අපි ආපහු නැගිටින්න උත්සහා කරනවා
Five Years After the Tragedy – Cliff Jumpers of Galle
මහා විනාශයකින් අනතුරුවත් ඔවුන් සතුටු වන්නේ තවමත් ජීවත්ව සිටීම පිළිබඳයි. සුනාමිය අතිමහත් ඛෙදවාචකයක් වූයේ ඔවුන්ගේ ජීවිත ඉන් බින්දුවටම වැටුණු බැවිනි. සිදුවු විශාල ව්‍යසනයෙන් අනතුරුව ඔවුන් තවමත් ගොඩනැගෙමින් සිටිති.
‘‘ වැටුණු වැටිල්ලට ආයේ කවදා ගොඩ එන්න පුථවන් වෙයිද දන්නෑ’’ ඔවුහු පවසති.
ගාල්ලේ ඒ. ජී සන්ජීව හා ඩබ්ලව් ඩිලාන් සන්දීප සුනාමියෙන් අවතැන් වූ හිරිමල් යෞවනයේ තරුණයන් දෙදෙනෙකි. සුනාමිය එන්නට පෙර ඔවුහු පාසල් ගියහ. ඔවුන් සැදෑ කාලය ගෙවා දැමුයේ මුහුද අද්දරය. කොටින්ම කිව හොත් ජීවිතය ගැන බරක් පතලක් ඔවුන්ට තිබුණේ නැත. එහෙත් 2004 සුනාමිය ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු කර දැම්මේය.
‘‘ සුනාමිය ඇවිත් අපේ ගෙවල් හෝදගෙන ගියා. පවුලේ ගොඩක් අය මැරුණා. අදින්න ඇදුමක් වත් අපට ඉතුරු වුණේ නැහැ.’’ ඩිලාන් පවසයි. සන්ජිවගේ පවුලේ නම දෙනෙක් සුනාමි සැඩ පහරට හසුව මිය ගොස් තිබේ.
‘‘ මට ගොඩක් දුකයි. මගේ අක්කයි එයාගෙ මහත්තයයි දරුවො ටිකයි ඔක්කොම සුනාමියට ගියා. ඒක මතක් වෙනකොට අදටත් පුදුම දුකක් දැනෙන්නෙ.’’සන්ජිව පැවසුවේය.
මේ වන විට දහ අට හැවිදිරි සන්ජීවගේත් විසි දෙහැවිදිරි ඩිලාන්ගේත් ජීවිකාව වන්නේ ගාලූ කොටුවට පැමිණෙන සංචාකයන්ගේ ඉල්ලීම අනුව කොටුවේ බැම්ම මත සිට මුහුදට පැන පෙන්වීමයි. එය අති බිහිසුණු මුහුදු කරණමකි. මොහොතක් එහා මෙහා වන්නට ඔවුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වනු ඇත.
‘‘ සුනාමිය එන්න කළින් අපි ඉස්කොලේ ගියා. එතකොට අපි හරි සැහැල්ලූවෙන් හිටියේ. සුනාමිය ආවට පස්සෙ පොත් පත් කිසි දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නැහැ. අනිත් එක පවුලෙ කට්ටිය මැරිලා. යාළුවෝ මැරිලා. එ් හින්දා ඉස්කෝලෙ යන්න පුළුවන් මානසික මට්ටමක් තිබුණෙ නැහැ.’’ සන්ජීවගෙත් ඩිලාන්ගෙත් පාසල් ගමන නතර වුණේ එ් ආකාරයෙනි.
ඉන් අනතුරුව සන්ජීවත් ඩිලානුත් සිය ජීවිකා ලෙස තෝරා ගත්තෙ තමන්ට හතුරුකම් කළ මුහුද හා සම්බන්ධ වුණු රැකියාවකි. ඒ ගාලූ කොටුවේ සිට මුහුදට පැනීමයි. ඔවුන්ගේ මුහුදු කරණම නරඹන සංචාරකයන් ඒ සඳහා ඔවුන්ට මුදල් ලබා දෙයි. එක මුහුදු කරණමකට රුපියල් දහසක් අය කරයි.
