ජෂින්දාගේ සිහිනය

October 16, 2009 by Editor  
Filed under Featured, Stories

new 1Jashindhra’s drea

ත‍්‍රිකුණාමලය සල්ලි සාම්බල් ප‍්‍රදේශයේ උපන් දේවන්ද්‍ර රාජා ජෂින්දා රානි කුඩා කල පටන්ම අධ්‍යාපන කටයුතු කෙරෙහි දැක්වූයේ නොමද දක්ෂතාවයකි. මේ නිසාම ජෂින්දාගේ මාපියන් ආය කුඩා කාලයේදීම යාපය මානිපායහි පිහිටි ඇයගේ පියාගේ මහ ගෙදර නවතා යාපනයේ පිහිටි ප‍්‍රමාඛ පෙලේ පාසලක් වන සිදම්බරම් විද්‍යාලයෙට ඇතුළත් කළේ තම එකම දියණියට  හොද අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. කෙසේ වෙතත් පාසල් නිවාඩුව ලද විගසම ජෂින්ද්‍රාගේ මාපියන් යාපනය වෙත ගොස් ඇය ත‍්‍රිකුණාමලයේ පිහිටි නිවසට ගෙන ඒමට අමතක නොකරති.

වෘත්තියෙන් ධීවර කාර්මිකයෙක් වන ජෂින්දාගේ පියා වන දේවේන්ද්‍රරාසාගේ එකම බලාපොරොත්තුව වූයේ තම දියණියට හොද අධ්‍යාපන තත්වයක් ලබාදී ඇය සමාජයේ ඉහළ ස්ථානයට ගෙන ඒමයි.  මේ නිසාම කොතරම් ආරථික අපහසුතා තිබුණද ජෂින්දාගේ අධ්‍යාපනයට එම අපහසුතා බාධයකයන් නොකිරීමට ඇගේ මාපියන් හැම විටම වගබලාගත්හ.

2006 වසරේ අවසන් පාසල් නිවාඩුවට ත‍්‍රිකුණාමලට ඒමට පිටත්වූ ඇය ඇතුළු පවුලේ උදවියට අනපේක්ෂිත ලෙස කිළිනොච්චියේ නවතින්නට සිදුවන්නේ හදිසියේම ඒ 9 මාර්ගය වසා දැමීම නිසාය. මේ සමගම කිසිවක් කරකියාගත නොහැකිවූ ජෂින්දාගේ පියා කිළිනොච්චියෙන් නිවසක් කුලීයට ගෙන සිය පවුල සමග එහි තාවකාලිව නවාතැන්ගැනීමට සිදුවිය. මේ වන විට මෙම ප‍්‍රදේශ පැවතියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනය යටතේය.

පාසල් නිවාඩුවට ත‍්‍රිකුනාමලට ඒමට පැමිණි ජෂින්ද්‍රාට කිළිනොච්චි මධ්‍යමහා විද්‍යාලයට ඇතුළුවීමට සිදුවිය

‘‘මම එල්.ටී.ටී.ඊ. සංවිධායනයට ගිහින් කිව්වා දුව යාපනයේ ඉස්කොලේ යන්නේ. ගෙවල් තියෙන්නේ ත‍්‍රිකුණාමලයේ. අපිට නැතත් ඉස්කෝලේ යන මගේ දුවට විතරක් ආපසු යාපනයට යන්න දෙන්න කියලා. නමුත් කොටි අපේ ඉල්ලීම් සතටයකටවත් ගණන් ගත්තේ නැහැ. මම කුලී වැඩක් කරලා තමයි දරු පවුල අමාරුවෙන් ජීවත් කළේ.’’ දේවේන්ද්‍රරාසා පැවසුවේය.

දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන ගිය ජෂීන්දා පළමු වරට අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටියේ 2006 වසරේදීය. එහිදී ඇයට සරසවි වරම් අහිමිවන්නේ ඉතා සුළු ලකුණු සංඛ්‍යාවකිනි. ඉන් පසුබට නොවූ ජෂීන්ද්‍රා දෙවන වරටද උසස්පෙළ විභාගයට පෙනී සිටියේ සරසරවි වරම් ලැබීමේ අරමුනෙනි. ඇය විභාගයට පෙනී සිට වැඩි කලක් ගතවීමට මත්තෙන් කොටි සංවිධානය හා ආරක්ෂක අංශ අතර සටන් ඇවිල ගියේ වන්නිය එකම යුද බිමක් බවට පත්කරමිනි. දෙපාර්ශවය අතර සටන් ඇවිලයාමත් සමග ජෂීන්දාගේ පවුලේ අයටත් එහි උණුසුම දැඩිව දැනෙන්නට විය.

