පළාත් සභා මැතිරවණයෙන් පසු මාතර
මැතිරණය අවසන්වී දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසුව මැතිවරණයට පසුදින උදෑසන කාලයේදී මාතර නගරයේ ජනතාව ඒ පිළිබදව වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්න තිබුනේ නැත. මැතිවරණ දිනයේදී තරමක් දුරට අඩපනවී තිබූ මාතර නගරයේ වැඩ කටයුතු මේ දිනයේ නැවත වරක් ආරම්භ වෙමින් තිබුනේය. මැතිවරණ දිනයේ සවස් කාලයේ වසා තිබූ කඩ සාප්පු එකින් එක විවෘත විය. මාර්ගයේ සාමාන්‍ය ජනතාව හා වාහන ගමන් කරමින් තිබූ අතර කලින් දිනයේ මැතිවරණයක් තිබුණාද නැද්ද යන්න කිව නොහැකි තත්වයේ මාතර නගරය පැවතිනි.
එහෙත් දකුණු පලාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්වීමෙන් පසුව සාමකාමී අන්දමින් පැවති මාතර නගරයේ ස්වභාවය එක් වරම වෙනස් වුනේය. ඒ මාතර දිස්ත‍්‍රික්කයෙන් පළාත් සභා මැතිවරණය සදහා ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ප‍්‍රකාශයට පත්කිරීමටත් සමගිනි.
මනාප ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කර විනාඩි කීපයක් ගතවන විට නිල් පැහැති කොඩි ප‍්‍රදර්ශණය කරමින් නොයෙක් සටන් පාඨ කියමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන් මාතර නගරයට පුරා වාහන පොලිම්වලින් ගමන්කරන්නට වූවේය.
‘‘අපට ඡන්දය දීපු අයට ජයවේවා……මාතර දිස්ත‍්‍රික්කයේ ජනතාව ජයවේවා……..මීළග මහ ඇමති තුමාට ජයවේවා…….’’ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණය සදහා ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ අපේක්ෂකයකුගේ ආධාර කරුවන් කෑගකසමින් පාර දිගේ ගමන් කරන්නට විය. ඔවුන් මේ ආකාරයෙන් ප‍්‍රීති ඝෝෂා කරමින් ගමන්කරන්න වූයේ ජයග‍්‍රහණය කළ මන්ත‍්‍රීවරයාගේ නිවස වෙතය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවන්ද වාහන වල නැගී ප‍්‍රීති ඝෝෂා කරමින් මාතර නගරය පුරා ගමන්කරන්නට වූහ. එක්සත් ජාතික පක්ෂයට ජයවේවායි කියමින් ඔවුන් ප‍්‍රීතිඝෝෂා නගමින් ගමන කළේය.
දේශපාලන පක්ෂවල පාටවලින් යුත් කොඩි රැුගත් ආධාර කරුවන් පෙළපාලි යන විටදී තවත් වාහන පෙළක් එක්පෙළට ගමන් කළේ ජාතික කොඩි රැුසක් රැගෙනය. ඒ වාහන පෙළපාලියේ මාතර දිස්ත‍්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයෙක් විය. මැතිවරණයට ඉදිරිපත්වූ හමුදා සෙබලෙක් මේ ආකාරයට පෙළපාලියේ ගමන් කරමින් සිටි ඇතර ජාතියට ඇති ආදරය නිසා මෙලෙස ජාතික කොඩි රැගෙන යන බව එම පෙළපාලියට එක්වූවෙක් පැවසුවේය.
‘‘අපේ ජයග‍්‍රහණය පිළිබදව පුදුම සතුටක් තිබෙන්නේ. මේ සතුට පෙන්වීම සදහා තමයි අපි මේ ආකාරයෙන් සාමකාමීව පෙළපාලි යන්නේ.’’ එම අපේක්ෂකයාගේ ආධාරකරුවෙක් වූ ජයලත් නිශ්ෂංක කීවේය.
