මාතර රාහුල විදුහල් ඉතිහාසයේ ප‍්‍රථම වරට උසස් පෙල කලා අංශයෙන් ලංකාවේ ප‍්‍රථමයා බිහිවේ.

December 2, 2009 by Editor  
Filed under Featured, Stories

eeee590 px

A/L Top from Matara

අධ්‍යාපනය ලැබීමේ මූලික පරමාර්ථය පාසල් දරුවකුගෙන් විමසුවහොත් ඔහු දෙන පිළිතුර සමාජයට වැඩදායී පුරවැසියකු වීම යන්නයි. මේ අරමුණ කරා යාමේදී පාසල් දරුවන්ට විවිධ විභාගයන්ට මුහුණ දීමට සිදුවී තිබෙන්නේය. ශිෂ්‍යත්ව විභාගය අ.පො.ස. සාමන්‍යෙ පෙල විභාගය සහ අ.පො.ස උසස් පෙල විභාගය ප‍්‍රධාන විභාගයන් තුනක් වේ. දිවයිනේ සියළු පාසල් දරුවන් එකම කාල සීමාවක එකම ප‍්‍රශ්ණ පත‍්‍රයකට මුුහුණ දෙන මෙම විභාග වලින් ඉහළම ලකුණු ලබාගන්නා දරුවන් විවිධ අවස්ථාවල සමාජයේ ප‍්‍රශංසාවට ලක්වේ.

පසුගිය අගෝස්තු මස පැවති 2009 වර්ෂයේ අ.පො.ස උසස් පෙල විභාගයේ ප‍්‍රථිපල මේවනවිට සිසුන් වෙත ලැබී ඇත. ඒත් සමගින් දිස්ත‍්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් ඉහළම ලකුණු ලබාගන්නා සිසුන් කාගෙත් කථාබහට ලක්වේ. මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ගාල්ල දිස්ත‍්‍රික්කයේ සිසුවකු හිමිකරගෙන අති අතර කළා අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මාතර රාහුල විද්‍යාලයේ දරුවකු සමත්කම් දක්වා ඇත.

මාතර පාසල් මාවතේ අංක 36 දරන නිවසේ පදිංචිවී සිටින වයි.එස්. ජයවර්ධන මහතාගේ සහ නාමලී ශ‍්‍රියංගනී ද සිල්වා යන දෙපලගේ එකම දරුවා පසිඳු නාමල් ජයවර්ධනයි. ගරු වෘත්තියේ නියැලෙමින් පළොල්පිටිය මහා විද්‍යාලයේ දරුවන්ගේ නැණස පාදන ජයවර්ධන මහතා මෙන්ම පසිඳුගේ මව මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ ගරුවරියකි. කුඩා කල සිටම ගුරු දෙමාපියන්ගේ සෙවනේ වැඩුණු පසිඳු මූලික අධ්‍යාපනය හැදෑරු පාසල පිළිබඳව මතකය අවදි කරන්නේ දිවයිනේ අසස්පෙල කළා අංශයේ ප‍්‍රථමයා වීමේ අභිමානයත් සමඟිනි

“මම මුලින්ම ගියේ වේරගම්පිට  ඕල්කටි විද්‍යාලයට” මාතර උයන්වත්ත ප‍්‍රදේශයේ ඇති  ඕල්කට් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදැරු ඔහු ඉන්පසුව අධ්‍යාපනය හැදැරීම සඳහා මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් විය.

” මම ඊට පස්සේ රාහුලයට ගියා එහෙන් තමයි මම සාමාන්‍ය පෙල විභාගෙ කරේ.”

2005 වසරේ සාමාන්‍ය පෙල විභාගය සඳහා මුහුණ දුන් පසිඳු ඉන් ඉහළම ප‍්‍රථිපලයක් අත්කර ගැනීමට සමත්වූ ශිෂ්‍යයෙකි.

”පුතා සාමාන්‍යපෙල විභාගෙන් පාස් නමයයි ඉංග‍්‍රිසි සාහිත්‍යයට සී පාස්  එකකුයි ගත්තා” පසිඳුගේ පියා ජයවර්ධන පවසන්නේය.

සාමාන්‍යපෙල විභාගය ඉහළින් සමත්වන බොහෝ දරුවන් පිරිසකට මුහුණ දිමට සිදුවන ප‍්‍රධානම ගැටළුව නම් තෝරාගන්නා විෂය ධාරාවයි.

”අපි පුතාට කිව්වා සයන්ස් කරන්න කියලා මොකද ප‍්‍රථිපල හොඳ නිසා.” පියා පවසයි.

”කවුරුත් කිව්වා සයන්ස් කරන්න කියල ඒ නිසා මම සයන්ස් කරන්න පටන් ගත්තා.” පසිඳු පවසන්නේය.

විද්‍යා අංශයෙන් උසස්පෙල විභාගය සඳහා සූදානම් වන පසිඳු මාස පහක පමණ කාලයක් ඒ සඳහා වෙහෙස විය. නමුත් කුඩා කල සිට කියවීම විනොදාංශය කරගත් පසිඳුට විද්‍යා විෂය ධාරාවට වඩා කලා විෂය ධාරාව සිත ගත්තේය.

