ජනාධිපතිවරණයේ පළමු වෙඩි මුරය
Nominations close for Presidential Polls
ඉදිරි වසර හයේ ලංකාවේ ජනාධිපතිවරයා තොරාපත්කරගැනීම සදහා ජනවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා තරගකරන අපේක්ෂකයින් විසි තුන්දෙනෙක් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිහානායක ඉදිරියේ සිය නාමයෝජනා දෙසැම්බර් 17 වැනිද උදෑසන භාරදුනේය. ඊට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ඇතුළත් විය. මෙම නාමයොජනා අතරින් එක් අයෙකුගේ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප විය. ඒ අනුව ජනවාරි මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීම සදහා අපේක්ෂකියින් විසි දෙදෙනෙක් තරග බිමට අවතිර්ණ වී සිටී.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත්වන හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සරත් ෆොන්සේකා උදෑසන හතට පමණ නාම යෝජනා භාරදීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලටය පැමිණ සිටි අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ උදෑසන දහයට පමණ දැඩි ආරක්ෂක විධි විධාන සහිතව වාහනයේ සිටම සිය ආධාරකරුවන්ට ආචාර කරමින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණියේය.
ත‍්‍රීවිලය මැතිවරණ ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ක්‍යසූරිය සිය ආධාරකරුවන් සමග ත‍්‍රීරෝද රථයක නැගී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණියේය. මේ අතරට‍්‍රැක්ටරය මැතිවරණ ලකුණ යටතේ තරග කරන ජනසෙත පෙරමුණේ ජනාධිපතිවරණ අපෙක්ෂකයා වන බත්තරමුල්ලේ සීලරතන හිමි ට‍්‍රැක්ටරයක නැගී නාමයෝජනා භාරදීමට පැමිණියේය. තමන්ගේ මැතිවරණ ලකුණ වන ත‍්‍රීරෝද රථයේ නැගී තමන් නාම යෝජනා භාරදීම සදහා පැමිණියේයැයි ජයසූරිය සදහන් කළේය. ගොවීන්ට වැදගත්වන වාහනයක් තමන්ගේ මැතිවරණ ලාංඡනය වශයෙන් ලැබී ඇති නිසා තමන් ට‍්‍රැක්ටරයක නැගී පැමිණියේයැයි බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කීහ.
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීම සදහා අපේක්ෂකයින් පැමිණෙන අවස්ථාව වන විට එම අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිය අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය පතා ජයගෝෂා කළහ. මැතිවරණයට ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන ආධාර කරුවන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණෙණ එක් මාර්ගයකට එක්ව සිටි අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දක්වන ආධාර කරුවන් අනෙක් මාර්ගයට වී සිටියහ. ආධාර කරුවන් උදෑසනට අටයි තිහ පමණ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසල මාර්ග ත්‍වත පැමිණ සිටියේය. මෙම මාර්ගවල වාහන ගමනාගමනය සීමා කර තිබූණි.
ජනාධිපති රාජපක්ෂට සහාය දැක්වීම සදහා පැමිණ සිටි ආධාරකරුවන් සිය ගණනක් බස් රථවලින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිටියේය. එම කාර්යාලය අසල ඇති මාර්ගයේ එක් මංතීරුවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන්ට සිටීමට අවසර ලබාදී තිබූ අතර අනික් මංතීරුව ජනාධිපතිවරයාට පැමිණීම සදහා වෙන්කර තිබුණි. ආධාකරකරුවන්ට වෙන්කර තිබූ මංතීරුවට වී සිටි එක්සත් ජනතා නිදහස් පාක්ෂිකයින් නොයෙකුත් සටන් පාඨ කියමින් ප‍්‍රීති ඝෝෂා නගන්නට වූහ.
‘‘රට මුදාගත් සිංහයාට - ජයවේවා….. ආඩම්බරකාර තාත්තාට – ජයවේවා…….. ගරු ජනාධිපතිතුමාට – ජයවේවා’’ ආදී සටන් පාඨ කියමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් කෑගමින් සිටියහ. මේ අතර විවාදාපන්න චරිතයක් බවට පත්ව සිටින දකුණු පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පැමිණ ‘‘සමාගමට ජයවේවා….’’ යනුවෙන් කෑගසන්නට විය.
විපක්ෂයේ පොදු අපේක්ෂක ෆොන්සේකාට සහාය දැක්වීමට පැමිණ සිටි ආධාර කරුවන් උදෑසන නමයට පමණ රාජගිරිය මංසන්ධිය දෙස සිට මැතිවරණ කොමසාරිස් කාර්යාලය දෙසට පැමිණියේය. හෙළ ජාතික අභිමානයේ ගීතය වාදනය කරමින් පොදු අපේක්ෂක ෆොන්සේකාගේ ආධාරකරුවන් පැමිණියේය. මොවුන්ගේ අත්වල ෆොන්සේකාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලාසිටින පොස්ටර් විය. ෆොන්සේකාට සහාය දැක්වීම සදහා පැමිණ සිටි ආධාර කරුවන් නාමයෝජනා භාරදීම අවසන් වන තෙක් එම ස්ථානයේ සිටියේය. මහා මාර්ගයේ තමන්ට වෙන්කර තිබූ මංතීරුවට වී සිටි ෆොන්සේකාගේ ආධාරකරුවන් රබන් ගසමින් පැය ගණනාවක් තිස්සේ සිය අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජය ඝෝෂා නැගූහ.
