මැතිවරණ අක‍්‍රමිකතා සැලකිල්ලට ගනිමින් අවසන් වාර්තා නිකුත් කරනවා

January 28, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණයේදී සිදු වූ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීමේ සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් අවසාන මැතිවරණ නිරීක්ෂණ වාර්තා එළි දැක්වීමට කටයුතු කරන බව මැතිවරණ නිරීක්ෂකයෝ ප‍්‍රකාශ කරති.

‘‘ සමස්තයක් වශයෙන් ගත් විට මැතිවරණය සාධාරණ සහ නිදහස් මැතිවරණයක් කියලා සෑහීමකට පත්වෙන්න අමාරුයි. පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා බහුලව සිද්ධ වුණා. මැතිවරණ දිනයේදී සාමකාමී විදිහට ඡුන්දය පැවැත් වුණත් යම් යම් සිදු වීම් වාර්තා වුණා. මේ වෙන කොට ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳ වාර්තා වෙනවා. විශේෂයෙන්ම මැතිවරණ ගණන් කිරීම් කටයුතු වලදී සිදු වූවා යැයි කියන අක‍්‍රමිකතා. එහෙත් මේ දෙවල් අපිට සාක්ෂි නැතුව ඔප්පු කරන්න අමාරුයි. එහෙත් අපි මේ සිදුවීම් පිළිබඳ සැලකිලිමත් වෙමින් අවසන් නිරීක්ෂණ වාර්තාව එළි දැක්වීමට කටයුතු කරනවා.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.

පශ්චාත් මැතිවරණ ක‍්‍රියා නිරීක්ෂණය කරමින් සිදු කෙරෙන මේ කටයුත්ත සඳහා තවත් සති කිහිපයක් ගත විය හැකි බව හෙතෙම ප‍්‍රකාශ කළේය. ඊට ප‍්‍රථම මැතිවරණය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පැෆ්රල් සංවිධානය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙට්ටිආරච්චි පැවසුවේය. බොහෝ දුරට එය ඉදිරි දින කිහිපය තුළදී  නිකුත් කිරීමට කටයුතු කරන බවද  අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

පශ්චාත් මැතිවරණ ක‍්‍රියා පිළිබඳ සැලකිලිමත් වෙමින් සිය අවසන් මැතිවරණ නිරීක්ෂණ වාර්තාවඩ එළිදැක්වීමට කටයුතු කරන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඞී.එම් දිසානායක පැවසුවේය. ජනාධිපතිවරණ දිනයේ සාමකාමීව ඡුන්දය පැවැත් වූවද එය සාධාරණ හා නිදහස් මැතිවරණයක් ලෙස හැඳින්වීමට නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

‘‘ ජනාධිපතිවරණයේදී පූර්ව මැතිවරණ ක‍්‍රියා දැඩි ලෙස වාර්තා වුණා. මැතිවරණ දිනයේදීත් නාවලපිටිය මුල්කිරිගල නැගෙනහිර ප‍්‍රදේශ කිහිපයක හා උතුරේ ප‍්‍රදේශ කිහිපයක සැලකිය යුතු සිදුවීම් වාර්තා වුණා. උතුරේ ජනයා බිය වැද්දීම් බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීම් වාර්තා වුණා. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් විරුද්ධ පාක්ෂිකයන්ට පහර දී එලවා දමා තිබුණා. ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නිරීක්ෂකයන්ට යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා විරුද්ධ පාක්ෂිකයන් නොවූ මධ්‍යස්ථාන වල සිදු වුණේ මොකක්ද කියලා දන්නෙ නැහැ.’’  දිසානායක පැවසුවේය. සිදු වූ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළබඳ සංවිධානාත්මක පරීක්ෂා කිරීමක් සිදුකරව බවද දිසානායක වැඩි දුරටත් පැවසුවේය.

මැතිවරණ සමයේ අති විශාල මැතිවරණ අක‍්‍රමිකතා සිදු බැවින් මෙය කිසිසේත් සාධාරණ සහ නිදහස් ජනාධිපතිවරණයක් නොවන බව කැෆේ සංවිධානය පවසයි. මේ පිළිබඳ අවධානය යොමු කරමින් අවසන් මැතිවරණ නිරීක්ෂණ වාර්තාව ප‍්‍රකාශයට පත්කරන බව කැෆේ සංවිධානයේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් ප‍්‍රකාශ කළේය.

‘‘ පහර දීම් ඝාතන සිදු කිරීම් දේපල අලාභානි සිදු කරමින් රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරමින් සිදු කළ මැතිවරණයක් විදිහට මේ මැතිවරණය දක්වන්න පුළුවන්. සෑම අපේක්ෂකයෙකුටම සමාන අවස්ථා තිබුණේ නැහැ. මැතිවරණ දිනයේ යම් සාමකාමී තත්ත්වයක් පැවතියද යම් යම් සිදුවීම් කිහිපයක් වාර්තා වුණා.’’ තෙන්නකෝන් පැවසුවේය.

The final reports on the Presidential election are to be released shortly with special attention being paid to the violation of election laws, election observers said. PAFFREL Executive Director, Rohana Hettiarachchi said the report would be released in a few weeks after taking into account post election incidents as well. CMEV National Coordinator, D.M. Dissanayake noted that the election could not be considered free and fair although the election day was relatively peaceful. He added that the incidents recorded on election day also needed to be considered. Meanwhile, CAFFE Spokesperson, Keerthi Tennekoon observed that given the irregularities that took place in the run up to the election day, the election could not be considered free and fair.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.