කාන්තාවන්ට හා ළමුන්ට ඩෙංගු විණ කරයි
Dengue strikes women and children
ඩෙංගු රෝගය වැඩි වශයෙන් රෝගය වැළදී ඇත්තේ ගෘහනියන් හට බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.එම ප‍්‍රමාණය සියයට තිස් තුනකි. එමෙන්ම සියයට විසිදෙකක් පාසල් දරුවන් බවද වෛද්‍යවරයා පැවසීය .
මෙයට හේතුව වන්නේ දිවා කාලයේ කුඩා දරුවන් පාසලෙහි සිටීමත් ගෘහනියන් තම නිවෙස් අවට කි‍්‍රයාකාරකම්හි යෙදීමත්ය.ගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගය සියයට එකසිය තිහකින් වර්ධනය වී ඇති බව වසංගත රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.
‘‘වැදගත්ම දේ තමයි සමහර රෝග ලක්ෂණ වලට මිසක් රෝගයට බෙහෙත් හොයාගන නැහැ. ඒ නිසා හොදම දෙය තමයි මේක හැදෙන එක වළක්ව ගන්න එක. ඩෙංගු වළක්වා ගන්න තියෙන්නෙ සරළ ක‍්‍රමයක්. ඒ තමන්ගෙ අවට පරිසරය පිරිසිදු කර ගන්න එක.”වෛද්‍ය මහීපාල පැවසීය.
ඩෙංගු රෝගය වැළදීමෙන් අනතුරු වැඩි වශයෙන් දියර වර්ග භාවිත කරන නිසාවෙන් මෙම රෝගය වැළදීමෙන් අනතුරුව දුඹුරු පැහැති ආහාර ගැනීමෙන් වළකින ලෙස(චොකලට් ,කෝපි) පලිහවඩන පැවසීය. එයට හේතුව ලෙස ඇය පවසන්නේ ඇතැම් ව්ට ශරීර අභ්‍යන්තර ලේ ගැලීම් සිදු විය හැකි නිසාවෙන් එය හදුනා ගැනිමට අපහසු වන නිසාවෙනි.
කීටවිද්‍යා සමීක්ෂණ වලින් බස් ඩිපෝ ආශ‍්‍රිතව ඩෙංගු මදුරුවන් ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබෙන බව වෛද්‍ය මහීපාල පැවසීය.
‘‘බස් ඩිපෝ වල වැඩි වෙන්න හේතුව තමයි අදුරු පරිසරයෙ බීජ ව්‍යාප්තිය සිදුකිරීමට මදුරුවන් කැමැත්තක් දැක්වීම. මේ නිසා අපි අනවශ්‍ය ටයර් විනාශ කර දමන්නත්, නැත්නම් ආවරණ හදලා ඒවායෙ ගබඩා කරන්නත් උපදෙස් දීලා තියනවා.”
නීතිමය පියවරයන්
මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත යටතේ මහජන සෞඛ්‍ය නිළධාරීන් හා සෞඛ්‍ය නිළධාරීන් නිවාස පරීක්ෂාවට බදුන් කරනු ලබන අතර එහීදී අවශ්‍ය නීතිමය පියවරයන් ගැනිම සදහා ද බලතල පවරා ඇත.
‘‘මේ පනත යටතේ අපේ සෞඛ්‍ය නිළධාරීන් නිවෙස් වලට ගිහින් මදුරුවන් බෝවන ස්ථාන තිෙබි නම් ඒවා ඉවත් කර ගන්න සති දෙකක කාලයක් දෙනවා. එහෙම නොකරන අයට නොතීසි දිම් ඒ වෙලාවම සිදු කරනවා.”
ඩෙංගු රෝගය වැළදුනායින් අනතුරුව කළ යුතු විද්‍යාත්මක ප‍්‍රතිකාර සොයාගන නොමැති බව වෛද්‍ය මහීපාල පවසයි.
මෙම දින කිහිපය තුළ සිදු කළ ශ‍්‍රමදාන ඉතා සාර්ථක බවත් ඒ සදහා ජනතාවගේ නොමද සහයක් ලැබුණ බවද වෛද්‍ය මහීපාල පැවසීය.
‘‘මේ වතාවෙ අපි විශේෂ වැඩසටහන් තුනක් පටන් ගත්තා. පළවෙනි එක තමයි, සිවිල් ආරක්ෂක අංශ, පොලීසිය, ග‍්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් එකතු කරගන අත් පත්ති‍්‍රකා බෙදා දීම්, පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදුකිරීම.
