දකුණින් ආණ්ඩුව ඉදිරියෙන්
Gov. heading for landslide in south
ලබන වසරේ මුල් මාස කීපය ඇතුළතදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව ජයග‍්‍රහණය කරවීමට මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශකරන ජනතාව සූදානම්න් සිටී.
මේ වන විට කිසිදු බියකින් තොරව රටේ ඕනෑම තැනකට ගමන් කිරීමට අවස්ථාව ලැබී ඇති බැවින්්මන් ආණ්ඩුව ජයග‍්‍රහණය කරවීමට තමන් ඡුන්දය ප‍්‍රකාශ කරන බව දකුණු පළාතේ ජනතාව පවසති.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබදව නොයෙක් ප‍්‍රචාරයන් පැතිරයමින් යමින් තිබෙන නමුත් ලබන වසරේ ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයක් හා මාර්තු මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්මන් යාපා අබේවර්ධන පෙරඹර සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඹක්තෝම්බර් 9 වැනිදා උදෑසන පැවසුවේය.
ලබන වසර මුලදී ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පැවැත්වෙතැයි විශ්වාසයකින් නොසිටිනන ගොරකවෙල ප‍්‍රදේශයේ වෙළද සැලක් පවත්වාගෙන යන අමිල හත්තොටුව කීවේය. එහෙත් එවැනි මැතිවරණයක් පැවැත්වුවහොත් එම මැතිවරණවලදී ඡුන්ද ප‍්‍රකාශ කරන බව හෙතෙම පැවසූවේය.
‘‘ලබන අවුරුද්ද මුලදී ජනාධිපතිවරණයක් තියන එකේ කිසිම ගැටලූවක් නැහැ. ඒ කාලයේදී ඡුන්දයක් තියන එක හොදයි.’’ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වෙන තෙක් මග බලා සිටින පිටබැද්දර පදිංචි ඉසුරු චින්තක කීවේය.
ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙන ජනාධීපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාටම ඡුන්දය ලබාදීමට කටයුතු කරන බව මාතර නගරයේ සිට කිලෝමීටර පනහකට ආසන්න දුරකින් පිහිටි අකුරැුස්ස පිටබැද්දර ප‍්‍රදේශයේ පදිිංචි රණසේන මුදියන්සේගේ අමරසේන පැවසුවේය.
‘‘දැන් ඉන්න රජතුමා හොදයි.’’ අමරසේන කීවේය.
වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් තරග කරන්නේනම් පමණක් තමන් මීළග ජනාධිපතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කරන බව චින්තක පැවසුවේය.
‘‘මේ ජනාධිපතිවරයා ඇර වෙනත් කිසිම අපේක්ෂකයෙක් මැතිවරණයට ඉදිරිපත් වුනාට අපි ඡුන්දය දෙන්නේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා විතරයි අපි ඡුන්දය දෙන්නේ.’’ හෙතෙම සදහන් කළේය.
දකුණෙන් ජනාධිපතිවරයක් පත්වුවහොත් තමන්ගේ ප‍්‍රදේශයට වැඩි වැඩ කොටසක් සිදුකරන නිසා නැවත වරක් දකුණින් ජනාධිපතිවරයෙක් නැවත පත්කර ගත යුතුව ඇතැයි චින්තක කියයි.
වත්මන් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙල පිළිබදව ඇති ප‍්‍රසාදය නිසා ඔහු ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාවක් පවතින්නේයැයි අමිල හත්තොටුව කීය. ලබන වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයකදී ඔහුගේ ඡුන්දය හිමිවන්නේ වත්මන් ජනාධිපතිවරයාටය. ඔහු වැනි තවත් වැඩි පිරිසකගේ ඡුන්ද ජනාධිපතිවරයාට හිමිවන බව ඔහු පැවසුවේය.
‘‘ජනාධිපතිවරයා මේ වන විට ගෙනයන වැඩපිළිවෙල ඉතාමත් හොද වැඩපිළිවෙලක්. මේ නිසා තමයි අපි හැම දෙනාගේම ඡුන්ද ඔහුට ලැබෙන්නේ.’’ හත්තොටුව කීවේය.
මේ වසරේ අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛනය ඉදිරිපත් කිරීම වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. ලබන වසරේ මාර්තු මාසයේදී මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් තොරා ගැනීමට නියමිත බැවින් මේ ආකාරයට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේය. මහ මැතිවරණයනේ පසුව මාස තුනක් ඇතුළතදී නව අය වැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය ඇමතිවරයා කීවේය.
ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය පිළිබදව මාතර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ගම්මානවල පිරිස් විශාල බලාපොරොත්තු ඇති කරගනිමින් සිටී. ඒ මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් නොමැති මැතිවරණ බල ප‍්‍රදේශවලින් නව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පත්කර ගැනීම සදහාය.
‘‘දැනට අවුරුදු පහළොවකට ආසන්නන කාලයක් තිස්සේ සිට මේ පැත්තේ(එම මැතිවරණ කොට්ඨාශයේ) කිසිම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් සිටියේ නැහැ. දැන් ඡන්දයක් තිබ්බොත් අපේ පැත්තට මනත‍්‍රීකෙනෙක් තෝරාගැනීමට හැකියාව ලැබෙනවා.’’ අමරපාල කීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් තෝරා ගැනීමට හැකියාව ලැබුණහොත් ප‍්‍රදේශයේ මෙතෙක් නොවිසිදී පවතින ගැටලූ වලට විසදුම් ලබාගැනීමට හැකියාව ලැබෙතැයි ඔහු විශ්වාස කරයි.
‘‘අපි ගමෙන් පිට අයෙක්ට ඡන්දය දෙන්නේ නැහැ.’’ ඉසුරු චින්තක පැවසුවේය.
පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉදිරිපත්්වන අපේක්ෂකයින් දෙස බලා තමන්ගේ ඡන්දය ප‍්‍රකාශ කරන බව හත්තොටුව සදහන් කළේය.
මහ මැතිවරණයේදීද වත්මන් ආණ්ඩුවට වැඩි දෙනා ඡන්දය ලබාදෙනු ඇතැයි ඉසුරු චින්තක කීිය. එම මැතිවරණයෙන් ආණ්ඩුව ජයගනු ඇතැයි ඉසුරු තක්සේරු කරයි.
‘‘ඡන්දයක් තියන එක හොද වගේම විපක්ෂයක් තිබෙනවානම් තවත් හොද වෙනවා.’’ ප‍්‍රභල විපක්ෂයක අවශ්‍යතාවය පෙන්වාදෙන හත්තොටුව කියයි.
ලබන වසරේ මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතරවාරයේදී මාතර ප‍්‍රදේශයේ වතුවල සිටින ඇතමුන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් නෙැමැතිව බලා සිටී.
‘‘ඡුන්දය දෙන්න හරිම ආසාවෙන් ඉන්නේ. ඒත් අපි වතුවල ඉන්න නිසා ඡුන්දය දෙන්න අපි ලියාපදිංචි වෙලා නැහැ.’’ කන්දොල වත්තේ පදිංචිව සිටින ක‍්‍රිෂ්ණමූර්ති චමින්ද කුමාර කීවේය.
ගෘහ මූලික ලයිස්තු සකස් නොකිරීම නිසා මොවුන්ට ඡන්දය ලබා දීමේ අවස්ථාව අහිමිව තිබේ.
‘‘අපිට ඡන්දයක් තිබුනානම් මන්ත‍්‍රී කෙනෙක් ළගට ගිහින් හරි අපිට ඕන දේවල් ඉල්ලගන්න පුළුවන්. ඒත් දැන් එහෙම නැති නිසා අපිට මන්ත‍්‍රීකෙනෙක්ගෙන්වත් කිසිම උදව්වක් ඉල්ලාගැනීමට නොහැකි වෙලා තිබෙනවා.’’ කන්දොල වත්තේ පදිංචිව සිටිනන ඩබ්ලිව්. කේ. සුනිල් පැවසුවේය.
තමන්ට ඡන්දය තිබේනම් දැනට සිටින ලයින් කාමර වෙනුවට මන්ත‍්‍රීවරයෙක් හරහා ස්ථිර නිවසක් තනාගැනිමට ඉඩමක් ඉල්ලාගන්නා බව හෙතෙම පැවසුවේය.
වාර්තාව-සංජය නල්ලපෙරුම
සහාය – මාතර මාධ්‍ය නිවස
ඡායාරූප – දිනිදු ද අල්විස්
People in the South are all geared to cast their votes in favor of the government at the Southern Provincial Council election in preparation for the Presidential and general elections that are to be held early next year. The sense of freedom currently experienced in the country has prompted people in the South to support the government and the President at next year’s elections. However, the estate community in the South has expressed dismay over their inability to cast their votes at next year’s elections.



