අකාලයේ අහිමිවන ජීවිත
Suicide rate dropping in Sri Lanka
ශ‍්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් දොළොස් දෙනෙක් සිය දිවි නසා ගන්නා බවත් එවැනිම දස ගුණයක් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන බවත් සිය දිවි නසාගැනීම පිළිබදව වන පොලිස් වාර්තා විග‍්‍රහ කිරීමේදී පෙනී යන්නේයැයි සිය දිවි නසාගැනීම්වලට එරෙහිව කටයුතු කරන සුමිත‍්‍රයෝ සංවිධානය පවසයි. ලංකාවේ සිටින ජනගහණය දෙස බලන විට ජනගහනයෙන් ලක්ෂයකට එක් අයෙක් සිය දිවි නසාගන්නේයැයි එම සංවිධානය පවසයි.
‘‘දිනකට එකසිය විසිදෙනෙක් පමණ සිය දිවි නසාගැනීමට උත්සාහ ගන්නවා. නමුත් සිය දිවි නසාගැනීමට උත්සාහ ගැනීමේ ඇතැම් සිදුවීම් වාර්තාවන්නේ නැහැ. මේ නිසා සිය දිවි නසාගැනීමට උත්සාහ ගැනීම් වල සංඛ්‍යාව මෙයට වඩා ඉහළ යාමට හැකියි.’’ සුමිත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාවක් කීවාය.
2007 වසර ඇතුළතදී පුද්ගලයින් 4225 දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි සිය දිවි නසාගැනීම පිළිබදව වන වාර්තා ඉදිරිපත් කරන පොලිස් දෙපාර්තමේන්තුව කියයි.
පසුගිය වසර කීපය සමග සන්සන්දනය කර බලන විට සිය දිවි නසාගැනීම්වල අඩුවීමක් දක්නට ලැබෙන බවද සුමිත‍්‍රයෝ සංවිධානය කියන්නේය. ලංකාවේ සිය දිවි නසාගැනීමට වඩාත් ඉහළ මට්ටමක පැවතියේ 1995 වසරේදීය. එම වසරේදී පුද්ගලයින් 8519 දෙනෙක් සිය දිවි නසාගෙන තිබුණි. ඉන් පසු වර්ශවලදී සිය දිවි නසා ගැනීම් ක‍්‍රමයෙන් අඩුවී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වාර්තාවන් පවසයි.
ලංකාවේ පුද්ගලයින් සිය දිවි නසාගැනීමට හේතුවක් ඉදිරිපත් කළ නොහැකි යැයි අංගොඩ මානසික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප‍්‍රනාන්දු කීවේය.
‘‘1950 දශකයේ ලංකාව සිටියේ ලෝකයේ සිය දිවි නසාගැනීමේ ලේඛනයේ පහළින්. නමුත් තවමත් ලංකාව සිය දිවි නසාගන්නා පුද්ගලයින් වැඩි රටවල් අතරින් ඉහළින්ම තිබෙනවා.’’ ප‍්‍රනාන්දු කීවේය.
පුද්ගලයින් සිය දිවි නසා ගැනීම සදහා නිශ්චිත හේතුවක් සදහන් කළ නොහැකි බවත් විවිධ හේතු නිසා පුද්ගලයින් සිය දිවි නසාගන්නා බවත් සුමිත‍්‍රයෝ සංවිධානය කියයි.
‘‘ජීවන කුසලතාවයේ හිග කම නිසා විද දරාගැනීමේ ශක්තිය අඩුවීම, මානසික රෝගී බව හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පුද්ගලයින් සිය දිවි නසාගැනීමට මූලික වන හේතු අතරින් ඉහළින්ම තිබෙනවා. මේ කරුණු එකක් හෝ වැඩි ගණනක් පුද්ගලයෙක් සිය දිවි නසාගැනීම කෙරෙහි බලපාන්න පුළුවන්.’’ සුමිත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාව කීවාය.
පුද්ගලයින් සිය දිවි නසාගැනීමට බලපාන මූලික හේතුවක් වී ඇත්තේ ආවේග පාලනය කරගැනීමට නොහැකිවීම යැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙදියක් වශයෙන් වසර ගණනාවක් සේවය කර ඇති පුශ්පා රම්‍යාණි ද සොයිසා පැවසුවාය. සිය දිවි නසාගැනීම් වලින් බොහෝ ප‍්‍රමාණයක් සදහා මූලික හේතුව වී ඇත්තේ ක්ෂණික ආවේග වන බවද ඇය සදහන් කළාය.
‘‘ක්ෂණික ආවේගය නිසා බොහෝ දෙනා වැරදි තීරණවටල පැමිණ සිය දිවි නසාගන්නවා.’’ සොයිසා කීවාය.