දෙවැන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙ උපදෙස් ඇතිව ඩෙංගු සතියක් ප‍්‍රකාශ කළා. එක දවසක් කරලා වැඩක් නැහැ. ඒ නිසා මේක දිගින් දිගටම සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසාවෙන් දිගින් දිගටම මෙම පිරිසිදු කිරිම් කටයුතු කරන්න දෙමව්පියන්ට උපදෙස් දීම් සිදු කළා.
රෝහල් පද්ධතිය තුළත් මෙය සිදු කරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙ උපදෙස් පරිදි ඒ දෙවලුත් කළා. මෙය දැන් දිවයින පුරා ක‍්‍රියාත්මකයි.”
වැඩිම ඩෙංගු මරණ මහනුවරින්
මේ වන විට ඩෙංගු රෝගය නිසාවෙන් මිය ගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත‍්‍රික්කයෙනි. මේ වන විට මුළු රෝගීන් සංඛ්‍යාව 8908 දක්වා වර්ධනය වී ඇත.
රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. ඒ 1343කි. කෑගල්ල 1066 හා ගම්පහ 955 රෝගීන් වාර්තා වන බව වෛද්‍ය මහීපාල පැවසීය.
දේශගුණි විපර්යාසද මේ සදහා හේතුවක් වී ඇති බවයි වෛද්‍ය මහීපාල පවසන්නේ.
‘‘කදුකර ප‍්‍රදේශ වලින් කවදාවත් ඩෙංගු වර්ථාවෙලා නැහැ. මේ කාලේ ඒ ප‍්‍රදේශවලිනුත් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්ථා වෙනවා. දේශගුණික විපර්යාස නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.දේශගුණික තත්වය වෙනස් වෙන්නෙත් මිනිස්සු නිසාමනේ.මේ වතාවෙ නුවරඑළියෙනුත් රෝගීන් වාර්තා වෙනවා.”වෛද්‍ය මහීපාල පැවසීය.
මෙම තත්වය වළක්වා ගැනීමට නම් විශාල වශයෙන් ජනතාවගේ චර්යාත්මක වෙනසක් සිදු විය යුතු බව වෛද්‍ය මහීපාල පවසයි.
Dengue is more prevalent among women and children says Deputy Public Health Services Director Dr. Palitha Maheepala.
The extra exposure of women and school children to the open environment during daytime has resulted in them becoming the most vulnerable group to contract dengue. While 33% of the dengue patients are women 22% are school children, Dr. Maheepala said.
According to Epidemiology Unit Director, Dr. Pabha Palihawadana dengue has seen a 130% increase in comparison to last year.
There have so far been 126 deaths due to dengue with the highest number being recorded from the Kandy District. A total number of 8,908 cases of dengue have been reported from various parts of the island with the highest number of cases being reported from the Colombo District.
According to Dr. Maheepala, 1,343 cases of dengue have been reported from the Colombo District, 1066 from Kegalle and 955 from Gampaha.
He also observed that doctors could only treat certain symptoms of dengue.
According to Dr. Palihawadana, since patients consume large quantities of liquids when infected with dengue, they should avoid consuming brown coloured food items (chocolates, coffee, etc). “Patients some times hemorrhage when infected with dengue and it is difficult to identify that when patients consume brown coloured food items.”
Dr. Maheepala noted that there are no medical treatments available for dengue
“The best is to prevent the contraction of dengue. You don’t have to do anything great to prevent dengue, which is to keep the environment around you clean,” Dr. Maheepala said.
Steps have now been taken to prevent dengue from spreading any further.
While Public Health Officers and Health Officers conduct house-to-house supervisions they have been vested with the power to legally prosecute those who have allowed the breeding of mosquitoes in their respective households under the Mosquito Breeding Prevention Act.
Under the powers vested with the health officials by this Act, once they identify a household that has mosquito breeding places the house owner is given a period of two weeks to clean the area. At the end of two weeks, if the area in question has not been cleaned, the health officials will then give notice of legal action to the house owner.
Three programmes were initiated to prevent dengue.
Dr. Maheepala observed that the shramadhana programmes held to clean the environment have proven quite successful.
He said measures were also taken to distribute hand bills about dengue with the help of civil defence units, police, grama nildharis and Samurdhi officers to create awareness and to launch clean up programmes.
The next step taken according to Dr. Mahepala was to organize a dengue week through the education Ministry.
“It is of no use to launch a programme for one day, as it has to be a continuous process. Parents have therefore been explained the importance of being involved in environment cleaning programmes on a continuous basis. The same was applied to the health sector. That was done under the guidance of the Health Services Director General. The dengue prevention programme is now island wide,” he explained.
However, Dr. Maheepala noted that changes in the weather pattern have also resulted in spreading dengue.
“There have never been any reported cases of dengue from the hill country. This time around there have been a large number of cases reported even from those areas. There cases reported even from Nuwara Eliya. This is because of the changes in the weather pattern,” he said.




