ජනතා ප‍්‍රතිචාරයෙන් ඩෙංගු පසු බසී

July 31, 2009 by Editor  
Filed under Featured, Stories

590 px

Public fight finally defeats Dengue

පසුගිය කාලය පුරාවට වසංගතයක් ලෙස පැතිර ගිය ඩෙංගු රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතී. මේ සදහා විශේෂ හේතුව ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂක රත්නසිරි අල්විස් පවසන්නේ මහ ජනතාව  මෙම රෝගය නිසාවෙන්  තමන්ගේ අවට පරිසරය පිළිබද උනන්දුවක් දැක්වූ බවයි. ඒ හේතුව නිසාවෙන් මදුරු ගණත්වය අඩුකර ගැනීමට හැකියාව ලැබුණු බවයි.

“මේ දවස් වල  වැසි කාලගුණය තියෙනවා.දිගින් දිගටම පවතින වැසි නිසා එතරම් බලපෑමක් වෙන්නෙ නැහැ . නමුත් ඉදිරියේදී කඩින් කඩ  ලැබෙන වැසි ගැන දැඩි අවදානයෙන් ඉන්න  ඕන මොකද කඩින් කඩ ලැබෙන වැසි නිසා මදුරු ගණත්වය වැඩිවීමේ  අවධානම වැඩියි.”අල්විස් පැවසීය.

ඩෙංගු රෝගය අවම කිරීම සදහා ඇති එකම මාර්ගය වන්නේ මදුරු ගණත්වය අඩු කර ගැනීමය.ජනතාවගෙන් මේ සදහා ලැබුණ උපකාරය බොහො සෙයින් වැදගත් වූ බවයි අල්ව්ස් පවසන්නේ.නොයෙකුත් උපක‍්‍රම මගින් ජනතාව දැණවත් කිරීමත් ජනතාව මෙම රෝගය නිසාවෙන් විශාල තැතිගැන්මකින් සිටි නිසාවෙන් මෙම කටයුත්ත සිදු කිරීමට හැකියාව ලැබුණ බවයි අල්විස් පවසන්නේ.

මෙම රෝගය නිසාවෙන් දෙසිය විසිතුනක් වන වටිනා ජීවිත ප‍්‍රමාණයක් අහිමි විය.මේ රෝගය පහව යමින් සිටින නිසාවෙන් මේ පිළිබද තිබෙන්නවූ අවධානය අඩු නොකරන ලෙස ඩෙංගු මර්ධන ඒකකය ඉල්ලා සිටී.මන්ද යත් මෙය නැවත හිස එස වීමට හැකි බැවිනි.මේ වන විට පවත්නා උනන්දුව උත්සාහය දිගින් දිගටම පවත්වාගත හොත් ඩෙංගු රෝගය සහ මුලින් නැති කර දැමිය හැකි බවයි  අල්විස් පවසන්නේ.

ඉවත දමන අප ද්‍රව්‍ය නිවසේ දීම කළමණාකරණය කිරීමෙන් මුළු මහත් සමාජයටම කසළ උවදුරෙන් මෙන්ම මේ හේතුව නිසා වසංගත රෝග සදහා ලැබෙන්නාවූ රුකුළද අවම වී යනු ඇත.නිසි පරිදි කසළ කළමණා කරණයක් සිදුවෙනවා නමි සියයට අසූවක් ප‍්‍රතිචක්ක‍්‍රීයකරණය කොට නැවත ප‍්‍රයොජනයට ගත හැකි බව ඩෙංගු මර්ධන ඒකකය පැවසීය.

නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම මෙන්ම ඉවත දමන යෝගට් කෝප්ප පොල්කටු විනාශ කර ඉවත දමන ලෙසද ඩෙංගු මර්ධන ඒකකය පැවසීය.

“මේ තත්වය පහව යනවා කියලා මේ ගැන තියන උනන්දුව අවධානය අඩු කළ යුතු නැහැ. තමන්ගෙ වැහි පීල්ල පිරිසිදු කරන එක  තැඹිලි කෝම්බ ඉවත් කරන එක අමතක වෙනවා කියන්නෙ ආයෙත් මේ තත්වය උද්ගත වෙනවා කියන එක.” අල්විස් පැවසීය.

ජුලි විසි වනදායින් ආරම්බ වන සතිය පුරාවට රෝගීන් 737 දෙනකුු වර්තා වී ඇති අතර එම මාසයේම දහතුන් වනදායින් ආරම්භවූ සතිය තුළ රෝගීන් එක්දහස් දෙසිය දහසය දෙනකු වාර්තා විය.මෙය විශාල ලෙස අඩුවීමක් ලෙස නොසළකා ඉදිරියේදී කටයුතු කරන ලෙස ඩෙංගු මර්ධන ඒකකය ඉල්ලා සිටී.

ඩෙංගු රෝගය පාලනය සදහා විවිධ වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි මැදිහත් වීමත් සෞඛ්‍ය පරීක්ෂකවරු මෙන්ම මාධ්‍ය ආයතනද මේ වන තුරු ද ඩෙංගු පිළිබද දැනුවත් කිරිම සම්බන්ධයෙන්  ස්තූතිය පුද කරන බව අල්විස් පැවසීය.

බී.ටී.අයි බැක්ටීරීයා සම්බන්ධයෙන් තවම වාර්තා ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැත.ඒ සම්බන්ධයෙන් කියුබානු විශේෂඥයින් පරීක්ෂණ සිදු කරමින් සිට්න බවත් මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ නුවර දිස්ත‍්‍රික්කයෙන් බව අල්විස් පැවසීය.

The dengue epidemic that spread in the country has been contained due to public participation, Public Health Inspector, National Dengue Eradication Center, Ratnasiri Alwis said. He said the only way to minimize the dengue outbreak is to reduce the density of mosquitoes and the many awareness programmes on dengue has shown results as the public had actively participated in clearing their surrounding of mosquito breeding places. Meanwhile, the Cuban specialists in the country are still conducting studies with regard to the BTI bacteria, which are expected to prevent the breeding of mosquitoes. 1,016 dengue patients were recorded during the week that commenced from July 13 and 737 during the July 29th week. However, authorities say it cannot be considered a drastic decline in reported dengue cases.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.