පවුල් ගැටලූ නිසා බොහෝ දෙනා සිය දිවි නසාගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සදහන් කරයි. 2007 වසරේදී සියදිවි නසාගෙන ඇති පුද්ගලයින් අතරින් 833 දෙනෙක්ම සිය දිවි නසාගෙන ඇත්තේ පවුල් ගැටලූ නිසාවෙන් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. විභාග උසමත් වීම නිසා සිය දිවි නසාගත් කිසිම අයෙක් එම වසර තුළදී වාර්තාවී තිබුනේ නැත. සිය දිවි නසාගන්නා පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් කෘෂිකර්මාන්තය, සත්ව කර්මාන්තය හා ධීවර කර්මාන්තයෙන් ජීවිතය පවත්වාගෙන යන පුද්ගලයින් බව පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන සදහන් කරයි.
වැඩි වශයෙන්ම සිය දිව සදහා පෙළඹෙන්නේ වයස අවුරුදු දහ අටත් තිහත් අතර වයසේ වන පුද්ගලයින් යැයි සුමිත‍්‍රයෝ සදහන් කරයි.
‘‘තරුණ වයසේ වන පුද්ගලයින්ට ජීවන අත්දැකීම් අඩුයි. මේ නිසා මේ වයසේ පසුවන අය වැඩියෙන්ම සිය දිවි නසා ගැනීමට පෙළඹෙනවා.’’ සුමිත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාව පැවසුවාය.
පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව 2007 වසරේදී වැඩිම පුද්ගලයින් පිරිසක් සිය දිවි නසාගෙන ඇත්තේ වල් නාශක හා කෘමි නාශක පානය කිරීමෙනි. මේ ආකාරයෙට මෙම වසරේදී පමණක් පුද්ගලයින් 2127 දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි. ගෙළ වැලාගැනීමෙන් පුද්ගලයින් විශාල පිරිසක් සිය දිවි නසාගැනීම වාර්තාවන අතර එම වසරේදී ගෙළ වැලලාගැනීමෙන් පුද්ගලයින් 1207 දෙනෙක් මියගොස් තිබුණි.
සිය දිවි නසාගැනීම් අඩු කිරීම සදහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබූ අතර මෙම බලකාය විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ අතර වස පානය කර මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩුකිරීම සදහා වන නිර්දේශ කිහිපයක්ම තිබුණි.
පළිබෝධ නාශක භාවිතය සීමා කිරීමත් ඒවායේ විශ අඩුකිරීමටත් මේ මගින් නිර්දේශ කර තිබුණි. මීට අමතරව විශ ශරීරගතවන අයට ප‍්‍රතිකාර කිරීමේ ගුණාත්මක බව වැඩි කිරීමටත් නිර්දේශ වී තිබුණි.
‘‘පළිබෝධනාශක වල සුලබතාවය අඩුකිරීමට හැකියාව ලැබෙනවානම් විශ ශරීරගතවී මිය යන සංඛ්‍යාව අඩු කරගත හැකියි.’’ වෛද්‍ය ප‍්‍රනාන්දු සදහන් කළේය.
පළිබෝධනාශකවටල විශ අඩු කිරීමට කටයුතු කිරීම යටතේ තනුක ද්‍රාවණයක් ලෙස එය අළෙවි කිරීමටත් ඒවාට වමනය ඇතිකරවන රසායන එක්කිරීමටත් නිර්දේශ කර ඇතැයි හෙතෙම සදහන් කළේය.
‘‘ග‍්‍රාමීය ප‍්‍රදේශවටල සිය දිවි නසාගැනීමේ ප‍්‍රවනතාවය වැඩියෙන්ම දකින්න ලැබෙනවා. එම ප‍්‍රදේශ දුෂ්කර නිසා හා සිය දිවි නසාගැනීමට උත්සාහ කරන පුද්ගලයින්ට උපකාරක සේවයක් නොලැබෙන නිසාත් එම ප‍්‍රදේශ වල සමහර පුද්ගලයින් සිය දිවි නසාගැනීමට පෙළඹෙනවා.’’ සුම්ත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාව පැවසුවාය.
සිය දිවි නසාගැනීමට වැඩියෙන්ම තැත් කරන්නේ කාන්තාවන් වන බවත් නමුත් සිය දිවි නසාගැනීමට කරන උත්සාහයන් වැඩි වශයෙන් සාර්ථක කරගන්නේ පිරිමි වන බවත් සුමිත‍්‍රයෝ කියයි.
මෙරට කාන්තාවන් සිය දිවි නසාගැනිමේ අනුපාතය ඉහළ මට්ටමක තිබෙන්නේයැයි වෛද්‍ය ප‍්‍රනාන්දු කීය. මේ අතර ගෘහණියන්ගේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බවද හෙතෙම සදහන් කළේය.
