පරිසරය රකින කර්මාන්ත
Buyer pressure creates eco friendly work space
ලංකාවේ නිශ්පාදනය කරන භාණඩ පරිසර හිතකාමී ආකාරයෙන් නිශ්පාදනය කරන ලෙස එම භාණ්ඩ මිලදී ගන්නා ගැනුම් කරුවන් එල්ලකරන බලපෑම නිසා මෙරට පිහිටි කර්මාන්ත ශාලා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා බවට පත්වෙමින් තිබෙන්නේය. භාණ්ඩ ගැනුම් කරුවන් පරිසර හිතකාමී නිශ්පාදන ඉල්ලන්නේනම් කර්මාන්ත කරුවන් පරිසර හිතකාමී නිශ්පාදනයන්ට පෙළඹෙන්නේය.
‘‘ජනතාව පරිසර හිතකාමී නිශ්පාදන ඉල්ලන්නේනම් කර්මාන්ත ශාලා පරිසර හිතකාමී නිශ්පාදන වෙත යොමුවනවා.’’ ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත කුමාරසේන පැවසුවේය.
මේ වන විට පාරිභෝගිකයින් භාණ්ඩ මිලදීගන්නා විට එම භාණ්ඩ නිපදවා ඇත්තේ පරිසර හිතකාමී ආකරයෙන්ද යන්න පිළිබදව අවධානය යොමුකරයි. විශේෂයෙන්ම විදෙස් රටවල සිටින පාරිභෝගිකයින් බොහෝ පිරිසක් පරිසර හිතකාමී නිෂ්පාදන මිලදී ගන්නේය.
‘‘පරිසර හිතකාමි ආකාරයට කිසියම් නිශ්පාදනයක් කරනවානම් ඒ නිශ්පාදනය සදහා වැඩි ඉල්ලූමක් තිබෙනවා.’’කුමාරසේන කීවේය.
පරිසර හිතාකමී නිශ්පාදන පමණක් ඉල්ලුම් කිරීම නිසා මෙරට ඇගලූම් නිශ්පාදනය කර සමාගම් අතරින් සමාගම් කීපයක් පරිසර හිතාකමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට පියවර ගෙන තිබුනේය. දේශගුණික වෙනස්වීම් නැවැත්වීම සදහා ලංකාවේ ඇගලුම් නිශ්පාදන මිලට ගන්නා සමාගමක් වන මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් සමාගම 2007 වසරේදී තිරසාර සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළේය. ඒ අනුව එම සමාගම සදහා ඇගලුම් නිශ්පාදන සකස්කරන ලංකාවේ පිහිටි ඇගලුම් කර්මාන්ශාලා පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භකළේය.
‘‘මෙම තිරසාර සංවර්ධන වැඩසටහන යටතේ එම සමාගමට භාණ්ඩ සපයන කර්මාන්තශාලා පරිසර හිතකාමි අන්දමින් සකස් කළ යුතු වුනා. ඒ අනුව අපි ආදර්ශ කර්මාන්තශාලාවක් ලෙසින් පරිසර හිතකාමී කර්මාන්තශාලාවක් ආරම්භ කළා.’’ මාස් ඉන්ටිමන්ට්ස් ආයතනයේ තිරසාර සංවර්ධනය පිළිබද කළමනාකාර විදුර රළපනාව කීවේය.
‘‘ඇගලූම් නිශ්පාදන මිලට ගන්නා ගැනුම්කරුවන්ගේ බලපෑම නිසා තමයි අපි පරිසර හිතාකමී කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේ.’’ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් ආයතනයට ඇගලූම් සකස්කරන බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පරිසර හිතකාමී බලශක්ති කළමනාකාර අංශයේ ප‍්‍රධානී ඉරේෂ සෝමරත්න පැවසුවේය.
විදුලි බුබුළු භාවිතය වෙනුවට හිරු එළිය උපරිම වශයෙන් යොදාගන්නා අතර වායු සමනය කිරීම හා විදුලි පංකා භාවිතය වෙනුවට වාතාශ‍්‍රය ලබාගන්නා ආකාරයෙන් මෙම කර්මාන්ත ශාලා සකස් කරයි. පරිසර හිතකාමී කර්මාන්ත ශාලාතුළ ඉන්ධන භාවිතා කරන වාහන භාවිතා කරන්නේ නැත. ඒ වෙනුවට යොදා ගන්නේ පරිසරයට කාබන් ඩයොක්සයිට් මුදා නොහරින ආකාරයේ ප‍්‍රවාහන ක‍්‍රමයන්ය. මෙවැනි කර්මාන්තශාලා වල විදුලි බලයෙන් ක‍්‍රියාත්මක වන වාහන භාවිතා වෙයි.
