‘‘නිල්වලා යෝජනා ක‍්‍රමය නිසා අපේ කුඹුරු සේරම පුරන්වුණා”
Flood prevention scheme fails to deliver
සිංහරාජ අඩවියේ පහස ලබමින් මාතර දිස්ත‍්‍රික්කයේ දෙණියාය මැතිවරණ ෙකාට්ඨාශයේ ගොන්ගල කන්දෙන් ආරම්භ වන නිල්වලා ගඟ, සැතපුම් හතළිස් දෙකක් දුර ගම්බිම් පසුකරමින් පැමිණ මුහුදට ගලා යයි. දෙණියාය හා ඒ අවට ප‍්‍රදේශයට නිතර වර්ෂාව ලැබිම නිසා වසරකට කීහිප වතාවක් නිල්වලා ගඟ පිටාර ගැලීම සිදුවෙයි. මේ නිසා ප‍්‍රදේ්ශයේ කුඹුරු ගොවිතැන් කිරිම දිගින් දිගටම අසාර්ථක වෙයි. මේ දක්වා බළධාරීන් නිල්වලා යෝජනා ක‍්‍රමය මගින් ඊට විසදුම් ලබාදුන්නද එහි කිසිදු ඵලක් නැතැයි ගොවීහු පවසති.
‘‘දැන් කුඹුරු සේරම පුරන් වෙලා, අසාර්ථක නිල්වලා යෝජනා ක‍්‍රමයේ කිසිම සැළැස්මක් නැතුවයි අමුණු ඉදිකරලා තියෙන්නේ, මේ කද්දුව ප‍්‍රදේශයේ පහල බී.ආර්.දහසය කියලා අමුණුක් බැදලා තියනවා. ඒ අමුණ කවදාවත් අරින්නෑ, ඒ නිසා නිල්වලා ගඟ ආරම්භවෙන කදුකර ප‍්‍රදේශයට සාමාන්‍ය වැස්සක් වැටුනත් මේ ප‍්‍රදේශය වතුරේන් යටවෙනවා” අපේ වගාවන්, ගෙවල් දොරවල්, යටවී තමන් මහත් අසීරුතාවට පත්වන බව කද්දුව ගොවි සංවිධානයේ ලේකම් ජෙම්ස් බෝපගේ සදහන් කරයි.
‘‘විශාල මුදලක් වැය කරමින් ජපන්් ආධාර යටතේ නිල්වලා යෝජනා ක‍්‍රමයේ කිරළ කැළේ ප‍්‍රදේශයේ අමුණු කිහිපයක් ඉදිකිරිම දැනට ඉතාම අසාර්ථක පියවරක් වෙලා තියනවා” කද්දුව ගොවි සංවිධානයේ සභාපති පියසේන කණ්ඩම්බි කීවේය. ඔහු වැඩි දුරටත් පවසන්නේ ”මේ නිල්වලා ව්‍යාපාරය 1987 කාලේදි වගේ තමයි පටන් ගත්තේ, අසාර්ථකයි කියන්නේ, මේ වැඩේ ආරම්භයෙන්් නෙවෙයි පටන් ගත්තේ අගින්. ගගේ අග ඉදලා අමුණු බැන්දා, මේ වැඩේ නිසා දැනට මාතර දිස්ත‍්‍රික්කයේ තිහගොඩ. මාලිම්බඩ. අකුරැස්ස. කද්දුව, අතුරලිය, පිටබැද්දර, සෑම ප‍්‍රදේශයක්ම ජල ගැලීම් වලට ගොදුරු වෙනවා.
මේ ප‍්‍රදේශය් ගොවියන් සදහන් කරන අන්දමට ඔවුන් මේම ගඟ පිටාර ගැලීමේ අවදානමට දීර්ඝ කාලයක තිස්සේ ලක්වෙනවා. ප‍්‍රදේශය් ආර්ථික වශයෙන් වැවිලි භෝගයක් වන තේ වගාවටද මෙමගින් විශාල හානියක් සිදුවෙයි. මේ ප‍්‍රදේශයේ කද්දුවයාය පමණක් කුඹුරු අක්කර තුන්සියයක් දැනට පුරන්වී පවතී.
මම දන්න විදියට අපේ දෙමව්පියන්ගේ කාළේ මේ ඉඩම්වල කන්න දෙකම හොදට වගා කරපු කාලයක් තිබුනා, දැන් කුඹුරු වගා කරන්න බෑ, හැම කන්නෙම වතුරට පාළු වෙනවා. නිල්වලා යෝජනා ක‍්‍රමයේ නොසැළකිළි හා නොවිදිමත් අමුණු දැම්මත් කද්දුව යාය ප‍්‍රදේශයේ, පහල කොටසේ බී.ආර්.දහසය බැම්ම ඉදිකිරිම නිසාත් පොඩි වස්සක් ආවත් අතුරලිය, කද්දුව ප‍්‍රදේශ වතුරට යටවෙනවා, අතීතයේ සිට බළධාරීන් නිල්වලා යෝජනා ක‍්‍රමය මගින් ප‍්‍රදේ්ශයේ ගොවීන්ට විවිධ විසදුම් ලබා දුන්නද ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් ඵලක්වී නොමැති බවට ප‍්‍රදේශයේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂන නිළධාරී මාගම් මුදලිගේ රංජිත් සදහන් කරයි.
