මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා දිගින් දිගටම ඉහළ යන ලකුණු
අනෙකුත් දිස්ත‍්‍රික්කයන්ට සාපේක්ෂව දිවයිනේ දිස්ත‍්‍රික් කිහිපයකම මැතිවරණ ප‍්‍රචණ්ඩ තවදුරටත් ඉහළ යමින් පවතින බව මැතිවරණ නිරීක්ෂකයෝ ප‍්‍රකාශ කරති.
‘‘ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තමයි වැඩිම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සංඛ්‍යාවක් වාර්තා වන්නේ. එය සංඛ්‍යාත්මකව 31ක්. දිස්ත‍්‍රික් අනුව ගත් විට කොළඹ 29ක්ද කුරුණැගල 25ක්ද ගාල්ලේ 20ක්ද ගම්පහ 19ක්ද මොණරාගල 22ක්ද මාතර 18ක්ද ආදී වශයෙන් අපට වාර්තා වෙනවා. මේ වන විට සමස්ත මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංඛ්‍යාව 298ක් වශයෙන් අප වෙත වාර්තා ලැබී තියෙනවා.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේය.
‘‘ මේ වන විට වැඩි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ප‍්‍රමාණයක් ඉහත දිස්ත‍්‍රික්කයන් වලින් අප වෙත වාර්තා වෙනවා. දැනට පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 322ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 65ක් පුද්ගලයන්ට තුවාල සිදු කිරීම්. ගිනි අවි භාවිතා කිරීමේ සිද්ධි 19ක් වාර්තා වෙනවා. පුද්ගල මරණ එකක්ද වාර්තා වනවා.’’ කැෆේ සංවිධානයේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් පැවසුවේය.
‘‘ මැතිවරණය ආසන්වත්ම දිනෙන් දිනම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉහළ යන ආකාරයක් පෙන්නුම් කරනවා. සාමුහීක වශයෙන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු කිරීමේ ප‍්‍රවණතාවක් දැකිය හැකියි. අනෙක් අතට ප‍්‍රචණ්බ ක‍්‍රියාවන්හී සාහසික ස්වරූපය වැඩි වෙමින් තියෙනවා.’’ තෙන්නකෝන් කීවේය.
‘‘ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැලැක්වීම සඳහා පොලිසිය අපක්ෂපාතීව ක‍්‍රියාකරන්නේ නැති බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ. පැමිණිලි ලැබී ඇති ආකාරයෙන් පේනවා පොලිසිය පවතින රජයට පක්ෂපාතීව කටයුතු කරමින් සිටින බව. පවතින ආණඩුවට එහෙහිව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට ගිය බොහෝ දෙනෙකුගේ පැමිණිලි පොලිසිය ලියා ගෙන තියෙන්නේ සුථ පැමිණිලි විදිහට. එමගින් ඔවුන් එම පැමිණිල් විභාග කිරීම කල් ඇරලා තියෙනවා. මෙය හොඳ තත්ත්වයක් නොවෙයි.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඞී.එම් දිසානායක පැවසුවේය.
මේ වන විට එම මධ්‍යස්ථානයට මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 475ක් ලැබී ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරවරයා පෙරඹරට පැවසුවේය.
‘‘ මේ සිද්ධීන් වලින් බරපතල ගණයේ සිදුවීම් 210ක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට වාර්තා වෙනවා. සුළු සිදුවීම් 265 වාර්තා වෙනවා. මෙහිදී මනුෂ්‍ය ඝාතනයක් සහ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධි හතරක්ද බරපතල තුවාල කිරීම් 17ක්ද මහර දීම් 60ක්ද බිය වැද්දීම් 60ක්ද රාජ්‍ය දේපළ අයථා පරීහරණය කිමේ සිද්ධි 28ක්ද ගිනි අවි භාවිතා කිරීමේ සිදුවීම් 9ක්ද හොරකම් කිරීමේ සිදුවීම් 9ක්ද වාර්තා වෙනවා.’’ දිසානායක ප‍්‍රකාශ කළේය.
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු කිරීම් වලින් වැඩිම චෝදනා එල්ල වන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට බව දිසානායක පැවසුවේය.
‘‘ මැතිවරණය ආසන්න වත්ම පූර්ව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉහළ යාමක් වාර්තා වෙනවා. මේ අනුව බලන විට මෙවර මැතිවරණය වඩාත් ප‍්‍රචණ්ඩකාරී එකක් විය හැකියි.’’ දිසානායක වැඩි දුරටත් පැවසුවේය.