පරිසර හිතකාමී කර්මාන්තශාලා වලින් පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප‍්‍රමාණය බෙහෙවින් සීමා වන්නේය. අපද්‍රව්‍ය සම්පතක් ලෙසින් යොදාගැනීමට පරිසර හිතකාමී කර්මාන්ත ශාලා කටයුතු කරන අතර කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ප‍්‍රතිචක්තීකරණය කර නැවත භාවිතයට යොදාගන්නේය.
හිගවෙමින් පවතින පොසිල ඉන්ධන සදහා විසදුමක් වශයෙන් හරිත සංකල්පය හා හරිත ආර්ථික සංකල්පය පැමිණ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අනෝජා හේරත් කීවාය.
‘‘කාලගුණික විපර්යාසයත් සමගින් බොහෝ දෙනා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා පිළිබදව කතා කිරීටම පටන්ගත්තා. හරිතාගාර වායු පරිසරයට නිකුත්කිරීම සීමා කිරීම පිළිබදව කතාකරන්න ගත්තා. කර්මාන්ත ශාලා වලින් විශාල පරිසර දූෂනයක් සිදුවෙනවා.මේ නිසා තමයි පරිසරයට හානියක් සිදුනොවන ආකාරයෙන් නිශ්පාදන කටයුතු කිරීම සදහා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කළේ.’’ කුමාරසේන පැවසුවේය.
පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් පරිසර දූෂනය අඩුකරගැනිමට හැකියාව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂක පාලක අංශයේ සහකාර අධ්‍යක්ෂිකා නෙළුකා පෙරේරා කීවාය.
‘‘කාලයට පෙර අපට අවශ්‍යතරම් සම්පත් තිබුනා. නමුත් දැන් අපට ප‍්‍රමාණවත් පරිදි සම්පත් ඇත්තේ නැහැ. මේ නිසා සම්පත් ආරක්ෂා කරගැනීම සදහා විකල්ප වෙත යොමුවෙනවා. මේ නිසා තමයි පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කළේ.’’ හේරත් කියන්නීය.
හරිත ආර්ථික සංකල්පය යටතේ බලශක්ති සංරක්ෂණයටත් පරිසරයට හානියක් නොවන ආකාරයෙන් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නියමිත බවත් හේරත් සදහන් කළාය. පරිසර හිතකාමී කර්මාන්ත ශාලා සකස් කිරීමේදී පරිසරයේ ඇති සම්පත් උපරිම ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් කර්මාන්ත ශාලාව සකස් කරන්නේය.
පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් පරිසරය ආකරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට ආර්ථික වාසි ලබාගැනීමට ද කර්මාන්ත ශාලාවට අවස්ථාව ලැබෙයි.
‘‘අපද්‍රව්‍ය නැවත යොදාගැනීම නිසා කර්මාන්තය ලාභදායී කර්මාන්තයක් බවට පත්කරගැනීමට හැකියාව ලැබෙනවා.’’ කුමාරසේන කීය.
පරිසර හිතකාමී කර්මාන්තශාලාවේ විදුලිය, ජලය භාවිතය අවම කරගැනීමට හැකියාව ලැබී තිබේ. ස්වභාවික වාතය උපරිම අන්දමින් ලබාගැනීමට හැකි අයුරින් කර්මාන්තශාලාව සකස්වී තිබීම නිසා වායු සමීකරණ භාවිතය සීමා කිරීමටද හැකියාව ලැබී ඇත.
ස්වභාවික හිරු එළියෙන් උපරිම ප‍්‍රයෝජන ගත හැකි ආකාරයෙන් හා වායු සමීකරණ භාවිතය අවම කරන ආකාරයෙන් කර්මාන්තශාලා සකස් කර තිබීම මගින් බලශක්තිය විශාල වශයෙන් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙතැයි කුමාරසේන සදහන් කළේය.
‘‘(පරිසර හිතකාමී) කර්මානතශාලාවේ විදුලි බිල සියයට හතළිහකින් පමණ අඩුකරගෙන තිබෙනවා.’’ රළපනාව පැවසුවේය.
ඉදිරියේදී පැමිණිය හැකි බලශක්ති අර්බුදයට පරිසර හිතකාමී කර්මාන්තශාලා හොද විසදුමක් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකාව කියන්නීය.
‘‘ලංකාවේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් විදුලිය ලබාදෙන්න බැහැ. මේ නිසා අනාගතයේ බලශක්ති අර්බුදයක් ඇතිවිය හැකියි. නමුත් බලශක්ති හානිය අවම කරන මෙම කර්මාන්ත ශාලා වැදගත් වෙනවා.’’ කුමාරසේන කීවේය.