2009 මාර්තු මාසය වන විට ජෂීන්දා ඇතුළු පවුලේ සියලූදෙනා සිටියේ රජය විසින් නම්කරන ලද යුද මුක්ත කලාපයේ පිහිටුවා තිබූ අවතැන් කදවුරකය. ජෂින්දාගේ ජීවිතය අවසානාවන්තම දිනය උදාවන්නේ මෙහිදීය.

‘‘රජය විසින් යුද මුක්ත කලාපයක් හැටියට නම් කරලා තිබ්බත් කොටි කදවුර ඇතුලේ ඉදලා හමුදාවට ෂෙල් ගහන්න ගත්තා. ඊට පස්සේ දෙපැත්තම ගහ ගත්තා. අපිට කරන්න කිසිම දෙයක් තිබුනේ නැහැ. ඒ වෙලාවේ තමයි ෂෙල් එකක් වැඩිලා මගේ කකුල තුවාල වුණේ. හරියට බෙහෙත් කරගන්න බැරිවුන නිසා මගේ කකුල කපන්න සිදුවුනා. කකුල කපපු දවසේ මගේ ජීවිතයම නැතිවුනා කියලා හිතුනා.’’ජෂින්දා සිය අත්දැකීම් පවසන්නේ කදුළු අතරින් සිනා සෙමිනි.

කෙසේ වෙතත් හමුදාව නන්දිකඩාල් කලපුව ඔස්සේ සිවිල් වැසියන් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමේන් පසු ජෂින්ද්‍රාගේ පවුලේ උදවියද කොටි වෙඩි ප‍්‍රහාර මධ්‍යයේ හමුදාව සිටි ප‍්‍රදේශයට පළා ඒමට සමත්විය. අනතුරු ව ඔවුන්ගේ නිවහන වූයේ වව්නියාව සෙට්ටිකුලම පිහිටි සුභසාධන මධ්‍යස්ථානයයි.

ජෂින්දාට තමන් පෙනී සිටි උසස්පෙළ විභාගය සමත්ව සරසවි වරම් ලබාඇති බව දැනගැනීමට හැකිවන්නේ එම කදවුරේ සිටියදීය. ඒ එහිදී ඇයට හමුවූ කිළනොච්චි මධ්‍යමහා විද්‍යාලයේ සිටි ගුරුවරයෙක් මගිනි.

‘‘සර් තමයි කිව්වේ මම විශ්ව විද්‍යාලයට තේරී ඇති බවට ලිපියක් කිළිනොච්චියේ අපේ කුලී ගෙදරට ලැබිලා තියෙනවා කියලා. ඒ වෙනකෙට කලබල නිසා අපි මුලතිව්වලට ගිහින් හිටියේ. ඒ නිසා අපට ලිපිය ලැබුනේ නැහැ. කොහොම වුනත් මගේ බලාපොරොත්තුව ඉටුවුන එක ගැන මටත් වඩා මගේ අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වුනා.’’ජෂින්දා පැවසුවාය.

විශ්වවිද්‍යාලයට තේරී පත්වුනද නියමිත දිනට අදාල සරසවිය වෙත සිය ඉල්ලූම්පත ඉදිරිපත් කිරීමට ඇයට හැකියාවක් නොමැතිවිය. ඒ ජෂින්දාගේ සියලූ ලියකියවිලි යාපනයේ හා කිළිනොච්චියේ පාසල්වල තිබීම එයට හේතුවයි. අනෙක කකුලක් නොමැතිව විශ්වවිද්‍යාලයට යෑම පිළිබදව ඇයට තිබුනේ ධනාත්මක අදහසක් නොවේ.

‘‘යාපනයේ ඉස්කෝලයෙන් අවශ්‍ය ලිපි ගෙන්වාගන්න පුළුවන් වුනත් කිළිනොච්චියෙන් ඒවා ගෙන්වාගන්න කොහෙත්ම බැරි නිසා මම දුකෙන් වුනත් විශ්ව විද්‍යාල ගමන අමතක කළා. අනෙක කකුලක් නැතිව මම කොහොමද එච්චර ලොකු ගමනක් යන්නේ කියලා හිතුනා.’’ජෂින්දා කීවාය.

