ලංකාවෙන් පොල් ගස තුරන් වෙයිද?

December 30, 2009 by Editor  
Filed under Featured

Coconut Cultivation Under Threat

දිවයිනේ පොල්ගස් මුලින්ම වගා කොට ඇත්තේ ක‍්‍රිස්තු වර්ෂ 604 දී වැලිගම ප‍්‍රදේශයේදි බවට මත පලවෙයි. එසේ ඇරඹි පොල්වගාව ෙමි වන විට ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව ඇත. වසරකට පාරිභෝජනය සඳහා පොල් මිලියන 2800 ක් අවශ්‍ය වේ.
එසේ වුවද මේ වන විට පොල් වගාවට අහිතකර තත්ත්වයක් උදා වී තිබේ. කලක සිට මාතර දිස්ති‍්‍රක්කයේ දක්නට ලැබුණු කොල කුණු වීමේ රෝගය වැලිගම, කඹුරුපිටියල මාතරල දික්වැල්ලල හක්මණල හා මාතර දිස්ති‍්‍රක්කයේ බොහෝ ප‍්‍රදේශ තුළ පැතිර තිෙබි. ගාල්ල දිස්ති‍්‍රක්කයේ කොටිඨාශ තුනක ද හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශිය ලේකමි කොටිඨාශ තුනක ද මේ රෝගය පැතිර ගොස් ඇත. මෙම රෝගයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ රෝගය වැළඳී වසර 1 1/2 කින් පමණ රෝග අවස්ථාවන් හඳුනා ගැනීමට ලැබීමයි.

” අපට හිතා ගන්න බැහැ. ෙමි රෝගය ඇවිල්ල අවුරුදු ගණනාවක් ගිහිල්ලත් තවමත් නිසි වැඩපිළිවලක් කි‍්‍රයාත්මක නොවන්නේ ඇයි කියලා. බලන්න වැලිගම නිතරම අපේ අවධානයට යොමුවන තැන්වල පවා තවමත් රෝගය වැළඳුනු පොල් ගස් සෑහෙන ප‍්‍රමාණයක් තියෙනවා. පොල් ගස් කපා දැමීම හැර වෙනත් විසඳුමක් නැත්නම් ඇයි ෙමිවා ඉවත් කරන්න කටයුතු කරන්නේ නැත්තේ. ෙමි රෝගය වසන්ගතයක් බවට පත්වන තුරු බලා සිටින්නේ ඇයි.” වැලිපිටියේ පචිංචිකරුවෙකු වන ලලිත් රෝහණ ගමගේ ප‍්‍රශ්න නගන්නේය.

” පොල් වගාව ආරක්ෂා කරන්න තවමත් නිසි වැඩපිළිවලක් නැහැ. නීති තිබුණට මදි. මේව කි‍්‍රයාත්මක වෙන්නත් ඕන. අපේ ප‍්‍රදේශයේ මේ රෝගයට ගොදුරුවුණු පොල් ගස් විශාල ප‍්‍රමාණයක් තියෙනවා. පොල් වගා කිරිෙමි මණ්ඩලයේ නිලධාරින්
ප‍්‍රදේශිය ලේකමි කාර්යාලයක හරි ඉන්නවානමි අපට ඔවුන් සමග සාකචිඡුා කරන්න පුළුවන්. එහෙම නැත්නමි අනෙකුත් නිලධාරින් ෙමි රෝගය ගැන දැණුවත් කරලා රෝගයට යම් විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න ඕන.” ඉමදුව ප‍්‍රදේශයේ පොල් වගාෙවි නිරත එමි. යු. ධම්මික මහතා පැවසීය.

”ෙමි රෝගය නිසා දකූණේ පොල් ඵලදාව 40% කින් දැනටමත් පහල වැටිලා. ෙමි වෙනකොට පොල් ගස් 33,2152 ක් විනාශ වෙලා. පොල් අක්කර 16000 ක මේ රෝගය ව්‍යාප්තවෙලා තියෙනවා.” පොල් පරික්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය චිත‍්‍රාංගනි ජයසේකර මහත්මිය පැවසුවාය.
”ෙමි රෝගයෙන් දැනට සිදු වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 152 ක්. ඒ වගේම සමස්ථ ආර්ථිකයට මේ ගස් අහිමිවීමෙන් සිදුවන පාඩුව රුපියල් මිලියන 7970 ක්. ඉතිං ඒ කොහොම වුණත් ලෙඩ හැදුනු ගස් ටික කපල ඉවත් කරනවා ඇරෙන්න වෙන විකල්පයකුත් නැහැ.” ආචාර්ය චිත‍්‍රාංගනී ජයසේකර මහත්මිය පවසන්නීය.

