ලංකාවේ පවතින්නේ ‘‘සූකර උණ” රෝගය නොවන බවට වෛද්‍ය මතයක්

November 19, 2009 by Editor  
Filed under Featured, Stories

H2N1How to face the dreaded H1N1

‘‘සූකර උණ මුල්වරට මතුවුනේ පසුගිය අපේ‍්‍රල් මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ සැන්දියේගෝ නගරයේ. ඒ  රටේ ඒ වගේ ආසාධනයන් නිතරම පවතිනවා. එකතරා රෝගයක් තිබුණා සැබැවින්ම ඌරන්ගෙන් බෝවෙන. ඒ රෝගයට සමාන රෝග ලක්ෂණ තිබු නිසා වෛද්‍යවරුන් මුලින් කල්පනා කලා සූකර උණ රෝගයේම කොටසක් වෙන්න ඇති කියලා. එහෙත් එම බටහිර රටවල තියෙන රෝගයෙත් මේ රෝගයේත් වෙනස්කම් බොහෝ පවතිනවා.” මාතර මහ රෝහලේ කායික රෝග හා දැඩිසත්කාර විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ මහතා  පවසන්නේය.

මෙම රෝග දෙවර්ගයෙහි බොහෝ වෙනස්කම් තිබේ. විශේෂයෙන්ම මේ සඳහා ඇති වෙන්නාවු රෝග කාරකයකයන්හි ජානමය තත්ත්වයෙහි බොහෝ වෙනස්කම් පවතින බවට වෛද්‍යවරුන් සොයාගෙන ඇත. එමෙන්ම මෙම රෝග දෙකෙහිම සාමන්‍ය ඉන්ෆ්ලූවෙන්සා තත්ත්වයක තිබෙන්නාවු රෝග ලක්ෂණ ද ඇති බව සනාථ වී ඇත. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වමනය යෑම සහ බඬේ කැක්කුම වැනි රෝග ලක්‍ෂණ බටහිර රටවල පවතින්නා වූ නෝර්මල් ඉල්ෆ්ලූවෙනසා ඒ1 එච්1 රෝගයෙහි දක්නට නොමැති බවයි.

‘‘මේ ලංකාවේ තියෙන ඊනියා සූකර උණවල සාමණ්‍ය උණක දකින්නට ලැබෙන රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. ඇඟපත රුදාව, වෙවිලල උණ ගැනිමල වමනය ඇති වෙන්න පුඵවන්ල බඬේ අජීරණයක් ඇති වෙන්න පුඵවන්ල කැස්සල හෙමිබිරිස්සාවල දැඩිසේ පවතින්නාවු හිසරදය මේ හැමදේම තියෙන්න පුඵවන්.” විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ පවසන්නේය.

‘‘ජනතාවගේ පැත්තෙන් ලොකු වගකිමක් තියෙනවා. මේ රෝගය භයානක රෝගයක් කියලා කලබල වෙන්න  ඕන නැහැ. හැබැයි මේ රෝගය භයානක වෙන්න පුඵවන් ප‍්‍රතිශක්තිකරණය ඉතා අඩු පුද්ගලයන්ට. ඒවගේ මේ රෝගය අනිත් රෝගවලට වඩා ඉක්මනට බෝවෙනවා. බෝවෙන්න හේතුව තමයි මේක අලූත්ම රොග තත්ත්වයක් වීම සහ ප‍්‍රතිශක්තියක් ඇති වෙන්න ඉඩක් තිබුණේ නැති නිසා. ඒ නිසා මෙයින් පරිස්සන් වෙන්න  ඕන. මේ රෝගය බෝවෙන්නේ කෙනෙක් කහිනකොට එයාගේ කෙළ වලින් සහ හොටු වලින් ස්වසන පද්ධතියේ ඉහළ කොටසින් ඇති වෙන්නාවු ශ‍්‍රාවයකින්.”  විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

‘‘මෙම රෝගය බෝවීම වැලැක්විම සඳහා අපිට ගත හැකි පියවර දෙකක් තියෙනවා. තමන්ට මේ රෝගය හැදුනොත් අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න  ඕන. සාමාන්‍යයෙන් රෝගියෙකු ඉන්න තැන ඉඳල අඩි 3 ක් වගේ ප‍්‍රදේශයක තමයි කතා කරන කොට කහිනකොට ෙමි රෝගය  බොවෙන්න පුඵවන්කම තියෙන්නේ. ඒ නිසා ඉන් ඇත්වෙලා ඉන්න එක හොඳයි. ඒවග්ම මුඛ වැස්මක් පළඳින්න  ඕන. මුඛ වැස්මවල් දැන් වෙළඳපොලේ කිහිප වර්ගයක්ම තියෙනවා. ඉතාම සරල මුඛ වැස්මක් වුණත් මේකට ගැලපෙනවා. අපේ සමහර පුද්ගලයන් රෝගීන් ඉන්න ස්ථානවල මුඛ වැස්මවල් පැලඳගෙන ඉඳල ටික වෙලාවකින් ඒක ගලවල දානවා. ඒකෙන් රෝගය ඉක්මනින්ම බෝවෙන්න පුළුවන්. ඒ වගේම එක මුඛ වැස්මක් පාවිච්චි කළ යුත්තේ එක් වරක් පමණයි. ඒ වගේම මේ රෝගයට විශේෂ මුඛ වැසුම් වර්ගයක් නිපදවල තියෙනවා. ඇමරිකාවේ නිෂ්පාදනයක් වන ඒක හඳුන්වන්නේ n95 කියලා. මේ මුඛ වැසුම් වර්ගය වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ සෞඛ්‍ය සේවකයන්. ඒ අයට තමයි මේක හදල තියෙන්නේ. අනිත් අයටත් පාවිච්චි කරන්න පුළුවන්.” වෛද්‍යවරයා පැවසීය.

