ජනතාවට සේවය කරන්න නම් හැම භාෂාවක්ම ඉගෙනගන්න ඕන
Multi-language skills for public sector
සුබ‍්‍රමණියම් රාමන්, දෙනියාය ප‍්‍රදේශයේ තේ වත්තක සේවය කරමින් ජීවත්වන කම්කරුවෙකි, දැන් ඔහුගේ පුතාගේ වයස අවුරුදු පහකි. තමන්ගේ පුතාට නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතු බැවින් තම එකම පුතා පාසලකට ඇතුළත් කලයුතුයැයි, කමලනී රාමන්ට නිතරම කරදර කරයි, පාසලකට දරුවා ඇතුළත් කරගන්න නම් අනිවාර්ායෙන් ළමයාගේ උප්පැන්න සහතිකය අවශ්‍ය වෙයි, ඒ නිසාම පුතාගේ උප්පැන්න සහතිකය ගන්න රාමන් ඒ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය, එහිදී එම කටයුත්තට අදාල නිළධාරිනිය අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා රාමන්ට කොළයක් ලබාදී එය හැකි ඉක්මණින් පුරවලා බාරදෙන්න යැයි කීවාය, එහෙත් රාමන්ට සිංහල ලියන්නට කියවන්නට නොහැකිවිය, අදාල නිළධාරිනියට දෙමළ කොහෙත්ම නොහැකිය, මෙම සිදුවිම නිසා එදින දෙදෙනාටම ලොකු අසීරුතාවයකට මුහුණපාන්නට සිදුවිය.
මෙම තත්වය යටතේ සිංහල නිළධාරින්ගෙන් සේවයක් ලබාගන්න යන දමිළ ජනතාවත්, දමිළ නිළධාරින්ගෙන් සේවයක් ලබාගන්න යන සිංහල ජනතාවත් යන දෙගොල්ලම අසරණ තත්වයකට පත්විය. නමුත් වර්ථමානයේ මේ ක‍්‍රමය වෙනස් කිරිම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුව පියවර ගෙන ඇත. ඒ සියලුම රාජ්‍ය සේවකයින්හට දමිළ භාෂාව පිළිබඳව පුහුණුව ලබාදෙන්නට පියවර ගැනීමයි. ඒ අනුව දැනටමත් දකුණු පළාතේ රාජ්‍ය ආයතන කිහිපයක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි.
‘‘දමිළ භාෂා පුහුණු වැඩසටහන් දැනට ඉතාම හොදින් අපේ ආයතනයේ ක‍්‍රියාත්මක වෙනවා. සෑම රජයේ නිළධාරියෙක්ම ඉතා ඕනෑකමින් දමිළ භාෂා පුහුණු පංතියට සම්බන්ද වෙනවා” මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු රධිකා මැලැව්වතන්ත‍්‍රි ඒ ගැන විස්තර පැවසූවාය.
‘‘රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් ක‍්‍රියාත්මක මේ වැඩසටහන යටතේ සිංහල,දෙමළ,ඉංග‍්‍රිසි යන භාෂාවන් පිළිබඳව පුහුණු පංති පවත්වනවා, එම පුහුණුව අවසානයේදී අපේ ලේඛන හා කථන හැකියාවන් සම්බන්ද විභාගයක් පවත්වන නිසා, දැනට අපේ භාෂා හැකියාවන් පිළිබඳ තක්සේරුවක් කරගන්න අවස්ථාව අපට ලැබෙනවා” මැලැව්වතන්ත‍්‍ර වැඩිදුරටත් පැවසූවාය.
‘‘ශ‍්‍රී ලංකාව කියන්නේ විවිධ ජන වර්ග ජිවත්වන රටක් මේ හැම දෙනාටම සාමයෙන් ජීවත්වෙන්න නම්, ඒ ඒ අය අතර අදහස් හුවමාරු කරගත යුතුයි, ඒ නිසා දකුණේ සිංහල අය දෙමළ දැනගත යුතුයි, උතුරේ දෙමළ අයත් සිංහල දැනගත යුතුයි, රාජ්‍ය සේවකයින්හට භාෂා ත‍්‍රිත්වයම පිළිබඳ දැනුමක් තියෙනවානම් වඩාත් ඵලදායි සේවයක් කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා” රුහුණු විශ්ව විiාලයේ ශිෂ්‍යයෙක් වන ජනිත රාජපක්ෂ පවසයි.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු හැටියට මම කියන්නේ රටේ භාවිතාවන සියලු ප‍්‍රදාන භාෂාවන් පිළිබඳ පුහුණු වැඩසටහන් විශ්ව විද්‍යාලයේ අධ්‍යන පාඨමාලාවන්ට ඇතුළත්විය යුතුයි. දැන් නිදහස් රටක් නිසා අනාගතේ අපටත් උතුරට ගිහින් සේවය කරන්න වෙනවා, උතුරේ අයට දකුණට අවිත් තමන්ගේ රස්සාවල් කරන්න වේවි. ඒ නිසා ඊට අවශ්‍ය වටපිටාව දැන්ම ඉඳලා සුදානම් කරගැනීම වැගත් වෙනවා” රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
‘‘මෙවැනි වැඩසටහන් ඉතාම හොදයි, මොකද ඕනැම භෂා දැනුමක් ලබාදීම සිංහල,දෙමළ හැමදෙනාටම ප‍්‍රයෝජනයි. අනාගතයේ ඉතාම හොද කාලයක් අපේ රටට උදාවෙයි කියලා හිතෙනවා.මෙවැනි දමිළ භාෂා පුහුණු රජයේ නිළධාරීන් වෙනුවෙන් පැවැත්වීම මේ ප‍්‍රදේශවල ජීවත්වෙන නූගත් දෙමළ ජනතාවට ලොකු සේවයක් වෙනවා” දෙනියායේ වනිතා දේවරාජා කීවාය.
