බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කළ යුතුයි – එ.ජා සංවිධානය කියයි
Landmines, unexploded ordnance a barrier to return
තවමත් ඉවත් නොකළ බිම් බෝම්බ හා පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය හේතුවෙන් උතුරේ අවතැන් ජනයාට බාධාවකින් තොරව සිය ගම් බිම් කරා යාමට නොහැකි වී ඇතැයි ශ‍්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ප‍්‍රකාශ කරන පරිදි උතුරේ වර්ග කිලෝමීටර් හාරසීයක පමණ භූම් ප‍්‍රදේශයක බිම් බෝම්බ සහ පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය මිලියන 1.5 ප‍්‍රමාණයක් පැතිරී තිබේ.
‘‘ යුද්ධයෙන් හානි වූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට හා නැවත පදිංචියට සුදුසු තත්ත්වය සැකසීමට පෙර බිම් බෝම්බ ඉවත් කිරීමට පුර්ව අවශ්‍යතාවක් ’’ යැයි සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රකාශක ඇන්ඩේරජ් මහේසික් පැවසුවේය.
‘‘ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් සංවර්ධන කටයුතු සිදු කිරීම හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම යළි ඇරඹිය හැකියි ’’ මහේසික් ප‍්‍රකාශ කළේය.
යුද්ධය පැවති අවසාන මාස කිහිපය තුළ උතුරු ප‍්‍රදේශයේ ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ ජනතාවක් අවතැන් වූ අතර ඔවුන් රජය විසින් පිහිටු වන ලද සුබසාධන ක`දවුරු වල ර`දවා සිටී. රජයේ වාර්තා වලට අනුව මේ වන විට ඉන් එක් ලක්ෂ අටදහසක පමණ ජනතාවක් නැවත පදිංචි කර තිබේ. එමෙන්ම තවත් අවතැන්වූවන් විශාල සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය ඇතුළත නැවත පදිංචි කරනු ඇත.
මෙසේ නැවත පදිංචි කරන්නවුන් හොහොමයක් යාපනය වව්නියාව මන්නාරම මුලතිව් ත‍්‍රීකුණාමලය මඩකලපුව හා අම්පාර යන දිස්ති‍්‍රක්යන්ට අයත් වේ. ඉතා සුළු පිරිසක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයට ද අයත් වන බව සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
‘‘ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බවට අප සහතික වෙනවා. එහෙත් අවතැන් ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයට ඊටත් වඩා වැදගත් වනවා.’’ යැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.
එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ ප‍්‍රමාද වුව හොත් කිළිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශ වල අවතැන් ජනයා නැවත පදිංචි කිරීම තව දුරටත් පමා වනු ඇත.
‘‘ මේක විශාල අභියෝගයක්. යුද්ධය පැවති ආකාරයෙන් පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් පැතිරී ඇති.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී නේල් බියුනේපැවසීය.
‘‘ සමහර ප‍්‍රදේශ වල කොච්චර පුපුරන ද්‍රව්‍ය තියෙනවද කියලා නිශ්චිත අදහසක් නැහැ. සමහර වෙලාවට බිම් බෝම්බ කොපමණ ප‍්‍රමාණයක් ඉවත් කළාද කියලත් නිශ්චිතවම කියන්නත් බැහැ.’’ බියුනේ පැවසීය.
අවතැන් කදවුරු වල සිටින ජනතාව ඉන් ඉවත් නොවූව හොත් ආධාර ප‍්‍රදානය කරන්නන් අධෛර්යමත් වනු ඇති බවට එක්සත් ජාතීන් පසුගිය කාලයේදී අනතුරු ඇගවීම් සිදු කර තිබිණි. කදවුරු වල සිටින ජනතාවට ආධාර කිරීමට වඩා අවතැන් කදවුරු වලින් පිටවී නැවත පදිංචියට යන ජනතාවට ආධාර කිරීමට ආධාර ප‍්‍රදානය කරන්නන් සතුටු වනු ඇතැයි නේල් බියුනේ පැවසීය.
මේ වන විට බිම් බෝමිබ ඉවත් කිරීම සදහා වන උපකරණ ස්ලෝවැකියාවෙන් හා ක්‍රෝටියාවෙන් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා සදහන් කරයි. ඇමරිකන් ඩොලර් මිලියන හතරක වියදමක් දරා ගෙන්වා ඇති මෙම උපකරණ මගින් දිනකට වර්ග මීටර් පන්දහසක භූමි ප‍්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර තිබේ. පසුගිය හත් වැනිදා සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ද බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ ශී‍්‍ර ලංකා රජයට ලබා දී තිබේ.
‘‘ මෙම උපකරණ හැකි ඉක්මනින් උතුරට යැවිය යුතුයි. මේ වන විට ශ‍්‍රී ලංකා රජයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා දේශිය බිම් බෝම්බ ඉවත් කරන්න් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නියැලී සිටිනවා.’’ මහේසික් පැවසුවේය.
‘‘ සමහර ජනයා වසරේ කිහිප වතාවක්ම අවතැන් වී සිටිනවා. කදවුරු වලින් පිටව යන ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගා සිටු වන්නට ආධාර අවශ්‍ය වී තිබෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට උදව් අවශයයි.’’ බූනේ පැවසීය.
‘‘ මේ වන විට සැලකිය යුතු සංඛ්‍යාවක් නැවත පදිංචි කරවලා තියෙනවා. ඔවුන්ට රැුකියා අවස්ථා ලබා දීම ජීවන තත්ත්වය නගා සිටු වීම හා පෙර ඔවුන් සිදු කළ ව්‍යාපාර ආදිය කර ගෙන යාමේ අවස්ථාව ලබා දීමට අප කටයුතු කරමින් සිටිනවා.’’ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.
වර්ල්ඩ් විෂන් වැනි නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබද අවධානයෙන් පසුවන ආයතන ප‍්‍රකාශ කරන්නෙ නැවත පදිංචි කිරීමේ කි‍්‍රයාවලිය සදහා ඉක්මන් ආධාර ලැබිය යුතු බවයි. ඒ සදහා ඇමරිකන් මිලියන දෙකක පමණ ආධාරයක් හැකි ඉක්මනින් ලැබිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
‘‘ අවතැන් ජනයා නැවත පදිංචි කිරන ලෙස අපි ඉල්ලා සිටියා. පොරොන්දු වූ පරිදි එ් කටයුතු සිදු කිරීම වැදගත්.’’ යැයි වර්ල්ඞ් විෂන් ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂක සුරේෂ් බාර්ට්ලෙට් පැවසුවේය.
අවම වශයෙන් දිනකට දෙදහසක් පමණ පුද්ගලයන් නැවත පදිංචියට සිය ගම් බිම් බලා යන බව වර්ල්ඩ් විෂන් ආයතනය පෙන්වා දෙයි.
‘‘ අපි සියල්ලෝම සතු යුතුකම හා වගකීම වන්නෙ ඔවුන් නැවත සමාජගත කිරීමයි. අතීතයේ පැවති තත්ත්වයට නැවතත් ඔවුන් පත් නොකළ යුතුයි.’’ බාර්ට්ලෙට් ප‍්‍රකාශ කළේය.
The government and the UN say that landmines and unexploded ordnance have posed a barrier for the displaced persons in the North to return to their homes. Foreign Minister Rohitha Bogollagama states that about 1.5 million landmines and unexploded ordnance are spread across a 400km2 land area in the North. The UNHCR spokesperson says de-mining the north would help IDPs return home and commence development activities in the area. Meanwhile, many relief agencies continue to highlight the importance of resettling the IDPs as soon as possible.



