ඔළුවිල් ධීවරයින්ගේ කදුළු කථාව

October 29, 2009 by Editor  
Filed under Featured, Stories

Sea Erosion in Oluvil

ත‍්‍රිකුණාමල මුහුදේ සිට පොතුවිල් කලාපය දක්වා මුහුදු තීරය නැගෙනහිර මුහුදු තීරයට අයිති වේ. ත‍්‍රිකුණාමලයේ ස්වාභාවික වරාය හැරුණු විට මෙම කලාපය තුළ වාණිජ වශයෙන් නිර්මාණය වී නොමැත.

මෙම දශකයේ මුල් වකවානුවේ දි එවකට බලයේ සිටි ආණ්ඩුව විසින් වාණිජ  වරායකට සුදුසු ස්ථානයක් ලෙස ඔළුවිල් මුහුදු තීරය තෝරා ගනු ලබයි.

අද වන විටත් එහි සංවර්ධන කි‍්‍රයාවලිය සිදුවෙමින් පවතින්නේය. ඔළුවිල් ප‍්‍රදේශයේ ධීවර පවුල් 1500 පමණ ජිවත් වෙති. මේ අයගේ ප‍්‍රධාන ජිවනෝපාය වන ධීවර වෘත්තිය ඉදිරියටත් කරගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී තිබේ. මීටර් 200 ක් පමණ මුහුදු දෙසට වන්නට දැවැන්ත කළුගල් කුට්ටි යොදා ඉදිකරනු ලබන දිය බෙදුම දැනට නිර්මාණය වෙමින් පවති.

නමුත් මෙම කටයුත්ත නිසා ධීවර වෘත්තියේ යෙදි සිටින්නන් හට   තම වෘත්තිය නිසියාකාරව කරගෙන යාමට නොහැකි උදාවී ඇත.

‘‘හැමදාම මෙම රක්ෂාව තමයි අපි කරන්නෙ. මේ වරාය හදන්න ගත්තට පස්සේ රක්ෂාව කරන්න බැහැ. මුහුද මීටර් 300 ක් පමණ ඛාදනය වෙලා. ඔරුව ගන්න විදිහක් නෑ. තිබුණ වාඩි ඔක්කොම කඩාගෙන ගියා. රුපියල් අසු දහසක් විතර වියදම් කරලා වාඩි හැදුවා. ඔරු සීයක් විතර තියෙනවා. අපි ගැන කවුරු හරි බලන්න වෙනවා.” ධීවර රැුකියාවේ නියතු එම්.එම්.රෆික් පැවසුවේය.

මීට මාස හයකට පමණ පෙර මීටර් 300 ක් පමණ තිබුණ මුහුදු වෙරළ සීමාව අද ධීවරයින්ට අහිමිවී ඇත. මේ වන විට වෙරළේ තිබුණ ධීවර වාඩි, පොල් ගස් බොහොමයක් මුහුදට බිලිගෙන හමාරය.

‘‘මගේ ඔරුත් මෙතන තියෙනවා. අපි ජනාධිපතිට ගරු කරනවා. වරාය හදනවට විරුද්ධත්  නෑ.  හැබැයි මේක හදන්න ගත්තට පස්සෙ තමයි මේ ඔක්කොම කරදර. අවුරුදු 60-100 ක් පරණ පොල් ගස් කඩාගෙන මුහුදට ගියා. වාඩි කැඩිලා. මට දැන් අවුරුදු තිස් හතක් වෙනවා. හැබැයි මම දැකලා නෑ මෙහෙම මුහුද ඉස්සරහට එනවා.” ධීවර රැකියාවේ නියතු ඒ.එම්.අමාඋල්ලා පැවසුවේය.

තව මාස ගණනක් යනවිට මෙම බිම් කඩත් අහිමි වනබව ධීවර ජනතාව පවසති.

‘‘මුහුද තිබුනේ  මීටර් දෙසිය පනහකට එහා. මම උපදින්නත් ඉස්සෙල්ලා මෙතනින් පාරක් තිබුණා. ඒකත් දැන් කඩාගෙන ගිහිල්ලා. මාසයක් ඇතුළත තමයි මේ ඔක්කොම. තව මාසයක් විතර ගියොත් අපිට මේ ඉඩත් නැති වෙනවා.” ඒ.එම්.අමාඋල්ලා වැඩිදුරටත් පැවසුවේය.

අද වනවිට රළ පහර ඔළුවිල් ප‍්‍රදීපාගාරය අසලටම පැමිණ තිබීම ස්වාභාවික මුහුදු ඛාදනයකට වඩා මිනිසා විසින් සොයා බැලීමක් නොකොට කරනු ලබන සංවර්ධනයේ අතුරු ප‍්‍රථිපලයක් ලෙස බව  ධීවර ජනතාව පවසති.

‘‘අපේ ප‍්‍රාදේශිය සභාවට මේකට විසදුමක් දෙන්න බැහැ. ඒ වුණාට අපි ඔක්කොටම කියලා තියෙනවා. ඒ කවුරුවත් අපිට විසදුමක් දුන් නැහැ. ඒ ගැන හරිම කනගාටුයි. ඇත්තටම කියනවනම් අපිට මේ රක්ෂාව කරගෙන යන්න ඉඩ නැතිවෙනවා. එතකොට මේ ධීවරයින්ට කරන්න දෙයක් නැතිවෙනවා.” අට්ටාලච්චේන ප‍්‍රාදේශිය සභාවේ සභාපති එම්.ඒ. අන්ෂිල් පැවසුවේය.

ඉදිරි මාසයක පමණ කාලයක් තුළදි මෙය නිරාකරණය කර ගැනිමට හැකිබව ඔළුවිල් වරායේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා චන්ද්‍රකාන්ති ලොකුහේවා පවසන්නීය.

‘‘ඔළුවිල් වරාය සැලසුම් කරන අවස්ථාවේ මෙහෙම දෙයක් සුදුවන බවට හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අපගේ ව්‍යාපෘතියේ තියෙනවා මුහුදට වැලි දමන්න. මුහුද ඛාදනය වෙන්න කලින් ගිය අපේ‍්‍රල්  ධීවර ජනතාවත් එක්ක සාකච්ජා කළා. ඒ වුනාට වැලි දමන එකට කවුරුත් විරුද්ධ වුණා. ඒකට ඒ මිනිස්සුන්ට දොස් කියන්න බැහැ. නමුත් අපි දැන් වැලි දමන්න ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා තව සුමාන තුනක් විතර යනකොට මෙම ප‍්‍රශ්ණය බොහෝ දුරට නිරාකරනය වෙයි කියලා.” ඔළුවිල් වරායේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා චන්ද්‍රකාන්ති ලොකුහේවා පවසන්නීය.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.