”මම ඊට පස්සේ තාත්තට එහෙම කියල කලාවලට මාරු වුණා.” පසිඳු පවසයි. මාස පහක පමණ කාලයකට පසු කලා අංශයට පැමිණියත් පසිඳුට විෂය හැදෑරිමට අපහසුවක් වුයේ නැත. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ කියැවීමට තිබූ උනන්දුවයි.

”මම පොඩි කාලෙ ඉඳල කියවන්න ආසයි ඒ නිසා තමයි කලා විෂයට එන්න හිතුනෙත්.” ඒ පසිඳුගේ අදහසයි. පියා ජයවර්ධන පවසන්නේ නිරන්තරයෙන් නිවසේ සිටියදී මව පියා සහ ආච්චිඅම්මා සමග කථාබහ කරන මොහු ඒ නිසා කලා අංශයට හිත යෙදවූ බවයි.

උසස්පෙල විභාගය හදාරණ දරුවකු සිටින නිවසේ රූපවාහියට වාරණ පනවයි. එමෙන්ම පරිගනකය අන්තර්ජාලය උසස්පෙල සිසුවාට අනවශ්‍ය විකාර බව දෙමාපියන්ගේ මතයයි. නමුත් ගුරු දෙපලකගේ එකම දරුවාට මෙම භාන්ඩ පරිහරණයට අවසර තිබීම විශේෂත්වයකි.

”මම හැමදාම ටීවි එකේ වැඩසටහන් බැලූව. ඉන්ටර්නෙට් එතකොට කම්පියුටර් වැඩ මම කළා. ඒකත් ඉතිං විභාගෙට  ඕණනේ.” එය පසිඳුගේ මතයයි. පියා ජයවර්ධන පවසන පරිදි මෙම දරුවා පාසලේ සහ අනෙකුත් ආයතනවලින් ලබාගන්නා දැනුම පිළිබඳව ගෙදර මව පියා සහ මිත්තණිය සමග නිරන්තරයෙන් සාකචිඡා කරන්නෙකි. පාසලෙන් ලබාගත් දැනුම මෙන්ම බාහිර පෞද්ගලික ආයතන මගින් ලබාගත් දැනුමද. ඔහුගේ ජයග‍්‍රහණයට හේතුවූ බව පසිඳු කියන්නේය.

උසස්පෙල සිසුවා විභාගය ලංවන විට නිවාස අඩස්සියට වැටෙයි එයට හේතුව නිරන්තරයෙන් කට පාඩම් කිරීමට දරුවන් හුරුකර තිබීමයි නමුත් පසිඳුගේ දෙමාපියන් දැඩි බලපෑමක් ඔහුට ඒ පිළිබඳව එල්ලකොට නැත.

”සාමාන්‍යයෙන් මම ? නමය විතර වෙනකල් පාඩම් කරනවා උදේ 2ට විතර නැගිටිනවා. හැබැයි කකුල් වතුරෙ දාගෙන බලෙන් පාඩම් කරේ නැහැ මම” ඔහු පවසන්නේය. නිරන්තර සාකචිඡාවත් විවේකයත් ඔහු උපරිම භාවිත කොට උසස්පෙල කලා අංශයේ ප‍්‍රථම ස්ථානය  ලබමින් ජයගත්තේය.

”අපේ පාසල ප‍්‍රසිද්ධ ගණිත සහ විද්‍යා විෂය ධාරාවලට හැබැයි මෙවර අපි ඒක වෙනස් කරල පෙන්නුවා.”

මාතර රාහුල විදුහල ඉතිහාසය තුළ බොහෝ සිසුන් ප‍්‍රමාණයක් ගණිත සහ විද්‍යා අංශ වලින් විශ්ව විද්‍යාලයට යැවුවත් ජාතික මට්ටමේ ජයග‍්‍රහණ පෙන්නුවත් කළා අංශයෙන් ලංකාවේ ප‍්‍රථමයා වූ ප‍්‍රථම අවස්ථාව මෙය බව රාහුල විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා පවසන්නේය.

”මේ දරුවා පාසල් බාහිර ක‍්‍රියාකාරකම්වලටත් දැඩි උනන්දුවක් දක්වපු දරුවෙක් ඉතිං පසිඳුගේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යවුනොත් උදව් කරන්න පාසල වශයෙන් අපිත් සූදානමින් ඉන්නවා.” විදුහල්පතිතුමා පවසයි.

පාසල් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කලා අංශයෙන් ලංකාවේ ප‍්‍රථම ස්ථානය රාහුලයට ගෙන ආ පසිඳු උදව් කල ස්යල්ලන්ටම ස්තූති කරන්නේය.

”රාහුල විද්‍යාලෙ විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පෞද්ගලික පංතිවල ගුරුවරු අසලිවාසී සියළු දෙනා මට උදවු කළා කාටත් මම ස්තුති කරනවා.”  පසිඳු පවසයි.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.