අවතැන් කදවුරු වෙත යාමට අවශ්‍යතාවය පරිදි අවසර දෙනවා

June 9, 2009 by Editor  
Filed under Featured, Stories

mahinda-samarasingha-main

Not unfettered, but access as appropriate – Gov

උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාදන කදවුරුවෙත යාමට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ජාත්‍යන්තර මානුශිය සහන සේවා ආයතන දිගින් දිගටම ඉල්ලා සිටින අවස්ථාවේදී එම කදවුරු වෙත යාමට අසීමිත අවස්ථාවක් ලබාදීමට සූදානම් නැතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.

‘‘අවතැන් කදවුරු වෙත යාමට එක්සත් ජාතීනගේ සංවිධානය, ජාත්‍යන්තර රතුකුරුස කමිටුව හා ජාත්‍යන්තර සහන සේවා ආයතන වලට අසීමිත අවස්ථාවක් ලබාදීමට අපි සූදානම් නැහැ.’’ සමරසිංහ කීවේය.

ස්වාධීන රටකට එවැනි අවස්ථාවක් ලබාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ නිසාවෙන් අවතැන්වූවන් රදවාසිටින සුභසාධන  කදවුරුවෙත යාමට මෙම සංවිධාන වෙත අසීමිත අවස්ථාවක් ලබා නොදෙන බවද අමාත්‍යවරයා කීය.

සහන සංවිධාන රජය කියන විදියට වැඩකළ යුතුයි

ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති විවාදයේදී අවතැන් කදවුරුවෙත සහන සංවිධාන වෙත යාමට අවස්ථාව ලබාදිය යුතු බවට වන යෝජනාව ඉදිරිපත්වූ අතර එම යෝජනාවට ලංකාව හා ලංකාවට සහාය දක්වන රටවල් සිය විරෝධතාවය දක්වා තිබුනේය.

‘‘මේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත් වුනා. නමුත් කදවුරු වෙත යාමට අවස්ථාව ලබාදීමට අසීමිත අවස්ථාවක් ලබාදීමට අපි සූදානම් වුනේ නැහැ.’’ අමාත්‍යවරයා කීවේය.

කිසියම් සංවිධානයක් ලංකාවට පැමිණ වැඩ කටයුතු කරන්නේනම් රජය පවසන ආකාරයට එම වැඩකටයුතු සිදුකළ යුතුව ඇතැයිද සමරසිංහ කීවේය.

‘‘කවුරුහරි මේ රටේ වැඩ කරනවානම් අපි කියන විදියට වැඩ කරන්න  ඕන. නැත්නම් අපි කාගෙවත් අතකොළු වෙනවා. ඔවුන්ට  ඕන විදියට අපේ රටට ඇවිත් වැඩ කරන්න අවස්ථාව දෙන්න බැහැ. ඒ බව අපි පැහැදිළිවම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කිව්වා.’’ අමාත්‍යවරයා කීවේය.

මේ වන විට අවතැන් කදවුරුවෙත ගොස් සහන සේවා සැපයීම සදහා සිය සංවිධානය කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා මේ වන තෙක් තමන්ට ගැටලූවක් ඇතිවී නැති බවත් සේව් ද චිල්ඩ්රන් ආයනතයේ ප‍්‍රකාශිකා මේනකා කළ්‍යාණරත්න පැවසුවාය.

‘‘මානුශිය සහන සේවා සැපයීම වගේම ජාතික ආරක්ෂාවත් මෙහිදී වැදගත් වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබදව සැලකිළිමත් වෙමින් මෙම සහන සේවා කටයුතු සිදුකළ යුතුයි.’’ කළ්‍යාණරත්න කියන්නීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන සේවා

යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සේවා සැපයීම සදහා අවතැන් කදවුරු වෙත යාමට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම ඉල්ලා සිටින අතර ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාගේ ප‍්‍රධාන ඉල්ලීමක් වූයේද අවතැන් කදවුරු වෙත යාමට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස වන ඉල්ලීමයි.

කිමූන්ගේ මෙරට සංචාරයෙන් අනතුරුව අවතැන් කදවුරු වෙත යාමට වැඩි අවස්ථාවක් හිමිවූ බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී නීල් බියුනේ පැවසුවේය.

‘‘මේ වන විට අවතැන් කදවුරු වෙත යාමට වැඩි අවස්ථාවක් හිමිවී තිබෙනවා. නමුත් තවදුරටත් අවතැන් කදවුරු වෙත සහන කණ්ඩායම්වලට යෑමට වැඩි අවස්ථාවක් ලබාදීමේ අවස්ථාව තිබෙනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රකාශක ගෝඩ්න් වයිස් කියන්නේය.

කිසියම් සහන සංවිධානයක් ලංකාවට පැමිණ සහන සේවා කටයුතුවල නිරත වන්නේ නම් රජය විසින් සකස්කර ඇති ජාතික රාමුව තුළ සිටිමින් කටයුතු කළ යුතු බවද හෙතෙම කීවේය.

‘‘අපි කියන විදියට වැඩ කරනවානම් අපි  ඕනෑම අයෙකුගේම සහාය ලබාගැනීමට සූදානම්. හැබැයි අපි හදපු ජාතික රාමුව ඇතුලේ වැඩ කළ යුතුයි.’’ සමරසිංහ මහතා කීවේය.

ජාතික ප‍්‍රතිපත්ති සකස් කරන්නේ රජය විසින් වන බවද ඒ සදහා රජය වෙනත් කිසිවෙකුගෙන්වත් සහාය ලබාගැනීමට කටයුතු කරන්නේ නැතැයිද හෙතම පැවසුවේය.

රජය ඇහුම්කන්දෙන්නේ ලංකාවේ ජනතාව කියන දෙයට පමණක් වන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් මහින්ද සමරසිංහ කීවේය.

Disaster Management and Human Rights Minister Mahinda Samarasinghe says the government is not prepared to provide unlimited access for international humanitarian agencies to enter into the welfare camps housing the war displaced in the north.

Samarasinghe said the country and other nations supportive of Sri Lanka did not agree with the proposal to provide unlimited access to international aid agencies when it was presented at the UN Human Rights Council.

“If any one is working in this country, they have to follow what we say. We cannot allow them to work as they please in our country. We said it very clearly at the UN Human Rights Council,” he said.

Spokesperson for Save the Children in Sri Lanka Menaca Kalyanaratne said the organization has not faced any problems in working at the IDP camps in the north.

While UN Secretary General Ban Ki-Moon during his visit to Sri Lanka also requested for wider access for international aid agencies to work in the IDP camps, UN Resident Representative for Sri Lanka, Neil Bhune says that access for aid agencies into the camps has seen an increase since then.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.