සාධාරණ හා නිදහස් මැතිවරණයක් උදෙසා ජනතාව සීරුවෙන් සිටිය යුතුයි
ඡන්ද දායකයින් උදෑසම සිය ඡන්දය භාවිතා කිරීම සිය ඡන්ද අයිතිය රැකගැනීමට වැදගත් වන බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
සාධාරණ හා නිදහස් මැතිවරණයක් සදහා මැතිවරණය ආසන්න දිනය වන විට ජනතාව වඩාත් සීරුවෙන් සිටිය යුතු බවද මැතිවරණ නිරීක්ෂකයෝ අවධාරණය කරති.
‘‘ සාධාරණ සහ නිදහස් ඡන්දයක් පැවැත්වීමට නම් ජනතාව හැම විටම අවදියෙන් සිටිය යුතුයි. ජනතාව අවදියෙන් සිටින තාක් මැතිවරණ අක‍්‍රමිකතා ඇති වීමේ සම්බන්ධතාව අඩුයි.’’ ට‍්‍රාන්ස්පේරන්සි ආයතනයේ විධායක අධ්‍යක්ෂක නීතීඥ ජේ සී වැලිඅමුණ පැවසුවේය. මේ සදහා ගත යුතු සුදුසුම පියවර වන්නේ ඡන්ද දායකයන් උදෑසනම සිය ඡන්දය භාවිතා කොට මග දෙපස නොරැදී නිවෙස් කරා යාම බව ඔහු පෙන්වා දුන්නේය.
‘‘ඡන්දදායකයන් උදෑසනම සිය ඡන්දය භාවිතා කිරීම තමන්ගේ ඡන්ද අයිතිය රැකගැනීමට වැදගත් වෙනවා. යම් විදිහකට කඩා කප්පල්කාරීන් විසින් ඡන්දදායකයන් බිය වැද්දිමට හෝ වෙනත් කිසියම් කඩාකප්පල්කාරී වැඩක් කරන්න සූදානම් වනවා නම් එයට හොදම පිළිතුර වන්නේ උදෑසනම ඡන්දය භාවිතා කිරීමයි. අනෙක එය මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමටත් අතිශය වැදගත්.’’ වැලිඅමුණ පැවසුවේය.
එමෙන්ම මැතිවරණ කටයුතුවලට යොදවා සිටින දහසක පමණ රජයේ සේවකයන් අපක්ෂපාතී ලෙස කටයුතු කිරීම අතිශය වැදගත් බව හෙතෙම අවධාරණය කළේය. එය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම කෙරේ වැදගත් පියවරක් වන බවද ඔහු පැවසුවේය.
ඡන්ද හිමි නාම ලේඛනයේ නම සදහන් කිසියම් ඡන්දදායකයෙකුට නිල ඡන්ද පති‍්‍රකා මේ වන තෙක් නොලැබී ඇත්නම් අනන්‍යතා පත‍්‍රයක් රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට යාමෙන් ඡන්දය භාවිතා කළ හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.
‘‘ එමෙන්ම මැතිවරණය පැවැත්වෙන දිනයේදි පෞද්ගලික ආයතනයන්හී සේවය කරන දුර පළාතක සේවකයෙකු නම් වැටුප් සහිත නිවාඩු යැවීමත් සේවා ස්ථානයට ආසන්න සේවකයෙකුට නම් ඡන්දය භාවිතා කිරීමට පැය හතරක කාලයක් ලබා දීමත් අනිවාර්යයි. යම් සේවා ආයතනයක් එසේ නොකරන්නේ නම් එම සේවා ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්.’’ හෙට්ටිආරච්චි පැවසුවේය. මේ පිළිබද ඡන්නදායකයන් දැනුවත් වී සිටීම අත්‍යවශ්‍ය බවද ඔහු කීවේය.ම
සිය ඡන්ද අයිතිය රැකගැනීමට නම් ජනතාව නිරන්තරයෙන් මැතිවරණය පිළිබද විමසිල්ලෙන් පසුවීම වැදගත් බව කැෆේ සංවිධානයේ කැදවුම්කරු කීර්ති තෙන්නකෝන් පැවසුවේය.
එමෙන්ම මේ සිදු වන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සදහා ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම වගකිව යුතු බව මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ උපාලි පන්විල ප‍්‍රකාශ කළේය.
‘‘ ඉදිරි දිනය තුළදීවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වළක්වා ගනිමින් ජනතාවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලබා දීමට ප‍්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා වග බලා ගත යුතුයි’’ පන්විල අවධාරණය කළේය.



