මාලිගාතැන්නේ මැටි කර්මාන්තය අනතුරේ

September 8, 2009 by Editor  
Filed under Featured, Stories

590 pxTraditional industry faces ruin

පාරම්පරිකව මැටි කර්මාන්තයේ යෙදෙන පවුල් 40ක් පමණ අම්පාර උහන මාලිගාතැන්න ප‍්‍රදේශයේ ජිවත්වේ. ඔවුන් විසින් විවිධ වර්ගයේ මැටි වළං, කිරි හට්ටි, ගුරු ලේත්තු, මැටි පහන් හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරයි. මෙම පවුල්වල සමාජිකයින් යැපෙන්නෙ මෙම නිෂ්පාදන අලෙවි කිරිමෙන් ලැබෙන සොච්චමෙන්. එම මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරිමට යන වියදම අලෙවි කිරිමෙන් ලබා ගැනිමට නොහැකි බව මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන අය පවසති.

‘‘අමු මැටි වලින් සකස් කරන වළං පුච්චන්න  ඕනැ. ඒ සඳහා දර අවශ්‍ය වෙනවා. දර හොයන්න අමාරුයි. සාමාන්‍යයෙන් වළං පෝරණුවක් පුච්චන්න බයිසිකල් දර මිටි දහයක් පමණ   ඕනැ. බයිසිකල් දර මිටියක් රුපියල් දෙසිය පනහක් වෙනවා. පෝරණුව පුච්චලා ඉවර උනාම ඉරි ගිය වළං ඉවත් කරනවා. දර මිල ඉහළ ගියාට අපිට වළං මිළ ඉහළ යවන්න බැහැ.” පී.ජී. පියසේන පැවසුවේය.

‘‘එදා වගේ අද අපේ කර්මාන්තයෙන් ලාභ ගන්න අමාරුයි.මාසෙකට රුපියල් දහදාහක් විතර හොයා ගන්න පුළුවන්. ඒකටත් දහදුක් විදින්න  ඕනෑ.”  පී.ජී. පියසේන වැඩිදුරටත් පැවසුවේය.

පරම්පරාවෙන් පරම්පරාවට රැකියාවක් ලෙස වළං සාදන බව මාලිගාතැන්නෙ අශෝකා පවසන්නීය.

‘‘අපේ සීයලා ආච්චිත් මේ රැුකියාවම තමයි කලේ. අපිත් පුංචි කලේ දීම වළං හදන්න පුරුදු වුණා. බඩු අලෙවි කරගන්න තමා අමාරු. සමහරක් දවස්වලට අපි වැඩ කරනවා. සමහරක් දවස් වලට වැඩ කරන්නෑ. අපේ පොඩි අය වැඩ කරද්දි උනත් දුක් විදින අවස්ථා තියෙනවා” පි.ජි අශෝකා කුමාරි පැවසුවාය.

ප්ලාස්ටික් , විදුරු, ලෝහ භාණ්ඩ නිෂ්පාදනය නිසා මැටි භාණ්ඩ නිෂ්පාදනය අඩු වී තිබේ.මේ නිසා මැටි භාණ්ඩ නිෂ්පාදන කරුවන් වෙනත් රැකියා සොයා ගිහිං. වර්තමානය වනවිට මේ රැුකියාවේ යෙදෙන්නෙ ඉතා සීමිත පිරිසකි.

තනියෙන් පුරුදු වී මෙම රැකියාව කරගෙන යන බව ඩි.ජි නිලන්ති පැවසුවා ය.

‘‘තනියෙන් බලාගෙන ඉඳලා තමයි පුරුදු වුනේ. අපිට හරියට පෝරණුවක් නැහැ. සකපෝරුවක් නෑ. මේ සකපෝරුව සමිතියෙන් ගත්තේ.  වැඩ කරත් නැතත් මේ කට මාසෙට කුලිය ගෙවන්න වෙනවා. මැටි උනත් ගෙන්න ගන්නෙ සල්ලි දිලා.” මාලිගාතැන්නෙ ඩි.ජි නිලන්ති පැවසුවා ය.