සාමාන්‍යයෙන් රජයේ ආයතනයකට සිංහල.දෙමළ මුස්ලිම් කියලා බේදයක් නැතුව ජනතාව විවිධ කටයුතු සඳහා ජනතාව පැමිණෙනවා, මෙච්චර කල් තිබුණු ගැටළුව තමයි, දෙමළ ජනතාවට ඔවුන්ගේ භාෂාවෙන් ගැටළුවක් විසඳාදීමට රාජ්‍ය නිළධාරියාට නොහැකියාවක් තිබිම, මෙහිදි රාජ්‍යසේවකයින් ලොකු අසීරුතාවයකට පත්වුනා, ඇත්තටම එතන සන්නිවේදනය පිළිබඳ ගැටළුවක් තිබුනේ, නමුත් මේ වන විට රාජ්‍ය භාෂා දෙපාර්තුමෙන්තුව සිදුකරන වැඩපිළිවෙල නිසා අනිත් ජාතීන් තුල, ඔවුන් මේ රටේ සුළු ජාතීන් කියන අදහස නැතිවෙලා තියනවා ඒක අනාගතයට ඉතාම සුබවාදී වන බවයි මාධ්‍යවේදි පියසේන ලියනගේ පවසන්නේ.
‘‘ජනතාවට සේවය කරන්න ඉන්න අපේ රටේ සියළු දෙනා හැම භාෂාවක්ම දැනගැනිම වැදගත්, උදාහරණයක් හැටියට ජනාධිපති තුමන් රටටම ආදර්ශයක් දී තියෙනවා, එතුමන් විවිධ අවස්ථා වලදී ද්‍රවිඩ භාෂාවෙන් කතා කරනවා. අපිට ඒක සතුටක්, සිංහල ආයතනවලට ගියාම අපිට සිංහලෙන් ලියන්න කියවන්න අමාරුයි. මම ඉඟනගත්තේ දමිළ භාෂාවෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියා, මටත් සිංහල පැහැඳිලිව ලියන්න බෑ, ඒත් මම දැන් ටික ටික සිංහල ඉඟනගන්නවා” පිටබැද්දර දංකොළුව වතුයායේ පදිංචි විසිහත් වියැති කුමාරන් රවිචන්ද්‍රන් පවසයි.
භාෂාව හා සන්නිවේදනය රටේ සංවර්ධන කි‍්‍රයාවලියේ දී ප‍්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ඒ නිසා රටේ පවතින හැම භාෂාවක්ම ඉගන ගැනිම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වෙලා, ඒ සඳහා සිංහල අයට දෙමළ ඉගෙන ගැනීමටත් දෙමළ අයට සිංහල ඉගෙන ගැනීමටත්. මෙවැනි වැඩසටහන් වලට එහා ගිය පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම අන්තර් ජාතිික භාෂාවක් වන ඉංගී‍්‍රසි පිළිබඳවත් වැඩි අවධානයක් යොමුකරන්න කාලය දැන් උදාවෙලා,. එය මේි රටේ සංවර්ධන කාර්ය වඩා වේගවත් කරනවා මෙන්නම හැම කෙනෙක්ගෙම අනාගතය යහපත් වීමට හේතුවක් වන්නේ යැයි, පිටබැද්දර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චමින්ද දහනායන සඳහන් කළේය.
The National Language Department has commenced a programme to train public sector employees in Sinhala, Tamil and English in order to minimize the language barrier that has hampered the smooth functioning of the administrative system in a multi ethnic country like Sri Lanka. While public servants in the South are taught Tamil, their colleagues in the North are taught Sinhala. Language and communication play a key role in a country’s development process and multi language skills are therefore a timely necessity for the country. The programme launched by the National Language Department has also resulted in minority communities feeling accepted by the majority community.