සූකර උණ පිළිබඳව අප රටෙහි බොහෝ දෙනක් කතා කරන්න පටන් ගත්තේ මෙම රෝගය වැළඳුන රෝගීන් කිහිප දෙනක් ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟයි. මාතර මහ රෝහලෙහිද එක් සූකර උණ රෝගියෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

‘‘ඇත්තටම මීට මාසයකට ප‍්‍රථම තමයි පළමු රෝගියා මාතර මහ රෝහලේදි හඳුනාගන්න ලැබුණේ.  එහිදි විශේෂ සුදානමක් රෝහලේ තිබුණේ නැහැ. නමුත් පළමු සැක කටයුතු රෝගියා ස්ථිරවම මෙවන් රෝගියෙකු බවට හඳුනා ගත්තට පස්සේ ෙමි රොහලේ විශේෂ සූදනාමක් ඇති කළා. කළින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් උපදෙස් දුන්නේ මේ රෝගීන්ට භාහිර රෝගී අංහයෙන් ප‍්‍රතිකාර කරලා නිවසට පිටත් කරන්න කියලා. මේ වෙන කොට හදිසි රෝගී අංශයත් ප‍්‍රතිකාර සඳහා යොදා ගෙන තියෙනවා.  දැඩි සත්කාර ඒකකයක් පවා අපි පිහිටුවන්න කටයතු කළා. සූකර උණ රෝගීන් වෙනුවෙන් ගත හැකි උපරිම පියවර මාතර මහ රෝහල අරගෙන තියෙනවා.” මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. සමරකෝන් මහත්මිය පවසන්නීය.

‘‘මේ වෙන කොට මාතර මහ රෝහලට ඇතුල් කල රෝගින් ගෙන් 4 දෙනෙකු තමයි නිශ්චිතවම හඳුනා ගෙන තියෙන්නේ. මෙහි තවත් සැකකරන රෝගින් 10 ක් 15 ක් අතර ගණනක් ඇතුල් කරලා තියෙනවා. ඉන් ඇතැමෙකු ප‍්‍රතිකාර අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ වෙන කොට රෝගින් 6 දෙනෙකු ප‍්‍රතිකාර ලබනවා. මේ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකටත් මේ රෝග තත්ත්වය වළඳිල තිබෙනවා කියල සැක කරනවා. අපි ඔවුන්ටත් රෝහලේම ප‍්‍රතිකාර ලබා දෙනවා.” රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවාය.

ජනාතාව තුළ මේ රෝගය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

‘‘මාතර ප‍්‍රදේශයේ විශාල බියක් ඇති වෙලා තියෙනවා. රෝහලේ කාර්්‍ය මණ්ඩලය තුළත් ඒ බිය පැතිරි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ වන කොට රෝහල තුළත් දැණුවත් කිරිමේ වැඩ සටහන් කිහිපයක් පවත්වා ගෙන යනවා. අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් මේ රෝගයට බය වෙන්න එපා කියලා.” සමරකෝන් මහත්මිය පැවසුවාය.

මේ වන විට මාතර මහ රෝහලේ මෙම රෝගයට මුහුණදිමට හොඳ සුදානමක් පවතින්නාසේම ජනතාවත් මේ රෝග තත්ත්වය පිළබදව අවධියෙන් පසු වුවහොත් වෛද්‍යවරුන් පෙන්වා දෙන ආකාරයට ඊනියා සූකර උණට මුහුණදිමට අපේ රටට හැකියාව ලැබෙනු ඇත.

‘‘ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි ෙමි රෝගයේ ලක්ෂණ තියෙනවානම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා සැකහැරලා දැන ගන්න  ඕන තමන්ට තියෙන්නාවු රෝගය මොකද්ද කියලා. ඒ වගේම ගොඩ වෙදකම් කරන එකෙන් සම්පූර්ණයෙන්ම වළකින්න  ඕන.” මාතර මහ රෝහලේ කායික රෝග හා දැඩිසත්කාර විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ අවධාරනය කරන්නේය.

Health authorities say there is no need to develop an undue fear against the H1N1 virus that causes Swine Flu. The two steps that could be taken to prevent contracting the flu is to stay away from those infected and to wear a mask to cover one’s nose and mouth, Specialist Dr. Aruna Munasinghe said. Doctors also warned that patients with Swine Flu symptoms should immediately receive medical treatment. Matara Hospital Director, Dr. S. Samarakoon noted that home remedies could not cure the flu and that any one suspicious of having Swine Flu should get tested and receive immediate treatment.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.