‘‘ඉස්සර හැමදාම ඉස්කෝලෙ ගිහින් එන කොට අපි හවසට මුහුදට පැනලා නානවා. ඒ පුරුද්ද නිසා අපි මුහුදට බය වුණෙ නැහැ. සුනාමියෙන් පස්සෙ ජීවත් වෙන්න රස්සාවක් හොයා ගන්න ඕන වුණා. එතනින් තමයි මේ රස්සාව තෝරා ගත්තෙ.’’ ඩිලාන් පැවසුවේය.
‘‘ මේ රස්සාව කරලා විතරක් ජීවත් වෙන්න මදි. දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉදලා හිටලා තමයි ජම්ප් එකක් වැටෙන්නෙත්’’ සන්ජීව පවසයි. ඔවුන් සිය රැකියාවට එ්මට නිවසින් උදේ පාන්දරින් පිටත් වෙති.රෑ බෝවන විට නැවතත් සිය නිවෙස් කරා යති.
සුනාමි ව්‍යසනය සිදු වන්නට පෙර සන්ජීවත් ඩිලානුත් දෙදෙනාම ජීවත් වුයේ ගාල්ලේ නගරයේය. එහෙත් වියරු රළ පෙළ ඔවුන්ගේ ගේ දොර සියල්ලම සොරා ගත්තේය.
‘‘ අපි බලා ඉදිද්දිමයි අපේ හැමදේම නැති වුණේ. අපි කොච්චර අසරණ වුණාද කීවොත් කිසිම දෙයක් නැතිව අපි පාරට වැටුණා.’’ ඩිලාන් පවසන්නෙ මහත් වේදනාවෙනි.
ඉන් අනතුරුව ඩිලාන්ගේත් සන්ජීවගේත් පවුලේ උදවියට යාමට සිදු වූයේ කුරුඳුවත්තේ ගොඩනැගූ චීන මිත‍්‍ර සුනාමි ගම්මානයටයි. එය චීන රජයේ ආධාර මත ගොඩ නැගූවකි.
‘‘ අපට අරන් යන්න කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නැහැ. එහෙන් මෙහෙන් හම්බුණ දේවල් ටිකක් එකතු කරගෙන අපි කුරුදුවත්තට ගියා. එ්ත් එ් ජීවිතෙන් අපිට සැපක් ලැබුණේ නැහැ.’’ ඩිලාන් පැවසුවේය.
‘‘ කුරුදුවත්ත ගොඩක් දුෂ්කර ගමක්. යන්න එන්න වාහන පහසුකම් නැහැ. තියෙන්නෙ එක බස් එකයි. ටවුන් එකට යන්න එන්න රුපියල් පනහක් විතර ගන්නවා. අනිත් එක අපට දීලා තියෙන ගෙවල් වල පුදුම රස්නයක් තියෙන්නෙ. වහල හදලා තියෙන්නෙ ටකරන් වලින් නිසා රත්වෙනවනෙ. අපි ගොඩක් වෙලාවට නිදාගන්නේ ජනේල් ෙදාරවල් ඇරලා දාලා’’ සන්ජීව පවසන ආකාරයට මේ ගෙවල් බොහාමයක අඩුපාඩු රැසක් පවතී. වැසි වසින්නට පටන් ගත් විට තැනින් තැනින් වතුර කාන්දු වෙයි.
‘‘අනික අපි ටවුන් එකේ ජීවත් වුණ කට්ටිය නිසා මේ වගේ දුෂ්කර පැත්තක ඉදලා හුරු නෑ. එ්ත් දැන් කරන්න දෙයක් නැහැ. ලැබුණ දේ හොඳයි කියලා හිතනවා. දැනට පුළුවන් විදිහට ජීවත් වෙනවා. පු`ථවන් වුණ දවසට මීට වඩා හොදට ජීවත් වෙනවා.’’ සන්ජීවත් ඩිලානුත් එසේ පවසති.
A.G. Sanjeewa and Dilan Sandeepa from Galle are two youths who earn a living by jumping from cliffs in the Galle Fort in to the sea. They make these risky jumps to entertain foreigners who pay for each jump. Sanjeewa and Dilan lost all interest in returning to school after the tsunami after losing their family members, friends and all other material belongings. Afterwards, they decided to make a livelihood out of jumping off cliffs to entertain tourists.