‘‘වතුර නැහැ. අපට ඇලේ වතුර එන වෙලාවට හොදයි. නැත්නම් වතුර ගෙන්න දුර යන්න වෙනවා. මේ දවස්වල වතුර හිගයි. දර ගන්නෙත් සල්ලි වලට. දර බයිසිකලයක් දෙසිය පනහක් වෙනවා.” ඩි.ජි නිලන්ති වැඩිදුරටත් පැවසුවා ය.

වළං නිෂ්පාදනයට යන වියදම අලෙවි කිරිමෙන් ලබා ගැනිමට නොහැකිබව මැටි කාර්මිකයන් පවසති. ප‍්‍රවාහනය කිරිමේ දි සිදුවන පාඩුව ද වැඩි බව පවසයි.

‘‘අම්පාර පොලට අරන් යනවා. මාන්තොට්ටම පොලට අරන් යනවා. බස් එකේ තමයි අරන් යන්නෙ. ගොඩක් කැඩෙනවා අලාභ සිද්ධ වෙනවා. ඒ වුණාට අපිට කියක් හරි හොයා ගන්න අරන් යනවා පොළට.” නිලන්ති වැඩිදුරටත් පවසන්නී ය.

මැෂින් තිබුනත් වැඩ කිරිමට නොහැකිබව මාලිගාතැන්නෙ සේනක රණසිංහ පවසයි.

‘‘අවුරුදු තුනක් විතර මැෂින් නිකම් තිබුණේ. මේ ලගක දි අපි මැෂින් ටිකක් හදා ගත්තා. මැටි අඹරන මැෂිමෙන් මැටි අඹරන්න බෑ. මම කිරි හට්ටි තමයි මම හදලා විකුණන්නෙ.” මාලිගාතැන්නෙ සේනක පැවසුවේය.

මැටි භාණ්ඩ සඳහා ස්ථිර වෙළඳ පොළක් නැති බව තිස්ස මැදවත්ත පවසයි

‘‘ඉස්සර වගේ ම තමයි. බයිසිකල් වල ගිහිල්ලා තමයි වෙළදාම් කරන්නෙ. මට හදන්න බැහැ. සේවකයො දෙන්නෙක් දාලා වැඩ කරන්නෙ. පුච්චන්න අමාරුයි. දර ප‍්‍රශ්නේ තමයි වැඩිපුර තියෙන්නෙ. දරුවො තුන්දෙනෙක් ඉන්නවා. අමාරුවෙන් තමයි ජිවත් වෙන්නෙ.”තිස්ස මැදවත්ත පැවසුවේ ය.

සමිතියෙන් සමාජිකයින්ට සහන සැලසිමට තවම නොහැකි බව මාලිගාතැන්න මැටි කර්මාන්ත සංගමයේ සභාපති සේන මැදවත්ත පවසයි.

‘‘සමිතිය පටන් අරන් අවුරුදු හතළිහක් විතර වෙනවා  සමාජිකයින්ට සහන සලසන්න වත්කම් නෑ සුළු මුදලක් තියෙන්නෙ. රාජ්‍ය නොවන සංවිධාන වලින් උදව් කරලා තියෙනවා. ලැබෙන ආධාර සමාජිකයින් අතරෙ බෙදලා දෙනවා.” සභාපති සේන මැදවත්ත පැවසුවේය.

වර්තමාන තාක්ෂණය දියුණු වි තියෙනවා. නමුත් මෙම කර්මාන්ත කරුවන්ට එම තාක්ෂණය මගහැරි ගිහින්. එම තාක්ෂණය මෙම මැටි වළං නිෂ්පාදන කරුවන්ට ලැබෙනවා නම් එම රැකියාව පවත්වාගෙන යාහැකි බව මැටි වලං නිෂ්පාදන කාර්මිකයන් පවසයි.

Decline in market conditions and financial constraints have threatened the traditional pottery industry that has been the main livelihood of a bout 40 families in Uhana in Maligathenna for generations. The many technological advancements have escaped these rural industrialists. Some of the pottery makers have left the industry following a decline in demand for clay pots due to the introduction of products made of glass, plastic and copper. The lack of a permanent market for clay pots that are manufactured amidst the lack of funds and resources has resulted in the industrialists incurring heavy losses. The pottery industry in Uhana may be lost forever if the required assistance is not received.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.