනතාවගෙන් සියයට අසූවක් පමණ නැවත, ඔවුන් මුලින් පදිංචිවී සිටි ස්ථානවලම පදිංචි කරන බව දැනුම්දුන්නා. සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළබදවත් මා ජපානයේ විශේෂ සාම නියෝජිතයා දැනුවත් කළා.’’ බෝගොල්ලාගම කීය.
යුද්ධය නිසා ජපානය ආධාර කපන්නේ නැහැ
ලංකාවට ආධාර ලබාදෙන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින සම සභාපති රටවල් අතරට ජපානයද එක්වන නිසා අකාශිගේ සංචාරය හා ලංකාවට ලැබෙන ආධාර අතර පවතින සම්බන්ධතාවය පිළිබදවද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුනේය.
‘‘රජයට ආත්ම ආරක්ෂාව සදහා සිවිල් වැසින් ආරක්ෂා වෙන පරිදි යුද්ධ කළ හැකියි. එවැනි ක‍්‍රියාමාර්ග හමුවේ ආධාර කපා හැරීමට කටයුතු කරන්නේ නැහැ.’‘ අකාශි කීය.
ලංකාවේ සාමකාමී වාතාවරණයක් මේ වන විට ක‍්‍රියාත්මක වන නමුත් ජපානයෙන් ලැබෙන ආධාර පිළිබදව වෙනසක් සිදු නොවන බව හෙතෙම සදහන් කරන්නේය.
වනියේ සිට පැමිණෙන අවතැන්වූවන්ට සහන ලබාදීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන හතරක මුදක් ලබාදෙන බව ජපන් රජය නිවේදනය කලේ අකාශිගේ ලංකා සංචාරය අතර තුරදීමය.
”සාමය ඇතිවිට වැඩියෙන් ආධාර ලැබෙනවා. සාමය අඩුවිට ලැබෙන ආධාර ප‍්‍රමාණය අඩුවෙනවා. නමුත් මෙසේ උවත් ජපානය මේ ප‍්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නැහැ.’’ අකාශි කියන්නේය.
සාමය පැවති අවස්ථාවේ ආධාර ලබාදෙන සමුළුවට එල්.ටී.ටී.ඊ. සංවිධානය පැමිණ නොතිබුන බවටද අකාශි චෝදනා කළේය.
ඡායාරූප-සේව්ද චිල්ඩ්රන්
Japanese Special Peace Envoy Yasushi Akashi has called for wider access for international aid agencies to the IDP camps in the north.
Following a visit to the camps, Akashi said that although the camps did not meet the requirements of the displaced, they seemed happy to be in government controlled areas.
However, the envoy noted that the Japanese government would not slash aid due to Sri Lanka, as the government seemed to be in a position to carry out the war with confidence while protecting the civilians.
Akashi made these statements at the conclusion of his 17th visit to the country last week.



