බැංකිමූන් ජනාධිපතිට ලියයි

June 12, 2009 by Editor  
Filed under Featured, Stories

moonKi-moon writes to President

තමන් ලංකාවේ සිදුකළ සංචාරය අතර තුරදී රජය විසින් තමන්ට ලබාදුන් පොරොන්දු වල ප‍්‍රගතිය පිළිබදව ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කිමූන් පැවසුවේය.

‘‘ජනාධිපති රාජපක්ෂ වෙත අද දිනයේදී (ජුනි 11) ලිපියක් යොමුකරමින් ලබාදුන් පොරොන්දු පිළිබදව විමසනවා. විශේෂයෙන්ම යුධ ගැටුම් වල අවසන් කාලසීමාවේදී සිදුවුනායැයි පැවසෙන අන්තර්ජාතික මානුශවාදී නීති උල්ලංඝනය කිරීම් පිළිබදව වන විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස වන ඉල්ලීම පිළිබදව විමසනවා.’’ නිව්යෝර්ක් නුවර එක්ස්ත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් කිමූන් ජුනි 11 වැනිදා කීවේය.

යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාදන කදවුරුවල තත්වය පිළිබදව මැයි 22 හා 23 යන දින දෙකේදී ලංකාවේ සිදුකළ සංචාරයේදී කිමූන් අවධානය යොමුකර තිබුනේය.

මේ අවස්ථාව වන විට රට පශ්චාත් යුධ ගැටුම් අවස්ථාවකට පැමිණ තිබෙන බවත් සහන සේවා සැපයීම, නැවත පදිංචිකිරීම, පුනරුත්ථාපනය වැනි අභියෝගයන්ට මුහුණපෑමට සිදුවන බව එක්ස්ත ජාතීන්ගේ මහ ලේකම්වරයා හා ජනාධිපතිවරයා පවසා තිබුනේය.

ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් වෙනුවෙන් ඉටුකරන ලෙස තමන් ඉල්ලාසිටි ඉල්ලීම්වලින් කිහිපයක් පිළිබදව රජය අවධානය යොමුකර එම ගැටලූවලට විසදුම් ලබාදී තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කියන්නේය. අවතැන් කදවුරුවල තත්වය යම්තාක් දුරකට යහපත් අතට හැරී ඇතැයිද හෙතෙම පැවසුවේය.

SG Meeting‘‘නමුත් (අවතැන් කදවුරුවල තත්වය) තවදුරටත් වර්ධනය විය යුතුයි. ජීවත් වීමට අවශ්‍ය දේවල් පමණක් නොව නිදහසේ ගමන්කිරීමට අවස්ථාව ලබාදීම, වෙන්වූ පවුල් නැවත එක් කිරීම වැනි දේවල් සිදුකිරීම කළ යුතුයි.’’ කිමූන් කියන්නේය.

යුද ගැටුම් පැවති සමයේදී විශාල වශයෙන් සිවිල් වැසියන් තුවාල ලබා හා මියගොස් තිබෙන බවත් මේ ප‍්‍රමාණය ඉතා විශාල විය හැකි බවත් කි මූන් සදහන් කළේය. එහෙත් යුද ගැටම් නිසා මිය ගිය හෝ තුවාල ලැබූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව පිලිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කිසිදු සදහනක් නොකළේය.

‘‘ඉතිහාසයේ සිදුවූ සිදුවීම් නැවත සිදුනොවීමටනම් දෙමළ ජනතාවට ඇතුළු සුළු ජාතීන් එක්කරගැනීමට රජය කටයුතු කළ යුතුයි. එහි පළමු පියවර වශයෙන් ජාතිය ඒකාබද්ධ කිරීටම පියවර ගත යුතුයි. එය වහාම ආරම්භ කළ යුතුයි.’’ කිමූන් කීවේය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් මේ වන විට අවසන්ව ඇති අතර යුද ගැටුම් අවසානයේ සිවිල් වැසියන් ලක්ෂ තුනකට ආසන් පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අතර මොවන් හතළිහකට ආසන්න වන සුභසාධන මධ්‍යස්ථානවල රදවා සිටින්නේය.

ඡායාරූප- එක්සත් ජාතීන්ගේ සංවිධානය හා IRIN

UN Secretary General Ban Ki-Moon has emphasized the importance of the Sri Lankan government to adhere to the commitments made last month following the ending of the military operation against the LTTE. In a letter to President Mahinda Rajapakse, Ki-Moon has called for a transparent and fully accountable inquiry into potential violations of international laws during the final stages of the conflict. He also stated that the number of civilians injured and killed during the military operation could be high in numbers. While stating the Government has addressed some concerns raised by him over humanitarian access to the camps housing the war displaced, Ki-Moon notes that conditions in the camps remain difficult and pressed for improvements such as freedom of movement and family reunification

  • Share/Bookmark
Creative Commons

Comments are closed.