ඉදිරි සති කිහිපයේදී නැගෙනහිරට වැසි

October 27, 2009 by Editor  
Filed under Featured, Stories

Rains expected in drought hit east

මේ දිනවල  නැගෙනහිර ප‍්‍රදේශ වලට බලපා ඇති දැඩි නියං තත්ත්වය පහව ගොස් ඉදිරි දින කිහිපය තුළ වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. මේ අනුව ඉදිරි සති දෙක ඇතුළත නැගෙනහිර ප‍්‍රදේශ වලට වැසි සහිත කාළගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස් ආර් ජයසේකර ප‍්‍රකාශ කළේය.

‘‘ පසුගිය දොළොස් වෙනිදා සිට විසි හතර වෙනිදා දක්වා ලංකාවේ බොහෝ ප‍්‍රදේශ වලට වැසි ලැබුණා. එ්ත් අම්පාර මොනරාගල දිගා මඩුල්ල වැනි ප‍්‍රදේශ තව දුරටත් වියළි කාළගුණයක් පැවතුණා. එහෙත් ඊයේ සිට මේ ප‍්‍රදේශ වල කාළගුණයේ වෙනසක් පෙන්නුම් කරනවා. ඉදිරි දින කිහිපයේදී අපරභාගයේ හෝ සන්ධ්‍යා කාළයේදී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි.’’ ජයසේකර පැවසුවේය.

එමෙන්ම  මෝසම් වර්ෂාවේ බලපෑම හේතුවෙන් උතුරු ප‍්‍රදේශ වලට අධික වැසි ලැබී  ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බවට මීට පෙර  අනාවැකි පළ වුවද එවැනි තත්ත්වක් පැනනොනගින බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස`දහන් කරයි.

දැනට මාස කිහිපයක සිට නැගෙනහිර ප‍්‍රදේශයට බලපවත්වන දැඩි නියගය හේතුවෙන් එම ප‍්‍රදේශ වල ජනතාව  විශාල ජල හිගයකට මුහුණ දී තිබේ. මේ හේතුවෙන් සැතපුම් කිහිපයක් දුර ගෙවා ජලය සොයා යෑමට හා ජලය මිල දී ගැනීමට නැගෙනහිර වැසියන්ට සිදුව තිබේ.

The Meteorological Department says that rains are expected in the drought hit east during the next few days. Although many parts in the country experienced rains from the 12th to the 24th, the Moneragala, Ampara and Digamadulla Districts did not receive any rains. The Department says that there has been a change in the weather in these areas in the past few days and rains could therefore be experienced in the next few days. People in the east have faced many difficulties due to the prolonged period of drought in the area.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.