කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගන්න දැන් අමාරුයි

June 5, 2009 by Editor  
Filed under Featured, Stories

econ-mainEconomic revival vital

”යුද්ධය ඉවරයි කියලා අපේ කරදර අඩු වෙන්නේ නැහැ. තව ටික දවසකින් කියයි, ඒ වියදම් පියවන්න  ඕන නිසා බඩු මිල වැඩි කළා. බදු වැඩි කරන්න වෙනවා කියලා.” කුරුණෑගල පදිංචි  කුසුමා මල්ලිකා පවසයි.

යුද්ධය අවසන් වීම පිළිබදව සමස්ථ ශ‍්‍රී ලාංකිකයන්ගේ පැසසුමට ලක් වුවද අනාගතය දෙස සමහරකු බලන්නේ බියමුසු සිතුවිලි තුළිනි. එයට හේතුව ලෙස මල්ලිකා පවසන්නේ කිසිම ප‍්‍රශ්ණයකට පැහැදිලි අදහසක් අද වන තුරුත් නොලැබුණ බවයි.

”ජාතිය ගොඩනැගීමේ ලොකු වගකීම් ආණ්ඩුවට තියනවා. ඒත් හැම දාම වුණේ පාලනයෙ වැරදි නිසා සාමාන්‍ය ජනතාවට දුක් විදින්න. මේ හැම දේ ගැනම හිතලා හොද වැඩපිළිවෙලක ආරම්භයක් දැන් රටට අවශ්‍යයි.” මල්ලිකා පවසයි.

ආර්ථික යුද්ධයක් වර්ථමාන ශ‍්‍රී ලංකාව තුළ පවතින බවත්     ඒ සදහා  සියලුම දෙනා එක්විය යුතු බවයි දිල්හාන් ජයසූරිය පවසන්නේ .

දේශීය ආදායම් නගා සිටුවන්න කීවත් ඒක ප‍්‍රමාණවත් වෙයි කියලා මම හිතන්නෙ නැහැ.   කෘෂිආර්ථිකය හෝ කෘෂිකර්මය  දියුණු කරන්න කීවත් කරන්නෙ කොහොමද කියලා ප‍්‍රශ්ණයක් තියනවා.” ජයසූරිය පවසන්නේය.

ස්වභාවික සම්පත් භාවිතයට ගෙන යම් තාක් දුරකට  රටෙහි ආර්ථිකය දියුණු කළ හැකි බව      ජයසූරිය කීය.

ධීවර සංචාරක ව්‍යාපාර දියුණු කරන්න පුලුවන්. නමුත් ඒකට ක‍්‍රමවත් කළමණාකරනයක් පැවතිය යුතුයි. නැත්නම් අනවශ්‍ය ප‍්‍රශ්ණ එන්න පුලුවන්. ගුණාත්මක සංවර්ධනයක අවශ්‍ය තාවයක් මිසක් ඉක්මන් සංවර්ධනයක් අවශ්‍ය නෑ. ඒ තුළින් අපට පුලුවන් වෙනවා ආර්ථිකය ගොඩ ගන්න පාර හදා ගන්න.” ජයසූරිය පවසයි  .

යුද්ධයේ අවසානය පිළිබදව සාමාන්‍ය ජනතාව ගේ සිත් තුළ පහන් බවක් පවතින බව රහසක් නොවූවත් සමහරුන්ගේ අදහස වන්නේ කන්න නැතත් සැනසීමේ ඉන්න පුලුවන් බවයි.

”කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගන්න දැන් අමාරුයි. ආර්ථිකයක් නැතත් කන්න නැතත් සැනසිල්ලෙන් ඉන්න පුලුවන්. ඒ ඇති. හැබැයි මහ ජනතාව එහෙම කියනවා කියලා ආණ්ඩුව දැන ගන්න  ඕන කරන දෙයක් පිළිවෙලට කරන්න   ඕන.” මහරගම ගුණතිලක පවසයි.

කොච්චර සල්ලි තිබුණත් මදි

”අපිට එදා වේල හම්බ කරගන කාලා හරි ඉන්න පුලුවන්. ලොකුවට ගෙවල් හදාගන  වාහන අරගන ඉන්න කවුද අකමැති. එත් මේ කාලෙ ඒවා කරන්න අමාරුයි. ඒ ගැන අපට දුක නැහැ .”ගුණතිලක පවසයි.

අදට මෙම ආර්ථිකය කිසිවකුට නොදැනුනද ඉදිරියේදී ප‍්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්න වන බවයි     පුත්තලම ශීරෝමී  නිලක්ෂිකා පවසන්නේ.

”ආර්ථිකය කඩා වැටුනෙ අදක ඊයෙක නෙවෙයි. ඉස්සරහට තමයි ගොඩක් ප‍්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙන්නේ. අපිට බය අපේ දරුවන්ට මොන වගේ ප‍්‍රශ්ණ වලට මුණ දෙන්න වෙයිද කියලා. දැන් නම් ගහක කොළයක් කාලා හරි අපට දැන් ඉන්න පුලුවන්. ඉස්සරහට  මේවා නාගරීකරණය වුණොත් නමි ඉතින් කොච්චර සල්ලි තිබුණත් මදි වෙයි.” නිලක්ෂිකා පවසයි.

”හැමෝම හදන්නෙ රජයේ රස්සා කරන්න. ඒක හොදයි. ඒත් අපි හිතන්න  ඕන අර පිරි මැස්මෙන් වැඩ කරන්නෙ කොහොමද  කියලා. අපට පුලුවන් නම් අපි කන බොන දේවල් ගෙදර වත්තෙ හදා ගන්න විශාල ඉතිරියක් තියෙනවා. මේවට අවශ්‍ය උපදෙස් නිසි ආකාරව ලැබුණොත් ඉතිරියක් තියේවි.” නිලක්ෂිකා පැවසීය.

රැකියා ඇති කරන්නේ කෙසේද? ඒ මොනවාද? එයින් සියලු ප‍්‍රශ්ණ විසදිය හැකිද? යන්න පිළිබද දෙවරක් සිතා බැලිය යුතු බවයි නිලක්ෂිකා පවසන්නේ.

”දැන් නම් නිදහසේ පාරේ බැහැල යන්න පුලුවන් .කන්න නැතත් කමක් නෑ. ආර්ථිකේ නම් මොකක්ද, මේ රටට දැන් දියුණු වෙනවා බලාගෙන ඉද්දි. ඒකට ඉතින් කාලයක් යනවා තමයි. අපි ඉවසන්න  ඕන. දැන් වගා කටයුතු කරන්න ගත්තම පිටරට වලින් ණය ගන්නවත් ආධාර ඉල්ලන්නවත් වෙන්නැහැ.” කොළඹ ටවුන්හෝල්හි පදිංච් ජයතිලක පවසයි.

මීට පෙර තිබූ ආණ්ඩු පිට රට වලින් ගත්ත ණය ගෙවීම සදහා මේ ආණ්ඩුවටද ණය වීමට සිදු  වී ඇති බවයි ජයතිලක  පවසන්නේ.

Post war Sri Lanka is now engaged in a different battle to revive and stabilize the economy.

Amidst expressing relief due to the end of the conflict that lasted several decades, some also voice concern over the present conditions in the country and its possible impact on the future.

However, there have been mixed reactions from the people on the present economic conditions.

While Gunathileka from Maharagama says that people could lead peaceful lives even though the economy is on a downward spiral, Shiromi Nilkashika from Puttalam notes the country would have to face greater economic problems in the future.

A majority of the people has however called for the country’s economic issues to be dealt with at the earliest.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.