අම්පාරට ඇද හැලෙන වැසි
දැඩි නියගය නිමා කරමින් දිගාමඩුල්ලෙ බොහෝ ප‍්‍රදේශවලට මේ වන විට අන්තර් මෝසම් වැසි ඇඳ හැලෙන්නට පටන් ගෙන තිබෙනවා. මාස ගනනාවක් තිස්සේ වැස්ස නැතුව මෙම ප‍්‍රදේශයේ වැව්වල පතුළ ඉරි තලා තිබුණා.
නමුත් සතියක සිට ඇදහැලෙන්නාවු වර්ෂාව හේතුකොට ගෙන මෙම තත්තය මගහැරෙමින් පවතිනවා. මෙම ප‍්‍රදේශයේ විශාලම වැව වන සේනානායන සමුද්‍රය පිරි ඉතිරෙන්නට නම් ඌව කදුකරයට අයත් බිබිල ප‍්‍රදේශයට වැසි වැටිය යුතුවනවා. එනමුත් ජලාශයේ ජල ධාරිතාවෙ වැඩි වීමක් මේ වනවිටත් දක්නට නැහැ.
වර්ෂාව ප‍්‍රමාද වුවත් මේ වනවිට ගොවියන් සුපුරුදු පරිදි තම ගොවිතැන් කටයුතු කිරිමට පටන් ගෙන තිබෙනවා.
සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස ආරම්භයෙදි මෙම අන්තර් මෝසම් වැසි තත්වය ආරම්භ විය යුතු අතර කාළගුණ විපර්්‍යයාස හේතුවෙන් මෙම වර්ෂයේ කාලගුණය යම් වෙනස් වීමක් සිදුවුණා.
එමනිසා අම්පාර දිස්ත‍්‍රික්කයේ බොහෝ ජනතාවට පානිය ජල අපහසුතාව බෙහෙවින් බලපෑවා. දැන් එය පහළ ගොස් ගොවිතැන් කිරිමට කඩිමුඩියේ සුදානම් වෙනවා.
‘අපිට කුඹුරු කරන්න මාසයක් පරක්කු උනා. දැන් වහිනවා. හොඳයි. මොකද අපි ගොවිතැන් කරන අය. අපට වෙන ආදායමක් නෑ. අපි දැන් හාන්න පටන් ගත්තා. මේ මාසේ අවසාන වෙනකොට වපුරන්න හිතාගෙන ඉන්නවා.’ සුදුවැල්ලේ පදිංචි එස්.ඩබ්ලිව්. ආලින්ද පැවසුවේය.
අම්පාර දිස්ත‍්‍රික්කයේ ගම්මානවල හේන් ගොවිතැන් කරන අය බොහොමයක් සිටි. වැස්ස බලාපොරොත්තුවෙන් තම ඉඩම් සුද්ද කරමින් හේන් ගොවියෝ බලා සිටියහ. දැන් ඔවුනට සතුට උපදවා ඇත.
‘මම හේන් ගොවිතැන් තමයි කරන්නෙ. කුඹුරුත් කරනවා. දැන් ඉතින් වහිනවා. අපිට හොඳයි. වැහි වතුරෙන් හරි කුඹුරු කරන්න පුලූවන්නෙ. දැන් ඉතිං අලූතින් එළවළු ටිකක් හදලා විකුණලා කියක් හරි හොයාගන්න පුලූවන් වෙනවා. පරගහකැලේ පදිංචි ගුණසේකර පැවසුවේය.
අම්පාර ආර්ථිකය රඳා පවතින්නෙ කෘෂි කර්මාන්තය තුලයි. ගොවීන්ට ගොවිතැන් කිරිමට ජලය අත්‍යවශ්‍ය වේ. ජලය නොමැතිකම හේතුවෙන් ගොවීන්ගේ දැඩි අසිරුවකට පත්ව සිිටියා.
‘වතුර නැතුව අපි අමාරුවෙ වැටිලා හිටියේ. දැන් වහිනවා. දිගටම වැස්සොත් හොඳයි වැව් ටික පිරෙන්න. කුඹුරු කලාට පස්සේ වැස්සෙ නැත්තම් ගොයමි මැරෙනවානේ. ඇයි වැව් වල වතුරත් නැහැනෙ දෙන්න.’ පරගහකැලේ පදිංචි පියතිලක පැවසුවේය.
මීට සති දෙකකට පමණ පෙර අක්කරපත්තු ප‍්‍රදේශයේ ගොවීන් යම් තාක් දුරට වපුරා තිබු කුඹුරුවල අඩියක් පමණ ජලය පිරි තිබෙන බැවින් එම ගොයමට තර්ජනක් වී ඇතිබව ගොවීහු පවසති.
වැසි සමයත් සමගම ප‍්‍රදේශයේ වප් මගුල් උත්සව කිහිපයක්ම පැවැත්වු බව අම්පාර දිස්ත‍්‍රික් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
ගොවිතැනෙන් ජිවිතය සරු කරගන්නා ගොවීන්ට අහසින් වැටෙන මෙම වැස්ස අටුකොටු පුරවා ගන්නට ඉඩක් ලබා දෙනවානම් බක් මහේ අවුරුද්ද දිගාමුඩුලූ ගොවීන් රසවත්ව සමරාවි.
The commencement of the inter monsoon rains have brought an end to the drought that lasted for months in Ampara. Changes in the weather pattern also delayed the commencement of inter monsoon rains by several weeks. The rains are normally scheduled to commence during the first week of October. However, the rains have now ended the sever water shortage experienced by the people in the East and farmers have started to cultivate paddy and other crop. The agriculture based economy in the Ampara District that was severely affected due to the drought has become active once again.