දහවල් දොළහයි පහළොව පමණ විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් නාම යෝජනා භාරදී සිය ආධාර කරුවන් හමුවීමට පැමිණියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන් රැස්ව සිටි ස්ථානයේ සකස්කර තිබූ වේදිකාවකට පැමිණි රාජපක්ෂ සිය ආධාරකරුවන් ඇමතුවේය. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරිමෙන් පසුව රට හැදීමට එක්වන්නැයි ඔහු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ එක් අන්තයකින් සිය ආධාර කරුවන් හමුවට පැමිණියේය. තමන් පැමිණි වාහනයේ දොර විවෘතකළ ෆොන්සේකා එය මත නැගී පාක්ෂිකයින්ට ආචාර කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන් තමන්ගේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරතැයි විශ්වාස කරන අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ඇතැයි ෆොන්සේකාගේ ආධාර කරුවෝ විශ්වාස කරති.
‘‘අපිට කන්න බොන්න නැතත් වැටිලා ඉන්න රටක් ලබාදුන්නේ ජනාධිපතිතුමායි. ඉදිරියටත් එතුමාගේ අදහස් ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා ජග‍්‍රහණයක රවීමට අපි මෙතැනට පැමිණ සිටිනවා.’’ නුවර සිට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවෙක් වන රංජන පේ‍්‍රමරත්න කීවේය. තමන්ට කිසිදු පක්ෂයක් නැතත් රටට යහපතක් කරන නායකයා වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන්නේයැයි ඔහු කීවේය.
විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල සහාය ලබමින් හංසයා ලකුණ යටතේ තරගවදින ෆොන්සේකාගේ ආධාර කරුවන් විශ්වාස කරන්නේද පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරනු ඇති බවයි.
‘‘අද වෙනකොට මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ. බඩු මිල අහස උසට ගිහින්. මේ නිසා ලංකාවේම ජනතාව සරත් ෆොන්සේකා මීලග ජනාධිපතිවරයා බවට පත්කිරීමට ඉදිරිපත්ව සිටිනවා.’’ ෆොන්සේකාට සහාය දැක්වීම සදහා පැමිණ සිටි රත්නපාල ද සිල්වා කීවේය.
රටේ තිබෙන ගැටලූවලට වත්මන් ජනාධිපතිවරයා ජග‍්‍රහණය කළහොත් විසදුම් ලැබෙතැයි ඔහුගේ ආධාර කරුවන් විශ්වාස කරන අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ආධාරකරුවන් විශ්වාස කරන්නේ ෆොන්සේකා බලයට පත්කිරීම මගින් සියලූම ගැටලූවලට විසදුම් ලබාගැනීමයි.
‘‘සරත් ෆොන්සේකා දිනුවොත් මේ රටේ තියෙන සියලූම ගැටලූවලට ඉක්මනින්ම විසදුමක් ලැබෙනවා.’’ සිල්වා සදහන් කළේය.
ෆොන්සේකාගේ අදහස්වලින් රටට යහපතක් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිටි මොහොමඞ් ඉල්ලියාස් කීවේය. ‘‘ෆොන්සේකා දරන අදහස් මගින් රට ඉදිරියට ගෙනයන්න පුළුවන්.’’ මේ නිසා ජීවිතයේ පළමු වතාවට ෆොන්සේකාට සහාය දක්වමින් රැුළියට පැමිණෙන්නේයැයි කියූ ඉල්ලියාස් සදහන් කළේය.
දැනට බලයේ සිටින ජනාධිපතිවරයට නැවත වරක් බලයට ගෙනඒම තුළින් රටේ තිබෙන ආර්ථික ගැටලූවලට විසදුමක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රෙමරත්න කීය. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ආධාර කරුවන්ද ෆොන්සේකා බලයට පත්කිරීම තුළින් බලාපොරොත්තුවන්නේ රටට යහපත් අනාගතයක් උදාකරලීමයි.
‘‘දරුවන්ට හොද අනාගතයක් ලබාදීම, දැන් තිබෙන දූණය නැවැත්විම, බඩු මිල පහළ දමා ජනතාවට සහනයක් ලබාදීම තමයි අපි අපේ අපේකෂ්කයා ජනාධිපතිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ.’’ ෆොන්සේකාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෝස්ටරයක් ගෙන ප‍්‍රීති ඝෝෂා කරමින් සිටි කරු ද සිල්වා සදහන් කළේය.
Twenty three candidates handed in their nominations for the Presidential election to the Elections Commissioner on the 17th. One nomination was rejected by the Commissioner and 22 candidates would now contest the elections on January 26. Supporters of all the candidates stood in areas surrounding the Election Commissioner’s Department and the candidates joined them in the afternoon after handing their nominations.