මාතර ප‍්‍රදේශයේ කොළ කුණුවීෙමි රෝගයට ගොදුරුවු සමහර රෝගි ගස්වල කොළ කහ පැහැවිෙමි රෝගයක්ද මෑතක සිට සිඝ‍්‍රයෙන් පැතිරයමින් පවතින බව දක්නට ඇත.

”ඒ කහ පැහැය ලා කහ පාටේ ඉඳන් තැඹිලි පාට දක්වා විවිධ වර්ණ හා තීව‍්‍රරතා වලින් දිස්වෙනවා. සමහර ගස්වල යට මාලයේ අතු කහ පාට ගැහෙනවා. කලාතුරකින් ගස්වල මැද මාලයේ අතු විතරක් කහ පාට වෙලා තියෙනවා දකින්න පුළුවන්. කොළ කහ පැහැවිම සමග පොල් කොළ දෙපැත්ත වියළියාමද සිදුවෙනවා. මෙම ලක්ෂණයන්ට අමතරව අතුවල පොල් කොළ මැලවී ඉලඇට මෙන් වක්වි තිබීමත් අතුවල අගින් කඩා වැටිම ආදී ලක්ෂණ එකක් හෝ කිහිපයක් දකින්න පුළුවන්.” පොල් පරික්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය චිත‍්‍රාංගනී ජයසේකර පැවසුවාය.

”මෙහි කොළ කුණුවිෙමි රෝගය හා මැලවීමේ රෝගය අතර යම් සමිබන්ධතාවයක් තියෙනවා. එහෙත් කොළ මැලවීමේ රෝගය පයිටො ප්ලස්මා නමි ක්‍ෂුද්‍ර ජිවියෙකු මගින් ඇතිවන රෝගයක් බවට පරික්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා.” අචාර්ය ජයසේකර මහත්මිය කීවාය.

”මෙම රෝග වාහකයා ජීවත් වෙන්නේ තාල වර්ගයට අයත් ශාක වල විතරයි. පොල් පැළ හා රෝග වාහකයා ජිවත්වන වෙනත් පැළ රෝගය පවතින ප‍්‍රදේශවල සිට
ප‍්‍රවාහනය කිරිම තහනමි කිරිමට පියවර අරගෙන තියෙනවා.” ජයසේකර මහත්මිය පැවසුවාය.

” අපි මේ වෙනකොට රෝග මුක්ත කළාපයක් හඳුන්වල තියෙනවා. ඒ ගාල්ල අකුරැුස්ස මාර්ගයේ අකුරැුස්ස දක්වාත් අකුරැුස්සේ ඉඳන් කඹුරුපිටිය කිරින්ද පුහුල්වැල්ල දක්වාත් එතන් ඉඳල හක්මණ හරහා වලස්මුල්ල දක්වාත් වලස්මුල්ලේ ඉඳල බෙලිඅත්ත දක්වාත් බෙලිඅත්තේ ඉඳන් තංගල්ල දක්වාත් වූ කළාපය රෝග මුක්ත කළාපයක් බවට නම් කරල් තියෙනවා.” පොල් වගාකිරිෙමි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජයන්ත ගුණතිලක මහතා පවසන්නේය.

