ජනාධිපතිවරණය ජනවාරියේදී- ජනමාධ්‍ය ඇමති

October 9, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

Print

Presidential Election in January

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

ලබන වසරේ ජනවාරි මාසයේදී  ජනාධිපතිවරණය පවත්වන බවත් ඉන් පසුව මාර්තු මාසයේදී මහ මැතිවරණයක් පවත්වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ලක්මන් යාපා අබේවර්ධන පැවසුවේය.

පෙරඹර සමග විශේෂ සංවාදයකට එළඹෙමින් අබේවර්ධන මහතා මෙවර අයවැයක් වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් (ලබන වසර සදහා) මීළග අයවැය ලේඛනය මහ මැතිවරණය පවත්වා මාස තුනක් ඇතුළතදී ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන් කළේය.

‘‘ඌව පළාතේ සියයට හැත්තෑදෙකක ඡන්ද ප‍්‍රතිශතයක් අපි ලැබුවා. දකුණු පළාතේ පැතිවරණයේදී මේ ප‍්‍රතිශතය ඉක්මවායෑමේ ඉලක්කයක් තමයි අපිට තිබෙන්නේ. සමහර මැතිවරණ කොට්ටාශවල සියයට අසූවක ඡන්ද ප‍්‍රතිශතය ඉක්මවා යෑමට හැකියාව ලැබෙතැයි අපි විශ්වාස කරනවා’’ ඔහු පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේද කීවේය

.‘‘ලෝකයේ  ඕනෑම රටක සිටින ජනාධිපතිවරයෙක් දෙවැනි වරට ජනාධීපතිවරණයට ඉදිරිපත්වන විට ඔහු ලබන ඡන්ද ප‍්‍රතිශතය අඩුවෙනවා. නමුත් පළමු මැතිවරණයට වඩා වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබන ජනවාරියේදී පවත්වන ජනාධිපතිවරණයේදී (මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට) ලබාගැනීමට හැකියාව ලැබෙතැයි අපි විශ්වාස කරනවා. මේ සදහා අපි(ආණ්ඩුව) දැනටමත් සූදානම්.’’

දශක තුනක් තිස්සේ පැවති යුද්ධය අවසන් කිරීම සම්බන්ධයන් ජනතාව ජනාධිපතිවරයාට කෘතගුණ සලකන බව අපි හොදට දන්නවා. සංවර්ධනය තුළින් තවත් ඡන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබෙතැයි අපි විශ්වාස කරනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් එයින් ජයග‍්‍රහණය කරන්නේ අපි බව පසුගිය කාලයේ පැවති මැතිවරණ තුළින් ජනතාව තුළ විශ්වාසයක් ඇතිකර තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ලැබූ ඡන්ද ප‍්‍රතිශතය වන සියයට හැට දෙකක ප‍්‍රතිශතය ඉක්මවා යෑමට හැකියාව ලැබෙතැයි අපි විශ්වාස කරනවා.

වාර්තාව-සංජය නල්ලපෙරුම

සහාය – මාතර මාධ්‍ය නිවස

ඡායාරූප – දිනිදු ද අල්විස්

Media Minister Lakshman Yapa Abeywardena says the Presidential election will be held in January next year and the general election would follow in March. He also said that while a Vote on Account would be presented instead of the budget in November, the normal budget would be presented after the general election. According to Abeywardena although any President contesting the election for a second term in office record a decline in their votes, President Mahinda Rajapakse would record an increase in his vote base because he ended the country’s 30 year old war and launched a massive development programme.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.