දකුණු පළාත් සභා ඡන්ද විමසීම ඇරඹේ

October 10, 2009 by Editor  
Filed under Featured, Stories

election dayPolling underway in the south

දකුණු පළාත් සභාව සදහා මන්ත‍්‍රීවරුන් පනස් පස්දෙනෙක් තොරාගැනීම සදහා ඡන්ද දායකයින් මිලියන1.7ක් ඡන්දය ප‍්‍රකාශ කරන දකුණු පළාත් සභා මැතිවරණය අද (ඔක්තෝම්බර් 10 වැනිදා) උදෑසන හතට ආරම්භ විය.

මැතිවරණ දිනයේ උදෑසනම සිට ජනාතව උනන්දුවෙන් සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඉදිරිපත්ව සිටි අතර ඇතැම් ඡුන්ද මධ්‍යස්ථානවල ඡුන්ද දායකයෝ ඡුන්දය ප‍්‍රකාශ කිරීම ආරම්භ කිරීමට පෙර සිටම සිය ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණ සිටියහ.

‘‘ගියවර මැතිවරණයට වඩා වැඩි උනන්දුවකින් මේ වාරයේදී මිනිස්සු ඡුන්දය දෙනවා.’’ ගන්දර ප‍්‍රදේශයේ ධීවරයෙක් වන ප‍්‍රියන්ත සෙල්ලහේවා පැවසුවේය.

ඡන්ද විමසීම ආරම්භවී පැය පහක් ගතවන තුරු කිසිදු මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් වාර්තාවී නැතැයි මැතිවණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණය කරන කැෆේ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක රංජිත් කීර්ති තෙන්නකෝන් කීවේය.

‘‘මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තාවී නැතත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තාවී තිබෙනවා.’’ තෙන්නකෝන් පැවසුවේය.

ඡන්ද විමසීම පැවැත්වෙන අතරවාරයේදී මැතිවරණ පක්ෂවල ලාංඡන හා අංක සදහන් වාහන ගමන් කරමින් සිටි බව තෙන්නකෝන් සදහන් කළේය.

‘‘අපි කවුරුවත් ඡන්ද දවසේදී කිසිම කලබලයක් කරන්නේ නැහැ.’’ ඡන්දය ප‍්‍රකාශකර සාමකාමීව සිටින බව පවසන සෙල්ලහේවා කීවේය.

ගන්දර ප‍්‍රදේශයේ ඇතැම් ස්ථාන වල අපේක්ෂකයින්ගේ ප‍්‍රචාරක දැන්වීම් පුවරු තැනින් තැන තිබූ අතර ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ ප‍්‍රචාරක පුවරු මේ අතර විය. සියලූම පක්ෂවල නියෝජිතයින්ගේ ප‍්‍රචාරක පුවරු මැතිවරණ දිනය වන තෙක්ම පවතින්නේ ඡුන්ද දායකයින් ගැටුම් ඇති නොකර ගන්නා නිසා බව සෙල්ලහේවා සදහන් කළේය.

මැතිවරණ දිනයේදී පක්ෂ වශයෙන් වෙන්වී ඡන්දය ප‍්‍රකාශ කළත් ගමේ සියලූදෙනා එක පවුලේ සහෝදරයින් ලෙසි ගැටුම් ඇති නොකරගෙන සිටින බව ගන්දර පදිංචි ගාමිණී එදිරිවීර කීවේය.

දකුණු පළාත් සභා මැතිවරණයෙදී ඡුන්ද දායකයින් 176856 දෙනෙක් ඡුන්දය ප‍්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටියේය. ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් 761815 ක් මාතර දිස්ත‍්‍රික්කයෙන් 578857 ක්ද හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් 421186 ක්ද විය.

ඡන්ද මධ්‍යස්ථාන 1458 කදී ඡන්ද විමසීම සිදුකෙරුණේය. ප‍්‍රසාද ආසන දෙකක් සහිතව මන්ත‍්‍රීවරුන් 55 දෙනෙක් තොරා ගැනීම සදහා මෙම මැතිවරණය පැවැත්වුනේය. ගාල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් 23 දෙනෙක් තොරා ගැනීමට නියමිත අතර මාතර දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් 18 දෙනෙක් තොරාගැනීමට නියමිතය. හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් 12 දෙනෙක් තෝරාගැනීමට නියමිතය. මේ සදහා පිළිගත් දේශපාලන පක්ෂ 18 කින් හා ස්වාධීන කණ්ඩායම් 13කින් අපේක්ෂකයින් 1091 දෙනෙක් තරග කරති.

වාර්තාව-සංජය නල්ලපෙරුම

සහාය – මාතර මාධ්‍ය නිවස

ඡායාරූප – දිනිදු ද අල්විස්

The elections to elect 55 provincial councilors to the Southern Provincial Council commenced early morning. While 1.7 million people in the South are eligible to cast their votes at 1,458 polling booths set up across the Southern Province, a majority of them have shown an interest in exercising their franchise at the provincial council election. Election monitors reported that after seven hours in to voting, no election related violence was reported from any of the districts in the South. However, monitors said there were several cases where election laws were violated. 1,091 candidates are contesting the election through 18 recognized political parties and 13 independent groups.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.