”මෙම රෝග මුක්ත කළාපයට රෝගී ප‍්‍රදේශයේ සිට රෝගී පැත්තට කිලෝමීටර් 2කුත් නිරෝගී ප‍්‍රදේශයේ පැත්තට කිලෝමීටරයකුත් මෙම ආරක්ෂිත කලාපයට අයත් වෙලා තියෙනවා. මෙම කළාපය තුළ රෝගී තත්ත්වයන් පෙන්වන සියළුම ගස් හා පැළ කපා ඉවත් කිරිමටත් තීරණය කරල තියෙනවා. අපි මේ වෙන කොට රෝගය වැළඳුන පොල්ගස් 1948 ක් කපල ඉවත් කරල තියෙනවා. ඒ වගේම රෝගය
වැළඳිලා තියෙනවා කියල හඳුන ගත්තු පොල් ගස් 3855 කට වන්දි විදියට රුපියල් මිලියන 4094 ක් ගෙවල තියෙනවා. මේ විදියට අපිට තාවකාලිකව රෝගය පාලනය කරගන්න පුළුවන් වෙලා තිබුණට අද වෙන කොට ඒකත් ප‍්‍රමාණවත් නැති උත්සාහයක් බවට පත්වෙලා තියෙනවා. අපි මේකට ක‍්‍රියාකාරී වැඩපිළිවෙලක් සකස් කරල තියෙනවා. ඒත් අපිට තාම ඒක ක‍්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා මුදල් නැතිකම, ප‍්‍රමාණවත් තරමි නිලධාරීන් නොමැති කම සහ විවිධ ආකල්ප නිසා. ඉතිං පොල් වලාගවට ලොකු අවධානම් සහගත තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි.” පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය ජයන්ත ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසීය.
”ඒ වගේම මේ වෙන කොට පොල් වැවෙන නිසරු ඉඩම්වල තමයි මේ තත්ත්වය බහුලවම දකින්න තියෙන්නේ. කාබනික පොහොර යොදල පොළව සාරවත් කිරීමක් මේ තත්ත්වය පාපනය කරගන්න තියෙන හොඳ ක‍්‍රමයක්. ඒ වගේම අමාරුවුණත් රෝගය වැළඳිලා තියෙන පොල් ගස්වලට දලීරයක් යෙදීමෙනුත් මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් කමක් තියෙනවාත. ටෙනියුකොනසෝල් සහ හෙක්සකොනසෝල් තමයි මේකය භාවිතා කරන්න තියෙන දීලීර වර්ග දෙක.” ආචාර්ය ජයන්ත ගුණතිලක මහතා තවදුරටත් විස්තර කළේය.

දකුණු පළාතේ පොල් වගාවට පැතිරයන වසංගත රෝග තත්ත්වය පිළිබඳව රජයේද අවධානයට යොමුවී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

”ඒ සඳහා අපි නිසි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන්න අදහස් කරල තියෙනවා. මේ වන විට නැවත වරක් පොල් රෝගයට නම් කරල තියෙන මුක්ත කළාපය හඳුනා ගන්න පොල් පරීක්‍ෂණ ආයතනයට හා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දීල තියෙනවා. ග‍්‍රාම සේවා වසම් මට්ටමේ සිට ක‍්‍රියාත්මක වන වැඩපිළිවෙලක් ඉදිරියේදි කරන්නත් අපි සැළසුම් කරල තියෙනවා. ග‍්‍රාමසේවා මට්ටම, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටම හා දිස්ත‍්‍රික් මට්ටම දක්වා ක‍්‍රියාත්මක මේ වැඩපිළිවෙලේ දේශපාලන නායකත්වයන් ලබා දෙන්න රජය කටයුතු කරනවා.” මෙම භාරදුර කාර්යය ඉටුකිරිෙමිදි එක් ආයතනයකට හෝ පුද්ගලයන්ට සීමා නොවී සමස්ථ ජාතියේම අවධානය මේ සදහා යොමුවීමේ අවශ්‍යතාවයද අමාත්‍ය හේමකුමාර නානායක්කාර මහතා පෙන්වා දෙන්නේය.

දකුණේ ඇතැම් ප‍්‍රදේශවල මේ වන විටත් පොල්වල මිල රුපියල්ර 30 – 35 ක් තරම් ඉහල අගයක් ගෙන තිෙබි. යම් හෙයකින් දකුණේ මේ රෝග තත්ත්වය පාලනය කිරිමට හැකියාව නොලැබුණහොත් එය පොල් ති‍්‍රකෝණය දක්වාද ව්‍යාප්ත වීමේ අවධානමක් පවති. එබැවින් අපේ සංස්කෘතියේ උරුමයක් මෙන්ම අපේ ආහාරයට නැතිවම බැරි පොල් ගස ආරක්ෂා කිරිමට පියවර ගැනිම කාලීන අවශ්‍යතාවයකි. එසේ නොවුණහොත් සමස්ථ රටටම එලොව පොල් පෙනෙන දිනය වැඩි ඈතක් නොවනු ඇත.

ටී. කේ. මහින්ද
මාතර මාධ්‍ය නිවස

  • Share/Bookmark
Creative Commons

Comments are closed.