2010 දී ආර්ථිකය ඉහළ යද්දී උද්ධමනයත් ඉහළට
Economy to grow at 6 % in 2010
ලබන වසර ඇතුළතදී සියයට හකින් ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇති බවත් එහෙත් උද්ධමනය ඉහළ යා හැකි බවත් මහ බැංකුව ප‍්‍රකාශ කරයි.
මෙම වසර ඇතුළතදී මහ බැංකුව 3.5% ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර ලබන වසර ඇතුළතදී මෙම වර්ධන වේගය වැඩිකරගැනීමට හැකියාව ලැබෙතැයි ලබන 2010 වසරේ ආර්ථික අපේක්ෂාවන් පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් මහ බැංකුව පැවසුවේය.
‘‘යහපත් කාලගුණික තත්වය හා උතුරු නැගෙනහිර යහපත් තත්වයන නිසා කෘෂිකාර්මික අංශයේ වර්ධනයක් අපේක්ෂා කරන අතර අලූතින් නිදහස ලැබූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වෙළදපොල පුළුල්වීම නිසා හා ලෝක ආර්ථික තත්වය යථා තත්වයට පත්වීමත් සමග කර්මාන්ත අංශ වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. සේවා හා බැංකු ක්ෂේත‍්‍රයේද වර්ධනයක් අපේක්ෂා කරනවා.’’ එම වාර්තාව සදහන් කරයි.
කෙසේ නමුත් ලෝක ආර්ථික අර්බුදය යථා තත්වයට පත්වීම නිසා ඛනිජ තෙල් ඇතුළු අනෙකුත් භාණ්ඩවල ජාත්‍යන්තර මිල ඉහළ යාම නිසා වර්තමානයේ පවතින අඩු උද්ධමන මට්ටම ඉහළයාමට හැකියැයි මහ බැංකුව සදහන් කරයි.
‘‘ලබන වසර ඇතුළතදී උද්ධමනය සියයට හතක් අටක් දක්වා ඉහළ යාමට හැකියි. නමුත් එය තනි ඉලක්කමක පවත්වාගැනීමට හැකි වෙතැයි අපි විශ්වාස කරනවා.’’ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ කේ.ඞී. රණසිිංහ පැවසුවේය.
පසුගිය මාස පහක කාලය තුළදී ආනනය 38%කින් පහළ යාම නිසා රජයට ලැබෙන බදු ආදායම අඩුවූ නමුත් ඉදිරි වසර තුළදී ආනයන යථා තත්වයට පත්වීමත් සමගින් රාජ්‍ය ආදායම ඉහළ යාහැකියැයිද හෙතෙම පැවසුවේය.