මැතිවරණ ජයෙන් සතුටුවන පිරිස් පෙළපාලි යද්දී තවත් සමහරෙක් සාමකාමීව ජයග‍්‍රහණය සැමරුවේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර ආධාර කරුවන්ට මේ මැතිවරණ ජයග‍්‍රහණය පුදුමයක් බවට පත්ව තිබුනේ නැත. මේ නිසා ඔවුන් සතුට ප‍්‍රකාශ කිරීම සදහා පෙළපාලි යාම හෝ රතිඤ්ඤා පත්තුකිරීම කළේ නැත.
‘‘මේ පැත්තේ කිසිම කෙනෙක් ඡන්දය දිනුවා කියලා රතිඤ්ඤා පත්තුකළේ නැහැ. මිනිස්සු සේරම තක්බීර් වෙලා වගේ ප‍්‍රතිඵල දිහා බලාගෙන හිටියා.’’මාතර බෝධිය ඉදිරිපිට ඇති ත‍්‍රීරෝද රථ ගාලේ ත‍්‍රීරෝද රථ රියදුරෙක් වන පියල් ශ‍්‍රීකාන්ත කීවේය.
වෙනදාට සිය මිතරන් එක්කරගෙන මැතිවරණ ප‍්‍රතිඵල විකාශයන්ට සවන්දෙන මංජුල ගමගේද මෙවර මැතිවර ප‍්‍රතිඵල විකාශයන්ට සවන් දුන්නේ නැත.
‘‘සන්ධානය දිනන බව අපි හොදින්ම දන්නවා. මේ නිසා මම ඡන්ද ප‍්‍රතිඵල අහන්න නිදිමැරුවේ නැහැ.’’ ගමගේ කීය.
මැතිවරණයෙන් බහුතර ආසන සංඛාවක් ලබාගත නොහැකිවූ එක්සත් ජාතික පාක්ෂිකයින් සමහරෙක් ප‍්‍රතිඵල වලින් සතුටට පත්ව සිටියේය.
‘‘ආණ්ඩුවට ලැබුණ (ඡන්ද) ප‍්‍රතිිශතය අඩුකිරීමට අපට හැකියාව ලැබුනා. මේ ගැන අපිට සන්තෝශයි.’’ මාතර පදිංචි වීරසිංහ ආරච්චිගේ විමලාවතී කීවාය.
තීරණ ගැනිමේදී බලපෑම් කළ හැකි ආකාරයේ විපක්ෂයක් පැවතිය යුතු නිසා විපක්ෂය ශක්තිමත්වීම වැදගත් බව ඇය කීවාය.
මාතර දිස්ත‍්‍රික්කයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණ ඡුන්ද ප‍්‍රතිඵල පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකියැයි විශ‍්‍රාමික විදුහල්පතිවරයෙක් වන ඒ. ගමගේ කීවේය.
‘‘මාතර දිස්ත‍්‍රික්කයේදී ආණ්ඩුවට ලැබුණ ඡුන්ද ප‍්‍රතිඵලය දෙස බලනවිට කිසිසේත්ම ආණ්ඩුවට සෑහීමට පත්වෙන්න බැහැ.’’ විශාමික විදුහල්පතිවරයා සදහන් කළේය.
දකුණු පළාත් සභාව සදහා මන්ත‍්‍රීවරුන් පනස් පස්දෙනෙක් තෝරාගැනීම සදහා ඔක්තෝම්බර් 10 වැනිදා පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කළේය.
වාර්තාව-සංජය නල්ලපෙරුම
සහාය – මාතර මාධ්‍ය නිවස
ඡායාරූප – දිනිදු ද අල්විස්
It was business as usual for the people in the Matara District the day after the Southern Provincial Council election concluded and the results announced. Most of the work that came to a standstill on the day of the election resumed and shops that were closed on Saturday (10) evening were open for business on Sunday. Many people had not stayed up to watch the announcements of election results, as they knew the government would record a victory. Yet, some residents in Matara said the government could not be satisfied with the results of the Matara District. However, the peaceful atmosphere changed with UPFA and UNP supporters taking to the streets in celebration with the announcement of preferential vote results. Most of the party supporters also carried national flags with them.