‘‘කාන්තාවන් සිය දිවි නසාගැනීමේ තත්වය ඉහළ මට්ටමක පැවතීම සුවිශේෂී තත්වයක්.’’ වෛද්‍ය ප‍්‍රනාන්දු සදහන් කළේය.
සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් නිසි උපකාරක සේවයක් ලැබෙන්නේනම් පුද්ගලයින් සිය දිවි නසාගැනීමට පෙළඹෙන්නේ නැතැයි සුමිත‍්‍රයෝ කීවේය.
‘‘එක් පුද්ගලයෙක්ට රැුකියා ආයතනයේදී ගැටලූවක් පැමිණියහොත් පවුලේ අයගේ සහායත් නොතිබුනොත් ඔහුට කිසිම උපකාරයක් නැතැයි කියලා හිතෙනවා. නමුත් ඔහුට අහිමි වුනේ එක් විකල්පයක් පමණයි තවත් විකල්ප තිබෙනවා කියලා හිතුනොත් එම පුද්ගලයා සිය දිවි නසාගැනීමට පෙළඹෙන්නේ නැහැ.’’ සුමිත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාව සදහන් කරයි.
කුඩා කල සිටම ගැටලූවලට මුහුණදීමට හැකි ආකාරයෙන් අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීම මගින් සිය දිවි නසාගැනීම් අවම කිරීමට හැකියාව ලැබෙන්නේ යැයි හෙදි නිලධරිනී සොයිසා කියන්නීය. සමාජ විශමතාවය, තරග කාරීත්වයට මුහුණදීම ආදිය පිළිබදව ළමුන් දැනුවත් කරන ආකාරයේ අධ්‍යාපන ක‍්‍රමයක් ලබාදිය යුතුව ඇතැයි ඇය කියන්නීය.
‘‘දැන් හැම ළමයෙක්ම වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් කරන්න තමයි උගන්නන්නේ. ළමයින්ට ආවේග පාලනය කරගන්නා ආකරය, නිවරදි තීරණ ගන්නා ආකාරය කියලා දෙන්නේ නැහැ. මේ ක‍්‍රමය වෙනස් විය යුතුයි.’’ සොයිසා කීවාය.
සිය දිවි නසාගැනීම පිළිබදව ජනතාව දක්වන ආකල්පය වෙනස් කිරීමටත් සිය දිවි නසාගැනීම් පිළිබදව මාධ්‍ය වාර්තාකරණය පිළිබදවත් නිර්දේශ සිය දිවි නසාගැනීම් පිළිබදව වන ජනාධිපති විශේෂ කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කර තිබුනේයැයි වෛද්‍ය ප‍්‍රනාන්දු පැවසුවේය. මීට අමතරව මානසික සෞඛ්‍ය සේව දියුණු කිරීමට නිර්දේශ කර තිබෙන බවද හෙතෙම පැවසුවේය.
තරුණයින්ගේ නිපුනතා දියුණු කිරීමට කටයුතු කිරීමට අධ්‍යාපන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හා උපදේශන සේවා දියුණු කිරීම මෙයට ඇතුළත්ව තිබුනේය.
‘‘මේ නිර්දේශ මගින් සිය දිවි නසාගැනීම් අඩු කිරීමට කටයුතු කිරීමේ වගකීම අංශ කීපයක් වෙත පවරා තිබෙනවා. මේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම මගින් සිය දිවි නසාගැනීම් අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා.’’ වෛද්‍ය ප‍්‍රනාන්දු සදහන් කළේය.
ආවේග පාලනය කරන ආකාරය පිළිබදව තරුණ සමාජය අතර කතිකාවක් ආරම්භ විය යුතුව ඇතැයි සොයිසා පැවසුවාය.
‘‘ජීවිතයේ එන අභියෝගවලට සමහරු හොදට මුහුණ දෙනවා. ඒ අභියෝගවලට හොදින් බැට් කරන අය ලස්සනට ජීවිතය ගෙන යනවා. හොදින් බැට් කරන්න බැරි අය ජීවිතයෙන් පළා යනවා.’’ සොයිසා කීවාය.
There is a decline in the country’s suicide rate, the Sumithrayo Organization says. Police records show that the highest suicide rate of 8,519 was recorded in 1995, which has seen a gradual decline through the years. 4,225 suicides have been recorded in 2007. Sumithrayo states that 12 suicides are recorded in the country each day and the number of those who attempt suicide is a 10 fold increase of this amount. Therefore, one in every 100,000 citizens in the country commits suicide. However, Sri Lanka, which was at the bottom of the world suicides list in the 1950s, has now come to the top. The Presidential Task Force appointed to make recommendations on addressing the suicide issue has already made several proposals.