දිගින් දිගට අපේ කුඹුරු පුරන්වෙන නිසා ගොවි සංවිධානයේ සියලු දෙනා එක්ව තීරනයක් අරගෙන මෙවර කන්නයේදී මා වී කියන වී වර්ගය වගා කරා. මා වී වතුරට ඔරොත්තු දෙන වී වර්ගයක් නිසයි එහෙම කරේ. එයද පසු ගිය දින ජල ගැල්මට හසුවු බව ඔහු සදහන් කලේ ඉතා ශෝකි ස්වරයෙන් යුතුවයි.
‘‘අවුරුදු ගානනකින් නියම ගොවි තැනක් කරන්න අපට බැරි උනා, හේතුව තමයි හැම කන්නයේ දීම කුඹුරු වතුරින් පිරෙනඑක, ගොවිතැන ගැන නොදන්න සමහර නිලධාරීන්ට මේ ගැන කිසිම අවබොදයක් නෑ, කුඹුරු වලට වතුර දෙන වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන කොට ප‍්‍රදේශයේ ගොවි මහත්වරුන්ගෙන් විස්තර අදහස් ගන්න ඕනෑ, එහෙම උනානම් මිට වඩා මේ වැඩ පිළිවෙල සාර්ථකවෙන බව ප‍්‍රදේශයේ ගෙවියෙකු වූ ධර්මසේන හෙට්ටිආරච්චි සදහන් කරයි. දෙණියායේ සිට කදුකර ප‍්‍රදේශ පසුකර ගලන නිල්වලා ගඟ අකුරැුස්ස, අතුරලිය, ප‍්‍රදේශ පසුකරද්දි ගඟ පටු වන බවත්, සමහර ඇළ මර්ග හිර වී ඇති නිසාත් මෙම ජල ගැලීම් විටින්විට ඇතිවන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.
‘‘මේ ගං වතුර තත්ත්වය, නිල්වලා ගගේ අකුරැුස්සෙන් පහල ප‍්‍රදේශයට තමයි වැඩි බලපෑම තියෙන්නේ, ඒ නිසා වාරිමාර්ග දෙපාර්තුමේන්තුව යෝජනා කරලා තියන වැඩ පිළිවෙලක් තමයි මාතර මහානාම පාලම හරියෙන් ගඟ හාරන්න එහිදි ගං වතුර තත්ත්වයන් ටිකක් හෝ පාලනය වෙනවා” වාරිමාර්ග දෙපාර්තුමේන්තවේ ගං වතුර ආරක්ෂණ හා ජලප‍්‍රවාහන පාරිසරික ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යකෂ බන්දුල කුමාර ජයසුන්දර පැවසීය.
‘‘බොහෝ කාලයකට ඉහත යෝජනා වෙලා තිබුනේ. ගගේ ඉහල කෙටසේ ජලාශයක් ඉදිකිරිමටයි, එමගින් මෙම පහත් බ්ම් ජලයෙන් යටවිමේ තත්වය පාලනය කල හැකි බවට මත පලවී තිබුනා, එහෙත් එය ප‍්‍රායෝගික නෑ, එම ජලාශයෙන් යට වීමට තිබු ප‍්‍රදේශ දැන් සීඝ‍්‍ර දියුණුවට පත්වෙලා. නමුත් දැනට දීර්ඝ කාලීන විසදුමක් හැටියට ගගේ ජලය පොම්පාගාර මගින් නල මාර්ගයෙන් වෙනත් ප‍්‍රදේශයකට පොම්ප කරන්න සැලැස්මක් තියනවා, එහිදි පොම්පාගාර වලට විදුලිය ලබාගැනීමේ ගැයළුවක් තිබුනා,එයට විසදුමක් ලෙස ගගේ ඉහල කොටසේ කුඩා ඇළ මාර්ග හරස් කර බැමි යොදා එමගින් විදුලිජනක යන්ත‍්‍ර මගින් විදුලිය සපයාගෙන එමගින් පොම්පාගාර වලට විදුලිය ලබා දි, මේ පහත් බ්ම් ප‍්‍රදේශ වලට වැඩි ජලය වෙනත් ප‍්‍රදේශයකට පොම්ප කරන්න සැලසුම් කර තියනවා, ඒ සදහා ප‍්‍රංශ රජයේ අනුග‍්‍රහයද ලබා ගන්නට බලා පොරොත්තු වෙනවා” වික‍්‍රම ජයසුන්දර සදහන් කලේය.
The failure of the Nilvala irrigation scheme has resulted in many areas in Deniyaya, Matara being affected by floods. The irrigation scheme built with Japanese funding in 1987 according to farmers in the area has become a failure due to its implementation without a proper plan. Constant flooding of areas surrounding the Nilvala River in Deniyaya has resulted in the destruction of many paddy lands. Farmers who used to cultivate paddy for two seasons are now limited to just one. Many areas in the Matara District face floods due to the shortcomings in the irrigation system. However, various attempts by authorities to address the issue have so far been futile. The Irrigation Department has now proposed to dig the river deeper near the Mahanama Bridge to minimise the flood threat.