මේ අතර වව්නියාව සෙට්ටිකුලම් කදවුරේ සිටි ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ පවුල් 404ක් නැවත පදිංචිය සදහා පසුගියදා
ත‍්‍රිකුණාමලය වෙත රැුගෙන එනු ලැබීය. ඒ අතර ජෂින්දාගේ පවුලේ උදවියද වූහ. නැවත පදිංචිය සදහා ගෙන එන ලද මේ පිරිස් 3 කණුව මාදමැයි අම්මාන් මහා විද්‍යාලයේ පිහිටි අතරමැදි මධ්‍යස්ථානයේ තාවකාලිකව රැුදවූ අතර එහිදී ජෂින්දාට ඇයගේ ජීවිතය නැවත වරක් ලැබුනේය.

මේ අතරමැදි මධ්‍යස්ථානය භාරව කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවයි. දිනක් මේ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රාජපක්ෂට හා 22 වන සේනාකාංධිපති මේජර් ජෙනරාල් ප‍්‍රසන්නද සිල්වාට දේවේන්ද්‍රරාසා හා ජශින්දා එහිදී හමුවිය.

ජෂින්දාගේ තත්වය තේරුම්ගත් නැගෙනහිර ආඥාපතිවරයා ඇයට කෘතිම පාදයක් ලබාදීමට කටයුතු කරන ලෙස මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වාට දැනුම් දුන්නේය. 22වන සේනාංකාධිපතිවරයා ජෂින්දාගේ කතාව සිය නැගණිය වන මිහිරි සිල්වා සමග පැවසුවේය. මේ කතාව අසා මිහිරි සිල්වා කෘතිම පාදයක් ලබාදීමට එකගවූවාය. ඒ සදහා කැළුම් අමරසිංහ නිලූකා රුද්‍රිගු රුක්මාල් සල්ගාදු සහයෝගය ලබාදුන්හ.

22වන සේනාංකායේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලූතිනල් කර්නල් සෙනරත් කොහොන මේ සියලූ කටයුතු සම්බන්ධීකරණය කරමින් කෘතිම පාදයක් සවිකිරීම සදහා ඇය කොළඹට රැගෙන ඒමේ කාර්යය භාරගෙන තිබුණි.  ඒ අනුව ජෂින්දා හා ඇයාගේ මව කොළඹ පැමිණ  පාදය සදහා අවශ්‍ය මිමි ලබාදීමට කටයුතු කළහ. තව නොබෝ දිනකින් කෘතිම පාදය සවිකරීමට සදහා ජෂින්දා කොළඹට රැගෙන එන බව ලූතිනල් කර්නල් කොහොන පැවසුවේය.

‘‘හමුදාවේ මහත්තුරු අපිට කිව්වා විශ්වව්ද්‍යාලයට යන්න කලින් දුවගේ කකුල හදලා දෙනවා කියලා. ඇත්තටම මට ඒ වෙලාවේ ඇඩුනා. අපි හමුදාව ගැන හිතාගෙන හිටියේ වෙනත් විදියකට. අපි වෙනුවෙන් සටන් කරනවා කියපු එල්.ටී.ටී.ඊ. එක අපිට කොයිතරම් විනාශක් කළාද කියලා දැන් අපිට හිතෙනවා.’’ ජෂින්දාගේ මව වන රාජේශ්වරී පැවසුවාය.

යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත්වීමට අවශ්‍ය ප‍්‍රතිඵල ජෂින්දා ලබා තිබුණද අදාල විශ්ව විද්‍යාලටය ඇතුළත්වීමට ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීම ප‍්‍රමාදවීමෙන් එම අවස්ථාව ඇයට අහිමිවන තත්වයක් උදාවිය. නියමිත දිනට ඉල්ලූම්පත‍්‍ර ඉදිරිපත් නොකළහොත් එම අවස්ථාව වෙන අයෙකුට ලබාදීම විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය පිළිවෙතයි.

