නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීමට ලංකාව හා ඕස්ටේ‍්‍රලියාවෙන් ඒකාබද්ධ පියවර
Australia, Sri Lanka join hands to prevent people smuggling
නීති විරොධී සංක‍්‍රමණිකයින් වැලැක්වීම පිළිබදව ලංකාවේ හා ඕස්ටේ‍්‍රලියාවේ අවධානය යොමුව ඇති අතර නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීම සදහා අමාත්‍යාංශ මට්ටමින් පියවර ගැනීමට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම හා ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍ය ස්ටෙම්ප් ස්ම්ත් අවභෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.
දිගින් දිගටම ලංකාවේ නීති විරෝධී සංක‍්‍රමණිකයින් ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වයාමත් සමගින් නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිළිබදව දෙරටේ අවධානය වැඩිවී තිබේ. මේ පිළිබදව ලංකාවේ රාජ්‍යතාන්ත‍්‍රකයින් සමග සාකච්ඡුා කිරීමට ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් ලංකාවේ සංචාරයක නිරත වූ අතර නොවැම්බර් 9 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තැබුවේය.
නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයින් විදෙස්ගතවීම් වැලැක්වීමට කටයුතු යෙදීම පිළිබදව ලංකාවේ සංචාරකය නිරත වූ ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩි අවධානය යොමුකර තිබුනේය. මේ පිළිබදව ලංකාවේ ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේය.
නීති විරෝධී සංක‍්‍රමණිකයින් මේ වන විට ඕස්ටේ‍්‍රලියාවට මහත් හිසරදයක් බවට පත්ව තිබේ. ‘‘නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයින් වෙනත් රටවල් වෙත යැවීම පිටුපස සිටින කණ්ඩායම් අපට විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.’’ සිය සංචාරය නිමකරන අවස්ථාවේදී ඒකාබද්ධ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පවත්වමින් ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා නොවැම්බර් 9 වැනිදා පැවසුවේය.
නීති විරෝධී සංක‍්‍රමණ වැලැක්වීමට පියවර යෙදීම අවශ්‍ය බවද ඒ සදහා සහයෝගීතාවය අවශ්‍ය බවද ස්මිත් කීවේය.
‘‘නීති විරෝධී සංක‍්‍රමණ වැලැක්වීම සදහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබදව අපි අද දින (නොවැම්බර් 9 දා) සාකච්ඡා කළා.’’ ස්මිත් සදහන් කළේය.
නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිළිබදව ගත හැකි නීතිමය පියවර පිළිබදව මෙහිදී සාකච්ඡාවූවේයැයි ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීවේය. නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිළිබවද ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් පියවර ගැනීම දෙරට අතර වන අවභෝධතා ගිවිසුමේ සදහන් වන බවද බොගොල්ලාගම කීය.
‘‘නීති විරෝධී සංක‍්‍රමණ වැලැක්වීම සදහා වන ජාත්‍යන්තර වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට එකගතාව පළකර තිබෙනවා.’’ බෝගොල්ලාගම පැවසුවේය. නීති විරෝධී සංක‍්‍රමණිකයින් හුවමාරු කරගැනීම සදහා ඕස්ටේ‍්‍රලියාව හා ලංකාව අතර එකගතාවයට පැමිණ තිබෙන බවද හෙතෙම කීය.
‘‘තොරතුරු හුවමාරුව මත විශාල වැඩ කොටසක් සිදුකිරීමට හැකියාව ලැබෙතැයි අපි හිතනවා.’’ ස්මිත් කීවේය.
නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීම සදහා ඕස්ටේ‍්‍රලියාව හා ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම අනුව නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීම සදහා වන ඒකාබද්ධ වැඩසටහන් මෙහෙයවීමේ කමිටුවක් ස්ථාපිත කිරීමට නියමිත බවද බොගොල්ලාගම සදහන් කළේය. මෙම කමිටුව මගින් නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීමට ගන්නා පියවර පිලිබදව නිරීක්ෂණය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
ලංකාවේසිටද ඕස්ටේ‍්‍රලියාව බලා නීති විරොධී සංක‍්‍රමණියකින් පිටත්වයාම දිගින් දිගටම සිදුවෙයි.
මුහුදු මාර්ග ඔස්සේ ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යමින් සිටි නීති විරෝධී ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් 78 දෙනෙක් ඉන්දුනීසියානු මුහුදේදී අත්අඩංගුවට පත්වීමත් සමගින් නීති විරෝධී සංක‍්‍රමණියකයින් පිළිබදව දෙරටේ වැඩි අවධානය තවත් දැඩිවිය.
දිගින් දිගටම නීති විරෝධී ආකාරයෙන් ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් ඕස්ටේ‍්‍රලියාව වෙත ගමන් කළ අතර මෙම නීති විරෝධී සංක‍්‍රමණිකයින් ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රිස්මස් දූපතේ රැදවීමට ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් කටයුතු යොදා තිබුනේය. නමුත් මුහුදු මාර්ග ඔස්සේ ඕස්ටේ‍්‍රලියාවට පිටත් යාමට සූදානමින් සිටි මෙම සංක‍්‍රමණිකියන් පිරිස තාවකාලිකව ඉන්දුනීසියාවේ රැදවීමට පියවර ගෙන තිබූ අතර ඕස්ටේ‍්‍රලියාව වෙත භාරගැනීම එරට බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබුනේය.
‘‘ලංකාවේ මුහුදු තීරයට පැමිණ මුහුදු මාර්ග ඔස්ස් විවිධ රටවල් හරහා ඕස්ටේ‍්‍රලියාවට හා වෙනත් රටවල් වලට යන බවට අපි දැනුවත් වෙලා තිබෙනවා.’’ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය බෝගොල්ලාගම එ කීවේය. මෙලෙස නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයින් වෙනත් රටවලට සංක‍්‍රමණය වනු දැකීම ලංකාවේ අපේක්ෂාව නොවන බවද හෙතෙම සදහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නීති විරොධී ආකාරයන් පුද්ගලයින් වෙනත් රටවලට පිටත් කළ බවද ඉන් පසුව වෙනත් පුද්ගලයින් විසින් නීති විරෝධී සංක‍්‍රමණ සිදුකිරීම දැකීම ලංකාවේ අවශ්‍යතාවය නොවන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
‘‘ලංකාවේ ස්ථාවරය වන්නේ ලංකාවේ අයෙක් නීති විරෝධී මාර්ග ඔස්සේ වෙනත් රටකට ගමන් කිරීමේ අවකාශයක් නොමැති බවයි.’’ බෝගොල්ලාම පැවසීය.
Sri Lankan Foreign Minister Rohitha Bogollagama and Australian Foreign Minister Stephen Smith signed a ministerial level agreement to prevent the illegal immigration of people between the two countries. Bogollagama said that following the agreement, a committee is to be appointed to initiate joint action against trafficking syndicates . Smith emphasized the need for joint action to prevent human trafficking and that the groups involved in human smuggling were a great challenge to Australian authorities. The two countries have been more focused on illegal immigrants after a boat carrying 78 persons to Australia was captured in the seas off Indonesia.



