අද ජයග‍්‍රහණය සහතිකයි – ජනාධිපති රාජපක්ෂ
මෙවර ජනාධිපතිවරණයෙන් තමාගේ ජයග‍්‍රහණය සහතික යැයි සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය. තමන්ගේ ප‍්‍රථම ධූර කාලය අවසන්වීමට වසර දෙකක් තිබියදී පවත්වන මැතිවරණයෙන් නැවත වරක් ජයග‍්‍රහණය කිරීමට හැකිවෙතැයි ජනාධිපතවරයා විශ්වාස කරයි.
ජනවාරි 26 වැනිදා උදෑසන හතට ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අතර උදෑසන අටට පමණ ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයින් සමග වීරකැටිය ඞී.ඒ. රාජපක්ෂ විද්‍යාලයට පැමිණ ඡන්දය ප‍්‍රකාශ කළේය. ජනාධිපති රාජපක්ෂ සමග ජනාධිපති ආර්යයා ශිරන්ති රාජපක්ෂ, ජනාධිපතිවරයාගේ පුතුන්වන නාමල් රාජපක්ෂ හා යෝශිත රාජපක්ෂ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණ සිටියේය.
ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණි ජනාධිපතිවරයා ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණ සිටි ඡන්ද දායකයින් වෙත ආචාර කරමින් ඔවුන් සමග කතා බහ කිරීමෙන් පසුව ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ප‍්‍රකාශ කළේය.
‘‘අද අපි විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබනවා. අද රට පුරාම සියලූදෙනාම අපේ ජයග‍්‍රහණය උදෙසා කටයුතු කරනවා.’’ රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේය.
සාමකාමී අන්දමින් මෙම මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. මැතිවරණයෙන් පසුව නොයෙක් ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවෙතැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් මැතිවරණයෙන් පසුව සාමාකාමී තත්වයක් ඇතිවෙතැයි ජනාධිපතිවරයා විශ්වාස කළේය.
‘‘මැතිවරණයෙන් පසුවත් සාමකාමී තත්වයක් ඇතිවේවි.’’ ජනාධිපතිවරයා කීවේය.
ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසුව වීරකැටිය ඞී.ඒ. රාපක්ෂ විද්‍යාලය අසල ඇති ජනාධිපතිවරයාගේ පියාගේ සහ මවගේ සොහොන් වෙත ගොස් ආචාර කළේය.