‘‘මම විශ්ව විද්‍යාලටය ඉල්ලූම්පත‍්‍ර දානවානම් අනිවාර්යයෙන්ම මගේ ලිය කියවිලි විශ්ව විද්‍යාල කොමිසමට ඉදිරිපත් කරන්  ඕන. නමුත් මගේ උප්පැන්න සහතික තියෙන්නේ යාපනයේ. විභාග සහිතක කිළිනොච්චියේ. මේ නිසා විශ්ව විද්‍යාලයට යෑම පිළිබදව අවිනිශ්විත තත්වයක් තිබුනා. මම මේ ගැන අපේ කදවුර භාර ලූතිනල් කර්නල් කොහොනෙට කිව්වා. ඒ වෙලාවෙම (ඔහු) අදාල තැන් වලට කතා කරලා මගේ අවස්ථාව වෙන කෙනෙකුට ලබාදීම නැවැත්තුවා. මගේ ලිය කියවිලි යාපනයෙන් හා කිළිනොච්චියෙන් ගෙනත් දෙන්නත් කටයුතු සූදානම් කළා. ඇත්තටම කකුලක් නැතිවුනත් මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. හමුදාවේ අය මට තාත්තලා සහෝදරයෝ වගේ උදව් කළා.’’ජෂින්දා පැවසුවේ ඇයගේ පියකුරු කම්මුල් හරහා ගලා යාමට ඔන්න මෙන්න තිබූ පුංචි කදුළු බිදක් පිසදමමිනි.

‘‘මේ වන විට මම කිළිනොචිච්යේ සිටින අපේ නිලධාරීන් දැනුවත් කර ජෂින්දාට අවශ්‍ය ලියකියවිලි ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මේ වන විට එම ලිපි වන්නි ආරක්ෂක මූලස්ථානය වෙත ලැබී ඇති බව මට දැනගන්න ලැබුණා. විශ්ව විද්‍යාල කොමිසම් සභාව විසින් අවතැන් කදවුරුවල සිටින විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත්කර සිටින නිලධාරීයාට කතාකරලා ඉල්ලීමක් කළා ජෂින්දාගේ අවස්ථාව නැතිකරන්න කියලා. අපි හැකි ඉක්මනින් ඇය විශ්ව විද්‍යාලයට එවනවා කියලා. ඔවුන් ඒකට එකග න්‍ුනා.’’ ලූතිනල් කර්නල් කොහොන කීවේය.

පාදයක් අහිමි මේ අහිංසක සුන්දර තරුණිය ත‍්‍රිකුණාමලය මාදමැයි අම්මාන් විද්‍යාලයීය අතරමැදි කදවුරේ වෙසෙන්නේ නව ජීවයක් ලද අයෙකු ලෙසිනි. නුරුදු දිනකදීම ඇය වෙනුවෙන් නිපදවෙන කෘතිම පාදය ඇයට ලැබෙනු ඇත.  ඇය එම දිනය එන තෙක් බලා සිටින්නීය.

‘‘අපි ජෂින්දාව කාටවත් අනුකම්පා හිතෙන විදිහට අත්වාරුවෙන් විශ්ව විද්‍යාලයට යවන්න් නැහැ. ජෂින්දා ඇගේම කකුල්වලින් ඇවිද්දලා තමයි අපි ඇයව විශ්ව විද්‍යාලයට යවන්නේ.’’ ලූතිනල් කර්නල් කොහොන කීවේය.

Devendra Raja Jasindha Rani has found new hope after losing a limb during the war. Born in Sali Sambal, Trincomalee, Jasindha’s parents sent her to Sidhambaram College in Jaffna to provide their daughter with a good education. However, in 2006 Jasindha and her family for forced to reside in Kilinochchi since 2006 due to the sudden closure of the A9 that prevented them from returning to their home in Trincomalee. She sat for the A/Level exam in Kilinochchi in 2006 but was unable to receive acceptance to university and sat for the exam again. Before knowing her results the war intensified and she lost a limb while residing in a camp in the no fire zone. Losing all hope, Jasindha and her parents arrived in the Vavuniya camp where she was informed by a former teacher that she had gained entrance to university from her second sitting. However, it was when she and her family arrived in the Trincomalee transit camp that Major General Rajapakse and Major General Prasanna de Silva together with Lt. Colonel Kohona made the necessary arrangements for Jasindha to receive an artificial limb and to enter into university afterwards.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.