‘‘ඉදිරියේදී ලංකාවෙන් තෙල් සම්පත නොලැබුනොත් තෙල් මිලට ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. මේ නිසා පරිසර හිතකාමී කර්මාන්තශාලා ඇතිකිරීම තෙල් සම්පත පිළිබද ගැටලූවට හොද විසදුමක් වෙනවා.’’ හේරත් කීවාය.
පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භ කිරීමට විශාල මූලික වියදමක් දැරීමට සිදුවන නමුත් දීර්ඝකාලීනව එය ලාභදායි බව කුමාරසේන පැවසුවේය.
‘‘පරිසර හිතකාමී කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා කිසියම් මුදලක් වැය විය හැකියි. නමුත් දීර්ඝකාලීන වශයෙන් බලන විට පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් විශාල ලාභයක් ලබාගැනිමට හැකියාව ලැවෙනවා.’’ පෙරේරා කීවාය.
පරිසර හිතකාමී කර්මාන්තශාලාවල ඇති ඇති ඇතැම් ක‍්‍රමවේදයන් සාමාන්‍ය කර්මාන්තශාලා සදහා යොදාගැනීමටද කර්මාන්තකරුවන්ගේ අවධානය යොමුව තිබේ. ඉදිරියේදී කර්මාන්තශාලා ඉදිකිරීමේදී මේ වන විට ආරම්භ කර ඇති පරිසර හිතකාමී කර්මාන්ත ශාලාවේ ඇති පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් යොදාගැනීමට කටයුතු කරන බව රළපනාව කීවේය.
‘‘අලූතින් කර්මාන්තශාලා ආරම්භ කරන විට ජලය අඩුවෙන් භාවිතාකරන්නේ කෙසේද විදුලිය අඩුවෙන් භාවිතා කරනනේ කෙසේද යන් පිලිබදව විමසා බලනවා.’’ රළපනාව සදහන් කළේය.
භාණ්ඩයකට නිශ්පාදනයේ ගුණාත්මක තත්වය පිළිබදව එස්.එල්.එස්. තත්ව සහතිකයක් ලබාගැනීමට හැකියාව ලැබෙන ආකාරයට පරිසර හිතකාමී නිශ්පාදන සදහා විශේෂ සහතිකයක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේය.
පරිසර හිතකාමී නිශ්පාදනයක් වෙත යොමුවීම සදහා ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි.’’ කුමාරසේන කීවේය.
මේ වන විට පවත්වාගෙන යන ජීවන තත්වය කිසිම ආකාරයකින් වෙනස් නොකර පරිසර හිතකාමී ජීවන රටාවකට යොමුවීමට ජනතාවට හැකියාව ලැබෙතැයි ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.
‘‘ගෙදරක් පරිසර හිතකාමී ආකාරයට සකස් කරගැනීමට හැකියාව ලැබෙන්නේනම් ගෙදර සාමාන්‍ය වියදම අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා.’’ ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය.
ලෝකයේ දියුණු රටවල් පරිසර හිතකාමී කර්මාන්තශාලා වෙත යොමුවන විට ඔවුන්ගේ පරිසරය විශාල වශයෙන් හානියට පත්ව අවසන්ය. එහෙත් ලංකාව තුළ ආරම්භ කරන කර්මාන්තශාලා පරිසර හිතකාමී කර්මාන්ත බවට පත්කරගැනිමට හැකියාව ලැබෙන්නේනම් දියුණු රටවලට වඩා හොද පරිසරයක් පවත්වාගැනීමට අවස්ථාව හිමිවන්නේයැයි කුමාරසේන සදහන් කළේය.
‘‘මේ වන විට අපි එක් සන්දිස්්ථානයකට පැමිණ තිබෙනවා. දැන් අපි සාමාන්‍ය කර්මාන්ත ශාලා ආරම්භ කරනවා වෙනුවට පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භ කළ යුතුයි.’’ මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකා හේරත් පැවසුවාය.
The demand for eco friendly products by consumers has compelled manufacturers to produce their goods in factories that are environmentally friendly. Many consumers in the export market pay special attention to products manufactured in an environmentally friendly manner. The demand for environmentally friendly products has prompted some apparel exporters to build eco friendly factories. These factories are built to make maximum use of sun light instead of electric bulbs and are open to fresh air flow instead of fans. Environmentalists say that eco friendly factories would help minimise environmental pollution. The initiative is also expected to promote the green concept and green economy, which would solve the problem of declining fossil fuels.



