ගංවතුරෙන් පීඩාවිදින සුනාමි අවතැන්වූවෝ
Tsunami housing project flooded
සුනාමියෙන් නිවාස අහිමිවූවන්ට ලබාදී ලබාදුන් සයින්දමරදු ජුම්මා පල්ලිය අසල සුනාමි නිවාස සංකීර්ණය පසුගියදා ඇදහැලූණු අධික වර්ශාවෙන් යටවිය. අධික වර්ශාව සමග නිවාස තෙමෙන්නට පටන්ගෙන ඇති අතර නිවාස සංකීර්ණයට පැමිණෙන මාර්ගයද මඩ වගුරු බවට පත්ව තිබේ.
ගංවතුර තත්වය නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවද ජුම්මා පල්ලිය අසල අලූතින් ඉදිකළ සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පැවසුවේය. ගංවතුර සමගින් නිවාස සංකීර්ණයේ වැසිකිළි උතුරායාම නිසා මේ තත්වය වඩාත් බරපතල වී ඇතැයිද ඔවුන් කීය.
”බොන්න වතුරයි වැසිකිලි පහසුකම් නැහැ. වටේම වතුර නිසා මදුරුවො බෝ වෙනවා. ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ඔක්කොටම පොදු වැසිකිලි තුනයි තියෙන්නෙ. සමහර දාට පොලිමේ ඉන්නවා. රාත‍්‍රියට සර්පයන්ගෙන් කරදරයි.”
ජුම්මා පල්ලිය අසල සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචි එස්.සකිනා පැවසුවාය.
මේ නිසාම තවමත් නව නිවාස වල පදිංචියට යාමට පවුල් 220 කට අවසර ලැබුණි.
මේ අය කාලයක් තිස්සේ බලා සිටි වටිනා අවස්ථාවක් වැසි සමයත් සමග ඔවුන්ට ලැබි තිබේ. නමුත් ඔවුන්ට විදුලිය ඇරුන කොට වෙනත් කිසිදු පහසුකමක් ලැබි නොමැත.
එම නිසා මෙම ජනතාව දැඩි අපහසුතාවයට පත්වී තිබේ. නව නිවාස ලැබුණද එයද තෙමෙන බව ඔවුන් කීවේය.
”ළමයි ගෙදර තියා ගන්න අමාරුයි. සර්පයෝ ඉන්නවා. ඇලේ වතුර පිරෙන කොට මෙම ගෙවල් ඔක්කොම යටවෙනවා. සර්පයෝ දස දහස් ගණන් මේ පැත්තට ගොඩ වෙනවා. රැුට ඉන්න අමාරුයි.” ජුම්මා පල්ලිය අසල නව නිවසක පදිංචි අව්වා උම්මා පැවසුවාය.
මෙම නිවාස සංකිර්නය අලූත් උවත් අවට පරිසරය මිහිපිට අපායක් වගේ දිස්වේ. වටේම අපවිත‍්‍ර ජලයෙන් යුත් ඇළවල් දක්කට ලැබේ. නගරයෙන් ගෙන එන අපද්‍රව්‍ය තැනින් තැන ගොඩ ගසා ඇත.
”මට ගෙයක් හම්බ උනා. නමුත් පදිංචි වෙන්න ඉස්සෙල්ලා ගෙදර බිත්ති පිපුරුවා. හදලා දෙනවා කියනවා. නමුත් හදලා දුන් නැහැ.” ජුම්මා පල්ලිය අසල නව නිවසක පදිංචිඑම්.එස්. කමාල්දීල් පැවසුවේය.
එම බැහැර කරන අපද්‍රව්‍ය වලින් නැගෙන දුගඳ ඉවසිය නොහැක. අලූතින් ඉදිකර ඇති වැසිකිලි වලවල් වලින් දැනටමත් ජලය කාන්දු වේ. ගංවතුර ගැලීම නිසා පාරවල් මඩ වගුරු ලෙස දිස්වේ.
”මගේ ගෙදර වහලෙන් තෙමෙනවා. වීදුරු ඇබරිලා. බිත්ති පුපුරලා. කිව්වම හදලා දෙන්නම් කියනවා. හදලා දෙන දවසක් නැහැ. මට වයස අවුරුදු 24ක ගැහැණු ළමයෙක් ඉන්නවා. කසාද බන්දලා දෙන්න ගෙයක් නැහැ.” ජුම්මා පල්ලිය අසල සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචි යාසින් නස්රියා පැවසුවාය.
The tsunami housing project near the Sainthamaruthu Jumma Mosque was flooded due to the heavy rains experienced in the area during the past few days. The flooding of the housing complex has caused many difficulties to the residents with overflowing drainage systems and the lack of drinking water. About 220 families have received permission to reside in the complex. However, they complain that the new houses were badly affected by rains and that apart from electricity, they lacked other basic facilities.



