ජී එස් පී සහනය තාවකාලිකව අත්හිටුවීමට පියවර

December 17, 2009 by Editor  
Filed under Featured, Stories

590 pxEU proposes GSP Plus suspension

ජී එස් පි සහනය ලංකාවට ලබා දීම තාවකාලිකව අත්හිටවිය යුතු බව යුරෝපා කොමිසම ඊයේ (දෙසැම්බර් 16දා)  බ‍්‍රසල්ස් නුවර පැවති සාකච්ඡවකදී තීරණය කර ඇත.මේ පිළිබදව ඉදිරි මාස දෙක තුළදී යුරෝපීය සංගමය විසින් මේ පිළිබඳව ඡන්දයක් පැවැත්වීමට නියමිතය.එම ඡන්දයෙන් අනතුරුව බහුතරයේ කැමැත්ත මත මෙම තාවකාලික අත්හිටවීම සිදු කිරීමට නියමිත බවයි ඊයේ පැවති සාකච්ජාවෙදි තීරණය වූයේ.එකී ඡන්දයෙන් ඉදිරිපත් වන මතය මාස  හයක් ඇතුළත ක‍්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත.

මෙම සහනය ලංකාවට ලැබීමෙන් පසුව යුරෝපීය රටවල් ශි‍්‍ර ලංකාවේ මසා නිම කළ ඇඳුම් ආනයනය කීරීම ඉහළ ගියේය.

වසර 2005 සිට මෙරටට ලැබෙන ජී එස් පී සහනය දීර්ඝ කිරීමක් යුරෝපා කොමිසම විසින් ලංකාව තුළ පැවැත්වීමට තීරණය කළ පරීක්ෂණය සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව විරුද්ධත්වය ප‍්‍ර‍්‍රකාශ කලහ.නමුත් යුරෝපා සංගමය විසින් ඔක්තෝම්බර් මාසයේදී ලංකාව පිළිබද සිදුකළ පරීක්ෂණයක් අවසානයේ ඉදිරිපත් කළ වාර්තාව මගින් පවසා තිබුනේ එම සහනය ලබාදීම තාවකාලිකව අත්හිටුවිය යන්නයි. ශ‍්‍රී ලංකා ආණ්ඩුව මෙම සමීක්ෂණ වාර්ථාව පිළිනොගන්නා බව පවසන අතර එම වාර්ථාව පදනම් කරගනිමින් ජී එස් පී සහනය අත්හිටුවීම යෝග්‍ය නොවන බව ශ‍්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේය.වසර 2008 වන විට ජී එස් පී ප්ලස් සහනය නිසා ඩොලර් මිලියන 108 ක බදු සහනයක් ලංකාවට ලැබී තිබුනේය.

The EU decided on the 16th at a meeting held in Brussels to temporary withdraw the GSP+ facility granted to Sri Lanka. The European Commission is to take a vote on the decision during the next two months. Following the majority decision, the EU would then temporarily withdraw the facility from Sri Lanka. The country received a tax relief amounting to US$ 108 million in 2008 due to the GSP+ facility.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.