ගං වතුර අනතුරක් දැනට නෑ- වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි

September 8, 2009 by Editor  
Filed under Featured, Stories

FloodsNo flood threat just yet

පසුගියදා මධ්‍යම කදුකරයට මහ වැසි ඇද හැලීමත් සමග මාඋස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ලගා වීමෙන්  එහි  වාන් දොරටු තුනක් විවෘත කිරීමට සිදුවිය. ඒ සමගම අවිස්සාවේල්ල කිතුල්ගල වැනි කැලණි ගග ආශි‍්‍රත ප‍්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට පූර්ව දැනුම් දීමක් සිදුකෙරිණි. ්මධ්‍යම කදුකරයට තව දුරටත් අධික වර්ෂාවක් ලැබුණ හොත්  කැලණි ගගේ ජල මට්ටම ඉහල හා හැකි බව වාරිමාර්ග දෙපාර්මේන්තුව ප‍්‍රකාශ කරයි.

‘මේ මොහොත වනවිට ලංකාවේ කිසිම තැනක ගංවතුර තත්ත්වයක් නැහැ. එවැනි තත්ත්වයක් ඇති වුණොත් අපි වහාම පූර්ව දැනුම් දීමක් සිදු කරනවා. ඒ නිසා ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැහැ.’ වාරි මාර්ග දෙපාර්තමෙන්තුවේ ඉංජිනේරු සරත් විජේසේකර ප‍්‍රකාශ කරයි.

ඉදිරියේ දී ගං වතුර තත්ත්වයන් ඇති විය හැකි ප‍්‍රදේශ ලෙස කැලණි ගග ආශි‍්‍රතව කොළඹ ගම්පහ.ගිං ගග ආශි‍්‍රතව තවලම නෙළුව. දැදුරු ඔය සහ කළු ගග ආශි‍්‍රත පහත් බිම් හදුනා ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමෙන්තුව ප‍්‍රකාශ කරයි. ඉදිරියේදී ගංවතුරු අනතුරු ඇතිවීම සම්බන්ධව විශේෂ අවධානය කැළණි ගගට යොමු කළ යුතු බව ඔවුන් පවසයි. ගංවතුර අනතුරු තත්ත්වයන් ඇති වීම කෙරේ වාරිමාර්ග දෙපාර්තමෙන්තුව නිරන්තර අවධානය යොමු කරන බවද වාරි ඉංජිනේරු සරත් විජේසේකර ප‍්‍රකාශ කළේය.මේ සදහා විශේෂ කණ්ඩායමක්ද දෙපාර්තමෙන්තුව සතුව ඇත.

‘අපි නිරන්තරයෙන්ම වාරි මාර්ග ආශි‍්‍රතව ජල මට්ටම් මනිනවා. ගංවතුර ඇති වෙයි කියලා හිතන ජල මාර්ග පිළිබදව විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. අධික වැසි සහිත කාලගුණයකදී ඒ ජල මාර්ග වල පැයෙන් පැයට ජලය මනිනවා. එහිදී ගංවතුර තත්ත්වයක් ඇති වෙයි කියලා පෙන්නුම් කළොත් අපි වහාම ඒ ප‍්‍රදේශ වල ජනතාව දැනුවත් කරනවා. ඉන් ජීවිත හානි අවම කරගත හැකියි.’ වාරි ඉංජිනේරු සරත් විජේසේකර පවසයි.

මේ සදහා වාරිමාර්ග දෙපාර්තමෙන්තුව ජල මාර්ග ආශි‍්‍රතව ජල මැනීම් කණු සවි කර තිබේ. උදාහරණයක් ලෙස කැලණි ගෙග් හංවැල්ල ප‍්‍රදේශයේ සවි කර ඇති මැනීම් කණුවේ උස මීටර් 4 නම් අධික වර්ෂා සහගත තත්ත්වයකදී ගගේ ජල මට්ටම ඉහළ ගොස් මැනීම් කණුවේ උස මීටර් 2.5 පසු කළ විට එය අනතුරුදායක තත්ත්වයක් ලෙස සැලකේ. එවිට අදාළ ප‍්‍රදේශයන්හි ජනතාව දැනුවත් කිරීමට වාරි මාර්ග දෙපාර්තමෙන්තුව පියවර ගනී. මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සදහා වාරි මාර්ග දෙපාර්තමෙන්තුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේද සහය ලබා ගනී.ඉන් පසු ඔවුන් අදාළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්වරයා හා පොලිසියේ සහය ඇතිව මහ ජනතාව දැනුවත් කරති.

ශි‍්‍ර ලංකාවේ සිදුවන ස්භාවික ආපදා අතරින් පසුගිය අවුරුදු කිහිපය තුළ ගංවතුරු අනතුරු ඉහළ අගයක් ගෙන තිබේ.

‘ ගංවතුර අනතුරු කලින් වළක්වා ගන්න බැහැ.අධික වැසි සහිත කාලගුණ තත්ත්වයන් වලදී ජනතාව නිරන්තර අවධානයෙන් පසු වී හානිය අවම කර ගැනීමට කටයුතු කිරීමයි වැදගත් වන්නේ’ වාරි මාර්ග දෙපාර්තමෙන්තුවේ ඉංජිනේරු සරත් විජේසේකර ප‍්‍රකාශ කරයි.

The Irrigation Department says there is no threat of floods reported from any part of the country. Heavy rains experienced by the Central Province resulted in an increase in the water level of the Maussakele reservoir and several sluice gates were opened for the excess water to flow out. A continuance in rains to the Central Province would result in the increase in water levels of the Kelani River. However, the Irrigation Department says that it keeps a constant watch on the water levels in the country’s irrigation systems and carries out hourly checks during rainy seasons. If and when a flood threat arises, the Department together with the Disaster Management Center issues warnings to the people.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.