වෛද්‍යවරුන් මදුරුදගර අනුමත නොකරයි
Coils harmful – Doctors
මදුරු වසංගතයෙන් ගැලවීම සදහා සාමාන්‍ය ජනතාව උපක‍්‍රමයක් ලෙස මදුරු දගර භාවිත කළද මෙම මුදුරු දගරයෙන් පිට වන දුම කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන් හටද හානිකර බව වෛද්‍ය වරුන් පෙන්වා ෙදයි.
’’අපි මදුරු දගරය පාවිච්චි කරන්න කියලා කිසිම දවසක කියලා නැහැ.අපි අනුමත කරන්නෙ මදුරු දැල විතරයි.’’සෞඛ්‍ය අධ්‍යාපන කාර්්‍යාංශයේ වෛද්‍ය එස් නජිබුදීන් පැවසීය.
මදුරු උවදුරෙන් මිදීම සදහා මදුරු දගරය භාවිත කිරීම මෝඩ කමක් ලෙසයි වෛද්‍යවරුන් සලකන්නේ.කෙසේ වෙතත් මෙම මදුරු නාශක දගර හිතකරද අහිතකරද යන්න පිළිබදව කිසිදු වෛද්‍ය වරයකු හෝ පර්යේෂණ කණ්ඩායමක් කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැති බවයිමැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රවී අබේසිංහ පවසන්නේ.
’’මේ මදුරු දගර දහයියා කුඩු ලී කුඩු එකතු කරලා කෘමි නාශක සියයට ප‍්‍රමාණයක් දාලා තමයි හදන්නේ.සියයට එකයි දශම ගාණක් කෘමි නාශක තියෙන්නෙ.මේක මිනිස්සුන්ට තේරුම් කරලා වැඩක් නැහැ.පෞද්ගලික ආරක්ෂණ ක‍්‍රම යටතේ තමයි මිනිස්සු මේ කොයිල් පාව්ච්චි කරන්නෙ.එපා කියලා කියන්න තරම් අපට ශක්තියක් නැහැ.ටී.වී වල දාන්නෙ මදුරුව මැරිලා වැටෙනවා. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද සතෙක් මැරෙනවා නම් මොනවා හරි බලපෑමක් තියනවා කියලා.’’ වෛද්‍ය අබේසිංහ පැවසීය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය සේවා වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ ද මදුරු දගර භාවිතය අනුමත නොකරන බවයි.
’’කෘතීම දේවල් අපි අනුමත කරන්නෙ නැහැ.මොකද ඒවගෙ ප‍්‍රතිඵල ගොඩක් අඩුයි.මොකද දවල් වරුවෙ මදුරු දගරය පත්තු කරන්නෙ නැහැ.රාත‍්‍රී කාලයට තමයි පත්තු කරන්නෙ. දවල් කාලයට පත්තු කලත් අරගෙන ඇවිදින්න බැහැනෙ.’’ වෛද්‍ය මහීපාල පැවසීය.
නමුත් මෙම මදුරු දගරය දැල්වීමෙන් මදුරුවන් පලවා හැරීමක් මිස විනාශ කිරීමක් සිදු නොවන බවයි වෛද්‍ය වරුන්ගේ මතය වන්නේ. ’’දියවැඩියාවට සීනි කන්න එපා කීවට වෙළදපළේ සීනී නැතිව යන්නෙ නැහැනෙ.මිනිස්සු ගන්න නිසයි විකුණන්නෙ.’’ අබේසිංහ පැවසීය.
’’නමුත් කිසියම්ම තැනකදි වෛද්‍යවරුන් මදුරු දගර අනුමත කරන්නෙ නැහැ.ස්වසන අමාරු පෙනහලු අමාරු නාසය තද වීම් මේ නිසාවෙන් සිද්ධ වෙනවා.කුඩා දරුවන්ට තමයි මේකෙ බලපෑම වැඩි. මදුරු දගර වලට අමතරව දැන් තියනවා විදුලියෙන් භාවිත කරන කොයිල් වර්ග.මේවගෙන් වෙන්නෙ දුම් පිට නොවුණත් මෙහි අන්තර්ගත වෙලා තියන කෘමිනාශක පිට වීමයි.මෙයින් සිද්ධ වෙන්නෙ වාතය අපිරිසිදු වෙන එක.දරුවෝ හුස්ම ගන්නෙ මේ අපිරිසිදු වාතය.මෙතනින් එහා තව පෙන්නලා දෙන්න දෙයක් නැහැනෙ.’’අබේසිංහ පැවසීය.
මිනිසුන් සියලු දෙය දැන සිටියද ඒවා කි‍්‍රයාත්මක නොකරන නිසාවෙන් සියලු ගැටලු වලට මුහුණ දීමට සිදු වී ඇති බවයි වෛද්‍ය අබේසිංහ පවසන්නේ. පිට රටින් ගෙන්වන හෝ මෙරට නිෂ්පාදනය කරනා කිසිදු භාණ්ඩයක් සදහා තත්වය අනුමත කීරීම සදහා කිසිදු පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක් නොමැති වීම කණගාටුවට කරුණක් බවයි වෛද්‍ය අෙබිසිංහ පවසන්නේ.
මදුරු දගර භිවිත කරන්නේ නම් නිවෙස් වල දොර ජනෙල් විවෘත කළ යුතුය.එයින් සිදුවන්නේ කුමක් ද යන්න කිව යුතු නොවේ. මදුරුවන්ගෙන් මිදීම සදහා ගන්නා උත්සාහය මදුරුවන් බෝවන ස්ථාන වළක්වා ගැනීම සදහා යොදන්නේ නම් එය වඩාත් හිතකර වන්නේය. මදුරු දගරයේ වර්ණය මොනවා වුවද එය හිතකර දෙයක් නොවන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
Doctors warn that using mosquito coils to combat the mosquito menace is harmful for the health of children as well as adults. Dr. S. Najimudeen from the Health Education Bureau says the authorities have only recommended mosquito nets and not the coil. Meanwhile, Director, Anti Malaria Unit, Dr. Ravi Abeysinghe observes that no proper tests have been conducted to determine if coils were a health hazard. However, he notes that although the authorities do not have the power to ask people not to use coils, they should understand the impact of something that could kill an animal could have on humans. Deputy Health Services Director, Dr. Plaitha Maheepala says that authorities do not approve artificial products, as they have minimal results.




